Friday, August 20, 2010

SI පට්ටමට සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නයක්

මේක සිරාවටම වෙච්චි දෙයක්. වෙලා තියෙන්නේ මගේ යාලුවෙක්ගේ න්‍යාති සහෝදරයෙකුට.  පොරට SI පට්ටමකට සම්මුඛ පරීක්ෂණයකට කැදවලා මේ ගිය සතියේ නැත්නම් ඊට කලින් සතියේ.  ඉතින් පොරත් ගිහින් ලෑස්තිවෙලා දතකට මැදගෙන ගිහින් සම්මුඛ පරීක්ෂණයට.
පොරගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල තියෙනවා.

"තමා රාජකාරියේ ඉන්න වෙලාවක ඇමතිකෙනෙක් රජයේ නිලධාරියෙක්ව ගස් බැන්දොත් මොකද කරන්නේ?"

අපේ පොරත් උත්තරයක් දීල තියෙනවා. ඔයාලගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මොකද කරන්නේ? නිර්මාණාත්මක චින්තනයට හොද ප්‍රශ්නයක්.

12 comments:

  1. මුකුත් කරන්නෙ නෑ.එව්ව නිකන් සාමාන්්‍යය සිදුවීම්නෙ.

    ReplyDelete
  2. ඇමතියව දෙකට නමල එතන ඉන්න ඔක්කෝටම පුකේ අරින්න කියනවා.

    ReplyDelete
  3. ගහේ බැඳලා ඉන්න එකාට කාටවත් අත තියන්න නොදී බලා ගන්නවා..
    ඊට වඩා මොනවා කරන්නද..?

    ReplyDelete
  4. ගහ කපල දානවා

    ReplyDelete
  5. ගැටේ හයියද බලනවා

    ReplyDelete
  6. Boolean කොන්ද;

    if (කොන්ද = false){
    කොන්දට පොල් පිත්තක් බෑඳ ගන්නවා;
    return 0; //

    }
    else {
    ඇමතියව දෙකට නමල එතන ඉන්න ඔක්කෝටම XXXXX කියනවා
    }

    ReplyDelete
  7. TV Camera වලට අහු නොවී shape වෙන්න බලනවා

    ReplyDelete
  8. මාත් අර ඇමතියාව දෙකට නවලා ඉන්න තැන පෝලිමේ අන්තිමට හිට ගන්නවා

    ReplyDelete
  9. mokuth nokara balagena innawa.elaga dawase amathiya kelinma gedar....

    ReplyDelete
  10. ඇමති ගියාට පස්සේ රජයේ නිළදාරියව ලිහල ගෙදර යවනවා ආරක්ෂාවට PC මහත්වරු දෙන්නේක් එක්ක... lolzzz

    ReplyDelete
  11. රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕනෙ නේ බොරුවට කෝල් එකක් ආවා වගේ අයිනකට ගිහින් ඉන්නවා. [ඇත්තට මේවා ඔක්කොම ගොන් උත්තර තමා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වා වගේ මේ වගේ ඒවාට උත්තර දෙන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බැහැ :)]

    ReplyDelete
  12. හදිසි කසිප්පු වැටලීමකට වහාම පිටත් වෙලා යනවා!

    ReplyDelete