Tuesday, July 6, 2010

හිපි කතා සහ අපේ කතා

මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවවුනේ පහුගිය දවසක 'තරුණ ගුරුවරයකුගේ සටහන්' බ්ලොග් අඩවිය ලියන අරුණ සර් ලියල තිබුණු ලිපි දෙකක් සහ ඊට ප්‍රතිචාර ලෙස ගොඩ නැගුනු කතාබහ. පලවෙනි ලිපිය තමා අර නෑදකම් පලහිලවුව ගැන අපි කවුරුත් දන්නා විහිලු කතාව, අනික ඊට ප්‍රතිචාර දක්වපු කොමෙන්ටුවක් නැවත පල කිරීම.
ඉතින් ඕක මත ලොකු සංවාදයක් ගොඩ නැගුනා, අපේ ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය ගැනයි, සුද්දගේ හිපි සංස්කෘතිය ගැනයි. එතන හරිහමන් සංවාදයක් ගොඩනගන්න මම සැහෙන්න උත්සහකරා. නමුත් 'යන්නේ කොහෙද මල්ලේ පොල්' තත්වෙන් මිදෙන්න හැකියාවක් තිබුනේ නේ.
පළමු ප්‍රශ්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක. ශබ්දකෝෂයට අනුව සංස්කෘතිය කියන්නේ 'යම්කිසි තැනක පිහිටි සමාජයක් යම්කිසි කාල සීමාවක්තුල අනුගතවන හර පද්ධති, කලාකෘති ' වගේ සියලුමදේ. මෙතන වැදගත් වෙන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුලත කියන කොටස. ඔන්න ඔතනයි අපි ගොඩක් අයට එකග වෙන්න අමාරුවුනේ. නමුත් මම දකින විදිහට සංස්කෘතිය වෙනස් වෙනවා. වෙනස් වීම වෙන්න ගොඩක් කරුණු කාරණා බලපාන්න පුළුවන්. සමහර සංස්කෘතිකමය දේවල් පසුකාලීනව පහසුව තකා වෙනස් වෙනවා. තවත් සමහරදේ වෙනස් සංස්කෘතීන් එක්ක මිශ්‍රවීමෙන් ලැබෙනවා. තවත් සමහරදේ සංස්කෘතිය තුලට බලහත්කාරයෙන් ඔබනවා.


