අපි හැමෝටම කාලෙන් කාලෙට එක එක උණවල් එනවා. ක්‍රිකට් උණ, එක එක දේවල් එකතු කරන උණ. ඔය වගෙ උණවල් ගොඩක් මැද තියෙන තව උණක් තමා රට යන උණ.
මේක ලියන්න ප්‍රධානම හේතුව පහුගිය මාස 4-5 මම දැකපු එකතරා ට්‍රෙන්ඩ් එකක්. Grey ඉන්නෙ ලන්ඩන් වල. පහුගිය මාස කීපය ඇතුලත ඉගෙන ගන්න කියලා මෙහාට පුදුමාකාර ප්‍රමාණයක් ලංකාවෙන් ආව. ඉගෙන ගන්න එක ඉතාම හොදයි. නමුත් අපේ අය එන්නේ හරි පින්තුරේ දකින්නේ නැතුව.
ඉගෙන ගන්න එනවානම් මුලින්ම කරන්න ඕනේ තමන් ඉගෙන ගන්නේ මොන විශයෙන්ද කියලා තීරනය කරන එක. අපි හිතමු තොරතුරු තාක්ශනය කියලා. ඊට පස්සේ ඉගෙන ගන්න හොද තැනක් හොයාගන්න ඕනේ. ඒකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන් හොයාගෙන තනියෙන් වැඩේ කරගන්න එක. මහ ලොකු අමාරු දෙයක් නෙවේයි. අනිත් විදිහ තමා ඒජන්සි එකක් හරහා.
ඒ වගේම තමා තීරනය කරන්න ඕනේ තමන් ඉගෙන් ගන්න තැන. මෙහේ විශ්වවිද්‍යාල සහ පාසල් (colleges) කියලා තමා යන්නේ. ඔය දෙකේම ඕනෙම දෙයක් ඉගෙන ගන්න පුලුවන්. වෙනස නිකන් අපේ රටේ විශ්ව විද්‍යාල සහ ඔය ටියුශන් කඩ අතර තියෙන වෙනස වගේ.
එකම උපාධිය ගන්න පුලුවන්, හැබැයි විශ්ව විද්‍යාලයේ තියෙනවා වගේ හොද පුස්තකාල, උපාධියෙන් පසු රැකියා හොයන්න උදවු කිරීම් එහෙම පාසල් වලනෑ. හැබැයි ගාන අඩුයි හොදටම. ඉතින් හිතලා බලල මොකක්ද තමන්ට සුදුසු දේ කියලා තීරනය කරගන්න.
මම දන්න විදිහට ගොඩක් කට්ටිය එන්නේ කවුරු හරි ඒජන්සි එකක් හරහා. මුලින්ම හොද විශ්වාසවන්ත තැනක් හොයාගන්න.
ඒජන්සිත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමා ඔයාලගෙන් සල්ලි ගන්නේ නැති තැන්. එයාලට කාව හරි ඔය ඉගෙන ගන්න යැවුවම එතනින් කොමිස් මුදලක් එනවා.මේ අයට කියන්නේ ඒ විශ්වවිද්‍යාලයේ නියොජිතයො (Country representatives) කියලා. දෙවෙනි කාන්ඩේ ඔයාලගේන් යම්කිසි ගානක් ගන්නවා. ඔය දෙකටම අදාල නැති අනිත් ක්‍රමේ තමා ලන්කාවේ තියෙන සමහර ආයතන වල උපාධියේ මුල් වසර කීපය හදාරල අවසන් වසර මෙහේ විශ්වවිද්‍යාලයට එන එක.
කොහොම හරි ඔය ඔක්කොටම සල්ලි එන්නේ ඔයාල රට ගියොත්. ඉතින් කට්ටිය ලෝකෙ නැති කතා කියනවා. කොටින්ම සුර ලෝකයක් මවනවා.
ඉතින් වෙන්නේ අපේ අය ඕවට අහුවෙලා, හතර අතේ ණය වෙලා, කොර්ස් එකේ මුලු ගානෙන් බාගයක් විතර ගෙවලා රෙජිස්ටර් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සෙ එයාල ලියුමක් එවනවා අපි ඔයාව බදවගත්තා, දැන් ඉතින් එන්න කියලා. අපිට තියෙන්නේ ඒ ලියුම මත වීසා ඉල්ලන්න. වීසා ගන්න එකත් වෙනම කතාවක්. ඔයාල මෙහෙට ඇවිල්ල කන්න අදින්න සල්ලි තියෙනවා කියලා පෙන්නත් ඔනේ. එන ප්‍රදේශය අනුව ගානත් වෙනස් වෙනවා. කොහොම හරි ඉතින් ආයේ ණය වෙලා ඒකත් පෙන්නුවා කියමු. වීසා එකත් ඉතින් ගන්න පුලුවන්.
