Thursday, November 19, 2009

රුසියාවෙත් එහෙම තමා.... ලංකාවෙ???

මේක මට අද උදේ නිකන් හිතිච්ච කතාවක්.
දන්නවනේ රුසියාවෙ අගමැති පුටින් මහත්තයා ගැන. උන්නැහැ 1999 ජනාදිපති උනා. ආපහු සැරයක් චන්දෙන් දිනලා දෙවෙනි සැරේටත් මහපුටුවට ආව. ඔය විදිහට 2008 වෙනකන්ම උන්නැහැ තමා රටේ ජනාදිපති.
උන්දැ පරන KGB කාරයෙක් කියනවනේ. ඔය තැනින්තැන හිටපු ත්‍රස්තවාදියො ටිකට ඇප නැති වෙන්න දුන්නා. කෙලින් ඉන්න ඔනේ තැන්වල කෙලින් හිටියා.කොහොමින් කොහොමින් හරි 2008 වෙනකොට පුටින් මහත්තයා රුසියාව බොහොම හොද තැනකට ගෙනාව. 1999 වෙනකොට ඇමරිකන්කාරයන්ගේ දිරච්චි ලනුවක් ගිලලා බොහොම සවුත්තු වෙලානෙ තිබ්බෙ.

ලංකාවෙ වගේම තමා රුසියාවෙත් මහපුටුවෙ දෙපාරයි එක්කෙනෙක්ට ඉන්ට පුලුවන්. ඉතින් පුටින් මහත්තයා කරේ මහ පුටුව වෙන කෙනෙක්ට දීලා අගමැති වෙච්චි එක. තාම රට්ටු කියන්නෙ රට ආන්ඩු කරන්නේ පුටින් මහත්තයා කියලා.



රුසියාවෙත් එහෙම තමා.... ලංකාවෙ???

4 comments:

  1. හිහිහිහි... මෙහෙම ගියොත් අපේ මෑනුත් අවුරුදු 6න් පස්සෙ සහෝදර සමාගමෙන් එක්කෙනෙක් දම්මල රාජ්‍ය විචාරයි... පුටින් නම් රට හැදුව ලු. අපේ මෑන්....

    ReplyDelete
  2. රුසියාවෙ එකම කෙනාට දෙපාරකට වඩා ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි එකම කෙනාට පිට පිට තුන් පාරක් ඉන්න බැහැ. මේ අවුරුදු 4 ඉවර වුනාම පුටින්ට ඕනෙනම් ආපහු ජනාධිපති වෙන්න පුලුවන්

    ReplyDelete
  3. සමාවෙන්න ඕනේ. චාමර නිවැරදියි.බොහොම ස්තුතියි ඒක පෙනනලා දීපු එක ගැන.

    ReplyDelete
  4. අපෙ එක්කෙනා ඊලගට ජනාධිපති වෙන්න ඉන්න ඔක්කොම ම‍්රනවා එයගේ චූට්ය් මල්ලි එනකන් !

    ReplyDelete