මීට වසර දහස් ගණනකට පෙර අපේ රටේ තිබුන සංස්කෘතිය නෙවෙයි අද තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් එහෙමයි. අනුරාධපුර යුගයේ වගේ උඩුකය නිරුවත්ව කාන්තාවකට අද ඉන්න බෑ. අඩුතරමින් රොබට් නොක්ස් කිව්වා නුවර යුගයේත් එහෙම හිටිය කියල. අපේ රටේ සංස්කෘතියට ඔය කාලේ මුලික වශයෙන්ම බලපාන්න ඇත්තේ බුද්ධාගම. බුදුදහමේ මුලිකම හරයක්වන පුද්ගල නිදහස ඉතාම හොදට තිබුන වෙන්න පුළුවන්. පසුකාලීනව ඉන්දියානු ආක්‍රමණ නිසා අපේ සංස්කෘතියට ඉන්දීය අභාෂය ලැබුන. පොළොන්නරු යුගයේ ශිව දේවාල වගේම, සඳකඩ පහනින් ගවය ඉවත්වීමත් අපි සාමාන්‍ය පෙළ පන්ති වලදී ඉගෙනගන්න හින්දු බලපෑම්. ඕවට අමතරව අද මේ දක්වාම අපේ පන්සල් වල දකින්න ලැබෙන දේවාලත් ඉන්දීය හින්දු අභාෂ තමයි මට තිතෙන විදිහට. ඔතන තියෙන්නේ සංස්කෘති දෙකක මිශ්‍රවිමක්. ඔය මිශ්‍ර වීම බලහත්කාරයෙන් වගේම ප්‍රයෝගිකත්වය නිසාත් වෙන්න ඇති. හරක් තියෙන සදකඩ පහන් කඩන්න ඇති බලහත්කාරයෙන් ඒ වගේම හින්දු අයට වදින්න පුදන්න දේවාල හැදෙන්න ඇති. සුද්දගැනත් ඉතින් ඔය ටිකමනේ. යස අගේට සරම අදාල සනීපෙට හිටපු අපේ අයියල සුද්දගෙන් එක දාගන්න කියල ටයි කෝට් අදින්න පටන් ගන්න ඇති ඔය මහා ගිනි අව්වේ. ඒ වගේම සුද්ද කියන්න ඇති උබල අපි වගේ ඇන්දේ නැත්නම් එකෙක්වත් ලියන මහත්තයක්වත් කරන්නේ නෑ කියල. උඩුකය නිරුවත්ව හිටපු අපේ කාන්තාවෝ දැකපු සුද්දෝ කියන්න ඇති, අපේ වික්ටෝරියා මහේෂිකා උන්නාන්සේ කියල තියෙන්න කාන්තාවෝ උනාම සංවරව මුළු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියල, ඉතින් උබලත් ඒ විදිහට හිටපල්ලා කියල. ඉතින් ඔන්න ඔහොම සංස්කෘති මිස්රවෙලා අද අපිට තියෙන සංස්කෘතියට ඇවිල්ල තියෙනවා.
නමුත් අපේ අරුණ සර් හිතන්නේ වෙනස් විදිහකට. කාන්තාවක් උනාම පිළිවෙලට නියමාකාරයෙන් ආරිය සිංහල බෞද්ධ ඇදුමක් වෙන සාරිය ඇදල ගියාම බස් වල ජැක්වදින්නේ නැතිලු. සාරිය ආරිය සිංහල ඇදුමක්ද නැත්ද කියන එක පැත්තකින් තියමුකෝ.(http://en.wikipedia.org/wiki/Sari) මම මේවගේ තර්ක ඉදිරිපත් කලේ ඉස්කෝලේ 8 - 9 වසර වලදී විවාද තරගවලට. කිසිම පදනමක් නෑ, නමුත් සැකයේ වාසිය ලබාගන්න. නමුත් හරිහමන් කතිකවකදී ඔයිට‍ වඩා තාර්කික වෙන්න ඕනේ.  මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියන එක අපේ සංස්කෘතියට ආවේ වික්ටෝරියන් සුද්දගේ සංස්කෘතියෙන්. ඉතින් ඔය කියවෙන්නේ මීට ආවුරුදු 500 විතර කලින් අපේ සමාජයට යහපත් කියල කාවද්දන ලද අදහසක් කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව මේක ඔරිජිනල් ශ්‍රී ලංකන් කොන්සේප්ට් එකක් නම් නෙවෙයි. අනික මම දකින විදිහට කාන්තාවට සම්පුර්ණ අයිතියක් තියෙනවා තමන්ට ඕනේ ඇදුමක් අදින්න. තමන්ට ලස්සන කකුල් දෙකක් තියෙනවනම් එක පෙන්න අදින එක පවක් නෙවෙයි. හැබැයි ඔය බස් එකට නගපු ගමන් ජැක් ගහනඑක නම් දකුණු ආසියාවේම පොදු දෙයක්. (දකුණු ආසියාවේ ඇරෙන්න වෙන රටවල මම දැකල නම් නෑ. කවුරු හරි දන්නවනම් කියන්න) එතන තියෙන්නේ මම දකින විදිහට සේක්ෂුවල් ඩිප්රේෂන් එක. එකටත් එක්තරා දුරකට අපි ඔලුව උඩ තියාගෙන උදේ හවස මල් පූජා කරන, අපේමයි කියල හිතන් ඉන්න, සුද්ද අපිට හදුන්වල දුන්න වික්ටෝරියන් චින්තනේ වගකියන්න ඕනේ. අද ඔය තත්වේ බටහිර රටවල නෑ. නමුත් කිහිපදෙනෙක් යල්පැන ගියපු අදහස් හිස උඩතියන් ජීවත්වෙනවා. ඒ අය හදන්නේ අපේ සංස්කෘතිය කාලනුරුපව වෙනස්වීම වලක්වන්න. මට මතකයි මිට වසර ගණනකට පෙර ගැහැණු ළමයෙක් ජීන්ස් අදිනවට අපේ ඔය කට්ටිය විරුද්ද උනා. නමුත් අද ගොඩක් ගැහැණු ළමයින්ගේ අඩුම එක. අදින්න පහසුයි. වැඩි වියදමක් නෑ. ලස්සනයි. ඉතින් එහෙම එකක් අදිනවට විරුද්ද වෙන එක මම දකින තරමින්නම් මෝඩ කමක්. සරලවම මම කියන්නේ මෙච්චරයි මට ඕනේදේ අදින්න මට නිදහස තියෙන්න ඕනේ.
කට්ටිය මාත් එක්ක එකග වෙන එකක් නෑ ගොඩක් දේවල් සම්බන්දයෙන්, නමුත් පොඩ්ඩක් හිතන්න අපි කොච්චර විසිල් ගහල ඇතිද, සූව දාල ඇතිද පාරවල්වල. කොච්චර පිළිගන්න අකමැති උනත් ඕව දැන් අපේ සංස්කෘතියේ කොටසක්. සංස්කෘතියෙන් එලියට විසිකරනවද නැත්ද කියන එක කාලය සහ ඉදිරි පරම්පරාව තීරණය කරයි. නමුත් එකක් මට හොදටම විස්වාසයි, යහමග පෙන්විය යුත්තේ තලිබාන් මානසිකත්වයකින් නෙවෙයි. බොහොම විවෘතව කතාබහ කරලා සංවාදයක් ලෙස.
අපේ ගොඩක් අය තවම සුද්දට ගරහන එක අතැරලා නෑ. නමුත් ඇත්තටම ගරහන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් මට තියෙනවා. සංස්කෘති දෙකක්, හර පද්ධතීන් දෙකක් එකිනෙකට සංසන්දනය කරන්න නිර්ණායක මම දැනුවත්ව නම් නෑ. ඔයවගේ දෙයක් එළිපිට කට කරනවා කියන එකෙන් වෙන එකමදේ සුද්දට කත අදිනවා, කඩේ යනවා කියල කාර්ඩ් කෝටියක් සෙට් වෙන එක විතරමයි. නමුත් ඕනෙම සමාජයක යහපත් කියල පිළිගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සමාජයතුල දරුවෝ දෙමවුපියන්ට ආදරයෙන් සලකන විදිහ අනිත් සමාජයන්ට හොද ආදර්ශයක්. එවගේ සුද්දගේත් තියෙනවා හොද ගති කිහිපයක්. උදාහරණයකට ගත්තොත් ඊයේ මම දවල්ට කන්න ලග තිබිච්ච කඩේකට ගියා. කඩෙන් එලියට එනකොට මට පොඩ්ඩක් කලින් තව මනුස්සයෙක් එලියට බැස්සා. එලියට බැහැල පොර මට කියනවා 'Sorry, I didn't see you' හේතුව මම එලියට බහිනකන් දොර ඇරන් ඉන්න බැරි උනාට. ඔහොම විතරක් නෙවෙයි සමහර වෙලාවට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ළමයට එයාගේ පන්තියට යන්න දොර ඇරලා අල්ලන් ඉන්නවා. මමනම් ලංකාවේ කිසිම ආයතනයක ඔයවගේ නිහතමානී කමක් දැකල න.  සිසුවෙක්ට දොරක් ඇරලා දෙන එක කරන්න අපේ ගුරුවරු පසුබටවෙනවා. තමන්ගේ ගරුත්වයට හොද නෑ කියල. නමුත් ඔය නිහතමානිත්වය අපේ රටටත් ගන්න පුලුවන්නම් කොච්චර හොදද. අනිත්දේ තමයි වාහන පදවන විදිහ. ඇති බහුතරය බොහොම ආරක්ෂිතව වහනය පදවනවා. සීබ්‍රා ක්‍රොසින් එකක් ගාවට අපි ගියත් පාරේ වාහන නතර වෙලා ඉවරයි. පාරක වාහනයක නලා හඩක් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින්. පොලිසිය අකුරත් නීතිය ක්‍රියාවේ යොදවනවා. ඉතින් ඔයවගේ යහපත්දේ දකින්න අමාරු මොකද අපිට. අපේ සමාජයට, සංස්කෘතියට ඕව එකතු කරගන්න එක එච්චර නරක දෙයක් නෙවෙයි.