ඉතින් ඔන්න කට්ටිය දැන් ඔක්කොම හරි කියලා එංගලන්තේ එන්නේ. එන්න කලින් මතක තියාගන්න ඔයාලගේ ඉංග්‍රිසි දැනුම පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ වගේම එනකොට ඔයාලගේ පපුවේ x-කිරණ සටහනක් අරන් එන්න. ඔය දෙකෙන්ම ඔයාලට ගුවන් තොටුපොලේ රැදෙන්න වෙන කාලය ගොඩක් අඩු කරනවා. හේතුව රටට අතුලු වෙනකොට ආගමන නිලදාරින් ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. මොනවටද එන්නේ, මොනවද කරන්නේ වගේ..ඉතින් ඉංග්‍රිසි හොදනම් වැඩිය ප්‍රශ්න අහනවා අඩුයි. ඒ වගේමයි x-කිරන සටහන ඔනේ වෙන්නේ ඔයාලට ක්ශය රෝගය තියේනවඩ කියලා බලන්න.
ඕක අරන් ආවෙ නැත්නම් ගුවන්තොටුපලේදි ගන්නවා. හැබැයි ඉතින් බහුතරය ඕක අරන් එන්නේ නැති නිසා එතන තදබඩයක් අතිවෙනවා. කොහොම හරි ඔය ඔක්කොගෙනම් බේරිලා රට ඇතුලට එනව කියමුකො. ඊට පස්සෙ තමා හරියට වැඩ පටන් ගන්නේ.
කට්ටිය ඉගෙන් ගන්නවා. ඉතින් ඉගෙන ගන්න අතරේ ඔයාලට පුලුවන් සතියකට පැය 20 වැඩ කරන්න. පැයකට ගෙවන්න ඔනේ අවමය £5.60 වගේ තමා මට මතක.කොහොම හරි පැය 20 වැඩ කරලා £500 වගේ හම්බ කරන්න පුලුවන්. හැබැයි බැරි වෙලාවත් පැය 20ට වඩා වැඩ කරලා අහූනොත් හැරෙන තැපෑලෙන් ගෙදර එන්න පුලුවන්.
£500 කියන්නේ ලංකාවේ ලොකු ගානක් තමා. නමුත් මෙහේ ඔය ගානට කරන්න පුලුවන් එකමදේ තමා බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙන එක. සතයක්වත් ඉතිරි කරගන්න නම් බොහොම අමාරුයි.
ඉතින් හම්බ කරලා ඉගෙන ගන්න වැඩේ නම් ටිකක් අමාරුයි මට තේරිලා තියෙන විදිහට.
අනික තමා ලංකාවෙන් ආවට පස්සෙ මෙහේ තියෙන නිදහසත් එක්ක වියදම් වෙන එක තේරෙන්නේ නැති එක. බස් වල මුලු ගමනටම තියෙන්නේ එක ගානක්. ඒ කියන්නේ ඔය එක හෝල්ට් එකක් ගියත් මුලු දුරම ගියත් එකම ගාන (£1.20) කෝච්චියෙ නම් ඕක වෙනස් වෙනවා.
කොහොම හරි මට කියන්න ඔනේ වෙලා තිබුනේ, රට යන්න ඕනේ කියලා දගලගෙන කලබල වෙන්න එපා. හොදට හිතලා බලලා එන්න. හොදම ක්‍රමේ තමා ලංකාවෙ ඉගෙනගෙන, යම් කිසි කාලයක් වැඩත් කරලා, ඉහන නිපුනතා තියෙන කෙනෙක් වගේ එන එක. එතකොට අර මාසේ පඩිය දවසට හම්බු කරන්න පුලුවන්.
අනිත් ක්‍රමේ තමා ශිෂත්වයක් අරන් එන එක. ඔය ක්‍රම දෙක තමා හොදම.
Grey ඉගෙන ගන්න නෙවේයි මෙහෙ ඉන්නේ. නමුත් පහුගිය දවස් වල ලංකාවෙන් ලගදි ආපු අය ගොඩක් මුනගැහුනා. පුලු පුලුවන් විදිහට ඒ අයට උදව් එහෙමත් කරා. නමුත් පාර්ට්-ටයිම් රස්සාවල් හොයන එක අමාරුයි. එන කට්ටිය ගොඩක් වැඩි නිසා එක රස්සාවටත් බර ගානක් ඉන්නවා.
ඉතින් පොඩ්ඩක් හිතන්න එන්න කලින්. කට්ටක් කෑමක් තියෙන්නේ ස්ටුඩන්ට් විසා එක එකේ.
එහෙනම් ජයවේවා කිව්වා!!!!
Thursday, January 28, 2010
Wednesday, January 27, 2010
අපි හැමෝටම සුභ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක්!!!
