Thursday, November 26, 2009

ඉස්සාගේ කතා වස්තුව....

අයෙම මට ආපු මේල් එකක් දානවා.අනේ මන්දා බ්ලොග් එකට අලුතින් මොනවා හරි ලියන්න හදන කොටම මාර මේල්නෙ එන්නේ :)

Wednesday, November 25, 2009

Arjuna R. Vs Sarath F.

මට ආපු ඊ-මේල් එකක් මේ. කියවලා බලන්නකෝ.

Arjuna Ranatunga Sarath Fonseka
  • Born in the month of December - Born in the month of December
  • Educated at Ananda College - Educated at Ananda College
  • Captain SL Cricket - Capt Army Commander
  • Won the World Cup - Won the Eelam war
  • Said coach's contribution was minimal - Said contributions of other Forces were very minimal
  • Claimed sole ownership for the victory - Claimed sole ownership for the Victory
  • Started to show resentment towards SL president - Started to show resentment towards SL president
  • Said he wants to put sri lanka cricket in the right path - Says he wants to put the country in the right path
  • Contested to become the president of SL Cricket - Contesting to become the president of sri lanka?
  • Opponent was a Nalandian - Opponent is a Nalandian

Lost even without getting his own club's vote ????

Some more similarities

Both were respected by all the Sri Lankans as Greatest of the Patriotic Leaders ever born on this land.
Both of them were dragged into politics by the same individual - Mangala Samaraweera
Both of them were poisoned and destroyed by the same individual - Mangala Samaraweera

Conclusion: Mangala Samaraweera is the most dangerous political character in Sri Lanka who destroys any potential National Leader.

මොනවද මේ ගැන හිතන්නෙ. :)

Sunday, November 22, 2009

ඉතින් ආයුබෝවන් S5700 ගරූ....

ඡායාරූපකරනයට මගේ පොඩි ආසාවක් තියෙනවා. 2007 අවුරුද්දෙ අග තමා මගෙ පළමුවෙනි ඩිගිටල් කැමරාව ගත්තෙ. එක තමා Fujifilm S5700 කියන මොඩල් එක. අපරාදෙ කියන්න බෑ නියම කැමරාව. මම ගොඩක්ම ආදරෙන් පාවිච්චි කරපු කැමරාවක් තමා මේක.
මේක තමා කැමරාව.පාවිච්චියෙ තරම පේනවනේ දූවිලි වලින්ම. ;)




අවුරුදු දෙකකට පොඩඩක් වැඩි කාලයක් පාවිච්චි කරා. හරියට කිව්වොත් පට්ට ගැහුවා. බය නැතුව ඕනෙ කෙනෙක්ත රෙකමෙන්ඩ් කරන්න පුලුවන් කැමරා එකක්. මම 2007 කොළබ Black Market ගත්තෙ රුපියල් 31,000 කට. ඔයාලත් ඩිගිටල් කැමරා එකක් ගන්න ඕනෙනම් සහ හොයන්නෙ point-and-shoot කැමරාවකට වඩා හොද එකක්නම් කියාපු බාන්ඩෙ.
කොහොමින් කොහොමින් හරි ඊයෙ මගෙ අලුත් කැමරාව ආව. Panasonic Lumic FZ-38. ඉතින් Fඋජි එකේ කාලෙ හරි.
අද සටහන මම ගොඩක් ආදරේ කරපු කැමරාවෙන් ගත්තු පින්තූර ටිකක් පෙන්නන්න.
හිනාවෙන්න නම් එපා. මම ක්ලාස් ගිහින් ඡායාරුපකරනය ඉගෙන ගත්තු කෙනෙක් නෙවේයි. ඔහේ පින්තූර ගත්තු ඒවා තමාමේ.

මේ පින්තූර ටික ගත්තෙ නකල්ස් වලදි, අපි කීප දෙනෙක් මීමුරේ ගියා. එහෙම යනකොට




මේ පින්තූර ටික ගත්තෙ නුවරඑළියෙදි




මේ පින්තූර ටික ගත්තෙ කන්ඩලම හෝටලෙදි.




මේ පින්තූර ටික ගත්තෙ සිනමන්ලොජ් හෝටලෙදියි මින්නේරිය රක්ෂිතයෙදියි.








මේ දළදා මාළිගාවෙ ගත්තු පිංතුර ටිකක්.






අපි කාටත් පායන්නෙ එකම හද. හැබැයි එකම හදට පාට ගොඩක් තියෙන්න පුලුවන්. මේ ගත්තෙ එංගලන්තෙ, Greyගෙ කාමරේ ජනේලෙන්..පාලු රෑක.






