Friday, December 17, 2010

ප්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරක්





අවුරුද්දක්ම මහන්සි නොබලා වැඩ කරපු සියල්ලටම පොඩි විවේකයක්. දෙසැම්බර් මාසේ අන්තිම හරිය පටන් ගන්නවා. ගොඩක් අය නිවාඩු ගිහින්..තවත් අය නිවාඩු යන්න ඔන්න මෙන්න. ග්‍රේත් අයිති වෙනවා ඔය දෙවෙනි කණ්ඩායමට. උඩ පින්තුරේ තියෙන්නේ ග්‍රේගේ ඔපීසියේ මේසේ.  ඉතින් ඔන්න ඔක්කොම රාජකාරි පරිගණක ඕෆ් කරා.  දුරකථනය රිසෙප්ෂන් එකට ෆෝවඩ් කරා. ෆයිල් වලට දාන්න ඕනේ ඒවා ෆයිල් වලට දැම්ම. ශේරෙඩ් කරන්න ඕනේ ඒවා ශ්රෙඩ් කරා. හොද නිවාඩුවකට පස්සේ අලුත් පිට ලබන අවුරුද්ද පටන් ගන්න පුළුවන්.
මේසේ විතරක් නෙවෙයි.. මේ අවුරුද්දේ කාපු කටු, වෙච්චි චාටර් වීම් ඔක්කොම මේ අවුරුද්දෙන් ඉවර වෙලා ලබන අවුරුද්ද අලුතින්ම පටන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. කිසි කරදරයක් නැතිව වාත නොවී නිදහසේ ඉන්න පුළුවන් නම් එච්චරයි මට ඕනේ.

ඔබ සැමටත් ප්‍රීතිමත් නත්තලක් සහ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ලබන අවුරුද්දේ හමුවෙමු... බොහොම වෙලාවට මේක මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක වෙයි.

Thursday, November 18, 2010

ආයුබෝවේවා මහරජාණෙනි!!



ඉන්වික්ටස් චිත්‍රපටිය බලපු අය අහල ඇති මෙන්න මෙහෙම දෙබසක්.
Brenda Mazibuko: You're risking your political capital, you're risking your future as our leader.
Nelson Mandela: The day I am afraid to do that is the day I am no longer fit to lead.

අද උපන්දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි මට ඔබතුමා ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. එදා කොටියට විරුද්දව බය නැතුව සම ගිවිසුමෙන් එලියට ගිහින් ඔබතුමා ලොකු අවදානමක් ගත්ත. ඒ අවදානම නොවෙන්න ලංකාවේ අදටත් ත්‍රස්තවාදය තියෙනවා. අද ලංකාවේ තියෙන සාමයට ආර්ථික පුනර්ජීවනයට ප්‍රධානම හේතුව ඔබතුමා කිව්වොත් මම නිවැරදි වෙන්න ඕනේ.
නමුත් ඔබතුමා හිටපු ගමන් ලොකු බුල් කෙලිනවා කියලත් කියන්න ඕනේ. උදාහරණයක් විදිහට හෙට ඔබතුමාගේ පදවි ප්‍රාප්තිය නිසා කොළබ වැඩි හරියක් නිවාඩු. ඒකෙන් රටට වෙන ආර්ථික පාඩුව ගැන ඔබතුමාට දුක නැතිව ඇති..නමුත් මට දුකයි.. අපි තාම නිකන් ඉදල සල්ලි හම්බකරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි. තව ඔය යාලු මිත්‍රයින්ට සලකන්න කියල මිහින් එයා වගේ මෝඩ වඩාත් ඉතින් ඉදල හිටලා කරනවා. නමුත් මට තාම ලංකාවේ ජනාධිපති විදිහට ඔබතුමාට වඩා සුදුස්සෙක් නම් කරන්න බෑ.

