Wednesday, March 17, 2010

ඉතින් කාටද මේව කියන්නේ

මේක සිරාවටම අද වෙච්චි වැඩක්. අපේ යුසර්ලත් ඉදලා හිටලා ආතල් වැඩ කරනවා. අද උනේ මේකයි. උදේ පාන්දර එක අම්මන්ඩි (කියමුකෝ මේරි කියලා) කෙනෙක් අපේ 'ඊ ආර් පී' එකේ එයාගේ අකවුන්ට් එක බ්ලොක් කරගෙන. ඔන්න ඉතින් කෝල් එකක් දෙනවා.
Mary: Hi Grey, I can't login to the system.
Grey: Hi, Ok. Can you comeover so I can reset your account.

ඔන්න ඉතින් මේරි ආව කියමුකො විනාඩි පහකින් විතර.

Grey: Hi Mary, I'm going to reset your account and you need to give a new password.
Mary: Ok. Use my sisters name.

යකෝ මන් දන්නේ කොහොමද මේකිගේ නංගිගේ නම.

Grey: ok Whats her name?
Mary: Angela

ඔන්න ඉතින් අකවුන්ට් එක රිසෙට් කරලා දුන්නා. ග්‍රේ ආයෙ බ්ලොග් කියවන්න ගත්තා කියමුකො. මෙන්න ආයෙත් කෝල් එකක්.

Mary: Hey, I stil I can't login to the bloody system.
Grey: Let me check from here.
....strange I can login with your user name and password from here. Are you sure you type Angela correctly?

Mary: Who the hell is Angela??
Grey: Your password and your sister :S :S
Mary: My sisters name is Rebecca.

අම්මපා ඉතින් කාටද මේව කියන්නේ. :S

8 comments:

  1. අපිට තමා ඕවා නම් කියන්න වෙන්නේ...
    වෙන එකෙකුට කිව්වට කිසි වැඩක් නෑ....
    බලාගෙන තව ටිකකින් කියයි එයාගේ නංගිගේ නම වෙන එකක් කියලා

    /බිඟුවා...!

    ReplyDelete
  2. නංගි ලස්සන ද කියල විතරයි අහන්න ඉතුරුවෙන්නේ

    ReplyDelete
  3. පට්ට සීන් එක,කවුද දන් නෑ එතකොට angela කියන්නෙ :P

    ReplyDelete
  4. නංගිව මුලින්ම අදුරගෙන හිටියනම් ඔහොම වෙන්නෙ නෑනෙ.. හික්ස්..

    ReplyDelete
  5. පුළුවන් නම් ඇන්ජෙලා කවුද කියලා දැනගෙන අපිට කියන්න.... :)

    ReplyDelete
  6. මට නම් හිතෙන්නෙ මේරි අපේ ග්‍රේ සහෝදරහට ලයින් වගේ.
    බොරු නම් කිය කිය වැඩේ පටලව ගත්තම නිතර ඔහාව දකින්න පුළුවන්නේ.

    ReplyDelete
  7. මාර ‍මේරි කෙනෙක් නේ. දැන් කවුද එතකොට ඇනේජෙලා :D

    ReplyDelete
  8. උඹලත් මාර බඩු තමා. ඇන්ජලා කවුරු උනාම මොකෝ.මේරිගෙ සහකාරිය වෙන්න ඇති සමහරවිට. :P

    ReplyDelete