තව අපේ ගොඩක් අය හිතන දෙයක් තමයි, අපේ සංස්කෘතියේ හැටියට බටහිර තියෙන සංගීතය ගැලපෙන්නේ නෑ කියන එක. එකත් ඔක්කොම නෙවෙයි, ඔය අකොන් වගේ ගායකයන්ගේ සින්දු. මටනම් ඔය කතාව තේරෙන්නෙම නෑ. සංගීත රසවින්දනය කියන එක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහරුන්ට අමරදේවයන් රසවිදින්න පුළුවන්, තව අයට අකොන් රසවිදින්න පුළුවන්. තව අය ලයනල් රන්වලයන්. තව අයට පුළුවන් ඔය කිහිප දෙනෙක්ම රසවිදින්න. ඒවගේමතමා අමරදේවයන්ගේ සමහර සින්දුවලට අමරදේවයන්ට කැමති අය අකමැතියි. අනිත් අයටත් එහෙමමයි.  අනික සින්දුවක රුපරචනය කියන එක අල්ලාගෙන සින්දුව පතුරුගහන එක වැරදියි. අනික සිංදුවල කුණුහරුප කියනවා කියනවනම් අපේ බන්දුල නානායක්කාර මහත්මය රචනා කරපු 'බිසරු ලියන මැද ' සින්දුව තහනම් කරන්න ඕනෙනේ. මම දන්නා තරමින් ඔය සින්දුවලින් උලුප්පා පෙන්වන්නේ සෘන්ගාර රසය. ඒකරසවිදින්න බැරිනම් එතන තියෙන්නේ පුද්ගලික නොහැකියාව මිසක් යහපත් සංස්කෘතියක් නෙවෙයි.


