Wednesday, January 27, 2010

අපි හැමෝටම සුභ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක්!!!

ප්‍රථිපල නිකුත් වෙමින් පවතිනව. දැනට පෙනෙන විදිහට සහ අපි බහුතරය බලාපොරොත්තු වුන ආකාරයට මහින්ද රාජපක්ශ ජයග්‍රහනය කරලත් තියෙනවා.
පොඩි පොඩි සිදුවීම් වුනා තමයි. නමුත් සමස්තයක් ලෙසට මේ වෙනකන් චන්දය සාමකාමී සහ සාධාරනයි කියල තමා ආරංචිය.
කොහොම හරි තව අවුරුදු හයක් මහින්ද බලයේ ඉන්නවා. ඉතින් බොරුවට කෑගහන්නෙ නෙතුව ඉන්න එක හොදයි.

අද මෙක ලියන්න ප්‍රධාන හේතුව වුනේ චන්දෙන් පස්සෙ මගේ යාලුවො කිහිප දෙනෙක් මූනුපොතේ හැසිරුන ආකාරය ගැන කියන්න.
දෙන්නෙක් තද UNPකාරොයො. SFට චන්දෙ දීපු. අනිත් උන් දෙන්නා මහින්දට.
මේ එක්කෙනෙක්ගෙ status text එක.
"Congratulations President Rajapaksa on winning a second term! Apart from a few incidents, it was by all means a free and fair election on the election day. I did not vote you. But you are my President too. I am as hopeful about your second term as any Sri Lankan is, now."
මනුස්සයෙක්ට මේ විදිහට හිතන්න පුලුවන් එක කොච්චර වාසනාවක්ද? අපි කීයෙන් කීයටද මෙහෙම හිතන්න පුලුවන්.
හැමෝටම මෙහෙම හිතන්න පුලුවන්නම්, කකුලෙන් අදින්නෙ නැත්නම්, අපේ රට හදන එක මහ කජ්ජක් නෙවේ.

අනිත් කෙනා මට මැසේජ් එකක් එවනවා, රුපවාහිනියයි, සිරසයි හමුදාව යටතෙ තියෙන්නේ. මැතිවරණ කොමසාරිස් අත්අඩංගුවට අරගෙන. චන්ද ගනන් කරන තැන්වල හොරට චන්ද ගනන් කරන්නේ. ඔය වගේ ගොඩක්.
කිසිම පදනමක් නැතුව මේ වගේ කතා පතුරවන උන් තමා මේ රට කන්නේ.
නින්දිත පහත් මට්ටමේ වැඩ. කරුමෙට මම දන්න හොද දේශපාලන දැක්මක් තියෙන UNP යාලුවො ඉන්නේ දෙන්නයි. අනිත් උන් ඔක්කොම ඔය වගේ.

තුන් වෙනියා කියලා තිබ්බේ මෙහෙම.
"දෑසෙ නැගුන කදුලු............පිසදලන්න එන්න............බෙදුනු යුගය ඉවරයි..........එන්න එන්න එන්න..........ලක් මවගේ දරුවෝ...........සියලුදෙනා එන්න............Elections are over now. It's time to work for the country."
කතාව ඇත්ත. දැන් තියෙන්නෙ අවුරුදු ගානක් අනිත් පැත්තට කැරකුනු රටේ දියුනුව හරි පැත්තට හරවන්න. එකට අපිට ගොඩක් කැපකිරීම් කරන්න වෙන්න පුලුවන්.

කොහොම හරි කියන්න තියෙන්නේ... දැන් ඉතින් රට හදමු කියලයි.

හතර වෙනියා බොහොම පහත් මඩක් ගහල තිබ්බා SFට. මඩට මං කොහොමත් විරුද්දයි. හැබැයි ඉතින් ලාංකීය දේශපාලනය තුල මඩත් කොටසක්.

ඔය අතරේ BeyondFrame ආයේ ලියන්නේ නෑ කියල දාල තිබ්බා. ගොඩක් හොදයි. සල්ලි දෙනවානම් තමන්ගේ අම්මව වුනත් විකුනන්න ලෑස්ති වෙලානේ හිටියේ. ගොඩක් දුරට ඔය බ්ලොග් එකේ පිහිටේන්ම කොහේ හරි දේශපාලන රැකවරන ගන්න පුලුවන් වෙයි. ඔය වගේ උන් තමා රටට බරක් වෙන්නේ.

ආයේ මං චන්දේ ගැන කතා කරන්නේ නෑ.

මහින්ද මහත්තයට සුභ පතනවා. අපි හැමෝටම සුභ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් දකින්න පුලුවන් වෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

3 comments:

  1. niyamai machan ...danwath okkoma ekathuwela wada kaloth hodai

    ReplyDelete
  2. Kauda MS??? Uba kiyanne MR da? official result commisioner release karada?

    ReplyDelete