Tuesday, January 26, 2010

චන්දෙන් පස්සේ....

ගොඩ දවසකින් ලියන්නත් බැරිවුනා. පොරොන්දු වුන විදිහට පින්තුර දාන්නත් බැරිවුනා. ඒක ලගදිම කරන්නම්. වෙලාවක් ආපු ගමන්ම.
කට්ටියම දැන් උදේ පාන්දර චන්දේ දාලා ගෙදර ඇවිල්ලා ඇතිනේ. මටත් හිටියානම් අනිවා රජතුමාට කතිරෙ ගහනවා. මම කැපුවත් නිල් නිසා නෙවේයි. මට තේරෙන දේශපාලනේට අනුව අපේක්ශකයො විසි ගානෙන් හොදයි කියලා හිතෙන නිසා.
ලංකාවේ චන්දෙ ගැන මෙහේ පත්තරත් බොහොම උනන්දුයි. Guardian වල එහෙම මෙ සතියෙම වගේ මුල් පිටුවේ කෑල්ලක් තිබ්බා අපේ චන්දෙ ගැන. මුන්ටත් ඉතින් අපි ගහගන්නවා කිවුවම මාර ආතල්නේ. මොනවා කරන්නද ඉතින් රටේ ආර්ථිකය බල්ලට ගියත් තාම තියෙනවා යටත් විජිත මානසිකත්වය. හදන්න බෑ.

කොහොම හරි චන්දේ ඉවරයි. කවුරු හරි දිනයි. පැරදුන එකා චන්දේ හොර කරා කියල සුපුරුදු විදිහටම කියයි. අපේ බ්ලොග් ටිකත පොඩි කාලයක් මරාගනී. ඊට පස්සෙ අයේ පුරුදු විදිහම තමා.

කොහොමින් කොහොමින් හරි ලංකාව දියුණු වෙනවා බලන්න තමා අපි ආසා. දියුණු වෙනවා කියන්නේ වැඩිපුර කර්මාන්තශාලා තියෙන එකවත්, ගොඩක් සල්ලි තියෙන එකවත් නෙවේ. තියෙන විදියට කාල ඇදලා හිතේ සතුටින් ඉන්න පුලුවන් එකයි මට නම් දියුනුව කියල හිතෙන්නේ.
ඔය දියුනුවට කර්මාන්තශාලා වැඩි කරා කියලවත්, පඩි වැඩි කරා කියලවත් ගන්න පුලුවන් එකක් නෙවේයි. ඒකට අපි හිතන විදිහ වෙනස් වෙන්නත් ඕනේ. ඔන්න ඔතන තම මට අපි ගැන ගැටලුවක් හිතෙන්නේ. අපි හැම දේටම ආන්ඩුවට බනින්නේ. බනින්න ඔනේ වෙලාවලුත් තියෙනවා.
රටක් හදන්න නම් අපිට ඔනේ වෙනවා ජනතාවට ඒ හැගීම දෙන්න. පළවෙනි ලෝක යුද්දෙන් පස්සෙ අන්තිම බිංදුවට වැටිල හිටපු ජර්මනිය අවුරුදු 2-3 ඇතුලත කාර්මිකව සහ ආර්ථිකව ඉහලට ගත්තේ හිට්ලර් ඒ රටේ මිනිස්සුන්ට ඒ හැගීම දුන්නු නිසා. හැබැයි නතර කරන්න ඔනේ තැන මිනිහා දැනන් හිටියේ නෑ. ඒක වෙනම කතාවක්.
එහෙනම් කට්ටිය චන්ද ප්‍රතිපල බලන්න. හැබැයි ප්‍රතිපල නිකුත් උනාම චන්දෙන් අගතියට යන්න නම් එපා. කවුරු දින්නත් අපි පිස්සු කෙලියොත් අපේ රටටමයි පාඩුව.

1 comment:

  1. Pissuda,nogaha kohomada? Eka ape jathika puruddane.SF wa kohomahari jail karanna thamai try karanne.Kawuda aththata American citizen kenekwa ape hamudapathi kale? MR da? Wenna be mokada eya ratata adarene.

    ReplyDelete