Friday, December 4, 2009

නිවාඩුවට Grey එනවා ලංකාවට

හෙට වෙනකන් මම බලාගෙන ඉන්නේ. හෙට උදෙන්ම ලංකාවට එන්න පිටත් වෙනවා. ගොඩක් කල් නම් ඉන්න වෙන්නෙ නෑ. සති තුනයි. යුද්දයක් නැති ලංකාවට Grey එන පළවෙනි පාර තමා මේ.
හැබැයි ඉන්න දවස් ටිකේ යාලුවෝ ටිකත් එක්ක අනුරාධපුරේ, පොළොන්නරුවේ යන්නයි ගෙදර අය එක්ක නැගෙනහිර පලාතෙ ඇවිදින්නයි හිතන් ඉන්නේ.
ඒ වගේම ගෙදර හදපු ලුනු මිරිස් රහට තියෙන බත් එකක් කන්නත් තියෙන්න පුදුම ආසාවක්.
138 බස් එක.... පරණ යාලුවො... good old day gonna come to alive again!!!

එකම දුකකට තිය්න්නේ මට ලංකාවෙ ඉදලත් කට්ටිය හමුවෙන දවසෙ ඒකට එන්න වෙන්න බැරි වෙන එක.

Thursday, December 3, 2009

අලුත් පහේ වැඩ

මට මේක ලියන්න හිතුනේ අපේ ඔෆිස් එකේ අලුතෙන් කරපු පොඩි පහේ වැඩ ටිකක් නිසා.
දන්නවනේ Canon Multi Functional Printers (MFP) ගැන. අර ප්‍රින්ට් කරන්න වගේම ස්කෑන් කරන්න, ෆැක්ස් කරන්න පුලුවන් ප්‍රින්ටර් තියෙන්නේ. ඔවා තමයි අපි පාවිච්චි කරන්නේ. ගිය මාසෙ අපි ඓඨ් ටීම් එක පොඩි ආතල් වැඩක් කරා. Canon ලගෙ තීය්නවා 'My print anywhere' කියලා ටූල් එකක්

ඕක අපි ඉන්ස්ටොල් කරා. මෙහෙමයි ඔක වැඩ කරන්නේ. දන්නවනේ ඔය තියෙන්නේ ඔෆිස්වල දොරවල් අරින්න ඇක්සස් කාඩ්. අපේ එකෙත් ඔවා තමා පාවිච්චි කරන්නේ. අපේ නෙට්වර්ක් එකේ තියෙන MFඵP ඔක්කොටම ඔය කාඩ් එක කියවන රීඩර් හයි කරා. දැන් වෙඩේ මෙහෙමයි වෙන්නේ. කාට හරි මොනවා හරි ප්‍රින්ට් කරන්න ඔනේ උනාම කොම්පියුටර් එකෙන් ප්‍රින්ට් කමාන්ඩ් එක දෙනවා. දීලා අපේ අක්කර ගානක තියෙන ඔෆිස් එකේ තියෙන ඕනෙම MFP එකක් ගාවට ගිහින් අර ඇක්සස් කාඩ් එක රීඩර් එකට තියන්න විතරයි ඕනේ, ඔක්කොම එතනින් ප්‍රින්ට් වෙනවා. කොහොමද වැඩේ?

අනිත් වැඩේ නම් තාම පටන් ගත්තේ නෑ. බජට් කරලා තියෙනවා £120000. ඒක තමා Cisco VOIP නෙට්වර්ක් එකක් ඔෆිස් එක ඇතුලේ දාන එක. ඕකෙන් මට නම් ලොකුම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මම කියුවනේ අපේ අක්සස් කොන්ට්‍රෝල් කරලා තියෙන්නේ කියලා. ඉතින් IT රූම් එකට ඇක්සස් නැති එකෙක් අවොත් අපි කවුරු හරි ගිහින් දොර අරින්න ඕනේ. ඔය වැඩේ මහ වාතයක් වැඩ කර කර ඉන්න කොට. ඉතින් දැන් අපේ අලුත් phone වලින් අපිට පුලුවන් එක බට්න් එකක් press කරපු ගමන් දොර අන්ලොක් වෙන්න සෙට් කරන්න. මොන VOIP වලටත් වඩා මට නම් වැඩියෙන්ම ආත්ල් ඔන්න ඔය වැඩේට තමා.

