Monday, November 9, 2009

පපඩම් කෑ හැටි

මේ වැඩේ සිද්ද වුනේ මම මෙහාට ආපු අලුත. මෙහාට කිවුවේ දෙවැනි එලිසබෙත් මහේසිකා උන්නාන්සෙගේ රටට. මම ඇවිල්ලා මෙහේ තියෙන කොම්පැනියක තාම වැඩ පටන් ගත්තේ.
අපරාදෙ කියන්න බෑ ටීම් එකේ හිටපු සුද්දො ටික එල කොල්ලො ටිකක්. කොල්ලො කිවුවට ඉතින් මගෙ ලොක්කා තම හිටපු පොඩිම එකා..පොරටත් අවුරුදු 36 ද කොහෙද..එ කිවුවේ මට වඩා අවුරුදු 10 වගේ වැඩිමල්.කොහොමින් කොහොමින් හරි කට්ටිය මම ආපු සන්තොසෙට දවසක් ඩිනර් එකට යමු කිවුවා. ඉතින් මටත් මොකෝ මාත් බුවා වගේ හා කියලා වෙඩේට සෙට් වුනා.
කට්ටිය කන්න කොහෙද යන්නෙ කියල හොයල බැලින්නම් මුන් මේ යන්න හඩන්නෙ Curry house එකකට. ඉංදියන් කාරයොන්ගෙ ජොයින්ට් එකක්. මුන් විහිලුවට කියන්නෙ සුද්දගෙ ජාතික කෑම තමා කරි කියලා.
ඔන්න ඉතින් අපි ගිහින් කන්න සෙට් උනා. වේටර් කොළුවා ඇවිල්ලා මෙනු ටික බෙදල ගියා. මම ඉතින් ආපු අලුතනේ මෙකේ ගනන් දැකලා හීන් දාඩිය දාන්න පටන් ගත්තා.මොකද ඉතින් අපි හිතන්නෙ රුපියල් වලින්නේ. මෙහෙ £1 කියන්නෙ රුපියල් 200 වගේ වෙන්වා. ඉතින් ගනන් දකින කොට නිකන්ම එක්ස්චේන්ජ් රේට් එක ඔලුවට එනවනෙ.
අපේ උන් ටික appetizers වලට මෙන්න පපඩම් ඔඩර් කරා. ටිකක් වෙලා යනකොට වේටර් ඩයල් එක ගෙනවෙ පපඩම්. පපඩම් කන්න පොර උස්සන් අවෙ නෙතෑ සො(ර්)ස් වර්ග 4. මොනවා කරන්නද ඉතින් රෝමෙට ගියාම ඒ වගෙ ඉන්න කියලා තියෙනවනේ, මාත් අත ඇරියේ නේ. ඇදන් ගියා.හැබැයි වැඩේ කියන්නෙ පපඩමක් 50p, රුපියල් වලින් නම් රුපියල් 100 වගේ. ලංකාවෙ හිටියා නම් හොදට බත් එකක් කන්න තිබ්බා.
කොහොමින් කොහොමින් හරි අන්තිමට උනේ මට හොද එක්ස්පීරියන්ස් එකක් ලැබුනා සුද්දො එක්ක පපඩම් කන්න ගිහින්.

5 comments:

  1. ela ela . . .
    me macho . .
    word verification ayin karapan . .

    ReplyDelete
  2. ඔන්න අයින් කරා.... :)

    ReplyDelete
  3. How much was the bill and how was the bill paid? Did you all equally share or asked for separate bills?

    Or did some one "shouted" your share?

    ReplyDelete
  4. per head 15 pounds wage thama giye.
    got single bill and everyone pay their share. (Kinda strange because most of the time they ask for separete bills)

    ReplyDelete