Friday, May 7, 2010

ඩයස් සර්

අපි ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ අපේ පන්තිබාර ගුරුතුමා වුනේ රසායන විද්‍යාව උගන්නපු ඩයස් සර්. සර් පොඩ්ඩක් වෙන්න මහතයි. අපි හරියට ඉගෙන ගත්තේ නැතිඋනාට බොහොම දක්ෂ ගුරුවරයෙක්. සර්ට තිබ්බා බොහොම ගැබුරු කටහඩක්. කතාකරද්දී පන්තියේ තිබ්බා මේස අනුනාද වෙනවා. කටහඩ වගේමතමා සර්ට මොනවා හරි කියන්න ඕනේ උනාම වචනත් ගලාගෙන එනවා. අද කියන්න හදන්නේ අපි ඒ පන්තියේ හිටපු අවුරුදු 2 සර් කියපු ඔයවගේ කතා දෙක තුනක්.
එක දවසක් අපේ පන්තියේ හිටපු එකෙක් චුවින්ගම් එකක් කනවා. ඉතින් අපේ ඩයස් සර් පොර දිහා බොහොම ආදරෙන් බලල අර ගැබුරු කටහඩ අවදි කර මෙන්න මෙහෙම.
"පියසේන, අපි නම් වමාරාකන වංශයේ නෙවෙයි"

තව දවසක් අපේ අන්තිම පේලියේ හිටපු ඩයල් එකක් කමිසේ උඩ බොත්තම අරගෙන ඉන්නවා, රස්නේයිනේ ඉතින්. පාඩමක් උගන්න උගන්න හිටපු සර් ඕක දැක්ක. පොර දිහා බලල කට කොනකින් හිනා වෙලා කිවුව නියම කතාවක් ආයේ කවදාවත් පන්තියේ කමිසේ බොත්තම් නොදා නොඉන්න.
"මිලින්ද දරුවා, තමා ඔය කමිසයේ බොත්තම විවර කරගෙන සිටින්නේ ස්වකිය එකම මයිල් ගස අන්අයට ප්‍රදර්ශනය කරනු පිණිසද?"   මිලින්දය දියඋනේ නැති එක විතරයි.

තව දවසක් පන්තියේ කතාවක් ගියා නිදහස් අධ්‍යාපනයේ පියා ගැන. ඔන්න ඉතින් අපේ සර් කියනවා.
"පියවරු වර්ග ගොඩක් ඉන්නවා. බත් දුන් පියා,  කොස් දුන් පියා, ජාතියේ පියා........ පිම්පියා "

13 comments:

  1. මගෙත් පන්ති භාර ගුරුතුමා ඩයස් සර් තමා... 2005/2006/2007

    ReplyDelete
  2. හි හි මරු කතා තුන ..............

    ReplyDelete
  3. @Gihan:
    අපි හිටියේ ඔයිට අවුරුදු කීපයක් කලින් මලේ. ඔයාලගේ කාලේ සර් කිව්වෙ නෙත්ද ඔය වගේ කතා?

    ReplyDelete
  4. "මේස අනුනාද වෙනවා"
    ඉබේම physics ප්‍රැක්ටිකල් එකත් ගොඩ..

    ReplyDelete
  5. ඔබතුමා රාජකී‍යේදැ? :)

    ReplyDelete
  6. ඩයස් සර් ටිකක් විතර ද මහත? :-) පට්ට කතා 3

    ReplyDelete
  7. @Supun Sudaraka
    ඔව්...හැබැයි ඔයාලට වඩා අවුරුදු බර ගානක් කලින් මගේ හිතේ.

    ReplyDelete
  8. ෂහ්. දැනගන්නත් සතුටුයි.
    විද්‍යාලය ඇහුවෙ, මේ අපේ රසායන විද්‍යා ගුරුවරයාමද කියල දැනගන්න. මොකද ඒ කාලෙ ටිකක් මහත වුනාට, දැන් සෑහෙන්න සැලකියයුතු මහතක් තියෙන නිසයි. :)

    ඩයස් සර්ගෙ පන්ති‍යට පැමිණීමෙන් අමුතු එළියක් පන්තියට එනව. මොකද බෝරින්ග් නැහැ. කියවිල්ල ඉවරවෙන්නෙ කාල පරිච්ඡේදය ඉවරවුනාමයි. ඉතින් සිනා සාගරයයි!

    ReplyDelete
  9. @ Gray,
    උඹ ඔය කියන්නේ කොයි කාලෙ වගේද?
    මම ඩයස් සර්ගෙන් ඉගෙනගෙන නැතත් සර්ගෙ කතා ගැනනම් අහලා තියෙනවා වගේ මතකයි.

    ReplyDelete
  10. අඩෝ මචන් gray මමත් හිටියෙ ඔය පන්තියෙනෙ බං. උඹ 2003 batch එකේද?

    ReplyDelete
  11. අඩෝ මචන් gray මමත් හිටියෙ ඔය පන්තියෙනෙ බං. උඹ 2003 batch එකේද?

    ReplyDelete