සමස්තයක් විදිහට ගත්තම මට කියන්න ඕනේ මෙච්චරයි. ඕනෙම සංස්කෘතියක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒකට අනුගත වෙන්න බැරි වුනොත් අර මාර්ටින් වික්‍රමසිංහ මහත්මය කිව්වා වගේ, වදවෙලා යන්න තමයි වෙන්නේ. අනික මේ ලෝකේ සන්පුර්ණ යහපත් කියලවත් අයහපත් කියලවත් දෙයක් නෑ. හැමදේකම හොද වගේම නරකත් තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අර හංසයා වතුරෙන් කිරි වෙන්කර ගන්නවවගේ යහපත්දේ එකතු කරගත්තේ නැත්නම් අපිටමයි පාඩු වෙන්නේ.


යහපත් සංවාදයක් මෙම ලිපිය මතින් ගොඩ නැගේවි කියල මම හිතෙනවා.




කොමෙන්ට්ස් එකක්වත් නෑ කියල පෙන්නුවට ගනන්ගන්න එපා. '0 Comments' කියලා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. දාලතියෙන කොමෙන්ට්ස් පෙනෙවි.

19 comments:

  1. විශිෂ්ඨ ලිපියක්. ඔහොම හිතනවට හෝ වෙනස් වෙනවට වඩා සුද්දට බනින එක ලේසි හින්දා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. සුද්දට බැන්නාම ඡන්ද වැඩිවෙන්නෙත් ඒකනේ.

    ReplyDelete
  2. මහත්මයා ඔබ මට කියනවාද අනුරාධපුර යුගයෙදි කාන්තාවන් උඩුකය නිරුවතින් හිටියා කියලා තිබ්බේ කොතැනද කියලා. මොකද සීගිරියේ ඔවා ඇදලා තිබ්බා කියලා ඒක මුලු අනුරාධපුර යුගයටම ඈදන්න බෑනේ. කාශ්‍යප රජ්ජුරුවො තමන්ගේ තාත්තවත් මරපු එකානේ. ඒකාගේ තියෙන වනචර කමට ඔය වගේ රූප ඇන්දද කව්ද දන්නේ.....! අනික ඔබ තුමා ඔය අඩ නිරුවත් සoස්කෘතියට බුද්ධාගම ඇදලා ගන්න එපා මහත්තයො. ඒකෙන් ඔබතුමාගේ නොදන්නාකම ප්‍රදර්ශනය වෙනවා. මම කව්ද කියලා ඔබතුමා දන්නවා. මගේ ලිපියක් කියවලා ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකටත් මම පිළිතුරු දීලා ඇති.