තව පින්තුර නම් ගොඩක් තියෙනවා Grey ආස. එවා ඉතින් පස්සෙ වෙලාවක දාන්නම්.

Thursday, November 19, 2009

රුසියාවෙත් එහෙම තමා.... ලංකාවෙ???

මේක මට අද උදේ නිකන් හිතිච්ච කතාවක්.
දන්නවනේ රුසියාවෙ අගමැති පුටින් මහත්තයා ගැන. උන්නැහැ 1999 ජනාදිපති උනා. ආපහු සැරයක් චන්දෙන් දිනලා දෙවෙනි සැරේටත් මහපුටුවට ආව. ඔය විදිහට 2008 වෙනකන්ම උන්නැහැ තමා රටේ ජනාදිපති.
උන්දැ පරන KGB කාරයෙක් කියනවනේ. ඔය තැනින්තැන හිටපු ත්‍රස්තවාදියො ටිකට ඇප නැති වෙන්න දුන්නා. කෙලින් ඉන්න ඔනේ තැන්වල කෙලින් හිටියා.කොහොමින් කොහොමින් හරි 2008 වෙනකොට පුටින් මහත්තයා රුසියාව බොහොම හොද තැනකට ගෙනාව. 1999 වෙනකොට ඇමරිකන්කාරයන්ගේ දිරච්චි ලනුවක් ගිලලා බොහොම සවුත්තු වෙලානෙ තිබ්බෙ.

ලංකාවෙ වගේම තමා රුසියාවෙත් මහපුටුවෙ දෙපාරයි එක්කෙනෙක්ට ඉන්ට පුලුවන්. ඉතින් පුටින් මහත්තයා කරේ මහ පුටුව වෙන කෙනෙක්ට දීලා අගමැති වෙච්චි එක. තාම රට්ටු කියන්නෙ රට ආන්ඩු කරන්නේ පුටින් මහත්තයා කියලා.



රුසියාවෙත් එහෙම තමා.... ලංකාවෙ???

Wednesday, November 18, 2009

Xගේ මේල් කෙරුවාව


මගේ පරන ඔෆ්ස් එකේ පොරක් (කියමොකෝ X කියලා) පහුගිය දවසක යවපු මේල් එකක් වෙන එකෙක් මට forward කරා. X කියන්නෙ පොඩ්ඩක් මෙන්ටල් ඩයල් එකක්, ඒ වගේම තමා පොර අර "කැපුවත් කොල" වර්ගෙ එකෙක්. කොහොම හරි මේල් එකේ තිබ්බේ සරත් මහත්තයා යුනිෆෝම් එකෙන් ඉන්න පින්තූර ටිකක්. තව ඉතින් ඔය දේශප්‍රේමි වාක්ය සෙට් එකකුත් දාල තිබ්බා. පොර මට මේල් එක එවලා තිබ්බෙනෑ. (එව්වනම් sure එකට මම රිප්ලයි කරනවා, උන්ගෙ ලොකු එකාගේ ඇ* ලෙවකන්නෙ නැතුව ඉන්න කියලා..කතාවක් තියෙනවනේ පොර කොල්ලන්ට හරි කැමති කියලා) පිංතුර ටිකත් ඉතින් කිසිම creativity එකක් නෑ. අර ඔබාමා හාමුගේ කැම්පේන් එකේ කෑලි තමා පිරිලා තියෙන්නේ. කොහොමත් ඇමරිකාවෙ එවා ඔක්කොම ඔය පාටියෙ කට්ටියට හොදයිනේ.


කොහොමින් කොහොමින් හරි ඕකට ඔෆිස් එකේ අනිත් උන් පොරව අම්බානට බයිට් කරලා තිබ්බා. කට උත්තර නැති වෙන්න.
මට කිසිම අමාරුවක් නෑ, කාගෙ පින්තුර කොහොම යැව්වත්. හැබැයි මට සැහෙන්න පුදුමයි මිනිස්සු වෙනස් වෙන විදිහගැන. මතකද අර මුහමාලේ පැත්තේ හමුදාවට ටිකක් වැදුනා, ඔය දවස් වල අපේ X සරත් මහත්තයට අම්බානට බැන බැන හිටියේ නිකන් කොල්ලො මරනවා, වැඩක් නැති යුද්දයක් කරනවා කියාලා. (එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ..පාමංකඩයි, මැදවච්චියෙයි යනවා කිව්වෙ ඔය කට්ටියගෙම ලොකු පොරක්නෙ.)

