සැහෙන කාලයක් තිස්සේ ලියන්න ඕනේ කියල හිතපු කතාවක් අද පටන් ගන්න යන්නේ...අදින් පස්සේ ගොඩක් වෙලාවට බහුතරයක් කතා මේ වගේ වේවි...
කියන්න යන්නේ ග්‍රේ පැරිසියට ගියපු කතාව..
කොයි ලෝකෙට යන්න වුනත් ඉතින් මුලින්ම විසා ගන්න ඕනෙනේ..ඔය සුද්දන්ටවගේ අපිට හිතේ හැටියට ඕනේ ඕනේ තැනට යන්න අමරුයිනේ..ඉතින් ඔන්න ග්‍රේ ගියා විසා ගන්න. එංගලන්තෙට එන්න විසා ගන්න කාපු කට්ටත් එක්ක බලද්දී ඒ වගේ දෙගුණයක විතර කට්ටක් ප්‍රංශකරගෙන් කන්න වෙයි කියල හිතාගෙන තමා ඉතින් ගියේ. මාස තුනක පඩි විස්තර, බැංකු ගිණුම් වල විස්තර, ඔෆිසියෙන් ලියුමක්, ඔය වගේ තව හට හුට හමාරක් උස්සගෙන ගියේ. සිරාම වැඩේ තමා ඔක්කොම උස්සන් ගියාට විසා අයදුම්පත්තරේ විතරක් පුරවල අරන් ගිහින් තිබුනේ නෑ. ඉතින් අන්තිමට දඩබඩ ගාල එකත් පුරවල ඔක්කොම එකක් ගිහින් දුන්න. මෙන්න අනිත් පැත්තට විනාඩි පහෙන් විසා එකත් ගහල පාස්පෝට් එක දුන්න. අපි ඉල්ලුවේ දවස් 5 කට එකවරක් විතරක් යන්න, නමුත් මාස 6 කට මල්ටිපල් එනට්‍රි හම්බුනා.. පස්සේ දවසක ඉතාලි යන්න ඔහොම ගන්න ගියාම දීපු විසා එකේ හැටියට මේක මරේ මරු.ඔය විසා ඔෆිස් එකේ ආරක්ෂක සේවයේ හිටපු ඩයල් එක හරියට ට්‍රාන්ස්පොටර් ෆිල්ම් එකේ ඉන්න ජේසන් ස්ටතම් වගේ. අපේ වෙලාවේ චීන්නු ටිකකුත් ඇවිල්ල හිටිය විසා ගන්න..එකෙක් ඇතුලේ ජංගම දුරකතනයකින් කතා කර කර හිටියේ. ආරක්ෂාවට හිටපු කාන්තා නිලදාරිනියක් කිව්වා ඇවිල්ලා මේක ඇතුලේ දුරකථන පාවිච්චිය තහනම් කියලා, අරු ගණන් ගත්තේ නෑ. ඉතින් ඔන්න අපේ ජේසන්කාරය අවා. අරුට පොඩ්ඩක් එන්න කිව්වා පැත්තකට..කෙලවරට අරන් ගිහින් එලියට යන්න පුළුවන් දොරක් ඇරියා..ඇරලා කිව්වා...ඔයාට දැන් කැමැත්තෙන් එලියට බහින්න පුළුවන්, නැත්නම් මම උබව එලියට අදාල විසිකරලා දානවා කියලා. එතනින් පස්සේ චිනගේ ඔක්කොම සද්ද ඉවරවුනා.
ආයෙම කතාවට එමුකො...
ලංකාවේ ඉදන් පැරිසියට කිලෝමීටර් 8500 වගේ තිබුනට ඉතින් ලන්ඩන් වල ඉදන් තියෙන්නේ කිලෝමීටර් 350 වගේ දුරක්. අනික ලන්ඩන්වල ඉදන් පැරිසියට යන්න පුළුවන් යුරෝස්ටාර් අධිවේගී කෝච්චියේ. කෝච්චිය ලන්ඩන්වල ඉදන් ඩෝවර් වලට එනකන් ඇවිල්ලා එතන ඉදන් මුහුද යටින් යනවා ප්‍රංශයේ කැලේ දක්වා. එතන ඉදන් ආයේ පැරිසියට සාමාන්‍ය විදිහ තමා. ඔය කෝච්චියක් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 300 විතර වේගයෙන් ගමන් කරනවා.
