මහා වස කම්මැලි දවසක්. කවදාවත් නැතුව උදේ හයට ඇහැරුනා.. වෙනදා යස අගේට හතහමාර වෙනකන් නිදාගන්න එකෙනුත් පැය එක හමාරකට බඩු. ඒ මදිවට දැන් වින්ටර් එක එන නිසා උදේට කළුවරත් වැඩියි. සෙන්ට්‍රල් හීටින් දාල තිබ්බට රැට ජනේලේ අරන් නිදාගන්න නිසා නැගිටිනකොට පට්ට හීතලයි. අර කවුද කියල තිබ්බේ මිහිතලය උණුසුම් වෙනවා කියල..සිරාවට ඔන්න ඔයවගේ වැඩ කරන නිසා තමා ෂුවර් එකටම. ඉරිදා 23 ට තිබ්බ උෂ්ණත්වේ අද අගහරුවද 13 වෙලා. ලංකාවේ ඉතින් කොලබ ඉදන් නුවරඑලියට යනකොට පැය 5 කින් අංශක දහයකට වඩා වෙනස් වෙන එකේ ඕකත් කජ්ජක්ද කියල ඇහුවට අද උදේ ඉදන් ඔලුව රිදෙනවා පුපුරන්නවගේ. ඔය උෂ්ණත්ව වෙනස නිසාද මන්ද.. ඒ අස්සේ වෙනදට ඔෆිස් දාන් එන තොප්පිය අද අමතක වෙලා. මගක් එනකොට ඔලුව හීතල වෙලා වයර් ෂෝර්ට් වෙන්න ගත්තම තමා මතක් වුනේ තොප්පිය නැ කියලා. ඔලුව රිදිල්ල ඒක නිසාද මන්දා. ඔෆිස් එකේ කරන්න දෙයක් නැති නිසාම හොදයි. පැය 2-3 ක් බ්‍රවුස් කරලා ඇතිවෙලා මවුස් එකෙන් මොනිටර් එකේ කොටු අදින්න පටන් අරන් තියෙන්නේ. ඕකෙන් රවුම් අදින්න පුළුවන් උනානම් කොටු අදිනවට වඩා පොඩි ෆන් එකක් තියේවි. කවුරු හරි රවුම් අදින්න දන්නවනම් කියන්න.. කොටු ඇදල ඇති වෙලා තියෙන්නේ.
අනිද්දට පඩි එනවා. මේ සතියේ වැඩ කරේ නැතුවට ඊට කලින් සතියේ ඕනෙවටත් වඩා වැඩ කරා.ඒක නිසා දුකක් නැතිව පඩිය ගන්න පුළුවන්. ගිය සතියේ වැඩිපුර හිටපු නිසා අපේ රිපෝර්ට් ලියන අක්ක මට කියනවා අතිකාල දීමනා ඉල්ලන්න කියල. මට දුකයි ඒක ඉල්ලන්න. ඇයි දෙයියනේ උදේ 8.30 ට පටන් ගන්න තැනට මම එන්නේ 8.45 ට. සිකුරාදාට වැඩ ඇරෙන්න පැයක් කලින් කොල්ල මාරු. ඇයි ඒ අස්සේ නිකන් ඉදන් බ්‍රවුස් කරන ඒවා. ඕව ගණන් හැදුවොත් පඩියෙන් බාගයක් මට කොම්පැනියට ගෙවන්න තමා වෙන්නේ. ඒක නිසා මගේ හිතට එකගව මම අතිකාල ගන්නෙත් නැ. ඔය මගේ අතින් යන පොඩි පොඩි වියදම් කොම්පැනියෙන් ක්ලෛම් කරන්නෙත් නැ. ඔය අපේ රිපෝර්ට් ලියන අක්ක හොස්ස ලගින් මැස්ස යන්න බැරි කෙනෙක්. වලියට බරයි කියන්නේ කෙලින්ම වලිසිංහ හරිස්චන්ද්‍ර පරම්පරාවේ වෙන්න ඕනේ. අද අපේ ටීම් එකේ ඉන්න උන් කියනවා මම ලග ඉන්නකොට මගෙන් පොඩි කාමීන් ඉෆෙක්ට් එකක් තියෙනවලු අක්කට. අපොයි ඔව්..මොකෝ නැත්තේ එයටත් එක්ක හරියන්න මට මල පනිනවනේ එයාගෙන් මොනවහරි අහන්න හරි එයාට මොනවා හරි කියල දෙන්න ගියාම හරි.
