Friday, August 20, 2010

SI පට්ටමට සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නයක්

මේක සිරාවටම වෙච්චි දෙයක්. වෙලා තියෙන්නේ මගේ යාලුවෙක්ගේ න්‍යාති සහෝදරයෙකුට.  පොරට SI පට්ටමකට සම්මුඛ පරීක්ෂණයකට කැදවලා මේ ගිය සතියේ නැත්නම් ඊට කලින් සතියේ.  ඉතින් පොරත් ගිහින් ලෑස්තිවෙලා දතකට මැදගෙන ගිහින් සම්මුඛ පරීක්ෂණයට.
පොරගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල තියෙනවා.

"තමා රාජකාරියේ ඉන්න වෙලාවක ඇමතිකෙනෙක් රජයේ නිලධාරියෙක්ව ගස් බැන්දොත් මොකද කරන්නේ?"

අපේ පොරත් උත්තරයක් දීල තියෙනවා. ඔයාලගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මොකද කරන්නේ? නිර්මාණාත්මක චින්තනයට හොද ප්‍රශ්නයක්.

Saturday, August 14, 2010

සිකුරාදා හවස...

මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට :)
අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...

"අහ්හ්...ඔව්නේ...."    ඔන්න උත්තරේ....
හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.

Friday, August 13, 2010

Told you so.