ඔබතුමා පළමුවෙනි පර ජනාධිපති වුනේ යුද්දේ ඉවර කරන පොරොන්දුවෙන්. ඔබතුමා එක හරියට කරා. දෙවෙනි පාර ජනාධිපති වුනේ චන්ද පොරොන්දු වලට වඩා ලංකාවේ මිනිස්සු කාලගුණ නොසලකන ජාතියක් කියල අහගන්න තිබ්බ බය නිසා වෙන්න ඇති කියල තාම මට හිතෙන්නේ. කොහොම හරි ඔබතුමා දැන් මගේ ජනාධිපති. මම කැසිනෝ වලට විරුද්ද නෑ, හම්බන්තොට වරයා හදනවටත් විරුද්ද නෑ. හැබැයි අර කෙල්ලෝ ටිකකගේ පින්තුර පත්තරෙයි, ටෙලියෙයි දාපු එකනම් අම්බ සවුත්තුයි. ඕව රටක නතර කරන්න ඕනේ දේවල් නෙවෙයි. හරියට නීතිගත කරලා පාලනයක් ඇතුව කරන්න ඕනේ. ඒ වගේම කෙල්ලට හොරෙන් වීඩියෝ කරලා ඕව තැන තැන දාපු උන් ටික අල්ලලා ගල් ගහල මරල දාන්න තමා වටින්නේ.

මට රටේ වෙන ඔක්කොම දැනගන්න ඕනේ නෑ. නමුත් ලංකාවට එකොනොමිස්ට් සගරාව එන එක පොඩ්ඩක් පරක්කු වෙනවා කියල ආරංචියක් ආවා. සාමාන්‍යයෙන් ඉකොනොමිස්ට් කියවන්නේ ලංකාවේ උගත් පන්තිය. ඒ අයට තොරතුරු දැනගන්න වෙන මාර්ග ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔය වගේ ඉදල හිටලා පරක්කු උනාට මගේ හිතේ උන්ට නම් පාඩුවක් නෑ. අර BBC කාරයට උතුරට යන්න දුන්නේ නෑ කියලත් ආරංචියක් ආවා. ඔය යක්කුන්ට යන්න දෙන්න වටින්නේ නෑ තමා. මුන් හදන්නෙම මොකක් හරි කරලා රට අවුලවන්නනේ. එතකොටනේ ඩොලර්, පවුම් එහෙම හම්බුවෙන්නේ. ජනමාද්‍යවේදියා කියන එකා අමුතු සතෙක් කියලනේ උන් හිතන් ඉන්නේ. එකට ඕනේ තෙනකට යන්න පුළුවන්, ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා සහ උන්ගේ පරම යුතුකම දන්නා හැම ඉටිගෙඩියම රට්ටුන්ට කියන එකයි කියලා. දෙවෙනි ලෝක යුද්දේ කාලේ අර චර්චිල් ලොක්ක කරා වගේ දෙන්න තියෙන්නේ එහෙම හිතන් ඉන්න උන්ට. ඒකෙන් කියන්නේ නෑ ඔබතුමා කරන ඔක්කොම හොර වඩා වලට කට වහන් ඉන්න ඕනේ කියලා. ඒවානම් කියන්න වටිනවනේ.

ඔබතුමා දැන් අහමදජින් ලොක්ක එක්කයි, හු ජින්ටවෝ අයිය එක්කයි බොහොම කිට්ටුයි කියලත් ආරන්චියි. බොහොම සතුටුයි. අනිත් උන් කොන් කරාට අපි කොන් කරන ඒක වැරදියිනේ. අනික දෙගොල්ලොම හොදට සලකනවනේ අපිට. පුලුවනම් ඔය අස්සේ අර ඔබාමා කොලුවටයි, එලිසබෙත් ඇන්ටිටයිත් ලාවට එකක් දාගන්න, මොකෝ පාඩුවක් වෙනවා කියලය. එක දාගත්තොත් ලබන අවුරුද්දේ විලියම් කුමාරය බදිනකොට ඔබතුමාටත් වෙඩින්එකට ආරාධනාවක් ලැබෙයි මහවාසලෙන්. කාටද ආඩම්බර.

