Wednesday, December 2, 2009

Reply to මනුස්සා භය තජ්ජිතා | The men who fear

මේක ලියන්න හිතුනේ ටබූ දාල තිබුන ලිපියක් සහ එකට කීප දෙනෙක් දාල තිබුන කොමෙන්ට්ස් දැකලා.

ටබූ එයාගේ බ්ලොග් එකේ කරුනාවෙන් සවන් දෙන්න කියලා දාල තියෙනාවා මෙහෙම.
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය.

ලිපිය ගැන කතා කරොත් ඒකෙ තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ශ්‍රී මහා බෝධියට වන්දනා කරන පින්තුරයක්. ඊට යටින් ධම්මපදයෙන් ගත්තු ගාථාවක් තියෙනවා "බහුවෙ සරණං යන්ති".

දැන් ඕකේන් මට තේරුන විදියට කරුනු දෙකක් කියන්න තමයි ටබූ උත්සාහ කරන්නේ.
1. මහින්ද බය වෙලා
2. බෝධි වන්දනාව වැරදියි.

පළවෙනි පොයින්ට් එක ගැනනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඕනෙම පුද්ගලයෙක් අඩු වැඩි වශයෙන් මොනවට හරි බයයි.
බෝධි වන්දනාව වැරදියි කියන එකට නම් එකග වෙන්න ටිකක් අමාරුයි. මම දන්න විදිහට අපි ආමිස පූජා කියන්නේ ඕවට තමා.එහෙම නෙවෙයි කියනවනම් ටබූ තමන්ගෙ ජීවිතේ මුල් අවුරුදු 16 හරියට බුද්ධාගම ඉගෙන ගෙනත් නෑ, පිලි පැදලත් නැති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

ඕකට කට්ටිය කොමෙන්ට් දාන කොට එක තැනක ටබූ කියනවා.
Do Buddhists kiss bo trees to show respect?
- Taboo

මට මෙතක කිස් කිරිල්ලක් පෙනෙන්නේ නෑ. මම නලලෙන් කිස් කරන්න පුලුවන් කියලා දන්නෙත් නෑ. ටබූ කිස් කරන්නේ නලලෙන් නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කවදා හරි. (කියන්නත් බෑ, ටබූ ඉතින් වෙනස්නේ)
මෙතන තියෙන්නේ සරලවම නලල බෝ ගහට තියලා වදින එකක්. එක් තරා දුරකට අපි නලල බිම තියලා වදින එකට සමාන කරන්න පුලුවන්. ඕනෙ තරම් හිංදු දේවාල වල අපිට දකින්න පුලුවන් පූජනීය දේවල් වලට ඔලුව තියනවා. ඒක එක එක පුද්ගලයට අනුව වෙනස් වෙන තමන්ගෙ භක්තිය ප්‍රකාශ කරන විදිහක්.
මේක බටහිර විදිහට කියනවා නම් එළිසබෙත් රැජින St. Peter cathedral එකට යනවා වගේ ceremonial වෙඩක් මහින්දගේ පැත්තෙන් බැලුවොත්.

ටබූට මඩ ගහන්න තියෙනවනම් ඉතින් මොනවා උනත් මොකද නේද? එක්කො හරියට කරුනු දැනගෙන ගහන්න ඕනේ.
කොහොමත් මට පේන්නෙ ටබූට කරුනු කාරනා හරියට වැටහෙන්නෙනෑ. නැත්නම් ඉතින් මෙහෙම කියනවද?
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
අපිට බුද්ධාගමට අනුව ජීවත් වෙන්න අනුගාමිකයො ඔනේ නෑ.

අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා ආගමක් අදහන්නේ නෑ කියලා ඒක කරන පුද්ගලයො අපහාසයට ලක්කරන එකෙන් පේන්නෙ ඔයාගෙ හිස් බව විතරයි.
දෙවෙනි දෙය තමා, බෝධි වන්දනාව බුද්ධාගමේ හරය නොවෙන්න පුලුවන්. නමුත් එකේන් කෙනෙක් හිත පහදවා ගන්නවනම් ඒකෙන් හොදක් මිසක් වැරැද්දක් වෙන්නෙ නෑ. ඒ නිසා ධම්මපදයේ ගාථා වලට වැරදි විදිහට අර්ථ නිරූපනය කරන්න එපා.