අපි ඕකට against රිප්ලයි කරාම පොරට මල පනිනවා..අපිට අදහස් දක්වන්න බෑ ඌට විතරයි පුලුවන්. සිරාවට මේක කියද්දි මතක් වුනේ. අපෙ සිංහල බ්ලොග් එකක් කරන්නෙ අර ඔය පක්සෙ පොරක්.කපටි හිනාව එක්ක මූනත් තහඩුව සයිට් එකේ උඩම දාගෙන. පොරගෙ පොස්ට් එකකටත් මම දවසක් රිප්ලයි කරපු එකක් මෙක approve කරලා තිබ්බෙ නෑනෙ. මම හිතන්නෙ ඔය කට්ටිය ටිකක් බයයි අපේ කතා නිසා උන්ගෙ හෙලුව ලොකෙට පෙනෙයි කියලා. ඒ අතින් අපෙ රතු සහෝදරයින්ගෙ සයිට් එක සෑහෙන්න හොදයි. අඩු ගානෙ ඔන්ලයින් හරි විවේචන දරාගෙන ඉන්න පුලුවන්. (කැම්පස් අතුලෙ කොහොම වෙතත්)

අපි බලන් ඉමු ඉතින් මොකො වෙන්නෙ කියලා. අපිටත් ඔය මේල් forward වෙනවනේ.

Monday, November 16, 2009

Fonseka Vs Rajapaksha

There is a very detailed and unbiased article of the current situation on the link below. It's Lengthy, but worth time spending reading it.

http://dbsjeyaraj.com/dbsj/archives/1227

පහුගිය සතිය

මේ දවස් වල office එකේ මට වැඩක් ඇත්තෙම නෑ. ඔහේ දවසම browse කරන එකයි... ඉදල හිටලා සෙට් වෙන පොඩි වැඩක් කරන එකයි විතරමයි තියෙන්නේ. පට්ට කම්මැලියි. ඒ මදිවට සීතලයි..වැස්සයි. හවස 5 වෙනකොට අම්බානට කලුවරයි. මොනවා උනත් ලංකාවේ දේශගුනේ කොච්චර හොදයිද කියලා හිතෙන්නේ හවස වැඩ ඇරිලා වැස්සේ තෙමිගෙන හීතලේ ගෙදර යනකොට. මට හිතාගන්න බැරුව ඉන්නෙ winter ආවම මොනවා වෙයිද කියලා.

anyway පහුගිය සතියෙ සෑහෙන්න දේවල් උනානේ.
හෙන්රි ජයසේන මහත්මයා අපි අතරින් වියෝවුනා. මම ගොඩක්ම කැමති නලුවෙක්, ඩිරෙක්ටෙර් කෙනෙක් වගේම හොද මනුස්සයෙක්. හුනු වටයේ කතාව තියෙනකන්, ගම්පෙරලිය තියෙනකන්.... අන්දකාරෙන් දුරාතීතේ....අන්දකාරෙට අනාගතයේ...අපිට හෙන්රි ජයසේන මහත්මයාව මතක තියේවි.
ඔය අස්සේ සරත් මහත්තයාත් ඉල්ලා අස්වෙලා...මාර වැඩේ තමා ඉතින්. අපි ඉතින් මහ ලොකුවට රට ඇතුලේ වෙන්නේ මොනවද...ආන්ඩු හිතන්නේ කොහොමද කියලා දන්නේ නම්නෑ. හැබැයි මට නම් හිතෙන්නෙ රජතුමා ටිකක් සවුත්තු විදිහට තමා සලකලා තියෙන්නේ සරත් මහත්තයට. හැබෙයි එහෙමයි කියලා සරත් මහත්තය UNP එකෙන් චන්දේ ඉල්ලනවා කියලා යන කතාවට නම් Grey කොහෙත්ම කැමතිනෑ.
ඔය කතාව අහුන ගමන්ම Greyට කියවුනේ "අපරාදෙ හොද මනුස්සයෙක් චවු වෙනවා" කියලා. අනික Grey විස්වාස කරන්නෙ නෑ හොද සොල්දාදුවෙක් කියන්නේ හොද පාලකයෙක් කියලා.
සරත් මහත්තයත් ඉතින් බබෙක් නෙවේනෙ ඔවා තේරුම් නොයන්න. අනික UNP,JVP, TNA එකතු වෙල හැදෙන කන්ඩායමට නම් මම කොහෙත්ම කැමතිනෑ. වරදවා වටහා ගන්න එපා. අර ඉගුරු දීලා මිරිස් ගන්න මට ඕනේ නෑ.
ඔය අස්සේ අපේ රතු සහොදරයෝ සුපුරුදු පරිදි ඉල් මහ විරු සමරුව පැවැත්තුවා. රෝහන විජේවීර කියන පුද්ගලයව කියවන්න තරම් අතීත දේශපාලන දැනුමක් Greyට නෑ. හැබැයි අද රතු සහොදරයෝ යන්නේ නම් එදා විජේවීර ගිය පාරෙ නෙවේ කියන එකනම් හොදට තේරිලා තියෙන්නේ.
අන්තිමට ලංකාවෙන් පිට ඉදන් පලවෙනිවරට සමරන Greyගෙ උපන්දිනෙත් තිබුනා.