ප්‍රථිපල නිකුත් වෙමින් පවතිනව. දැනට පෙනෙන විදිහට සහ අපි බහුතරය බලාපොරොත්තු වුන ආකාරයට මහින්ද රාජපක්ශ ජයග්‍රහනය කරලත් තියෙනවා.
පොඩි පොඩි සිදුවීම් වුනා තමයි. නමුත් සමස්තයක් ලෙසට මේ වෙනකන් චන්දය සාමකාමී සහ සාධාරනයි කියල තමා ආරංචිය.
කොහොම හරි තව අවුරුදු හයක් මහින්ද බලයේ ඉන්නවා. ඉතින් බොරුවට කෑගහන්නෙ නෙතුව ඉන්න එක හොදයි.
අද මෙක ලියන්න ප්‍රධාන හේතුව වුනේ චන්දෙන් පස්සෙ මගේ යාලුවො කිහිප දෙනෙක් මූනුපොතේ හැසිරුන ආකාරය ගැන කියන්න.
දෙන්නෙක් තද UNPකාරොයො. SFට චන්දෙ දීපු. අනිත් උන් දෙන්නා මහින්දට.
මේ එක්කෙනෙක්ගෙ status text එක.
"Congratulations President Rajapaksa on winning a second term! Apart from a few incidents, it was by all means a free and fair election on the election day. I did not vote you. But you are my President too. I am as hopeful about your second term as any Sri Lankan is, now."
මනුස්සයෙක්ට මේ විදිහට හිතන්න පුලුවන් එක කොච්චර වාසනාවක්ද? අපි කීයෙන් කීයටද මෙහෙම හිතන්න පුලුවන්.
හැමෝටම මෙහෙම හිතන්න පුලුවන්නම්, කකුලෙන් අදින්නෙ නැත්නම්, අපේ රට හදන එක මහ කජ්ජක් නෙවේ.
අනිත් කෙනා මට මැසේජ් එකක් එවනවා, රුපවාහිනියයි, සිරසයි හමුදාව යටතෙ තියෙන්නේ. මැතිවරණ කොමසාරිස් අත්අඩංගුවට අරගෙන. චන්ද ගනන් කරන තැන්වල හොරට චන්ද ගනන් කරන්නේ. ඔය වගේ ගොඩක්.
කිසිම පදනමක් නැතුව මේ වගේ කතා පතුරවන උන් තමා මේ රට කන්නේ.
නින්දිත පහත් මට්ටමේ වැඩ. කරුමෙට මම දන්න හොද දේශපාලන දැක්මක් තියෙන UNP යාලුවො ඉන්නේ දෙන්නයි. අනිත් උන් ඔක්කොම ඔය වගේ.
තුන් වෙනියා කියලා තිබ්බේ මෙහෙම.
"දෑසෙ නැගුන කදුලු............පිසදලන්න එන්න............බෙදුනු යුගය ඉවරයි..........එන්න එන්න එන්න..........ලක් මවගේ දරුවෝ...........සියලුදෙනා එන්න............Elections are over now. It's time to work for the country."
කතාව ඇත්ත. දැන් තියෙන්නෙ අවුරුදු ගානක් අනිත් පැත්තට කැරකුනු රටේ දියුනුව හරි පැත්තට හරවන්න. එකට අපිට ගොඩක් කැපකිරීම් කරන්න වෙන්න පුලුවන්.
කොහොම හරි කියන්න තියෙන්නේ... දැන් ඉතින් රට හදමු කියලයි.
හතර වෙනියා බොහොම පහත් මඩක් ගහල තිබ්බා SFට. මඩට මං කොහොමත් විරුද්දයි. හැබැයි ඉතින් ලාංකීය දේශපාලනය තුල මඩත් කොටසක්.
ඔය අතරේ BeyondFrame ආයේ ලියන්නේ නෑ කියල දාල තිබ්බා. ගොඩක් හොදයි. සල්ලි දෙනවානම් තමන්ගේ අම්මව වුනත් විකුනන්න ලෑස්ති වෙලානේ හිටියේ. ගොඩක් දුරට ඔය බ්ලොග් එකේ පිහිටේන්ම කොහේ හරි දේශපාලන රැකවරන ගන්න පුලුවන් වෙයි. ඔය වගේ උන් තමා රටට බරක් වෙන්නේ.
ආයේ මං චන්දේ ගැන කතා කරන්නේ නෑ.
මහින්ද මහත්තයට සුභ පතනවා. අපි හැමෝටම සුභ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් දකින්න පුලුවන් වෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

Tuesday, January 26, 2010
චන්දෙන් පස්සේ....