අපේ කොම්පැනියේ අලුත් ප්‍රොජෙක්ට් එකක් යනවා කොහෙන්ද මන්ද වැපන් ග්‍රේඩ් කැමරාවක් අරන් ඒක අපේ රේඩාර් එකකට හයි කරලා හයිබ්‍රිඩ් පින්තුර දෙන්න. ඔය ප්‍රොජෙක්ට් එකේ ගැවෙන්නවත් මම නැති උනාට එකට ආපු උන්ගෙන් මවුස් පෑඩ් එකක් හම්බුනා ස්පෙෂල් ෆොර්සස් වල ඩයල් එකක් ස්නියිපර් එකක් අටවන් ඉන්න රුපයක් තියෙන. ඔය මොන අටමගේලේ හැදුවත් තියෙන ප්‍රශ්නේ අපේ අයියලට ඕව විකුනන්න ඕනේ කාටද කියල තොර බේරගන්න බැරි වෙන ඒක. ඒක පාරක් අපේ උපකරණයක් ත්රස්තවාදයට ප්‍රසිද්ද රටක මිසයිල් සිලෝ එකකට හයි කරලා තියෙද්දී මාට්ටු වෙලා තව පොඩ්ඩෙන් අපේ ලොක්කෝ ටික හිරේ. දැන් මේ දවස්වල ඔන්න ඕක නවත්වන ඒක තමා දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.. ලොක්ක නැති නිසා මම වීරයා වගේ යනවා මීටින් වලට. ගිහින් ත්‍රස්තවාදියෝ ගැනයි, උන්ගේ හොර වැඩයි ගැන කතා අහන ඉදල එනවා. ඕව කියල දෙන්න ලස්සන ගැණු ළමයෙකුත් එනවා වෙන කොම්පනියෙකින්. වැඩේ කියන්නේ අපේ මේ අද හෙට පැන්ෂන් යන්න ඉන්න ඩිරෙක්ටරකාරය එකට පැණි පාර දානවා මට එහා පැත්තේ ඉදන්. නාකි විසේ ගෙටත් උසේ කිව්වලු. මොනවා උනත් කොම්පැනියේ ලොකු උන්ව බයිට් එකට ගන්න හොද නැති නිසා මම මුකුත් කියන්න ගියේ නෑ කට කහනවා කහනවාවගේ උනත්. තවම ලංකාවේ හොද පුරුදු ඇත අරගන්න ටිකක් අමාරුයි.
ඒ අස්සේ අපේ වියාපාර පද්දතිය දුවන්න අලුතින් ගන්නයන කොම්පුටරේ හදන එකා කියල එවල අපේ "ටර්ම්ස් අන් කොන්දිෂන්" එක්ක ඌට බඩු දෙන්න බැරිලු. මොකද එකේ තියෙනවා ඒවා වැඩකරන්නේ නැති උනොත් අපි උට නඩු දානවා කියල. පොරට උගේ බඩු ගැන එච්චරම ෂුවර් නිසා උ එකට කැමති නැ. අපේ ලොක්ක කියනවා අපි ඔෆිස් එකට පන්සල් ගන්න එකටත් දෙන්නේ ඔය "ටර්ම්ස් අන් කොන්දිෂන්" තියෙන අග්රිමන්ට් එකමලු. දෙයියෝ දනී. ලොක්කට බේරා ගන්න කියල මම සද්දේ වහල ඉන්නවා. ඒ මදිවට ඊයේ ආපු DVD එකක් තැපලේදී දෙකට මැදින් පැලිලා. මන් අහන්නේ මුන්ට ඕක අර ප්ලස්තික් කවරෙක දාල එවන්න බැරිද නිකන් කාඩ්බෝඩ් එකක දාල තැපැල් කරනවට වඩා.
පස් තාච්චියේ විබගේත් එනවා හෙට අනිද්දා. මේ යන විදිහට ගියොත් නම් අනිවා ඒ විබාගේ තව පාරක් කරන්න හිතෙනවා. කොහෙද පොත අතට ගන්නකොට කියාගන්න බැරි තරම් නිදිමතයි. ඉතින් ඒක නිසා ඔෆිස් එකේ ඉදන් පාඩම් කරන්න ගත්තට වෙලවටකට මේ ඉන්ටර්නෙට් එකත් එක්ක බෑ නිදහසේ වැඩක් කරන්න.
මෙහෙ ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්ට ගෙදර යන්න වෙලානේ තියෙන්නේ.. මහින්දත් එක්ක රැස්වීමකට පොරගේ යාළුවෙක්ව අරන් ගිහින් මෙහෙ ආණ්ඩුවේ නියෝජිතයෙක් විදිහට. පොර කලිනුත් ඔය වගේ අරන් ගිහින් හැබැයි වැඩේ මට්ටු වෙලා තියෙන්නේ මහින්ද අයියව හම්බුවෙන්න ගිය වෙලාවේ, රුපවාහිනියේ නිවුස් වල වීඩියෝ එකක පොර ඉන්නවා. සිරාවට අනේ මන්ද මුන් දෙන්න කලින් ඒක ගෙදර ඉදලා තියෙන්නෙත්, ඒ මදිවට ෆොක්ස් කාරය කොහේ හරි යනකොට පොරවත් අරන් යනවා. පොරත් අපේ රනිල් ලොක්ක වගේද දන්නේ නෑ.
මට කම්මැලියි!!! තව මොනවා මොනවා මෙතන ලියාවිද දන්නේ නෑ කම්මැලිකම වැඩි නිසාම. ඔෆිස් අරින්නත් තව පැය දෙකක්ම තියෙනවා. ප්‍රන්ශේ කතා ගැන තව පොඩි කැලි දෙක තුනක් ලියන්න තියෙනවා. හිමිට ලියන්න ඕනේ එකත්.