    ----සිoහල බෞද්ධයා----

    ReplyDelete
  3. අඩ නිරුවත් සන්ස්කෘතිය බුදුදහමට ඇදා ගැනිමට මම උත්සහ කරේ නැහැ. මම කිව්වේ බුදුදහමින් ලැබුනු ආබාශය නිසා අපි නිදහස අගයනවා කියල විතරයි.
    අනිත්දේ මම කියන්න උත්සහ කරේ ඔය මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින ඕනේ කියන එකයි, ඒක යහපත් කියලයි අපිට හිතන්න පුරුදූනේ සුද්දො නිසා කියලා. අපේ කලින් එහෙම ඇදුම්ගැන රීතියක් තිබුනේ නෑ කියලයි.
    සිගිරියේ චිත්‍ර තමා අපිට සාක්ශියක් ගන්න පුලුවන් එකමදේ. එහෙමනම් ඔය කියන විදිහටම හරියට පිලිවෙලවට ඇන්දා කියන්න සාක්ශියක්දෙන්නකෝ.
    අනිත් සාක්ශිය තමා නුවර යුගයේ රොබට් නොක්ස්. උන්නැහැත් ඔය ගැන කියල තිබ්බනේ.
    ඔය මොනව කිව්වත් ඔතන තියෙන්නේ අපේ හිත. තමන්ගේ හිත පාලනය කරගන්න බැරිනම් කොට ගව්මක් දැක්කම, ඒකට ගව්මට බැනලා හරියන්නේ නෑ.

    (සමාවෙන්න ඔනේ...මොකක් හරි ප්‍රශ්නයක් නිසා...මගේ කොමෙන්ට් එන්නේ නෑ හරියට.)

    ReplyDelete
  4. ඔබ මෙතන ඔබේ සංවාදය කරගෙන යන්න හිතපු එක ගැන සතුටුයි. නැත්නම් එකම තැන කැරෙකෙන 'අරුණ සර්'ගෙ තප්පුලෑම තමයි බලන්න වෙන්නෙ.
    මම මුලින්ම comment එකක් දැම්මෙත් අරුණ ගුරුවරයෙක් නිසා මොකද මිනිහව role model එකක් විදිහත ගන්න ළමයි ටිකක් ඉන්න පුලුවන්. එයාගෙ අදහස් තියාගත්තට කමක් නෑ ඒත් එයා කියන විදිහට ළමයින්ටත් ඕය අදහස් දාන්නගියොත් මිනිහව role model එකක් විදිහට හිතන් ඉන්න ළමයි ටිකකගෙ ඔලුව කුරුවල් වෙන එක විතරයි වෙන්නෙ. ඒ ළමයින්න්ට දෙයියනගෙම පිහිටයි.
    අපි ප්‍රාර්ථනාකරනවාකවදා හරි 'අරුණ සර්' වගේ කුජීත විදිහට හිතන අය ලංකාවෙ සුලුතරයක් වෙයි කියලා. අන්න එදාට ලංකාවට සුභ අනාගතයක් ඇත්තටම හිතන්න පුලුවන්.
    එතකං ලංකාවාසීන්ට මල් මල් අනාගතයක්...

    ReplyDelete
  5. හ්ම්ම්........! තමන්ගේ හිත පාලනය කරගන්න උඹලට බැරි වුනාට අපිට කරන්න දෙයක් නෑ කියලා, තමන්ගේ රහස් පෙදෙස් හැමොටම ප්‍රදර්ශනය කරගෙන යන එකද හොද..........? සන්වර ඇදුමක් ඇදගෙන අනික් උදවියගේ කාමය අවුස්සන්නේ නැතිව ප්‍රවේශමෙන් යන එකද හොද..........? කැමති ඇදුමක් අදින්න නිදහස දුන්නා කියලා තමන්ගේ ආත්ම ගරුත්වය අවධානමට ලක් කරන එක මම හිතන්නේ මුග්ධ ක්‍රියාවක්. ගණිකාවකට ඔය ප්‍රශ්නේ නෑ කියලා අනික් ශීලාචාර කාන්තාවන්ව තමන්ගේ ගොඩට ඇදගන්න, තමන් අදින විදිහ ඒ අයට පුරුදුකරන්න, දැන් කාලේ Fashion එක කියලා ගුලියක් ඇඹරුවා.

    ReplyDelete
  6. නියම ලිපියක්...
    ග්‍රේ කාලෙකින්????

    ReplyDelete
  7. ඔය සංවාදය මම දිගටම කියෙව්වා. මුලින් වගේ නෙමෙයි පසුවෙද්දි ඒක තමාගේ මතය තහවුරු කරන්නයන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ උනා.

