Tuesday, May 11, 2010

තවත් සර් කෙනෙක්

ඩයස් සර්ගේ කතා කිව්වම තමයි මතක්වුනේ, අපේ තව සර් කෙනෙක් හිටියා X සර් කියලා. උසස් පෙළ අපේ පංතියට එහා පංතියට සංයුක්ත ගනිතය තමා පොර ඉගැන්නුවේ. මෙයාට ලොකු ඕනේ කමක් තිබ්බා තමන් ඉංග්‍රිසි හොදට දන්නවා කියලා පෙන්නන්න. ඉතින් ඕක හින්දම පොරට මඩ ගහන්න කොල්ලෝ  කතා හදලා තිබ්බා. එකක්වත් ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ. (එක කතාවක් ඇරෙන්න, මොකද ඒක වුන තැන මමත් හිටියා.)

දවසක් අපේ විදුහල්පතිතුමායි X සරුයි අතර පොඩි දෙබසක් ගිහින් තියෙනවා මෙන්න මෙහෙම.
විදුහල්පතිතුමා :X, Do you have children?
X සර්: Yes Sir, I have two daughters, both are girls


තව දවසක් පොර ස්ටාෆ් රූම් එකේදි ගුරුවරියක් ගැන මෙහෙම කියල තියෙනවාලු.
"She is very deposit"
කට්ටිය ෆුල් හොල්මන්. පොර අදහස් කරල තියෙන්නේ අර  ගුරුවරිය හරිම තැන්පත් කියලා කියන්න.


ඔහොම ඉන්නකොට සර්ට බයිපාස් සැත්කමක් කරන්න වුනා. ඕක කරල දවසක් අපේ පන්තියට එහා පැත්තේ පන්තියේ උගන්නනවා. අපේ උන්ට වැඩක් නැතිව කෑගගහා හිටියේ. ඉතින් සර්ට උගන්නන්න අමාරුයිනේ. ආව අපේ පන්තියට.
ඇවිල්ලා ලොකු දේශනාවක් පටන් ගත්තා. කොච්චර දුර ගියාද කියනවනම්, අන්තිමට සර් සැත්කමෙන් පස්සෙ නුවර එලියේ නිවාඩුවට ගිය හැටිත් කිව්වා. නුවර එලියේ ගිහින් නිකන් ඉන්න බෑනේ. කරපු ඒවත් කිව්වා. මෙන්න මෙහෙම.
"බලන්න පුතාල, ඉස්සර වගේ මට එහේ මෙහේ ඇවිදින්න බෑනේ. ඉතින් මේ පාර ගිය වෙලේ කරන්න පුලුවන් වුනේ අස්සයා පිට පොඩි walk එකක් යන එක විතරමයි."

තව දවසක් කොල්ලෙක් කෑගහල පන්තියේ. සර්ට හොදටම තද වෙලා.
පන්තියෙන් එලිය පෙන්නලා සර් කියල "Get out" කියලා.
දැන් ඉතින් පොර එලියට බැහැල ඉන්නවා. විනාඩි 10-15 පස්සෙ දැන් සර්ට කියන්න ඔනේ මූට පන්තියට එන්න කියලා. සර්ට මතක් වෙන්නේම නැතිලු කඩ්ඩෙන් පන්තිය ඇතුලට එන්න කියන්න. එහෙමයි කියලා සිංහලෙන් කියන එක හරි නෑනේ. සරුත් බැස්සලු එලියට. පන්තිට අත දික් කරලා  කොලුවට කිව්වලු. "Get out" කියලා.

Friday, May 7, 2010

KNOCK KNOCK!!!!!!!!!!!!!

KNOCK KNOCK!!!!!!!!!!!!! 
Who's there ? ......
David ......
David Who ? ......
OPEN THE DAMN DOOR GORDON AND GET OUT OF MY HOUSE!!!!!!!!!!!


 කතාව එක පාර මීටර් වෙච්චි නැති අයට:
එංගලන්තේ අගමැති ගෝඩන් බ්‍රවුන් මහත්තයා ඊයෙ තිබ්බ චන්දෙන් පැරදිල මේ වෙනකොට. ඉතින් ඩවුනින් වීදියෙ අංක 10 වෙන අගමැති නිල නිවස බාර දෙන්න වෙනවා දිනපු ඩේවිඩ් කැමරොන්ට.

ඩයස් සර්

අපි ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ අපේ පන්තිබාර ගුරුතුමා වුනේ රසායන විද්‍යාව උගන්නපු ඩයස් සර්. සර් පොඩ්ඩක් වෙන්න මහතයි. අපි හරියට ඉගෙන ගත්තේ නැතිඋනාට බොහොම දක්ෂ ගුරුවරයෙක්. සර්ට තිබ්බා බොහොම ගැබුරු කටහඩක්. කතාකරද්දී පන්තියේ තිබ්බා මේස අනුනාද වෙනවා. කටහඩ වගේමතමා සර්ට මොනවා හරි කියන්න ඕනේ උනාම වචනත් ගලාගෙන එනවා. අද කියන්න හදන්නේ අපි ඒ පන්තියේ හිටපු අවුරුදු 2 සර් කියපු ඔයවගේ කතා දෙක තුනක්.
එක දවසක් අපේ පන්තියේ හිටපු එකෙක් චුවින්ගම් එකක් කනවා. ඉතින් අපේ ඩයස් සර් පොර දිහා බොහොම ආදරෙන් බලල අර ගැබුරු කටහඩ අවදි කර මෙන්න මෙහෙම.
"පියසේන, අපි නම් වමාරාකන වංශයේ නෙවෙයි"

තව දවසක් අපේ අන්තිම පේලියේ හිටපු ඩයල් එකක් කමිසේ උඩ බොත්තම අරගෙන ඉන්නවා, රස්නේයිනේ ඉතින්. පාඩමක් උගන්න උගන්න හිටපු සර් ඕක දැක්ක. පොර දිහා බලල කට කොනකින් හිනා වෙලා කිවුව නියම කතාවක් ආයේ කවදාවත් පන්තියේ කමිසේ බොත්තම් නොදා නොඉන්න.
"මිලින්ද දරුවා, තමා ඔය කමිසයේ බොත්තම විවර කරගෙන සිටින්නේ ස්වකිය එකම මයිල් ගස අන්අයට ප්‍රදර්ශනය කරනු පිණිසද?"   මිලින්දය දියඋනේ නැති එක විතරයි.

තව දවසක් පන්තියේ කතාවක් ගියා නිදහස් අධ්‍යාපනයේ පියා ගැන. ඔන්න ඉතින් අපේ සර් කියනවා.
"පියවරු වර්ග ගොඩක් ඉන්නවා. බත් දුන් පියා,  කොස් දුන් පියා, ජාතියේ පියා........ පිම්පියා "