අපේ team එක ගැනත් කතා ගොඩක් තියෙනවා.. හිමීට කියන්නම් ඒවත්.

Wednesday, December 2, 2009

Reply to මනුස්සා භය තජ්ජිතා | The men who fear

මේක ලියන්න හිතුනේ ටබූ දාල තිබුන ලිපියක් සහ එකට කීප දෙනෙක් දාල තිබුන කොමෙන්ට්ස් දැකලා.

ටබූ එයාගේ බ්ලොග් එකේ කරුනාවෙන් සවන් දෙන්න කියලා දාල තියෙනාවා මෙහෙම.
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය.

ලිපිය ගැන කතා කරොත් ඒකෙ තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ශ්‍රී මහා බෝධියට වන්දනා කරන පින්තුරයක්. ඊට යටින් ධම්මපදයෙන් ගත්තු ගාථාවක් තියෙනවා "බහුවෙ සරණං යන්ති".

දැන් ඕකේන් මට තේරුන විදියට කරුනු දෙකක් කියන්න තමයි ටබූ උත්සාහ කරන්නේ.
1. මහින්ද බය වෙලා
2. බෝධි වන්දනාව වැරදියි.

පළවෙනි පොයින්ට් එක ගැනනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඕනෙම පුද්ගලයෙක් අඩු වැඩි වශයෙන් මොනවට හරි බයයි.
බෝධි වන්දනාව වැරදියි කියන එකට නම් එකග වෙන්න ටිකක් අමාරුයි. මම දන්න විදිහට අපි ආමිස පූජා කියන්නේ ඕවට තමා.එහෙම නෙවෙයි කියනවනම් ටබූ තමන්ගෙ ජීවිතේ මුල් අවුරුදු 16 හරියට බුද්ධාගම ඉගෙන ගෙනත් නෑ, පිලි පැදලත් නැති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

ඕකට කට්ටිය කොමෙන්ට් දාන කොට එක තැනක ටබූ කියනවා.
Do Buddhists kiss bo trees to show respect?
- Taboo

මට මෙතක කිස් කිරිල්ලක් පෙනෙන්නේ නෑ. මම නලලෙන් කිස් කරන්න පුලුවන් කියලා දන්නෙත් නෑ. ටබූ කිස් කරන්නේ නලලෙන් නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කවදා හරි. (කියන්නත් බෑ, ටබූ ඉතින් වෙනස්නේ)
මෙතන තියෙන්නේ සරලවම නලල බෝ ගහට තියලා වදින එකක්. එක් තරා දුරකට අපි නලල බිම තියලා වදින එකට සමාන කරන්න පුලුවන්. ඕනෙ තරම් හිංදු දේවාල වල අපිට දකින්න පුලුවන් පූජනීය දේවල් වලට ඔලුව තියනවා. ඒක එක එක පුද්ගලයට අනුව වෙනස් වෙන තමන්ගෙ භක්තිය ප්‍රකාශ කරන විදිහක්.
මේක බටහිර විදිහට කියනවා නම් එළිසබෙත් රැජින St. Peter cathedral එකට යනවා වගේ ceremonial වෙඩක් මහින්දගේ පැත්තෙන් බැලුවොත්.

ටබූට මඩ ගහන්න තියෙනවනම් ඉතින් මොනවා උනත් මොකද නේද? එක්කො හරියට කරුනු දැනගෙන ගහන්න ඕනේ.
කොහොමත් මට පේන්නෙ ටබූට කරුනු කාරනා හරියට වැටහෙන්නෙනෑ. නැත්නම් ඉතින් මෙහෙම කියනවද?
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
අපිට බුද්ධාගමට අනුව ජීවත් වෙන්න අනුගාමිකයො ඔනේ නෑ.

අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා ආගමක් අදහන්නේ නෑ කියලා ඒක කරන පුද්ගලයො අපහාසයට ලක්කරන එකෙන් පේන්නෙ ඔයාගෙ හිස් බව විතරයි.
දෙවෙනි දෙය තමා, බෝධි වන්දනාව බුද්ධාගමේ හරය නොවෙන්න පුලුවන්. නමුත් එකේන් කෙනෙක් හිත පහදවා ගන්නවනම් ඒකෙන් හොදක් මිසක් වැරැද්දක් වෙන්නෙ නෑ. ඒ නිසා ධම්මපදයේ ගාථා වලට වැරදි විදිහට අර්ථ නිරූපනය කරන්න එපා.