ඔය හම්බතොට වරයා හදන අතරේ හෙමිට පුලුවනම් කොලබයි, තිරිකුනාමලෙයි, මන්නාරම හරහා ඉන්දියාවයි යාකරලා කොච්චි පාරකුයි හොද අධිවේදී මර්ගකුත් හදන්න. ඊට පස්සේ අහමදජින් ලොක්කට කියලා න්‍යෂ්ටික බලාගාරයක් ගහන්න යාපනේ පැත්තේ. පොර ඉල්ලන පරක්කුවට දෙයි. තෙලුයි වතුරයි පුච්චලා විදිලිය හදන්න බැනේ හැමදාම. රටට යන කලක් තියෙන්න ඕනෙනේ.

අනික මේ දවස්වල සංචාරකයෝ මහා ගොඩක් එන එකේ, දැන් කසිනොත් තියෙන එකේ, මොකෝ කියන්නේ රතු එලි තියෙන ඒරිය එකකුත් දාමුද ඔය කොහේ හරි. මොකෝ අපේ රටේ දැනට නිකන් වෙන්නේ නෑ වගේනේ අපේ අයියල කට කරන්නේ. ඕව සිම්පල් වැඩනේ.

අනික ඔය කැම්පස් වල තියෙන්න අන්තරේ කියලා එකක්..අන්න උන්ට හොදට නෙලන්න.. එකට අර ඔබතුමාලගේ පක්ෂ කණ්ඩායම් ටිකකුයි, අර ගස් බදින පිස්සු බල්ලවයි ගත්තනම් හරි. එකත් බලන් ඉන්නේ කාව හරි හපන්නනේ. හැබැයි කුක්කු ටිකක් දුන්නොත් ඕකට මෙලෝ සිහියක් නැතිවෙයි කියලත් බයක් නැත්තෙත් නෑ.
ඔය රට වටේ දාන්න යන පවුද්ගලික විශ්වවිද්‍යාල නම් මරුම අදහස...ඕක කරන්න තිබ්බේ ගොඩක් කාලෙකට කලින්. මොකෝ නිදහස් අද්යපනේ කියලා හෙමොටම නිකන් ඉගෙන ගන්න දෙන්න බැනේ. සල්ලි තියෙන එක ගෙවල ඉගෙන ගත්තම අනිත් උන්ට මොකෝ..උනාට අමාරු නම් කියන්න තියෙන එකම දේ ඉරිසියාව කියලා..එක අර රුසියාවටත් වඩා ලොකුයිලුනේ.
අර ලෙඩ්ඩුන්ව අපෙට තියාගන්න දොස්තරලට ඔලුවටයි බඩටයි දාගන්න කියලා ටයර් දෙකකුයි, නාගන්න කියලා පැට්‍රොල් බෝතලෙකුය් දුන්නටත් කමක් නෑ.

අනික දැනට ඔබතුමාට තරෙග්කුත් නෑනේ චන්ද ගැන. මොකෝ අර ගේ ලෝර්ඩ් මේ ආත්මේ දිනන්නේ නෑනේ. අනික ජෝප්පෝ උනත් දැන් ඉන්නේ ඇටිකෙහෙල් කපු වදුරෝ වගේ. ෆොන්සේකා මහත්තත් ඉතින් දැන් අවලංගු වෙච්චි රුපියලේ කාසියක් ගානට වටිලානේ. තව කාට බය වෙන්නද... ඔන්න ඔහේ බය නැතුව ඔය වැඩ ටික කරලා දන්නා.
කරන අතරේ ඉතින් ඔය කීයක් හරි ගහගත්තා කියලා අපිට ලොකු අමාරුවක් නෑ. කොහොමත් එක අපේ රටේ දේශපාලනේ හැටිනේ. හෙබෙයි එහෙම පිටින්ම ගහන්නේ නැතුව පොඩි ගානකින් හරි වැඩේ කරන්න හරියට.

ඔන්න ඔය ටික ඔබතුමා ඉන්න ටිකේ කරන්න පුලුවනම් අනිවා ඩෙෆා මම ලංකාවට ඇවිල්ල හරි තුන්වෙනි පාර චන්දෙ ඉල්ලන්කකොට මගේ මනාපේ දෙනවා දෙනවමයි.
ඉතින් එතකන් සුබ උපන්දිනයක්!!


කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..