ගොඩ දවසකින් ලියන්නත් බැරිවුනා. පොරොන්දු වුන විදිහට පින්තුර දාන්නත් බැරිවුනා. ඒක ලගදිම කරන්නම්. වෙලාවක් ආපු ගමන්ම.
කට්ටියම දැන් උදේ පාන්දර චන්දේ දාලා ගෙදර ඇවිල්ලා ඇතිනේ. මටත් හිටියානම් අනිවා රජතුමාට කතිරෙ ගහනවා. මම කැපුවත් නිල් නිසා නෙවේයි. මට තේරෙන දේශපාලනේට අනුව අපේක්ශකයො විසි ගානෙන් හොදයි කියලා හිතෙන නිසා.
ලංකාවේ චන්දෙ ගැන මෙහේ පත්තරත් බොහොම උනන්දුයි. Guardian වල එහෙම මෙ සතියෙම වගේ මුල් පිටුවේ කෑල්ලක් තිබ්බා අපේ චන්දෙ ගැන. මුන්ටත් ඉතින් අපි ගහගන්නවා කිවුවම මාර ආතල්නේ. මොනවා කරන්නද ඉතින් රටේ ආර්ථිකය බල්ලට ගියත් තාම තියෙනවා යටත් විජිත මානසිකත්වය. හදන්න බෑ.
කොහොම හරි චන්දේ ඉවරයි. කවුරු හරි දිනයි. පැරදුන එකා චන්දේ හොර කරා කියල සුපුරුදු විදිහටම කියයි. අපේ බ්ලොග් ටිකත පොඩි කාලයක් මරාගනී. ඊට පස්සෙ අයේ පුරුදු විදිහම තමා.
කොහොමින් කොහොමින් හරි ලංකාව දියුණු වෙනවා බලන්න තමා අපි ආසා. දියුණු වෙනවා කියන්නේ වැඩිපුර කර්මාන්තශාලා තියෙන එකවත්, ගොඩක් සල්ලි තියෙන එකවත් නෙවේ. තියෙන විදියට කාල ඇදලා හිතේ සතුටින් ඉන්න පුලුවන් එකයි මට නම් දියුනුව කියල හිතෙන්නේ.
ඔය දියුනුවට කර්මාන්තශාලා වැඩි කරා කියලවත්, පඩි වැඩි කරා කියලවත් ගන්න පුලුවන් එකක් නෙවේයි. ඒකට අපි හිතන විදිහ වෙනස් වෙන්නත් ඕනේ. ඔන්න ඔතන තම මට අපි ගැන ගැටලුවක් හිතෙන්නේ. අපි හැම දේටම ආන්ඩුවට බනින්නේ. බනින්න ඔනේ වෙලාවලුත් තියෙනවා.
රටක් හදන්න නම් අපිට ඔනේ වෙනවා ජනතාවට ඒ හැගීම දෙන්න. පළවෙනි ලෝක යුද්දෙන් පස්සෙ අන්තිම බිංදුවට වැටිල හිටපු ජර්මනිය අවුරුදු 2-3 ඇතුලත කාර්මිකව සහ ආර්ථිකව ඉහලට ගත්තේ හිට්ලර් ඒ රටේ මිනිස්සුන්ට ඒ හැගීම දුන්නු නිසා. හැබැයි නතර කරන්න ඔනේ තැන මිනිහා දැනන් හිටියේ නෑ. ඒක වෙනම කතාවක්.
එහෙනම් කට්ටිය චන්ද ප්‍රතිපල බලන්න. හැබැයි ප්‍රතිපල නිකුත් උනාම චන්දෙන් අගතියට යන්න නම් එපා. කවුරු දින්නත් අපි පිස්සු කෙලියොත් අපේ රටටමයි පාඩුව.

Thursday, January 7, 2010
I'm Back
ඔන්න නිවාඩු ඉවර වෙලා අයෙත් මම ආවා. ලංකාවේ හිටපු දවස් ටිකේ අනුරාධපුරේ, පොළොන්නරුවේ වගේම තිරිකුණාමලේ, මඩකලපු එහෙමත් ගියා. විස්තර පස්සේ දාන්නම් පිංතුරත් එක්කම.
31 වෙනිදා හිටියේ මෙහේ. අපි ඇවිදින්න ගියා. තිබ්බ fireworks වල විඩියෝ එකක් youTube වලින් ගත්තා. එකත් බලන්නකෝ. මමත් ඔය හරියෙම තමා හිටියේ. හැබැයි මගේ මූන නම් නෑ.
31 වෙනිදා හිටියේ මෙහේ. අපි ඇවිදින්න ගියා. තිබ්බ fireworks වල විඩියෝ එකක් youTube වලින් ගත්තා. එකත් බලන්නකෝ. මමත් ඔය හරියෙම තමා හිටියේ. හැබැයි මගේ මූන නම් නෑ.
Subscribe to:
Posts (Atom)