කාලෙකට පස්සේ පොඩි විවේකයක් ලැබුනා ඔෆිස්එකේ. අද සිකුරාදා උදේ පාන්දරම ෆුල් ඉන්ග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකක් ගන්න අපේ ටීම් එක සෙට් උනා. ඕකෙන් වෙච්චි එකම හොදේ වෙනදා උදේට ඇපල් ගෙඩියක්, කෙහෙල් ගෙඩියක් විතරක් කන ග්‍රේට බඩ පිරෙන්න කන්න සෙට්උනා. මේකනේ සිද්දිය, උදේ 7.30 ට නැගිටලා 8.30 ට ඔෆිස් එකේ ඉන්න ඕනේ උනාම ඉතින් උදේ කෑම වගේ නොවැදගත්දේට වෙලාව නැතිවෙනවනේ. ඉතින් දැන් බඩ පිරෙන්න කාල ඉන්නේ උදේට කාලෙකට පස්සේ. වැඩක් කරන්නත් කම්මැලි. ඉතින් මේක ලියන්න ගත්ත. එකම අවාසිය වෙනදා උදේ 7.30 වෙනුවට අද 7 ට නැගිට්ට. ඉතින් සැහෙන්න නිදිමතයි. නැතුව මේ කාල වැඩිවෙලා තියෙන නිදිමතක් එහෙම නෙවෙයි.
කොහෙද මේක ලියන්න පටන් ගත්තු ගමන් ආයේ වැඩක් සෙට් උනානේ. ඉතින් පැයක් විතර කෙලවුණා.
කොහොම හරි කියන්න හැදුවේ මම කොහොමද අපේ ඔෆිස් එකේ වැඩ දවසකට නතරකරේ කියල. මේකයි සිද්දිය. ග්‍රේ වැඩ කරන්නේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න කොම්පැනියකනේ. ඉතින් අපේ බඩු ගොඩක් රටවල හමුදාවල පාවිච්චි වෙනවා. ඉතින් හැරෙන තැපැලෙන් වෙන්නේ ඔය නරක බුවාලත් අපේ බඩු ඕනේ කියන එක. අනික ඕව විකුනනවා කියල බල්ලටයි පුසටයි දෙන්නටම විකුනන්න බෑනේ. රටවල් උනත් නෝටි රටවල් තියෙනවනේ. ඔය අපේ ලගම හිතවත්තු වෙන ඉරානේ, මියන්මාරේ, චිනේ එහෙම සුද්දන්ට නෝටි රටවල්. ඉතින් ඕවට  බඩු විකුනන්න අපිට ආණ්ඩුවෙන් විශේෂ අවසර ගන්න ඕනේ. එහෙම අවසර ගත්තත් සමහර කොම්පැනිවලට විකුනන්න තහනම්. ලගදී දවසක අපේ බඩුවක් ඉරානේ මිසයිල් සයිලෝ එකක හයි කරලා තිබිල මෙහෙ ආණ්ඩුවට මාට්ටු වෙලා එක විකාරයක් උනා. තව ටිකක් දරුණු උනානම් අපේ ලොක්කව හම්බුවෙන්න සුදු වැන් එකක් එනවා ෂුවර් එකට. ඉතින් කොහොමහරි ඔය වැඩ නවත්වන්න ඕනේ කියල ග්‍රේට කිව්වා සිස්ටම් එක එකට හරියන්න වෙනස් කරන්න කියල. ඕව ඉතින් කරන්න ගියාම කියන තරම් ලේසි නැනේ. විශේෂයෙන් අපේ ඉන්න යුසර්ල එක්ක. අනික එක ඩිරෙක්ටර් කෙනෙක් එකක් කියනකොට තව එකෙක් තව එකක් කියන්නේ. කොහොමින් කොහොමින් හරි කොල්ල වැඩේ ගොඩ දැම්ම. දැන් ඉතින් මොනවා හරි මිලිටරි බඩු විකුනනවානම් රිපෝර්ට් රන් කරන්න ඕනේ, විශේයෙන් කියන්න ඕනේ මෙයා නෝටි පොරක් නෙවෙයි කියලා. වැඩ කෝටියයි. ඉතින් දැන් අපේ යුසර්ලත් ඇවිල්ල ටෙස්ට් එහෙම කරලා හොදයි කියලා ගියා. දැන් තියෙන්නේ මේක අපේ ලයිව් ඩේටබේස් එකට දාන එක. ඕකට දාන්න කලින් ඉතින් පොඩි පොඩි කොන්ෆිගරේෂන් වැඩ තියෙනවා කරන්න ඕනේ. ඉතින් ග්‍රේ කට කැඩෙනකන් ලොක්කොන්ට කිව්වා යුසර්ලට මේක කියපල්ලා කියල. මුන් එකෙක්වත් කියල නැ. හැබැයි හැමදාම කියනවා මොකෝ මේක ලයිව් එකට දන්නේ නැත්තේ කියල. ඉතින් මල පනිනවනේ. හිටපියව් කරන්න කියල ග්‍රේ පහුගිය අගහරුවදා  ඔක්කොම එබුවා ලයිව් එකට. ඔබලා ගැහුවා ලියුමක් ඔන්න දැම්ම උබල නහයෙන්  අඩන නිසා. එන ප්‍රශ්නවලත් දීපන් උත්තර කියල.
බදාදා පොර උදේ ඔෆිස්ගියා. ගියා විතරයි එහෙන් එකක් තියනකොට එකක් කෝල් එනවා. ඊ-මේල් එනවා.  මේක වෙඩකරන්නේ නැ. අරක කරන්න බැ. ඉරානෙට බඩු විකුනනන් බෑ, ප්‍රශ්න කෝටියයි. ග්‍රේට තිබ්බේ එක උත්තරයයි. 'TOLD YOU SO'
කොහොමහරි ඉතින් අන්තිමට එදා දවසෙම එක ඔර්ඩර් එකක්වත් ඔෆිස් එකෙන් එලියට ගියෙත් නැ. අන්තිමට අපේ යුසේර්ට ටිකට වැරදි ඔක්කොම හදන්න උනා. හදන්න උනා කිව්වට ඇත්තට උනේ උන් මට වැරදි ඒවා මොනවද කියල ලිස්ට් එකක් එවපු එක. එකත් අන්තිමට මම තමා හැදුවේ. දුක තමා ඉතින්.
තවත් දවසක් අපේ ඔෆිස් එකේ ඔන්න ඔහොම ගෙවුනා.

P.S:
මේ දවස්වල වැඩ ගොඩයි.  රස්සාවයි, ඉගෙනීමයි, ගෙවල් හෙවිල්ලයි, ඔය අස්සේ යාලු මිත්රයොත් ආශ්‍රය කරන්න ඕනෙනේ. ඉතින් වෙලා තියෙන විදිහට තමා ලියන්නේ.
අනික කලබලෙන්. එකට සමා වෙන්න ඕනේ.