11 comments:

  1. බෝධි වන්දනයේ ආනිශන්ස මම අත්විඳ ඇත... එය මානසික සුවයට ඉවහල් වේ

    ReplyDelete
  2. Check that photo. This is not the first time that Mr.MR visit to Sri Maha Bodhiya. Does any one seen/ have photo of such a behaviour on that occations?
    Please don't try to put 'buddhist' shield on power greed activity.

    ReplyDelete
  3. සිරිමා බෝධියට නළල තද කරගෙන ඉල්ලන්නේ සසර කෙටි කර ගැනිමට කමටහන් නොවන බව ඉඳුරා පෙනී යයි.
    මහින්ද ගේ කේන්දරයට 2010 පෙබ: මාසයේ 'ජන්ම ඒරාෂ්ඨකය' ලබයි. 2011 නොවැ: නිසි කල ජනපතිවරණය පැවැත් වේ නම් 'සෙනසුරා' කන්‍යා ලග්නයේ ලැග සිටීම පරාජයට හේතුවකැයි උපාය සැලසුම් කරුවෝ සිතා ඇත. එම පෙබරවාරියෙහිම සරත් ගේ 'රුචක යෝගය' නම් රාජ යෝගය පල දෙන බවට මේ කෙන්දර කාරයෝ ම පවසා ඇත.
    මහ රජෙක් උඩ දමාගත් 'ජනතාවට' රජ කාලේ ක්‍රමයට කරුම පටිසන් දීමට පටන් ගෙන ඇත. පුරෝහිත බමුණන්, නැකතියන්, අරිට්ට කී වෙන්ඩු ලා කියන ලෙස 'ඊනියා ප්‍රජාතන්ත්‍රවාදි' 'වරණ පැවැත්වේ. කෝටි 150ක් වියදම් වෙන්නේ 'මහ රජාගේ' ජන්ම එරාෂ්ඨකය නිසා මිස ජනතාව ඉල්ලා සිටි නිසා නොවේ. මේ උදා වී ඇත්තේ අරිට්ට-කී-වෙන්ඩු ලාගේ අවිචාර සමයයි. 'කිං කරිස්සන්ති තාරකා' කියූවේ, රජ තාරකා අනුව කටයුතු කළ යුතුයි යන අරුතෙන් නොවන බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පෙනී යා යුතුය. .

    ReplyDelete
  4. සූස්තිගුනේDecember 3, 2009 at 4:54 AM

    මෙහෙම වෙලාවකට කලාවකට, සරම කරට අරන්, ගොට්ට අල්ලන එවුන් ඉන්න එකත් රාජපස්සලාට ලොකු හයියක්..

    ReplyDelete
  5. Please note that I'm not talking about politics in this post. I'm simply pointing that 'bodhi wandana' is not a bad thing.

    ReplyDelete
  6. ෙමාකද ෙපාලිටික්ස් වලට බයද?
    උඔ ෙමි ෙලා්ෙකට එන්න ඔ්නද නැද්ද කියල තීරනයකරන්ෙන ෙද්ශපාලනයයනමි ෙද්ශපාලනෙයන් ෙතාර ෙදයක් ගැන උඹට කථාකරක්ක පුලුවන්ද?
    පයිය තියාෙගන අැට ෙදකින් ෙකලින්න හදන්න එපා.

    ReplyDelete
  7. I'm not afraid of politics. If you read someother posts you may find that I do write about politics. But this one is not about politics.
    But posting as anonymous shows that you are afraid to show your real face.
    And as far as coming to this world is decided on parents for all the people. I'm not sure about that you use someother way to come to this world.

    ReplyDelete
  8. ග්‍රේ හරි. හරි දේ හරියන්නැති අයට රිදෙනවනේ. ගණන්ගන්න එපා.

    ReplyDelete
  9. ඔයා හරි ‍බෝධි වන්දනාව ඇත්තෙන්ම වැදගත් ආගමික කටයුත්තක්. ඒත් එහෙත් බුදු දහම අදහන කාගෙත් මුදුන් මල් කඩ වන ශ්‍රීමහ බෝධියත් දන්ත ධාතුවත් යන දෙකම අපට ස්පර්ශ කරන්න පින නැතත් අලුගෝසු දේශපාලකයන්ගේ අත්වලින් නලලින් ස්පර්ශ කර අපවිත්‍ර කිරීම මහත් දුකකි.

    ReplyDelete