ඔය පහල තියෙන්නේ අපි අපු කෝච්චිය තමා. පොඩ්ඩක් ඉතින් දුවිලි පාරක් එහෙම වැදිලා තියෙනවා.
ඉතින් උදෙන්ම ලන්ඩන් වලින් කෝච්චියට නැගපු ග්‍රේ පැය 2-3 කින් පැරිසියේ. උදෙන්ම නැගිටපු නිසා කෝච්චියේ හොදට නිදාගත්තා. මොකෝ ඉතින් යන වේගෙට මුකුත් එළියේ තියෙන දෙයන් පැහැදිලිව අදුරගන්න පුළුවන් කියලායැ. පැරිසියේ "උතුරු දුම්රිය ස්ථානයෙන්" සුටුස් ගාල එලියට ඇවිල්ලා අපි බුක් කරපු හෝටලේට ගියා. දුම්රිය ස්ථානයේ ඉදන් විනාඩි 5 ක වගේ දුරකින් තමා අපි හෝටලේ හොයාගත්තේ. එකට ගිහින් උස්සන් අපු ගමන් මලු එහෙම අතැරලා හැරෙන තැපෑලෙන් ආයේ එලියට අවා.
පල්ලෙහා පින්තුර ටික පැරිසියේ Gare du Nord දුම්රිය ස්ථානයේයි එක අවටයි. (ලොකුවට බලන්න ඕනේ නම් පින්තුරේ උඩ ක්ලික් කරන්න)
ලන්ඩන් වලට වඩා දැකපු අනිත් ලොකුම වෙනස තමා හිගන්නෝ..ලන්ඩන්වල ලගට ඇවිල්ලා අත දික්කරල සල්ලි ඉල්ලන ය බොහොම අඩුයි..ගොඩක් වෙලාවට කරන්නේ මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන එක. නමුත් පැරිසියේ එලියට අවා විතරයි අපිව වටකරගත්තා. අපි සංචාරයට අවා කියලා තේරෙන්නත් ඇති..කොහොම නමුත් හැමෝම සල්ලි ඉල්ලන එක තමා කරේ. ගොඩක් අය ඇල්ජිරියානු කාන්තාවෝ. ඇල්ජිරියාව ඉස්සර ප්‍රන්ශේ යටත් විජිතයක්නේ. ඉතින් මගේ හිතේ උන්ට නිදහසේ ප්‍රන්ස්හෙට එන්න පුළුවන් ඇති. අල්ජිරියටව නිදහස දුන්නයි කියලනේ චාර්ල් ඩිගොල්ව මරන්නත් හැදුවේ ප්‍රංශ සෙට් එකක්ම. ඔන්න ආයේ පිල්ලෙන් පිට පනිනවා...
තට්ටු දෙකේ කොච්චියි, සේන් ගගේ රවුමක් ගියපු හැටියි ඊලග ලිපියෙන් දැන්නම්.
ඔය තියෙන්නෙ රසට ලියලා. අතුරු කතා එකතු වුනාම රස ඩබල්!!
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා. තව වැඩිපුර විස්තර දැම්මනම් හොඳයි. මොකද මම මේ වගේ ස්ථාන් ගැන වගේම ගියපු කට්ටියගේ අත්දැකීම් කියවන්න හරිම ආසයි... :)
ReplyDeleteමරුනේ ඔය මුහුද යටින් කොච්චිය යනකොට කොහොමද දැනෙනේ
ReplyDeleteබින්ගෙයක් අතුලේ උඅනවා වගෙද
මම අහලා තියෙනවා ඔය මුහුද යටින් යන ගමන් මාර්ගය ර්‍රටවල් දෙකේ දැපැත්තෙන් පටන් අරන් මගදි එකතු කලේ කියලා.