Monday, November 16, 2009

පහුගිය සතිය

මේ දවස් වල office එකේ මට වැඩක් ඇත්තෙම නෑ. ඔහේ දවසම browse කරන එකයි... ඉදල හිටලා සෙට් වෙන පොඩි වැඩක් කරන එකයි විතරමයි තියෙන්නේ. පට්ට කම්මැලියි. ඒ මදිවට සීතලයි..වැස්සයි. හවස 5 වෙනකොට අම්බානට කලුවරයි. මොනවා උනත් ලංකාවේ දේශගුනේ කොච්චර හොදයිද කියලා හිතෙන්නේ හවස වැඩ ඇරිලා වැස්සේ තෙමිගෙන හීතලේ ගෙදර යනකොට. මට හිතාගන්න බැරුව ඉන්නෙ winter ආවම මොනවා වෙයිද කියලා.

anyway පහුගිය සතියෙ සෑහෙන්න දේවල් උනානේ.
හෙන්රි ජයසේන මහත්මයා අපි අතරින් වියෝවුනා. මම ගොඩක්ම කැමති නලුවෙක්, ඩිරෙක්ටෙර් කෙනෙක් වගේම හොද මනුස්සයෙක්. හුනු වටයේ කතාව තියෙනකන්, ගම්පෙරලිය තියෙනකන්.... අන්දකාරෙන් දුරාතීතේ....අන්දකාරෙට අනාගතයේ...අපිට හෙන්රි ජයසේන මහත්මයාව මතක තියේවි.
ඔය අස්සේ සරත් මහත්තයාත් ඉල්ලා අස්වෙලා...මාර වැඩේ තමා ඉතින්. අපි ඉතින් මහ ලොකුවට රට ඇතුලේ වෙන්නේ මොනවද...ආන්ඩු හිතන්නේ කොහොමද කියලා දන්නේ නම්නෑ. හැබැයි මට නම් හිතෙන්නෙ රජතුමා ටිකක් සවුත්තු විදිහට තමා සලකලා තියෙන්නේ සරත් මහත්තයට. හැබෙයි එහෙමයි කියලා සරත් මහත්තය UNP එකෙන් චන්දේ ඉල්ලනවා කියලා යන කතාවට නම් Grey කොහෙත්ම කැමතිනෑ.
ඔය කතාව අහුන ගමන්ම Greyට කියවුනේ "අපරාදෙ හොද මනුස්සයෙක් චවු වෙනවා" කියලා. අනික Grey විස්වාස කරන්නෙ නෑ හොද සොල්දාදුවෙක් කියන්නේ හොද පාලකයෙක් කියලා.
සරත් මහත්තයත් ඉතින් බබෙක් නෙවේනෙ ඔවා තේරුම් නොයන්න. අනික UNP,JVP, TNA එකතු වෙල හැදෙන කන්ඩායමට නම් මම කොහෙත්ම කැමතිනෑ. වරදවා වටහා ගන්න එපා. අර ඉගුරු දීලා මිරිස් ගන්න මට ඕනේ නෑ.
ඔය අස්සේ අපේ රතු සහොදරයෝ සුපුරුදු පරිදි ඉල් මහ විරු සමරුව පැවැත්තුවා. රෝහන විජේවීර කියන පුද්ගලයව කියවන්න තරම් අතීත දේශපාලන දැනුමක් Greyට නෑ. හැබැයි අද රතු සහොදරයෝ යන්නේ නම් එදා විජේවීර ගිය පාරෙ නෙවේ කියන එකනම් හොදට තේරිලා තියෙන්නේ.
අන්තිමට ලංකාවෙන් පිට ඉදන් පලවෙනිවරට සමරන Greyගෙ උපන්දිනෙත් තිබුනා.

1 comment:

  1. upandine jayata samaruwada. . . ??? pahuwunu upandineta subha pathum . ..

    ReplyDelete