Saturday, August 14, 2010

සිකුරාදා හවස...

මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට :)
අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...

"අහ්හ්...ඔව්නේ...."    ඔන්න උත්තරේ....
හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.

5 comments:

  1. හම්මේ මම ෆෝන් එක අතේ තියාගෙන කොච්චරනම් ෆෝන් එක හොයලා තියනවද... හෙහ් හෙහ්.. Some Are Sathi...!!!

    ReplyDelete
  2. සමහරු ඔය කණ්ණාඩිය නළලේ තියාගෙන හොයන්නේ..

    මාත් ඉස්සර පැන්සල් කොටෙ කනේ ගහගෙන හොයපු වෙලාවල් තියෙනවා.
    ඔය වඩු වැඩ කරන කොට..

    ReplyDelete
  3. අපෝ මටත් ඕක වෙනවා කණ්ණාඩි දෙකට.
    :)

    ReplyDelete
  4. මට නම් ගෙදර යතුර ඔපිසියේ දාලා ඇවිල්ලා පස්සේ දොර ඇරගන්න යතුර නැතුව අයේ ඔපිස් ගිය දවසුත් තියෙනව

    ReplyDelete