Tuesday, April 6, 2010

I'm Back

දවස් හතරක චාරිකාවක් නිමා කරලා ඔන්න මම ආයේ ආව. අම්බානට වහිනව කියල තිබ්බට පොඩි පොදයක් ඇරෙන්න වෙන කිසිම වැස්සක් තිබ්බේ නෑ. අර Ansh Lucky Sri Jay කිව්වා වගේ මම සින්දුව කියපු නිසාද, Nishacharaya ගේ ඊ-මේල් එක දෙයියන්ට ලැබිලද, නැත්නම් මේ අසරන නර පනුව ගැන දුක හිතිලද මන්දා, වැස්සේ නැති එක නම් සෑහෙන්න ලොකු දෙයක්.
මගේ 8GB කාඩ් එක ඉවර වෙනකන් පින්තුර ගත්තා (1500 විතරා දැන් ඉතින දාන්නම්.
මගේ පොඩි අදහසකුත් තියෙනවා වෙනම සන්චාරක සටහන් තියෙන බ්ලොග් එකක්  ලියන්නත්, කම්මැලි කමට මේකෙම ලියයිද කියලා ශුවර් නෑ ඉතින්. මේක හිතුනේ මගේ පින්තුර එකතුව හරහා යනකොට, යුරෝපයේ වගේම ලංකාවෙත් හොද පින්තුර එකතුවක් තියෙනවා විස්තරත් එක්ක.
ඔයාල මොකෝ හිතන්නේ?
මේකම සන්චාරක තොරතුරු එකක් කරන්නද? අලුතින්ම එකක් ලියන්නද?

6 comments:

  1. ආනේ හරිම සතුටුයි. අපි කිව්ව වැස්ස වලාහක දෙවියන්ට. එහෙනම් අපි කියන දේවලුත් එයා අහනව.

    ම් ම් ම් මේ blog එකටම එකතු කරොත් හොදයි කියල මම හිතනව.

    ReplyDelete
  2. මමනම් හිතන්නේ වෙනම Blog එකක් හැදුවොත් තමයි හොඳ මචන්. මොකද photo 1500ක් විස්තරත් එක්ක මේකෙ දැම්මොත් ඉතින් මේක අච්චාරුවක් වෙන්න ඉඩ තියෙන නිසා.

    ReplyDelete
  3. නෑ නෑ මෙහෙමයි..ගත්තු පින්තුර ඔක්කොම බ්ලොග් එකට දාන්නේ නෑ. තෝරල කරලා දාන්නේ 100 විතර පැරිස් වලින් වැටෙයි.
    මන් කියුවේ මන් ගාව තව ගියපු ට්‍රිප් පින්තුර තියෙනවා එවත් දාන්න පුලුවන් ඔනේ නම් කියලා. ෆුල් ට්‍රැවල් ජර්නල් එකක් කරන්න පුලුවන් කියල හිතෙන්වා ඒකයි.

    ReplyDelete
  4. ගමන සාර්ථකයි එහෙනම්.
    ඡායාරූප ගොඩක් තියනව නම් වෙනමම බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි මම හිතෙන්නෙ.

    ReplyDelete
  5. වෙනම බ්ලොග් එකක් ඕනේ..
    ඇත්තටම, මේකට දාන්න එපා. කම්මැලි කම පැත්තක තියලා වෙනම බ්ලොග් එකක් ලියමු.
    :)
    ඒකනේ මම කිව්වේ, සින්දුව කිව්වොත් එදාට වහින්නේ නැහැ. පුරා වසර 2ක පමණ අත්දැකීමෙන් කියන්නේ.
    :D

    ReplyDelete
  6. හොඳයි හොඳයි grey වෙනම blog එකක් ලියන්න. මම ඒකත් බලනව.

    ReplyDelete