    ඇත්ත.. අපි දැන් ඔය සංස්කෘතිය කියල කියන්නේ අපේ සිංහල සංස්කෘතිය හා යටත් විජිත යුගයේ එකතු වූ බටහිර සංස්කෘතියෙ මිශ්‍ර වූ දේකට.

    පිටරටක ජීවත් වෙන කෙනෙක් හැටියට මම ලංකාවෙ හොඳ සහ නරකත්.. මෙහේ හොඳ සහ නරකත් දෙකම දකිනවා.
    මම පුද්ගලිකව ලංකාවට කැමතියි. මොකද ඒ මගේ රට. අපේ මිනිස්සු එහේ ඉන්නේ.

    ඒත් ඒ රට යන විදිය හරි කියල මම කියන්නෙ නැහ.

    මිනිස්සු ගත්තම අපේ අයට බටහිරෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනව.වාහනයක් එලවන්න ගත්තම.. ප්ලොසියකට.. කාරයාලයකට ගියහම ඒ වෙනස දැනෙනවා. අපි ඔය අපේ ඇඳුමයි.. සුද්දොන්ගෙ සංගීතයයි උන්ගෙ ඔක්කොම නරක දකින එක නවත්තලා.. උන්ගෙන් ගන්න තියෙන දේ ගන්නවනම් ප්‍රශ්නයක් නැහ. නරක දේ ඈත් කරමු... එච්චරයි.

    ඒත් අතීතය කබල් ගගා.. උන්ට බැන බැන ඉදල පලක් වෙන්නෙ නැහ.

    ReplyDelete
  8. බන්දුල ලියපු - බිසරු ලියන් මැද - සින්දුව කිව්වේ මේ දවස්වල අබුඩාබි ඉන්න සමන් ජයනාත් ජිනදාස.

    පොර ගේ එකේ තව සින්දුවක තියෙනවා මෙන්න මෙහෙම.

    ඒ බොර දියේ - සුදු ආල දිය නැත....
    අනුරාගිනී නොතලන්න මා සිත.

    මේකෙ තේරුම මට හිතාගන්න සෑහෙන වෙලාවක් ගියා. ආල දිය කියන්නේ ලව් ජූස් කියන එක නේද? ඒවා සුදු නෑ, දැං බොර පාටයි කියලාද කියන්නේ?

    ReplyDelete
  9. ග්‍රේ පොඩි ඉල්ලීමක්..
    බ්ලොගේ අකුරු ටිකක් ලොකු කරොත් නරකද?
    තව කෙනෙක්ගෙනුත් අහන්න. මට විතරක් නම් මේ කියවීමේ අපහසුව ඉල්ලීම නොසලකා හැරියාට කම් නැත.
    :)

    ReplyDelete
  10. @Anush:
    ඔන්න අකුරු ලොකු කරා...මම හිතුවේ මට විතරයි කියවන්න අමාරු කියලා. :)
    @pissa:
    කතාව ඇත්ත පිස්සො...හොදදේ ගන්නයි, නරකදේ අහක දාන්නයි තමා ඕනේ.
    @KaSu
    කතන්දරසූරිනුත් දන්න දේවල්. අද ගිහින් බලන්න ඕනේ ඔය සින්දුව තියෙනවද කියලා.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. Answer :- Go and see. this is because it is not enough space here to answer for your question. So I had to make a whole blog.

    http://lankatha.blogspot.com/2010/07/real-prophecy.html

    ReplyDelete
  13. The Buddhist:
    අනේ බන්...
    උඹ යන්නේ බුද්ධදර්ශනේට වඩා තලිබාන් දර්ශනෙන්. මෙච්චර ලොකු ආර්ටිකල් එකේ උබට පෙනුනේ ඇදුම්ගැන විතරක්නම් මට උබත් එක්ක විවාදයක් කරලා පලක් නෑ.
    හැබැයි එකක් ගැන මට සතුටුයි, බහුතරය මාත් එක්ක එකගයි. මෙතනවගේම, අරුණසර්ගේ අඩවියෙත් ප්‍රතිචාරවලින් ඒක පෙනුනා.