Monday, November 9, 2009

පපඩම් කෑ හැටි

මේ වැඩේ සිද්ද වුනේ මම මෙහාට ආපු අලුත. මෙහාට කිවුවේ දෙවැනි එලිසබෙත් මහේසිකා උන්නාන්සෙගේ රටට. මම ඇවිල්ලා මෙහේ තියෙන කොම්පැනියක තාම වැඩ පටන් ගත්තේ.
අපරාදෙ කියන්න බෑ ටීම් එකේ හිටපු සුද්දො ටික එල කොල්ලො ටිකක්. කොල්ලො කිවුවට ඉතින් මගෙ ලොක්කා තම හිටපු පොඩිම එකා..පොරටත් අවුරුදු 36 ද කොහෙද..එ කිවුවේ මට වඩා අවුරුදු 10 වගේ වැඩිමල්.කොහොමින් කොහොමින් හරි කට්ටිය මම ආපු සන්තොසෙට දවසක් ඩිනර් එකට යමු කිවුවා. ඉතින් මටත් මොකෝ මාත් බුවා වගේ හා කියලා වෙඩේට සෙට් වුනා.
කට්ටිය කන්න කොහෙද යන්නෙ කියල හොයල බැලින්නම් මුන් මේ යන්න හඩන්නෙ Curry house එකකට. ඉංදියන් කාරයොන්ගෙ ජොයින්ට් එකක්. මුන් විහිලුවට කියන්නෙ සුද්දගෙ ජාතික කෑම තමා කරි කියලා.
ඔන්න ඉතින් අපි ගිහින් කන්න සෙට් උනා. වේටර් කොළුවා ඇවිල්ලා මෙනු ටික බෙදල ගියා. මම ඉතින් ආපු අලුතනේ මෙකේ ගනන් දැකලා හීන් දාඩිය දාන්න පටන් ගත්තා.මොකද ඉතින් අපි හිතන්නෙ රුපියල් වලින්නේ. මෙහෙ £1 කියන්නෙ රුපියල් 200 වගේ වෙන්වා. ඉතින් ගනන් දකින කොට නිකන්ම එක්ස්චේන්ජ් රේට් එක ඔලුවට එනවනෙ.
අපේ උන් ටික appetizers වලට මෙන්න පපඩම් ඔඩර් කරා. ටිකක් වෙලා යනකොට වේටර් ඩයල් එක ගෙනවෙ පපඩම්. පපඩම් කන්න පොර උස්සන් අවෙ නෙතෑ සො(ර්)ස් වර්ග 4. මොනවා කරන්නද ඉතින් රෝමෙට ගියාම ඒ වගෙ ඉන්න කියලා තියෙනවනේ, මාත් අත ඇරියේ නේ. ඇදන් ගියා.හැබැයි වැඩේ කියන්නෙ පපඩමක් 50p, රුපියල් වලින් නම් රුපියල් 100 වගේ. ලංකාවෙ හිටියා නම් හොදට බත් එකක් කන්න තිබ්බා.
කොහොමින් කොහොමින් හරි අන්තිමට උනේ මට හොද එක්ස්පීරියන්ස් එකක් ලැබුනා සුද්දො එක්ක පපඩම් කන්න ගිහින්.

ආයුබෝවන්ඩ!!!

හෑමදාම සිංහලෙන් බ්ලොග් එකක් ලියනවා කියල හිටියට කවදාවත් වෑඩේ කරන්න වෙලාවක් ආවෙම නෑ. අනික ඉතින් සිංහලෙන් කොටන එකත් සුලු පටු කාරියක් නෙවෙයිනෙ. යංතන් UCSC එකෙ ඔන්ලයින් කන්වෙර්ටර් එකට පින් සිද්ද වෙන්න මේ පාර ඔන්න මම පටන් ගන්න යන්නෙ.
මම ඉතින් මොන බහු බූත ලියයිද දන්නෙ නෙ..බලමුකො...
සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිටයි.... අරක්ශාවයි!!!