    ReplyDelete
  14. Lol. Grey, looks like you have another idiot commenting here just like in the previous discussion. What I cant understand is why these so called 'Buddhists' have so much venom when they comment. All others know how to put across their opinion and engage in a constructive dialog. But these people just go on in 'Taliban' style, thinking that they are always right and other opinions, and those who bear such , should not exist. Lord Buddha preached tolerance not hatred. Learn it. - Ruk

    ReplyDelete
  15. කොහොමද ලියුම... අති විශිෂ්ටයි සර්... :D

    ReplyDelete
  16. කාලොචිත ලිපියක්.
    මාත් දවස් ගානක් තිස්සෙ, අරුන සර් ඇතුලු අයගෙ ලිපි කියවනවා.
    මන් දකින්නෙත් අපෙ මිනිස්සු Victorian culture එකක් පටලවාගෙන දුක් විදිනව කියල.
    ඔය ඇදුම් ගැන කාතා කලානේ....
    මන් ලන්කාවෙ ඈත ගමක ඉපදුනේ.
    දන් ඉන්නෙ ausi.. IT ජොබ් එකක් කරනවා..
    මම ඉන්නෙ ausi family එකක් එක්ක, එහෙ තව චින, ඉරන්, කොරියන් වගෙ අය ඉන්නව..
    මම ඉස්සෙලම පන්සල් යන්න ඔසරියක් ඇන්ඩ.
    හැමොම හරිම කුතුහලයෙන් හිටියෙ, ලන්කන් traditional dress එක එයාල ලඟට දැකල නෑ.
    එත්.. 1st impression of all of them like..
    'what a sexy dress"

    (වරදවා හිතන්න එපා..
    මගෙ ඔසරි දෙන්නෙ , අම්ම..
    ඉතින් වැඩියෙ කපල, පලලා මුකුත් නෑ,මන් ලන්කාවෙදි ඇන්ද එවාමයි ගෙනිච්චෙ.
    මගෙ ප්රිඩයතම ඇන්දුම ඔසරිය…අම්මඉ තාත්තයි මුකුත් නොකියන්නෙ එක ඇන්දාම)
    උන් මට පෙන්නුවා එකෙ තියන sexy කම…. කොච්චර ඇරිලද කියල….
    මට හිතා ගන්න බැරි උනා.
    මෙක මට උන ඇත්ත සිද්දියක්..
    මෙකෙ logic එක බිකිනියට වඩ ඔසරිය sexy කියන එක නෙමේ...තනිකර ඔසරිය ගැන.
    ඒ වෙද්දි, ලන්කාවේ කාන්තාව හා සදාචාරාය ගැන උන්ට දේශනා දිලා තිබුනු මට, උන් කියපුවාට කියන්න දෙයක් මතක් උනෙ නෑ.

    ReplyDelete
  17. 100% agreed to the blog post context. හැබැයි සාරිය නම් මාර සෙක්සි. ඉස්සර වගේ නෙවේ දැන් තමා ඒක තේරෙන්නේ.All curves that have the right places (upper body) are expose nicely. Specially the young school teachers. I like them. Mmm.. Surely...
    හික්ස්...

    ReplyDelete
  18. http://livingheritage.org/toplessness.htm ගියාම ලාංකික කාන්තාව පැළදි වස්ත්‍ර ගැන විස්තරයක් බලන්න පින්තූර ඒක්කම පුළුවන්! welcome back to blogging Grey, missed you!

    ReplyDelete
  19. මම හිත්නවා මෙතන ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තැනක්ය කියල. මොනවා උනත් මම මේක කියවන්නේ ලිපිය පල කරල ගොඩ කාලෙකට පස්සේ. ලිපියේ කියැවෙන දේවල් බොහොමයක් එක්ක එකග වෙන්න පුළුවන්. නමුත් සමහර දේවල් ගැන නම් එකග වෙන්න බෑ. කොහොම උනත් සුද්දගේ හැම දේම වැරදිත් නෑ. නමුත් හරිත් නෑ. බෞද්ධයෙක් විදිහට පොඩි දෙයක් කියන්නම්. දෙයක් හරිද වැරදිද කියල කෙනෙක් කටයුතු කරන්න ඕන අනිත් අයටත් තමන්ටත් ඒකෙන් සිදුවෙන්නේ වැඩක්ද අවඩක්ද කියල සිතා බලා. ඒක තම තමන්ගේ නැණ පමණින් සිදු වෙන්න ඕන දෙයක්.

    ReplyDelete