Tuesday, November 16, 2010

ශිශිරය පැමිණ ඇත

ඔන්න අද තම ග්‍රේට තේරුනේ ශීත කාලේ ඇවිල්ල කියල.
මේකයි උනේ. ඊයේ උදේ ඇදුම් ටික හෝදලා වීරයා වගේ බැක්යාර්ඩ් එකේ වනල ග්‍රේ වැඩට ගියා. මොකට බය වෙන්නද.. කාලගුණ වාර්තාවේ වහිනවා කියල තිබ්බේ නැනේ. අනික ග්‍රේ කැමතියි පොඩ්ඩක් හුලන් වදින්න පුළුවන් විදිහට ඇදුම් වේලාගන්න. ගේ ඇතුලේ තියන් වෙලුවම ටිකක් අමුතු ගතියක් තියෙන්නේ. අර අපේ කතන්දර සුරින් වගේ ඇදුම් හැන්ගර් එකේ දාල එල්ලානේ නම් නෑ පොඩි වෙයි කියල. තියෙන හුළගේ හැටියට ගෙවල් දෙකක් තුනක් එහායින් හවසට එකතු කරගන්න පුළුවන් ක්ලිප්ස් නොදා එල්ලුවොත්. අනික ඔය කතන්දර සුරින්ගේ ඇදුම් පොඩි වෙන වැඩේට ග්‍රේත් පොඩි සුත්තරයක් කරනවා. ගන්න පුළුවන් හැම වෙලාවේම ගන්නේ අයන් කරන්න ඕනේ නැති කමිසම තමා ගන්නේ. කිසි ගින්නක් නෑ එල කිරි වගේ වැඩේ ගොඩ. හරි දැන් ඉතින් කතාවෙන් පිට යනවනේ. ඉතින් මම ඇදුම් වනල වැඩට ගියා. හවස ගෙදර එන්න පොඩ්ඩක් රෑ වුණා. ඉතින් ඇදුම් ගන්න යන්න කම්මැලිකමට ඔන්න ඔහේ තියල ගියා හෙට උදේ ගන්නවා කියල.
හෙට උදේ කිවේ ඉතින් අද උදේනේ. උදේ ඉතින් ඇදුම් ගන්න ගියාම තමා දැක්කේ වෙලා තියෙනදේ. කමිස නිකන් කාඩ්බෝඩ් වගේ වෙලා. මුළු කමිසේම වැහෙන්න අයිස් මිදිලා.
ඔය පහල තියෙන්නේ පින්තුරයක්.  ෆෝන් එකෙන් ගත්තේ ඉතින් කොලිටි නම් අඩුයි. නමුත් තැනින් තැන හොදට අයිස් පේනවා.




ඊයේ රෑ පොඩ්ඩක් හීතල වැඩිවෙලා. දැන් එකක් දෙකක් අතට අරගත්තු නිසා ආයේ එල්ලන්නත් කම්මැලි. ඉතින් වීරයා වගේ ඔක්කොම ඇදුම් ටික ගෙනල්ල අත්හැරිය ගෙදරට. අද හවස ගෙදර යනකොට අනිවා ලොකු ජලාශයක් බලාගන්න පුළුවන් වෙයි.
ඉදල හිටලා හරි ඔය වගේ අයිඩියා එන්නේ ග්‍රේට විතරමයි. :)

Friday, November 12, 2010

පොපි දිනය.... අල් ජසිරා සහ අන්තවාදය..

ඊයේ පොපි දිනය. එහෙම නැත්නම් මෙහේ යුධ වීරයන්ව සමරන දවස. මෙහේ කිව්වට ඉතින් මුළු පොදු රාජ්‍ය මඩුල්ලේම ඕක සමරනවනේ. එකොළොස්වෙනි මාසේ එකොලොස්වෙනිද එකොළොස්වෙනි පැයේදී පළමුවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා ගිවිසුම අත්සන් කිරීම තම මේක පටන් ගන්න හේතුව. නමුත් සමස්තයක් විදිහට යුද්ධයෙන් මියගිය සියලුම සොල්දාදුවන්ව මේ වෙනකොට සමරනවා. ලංකාවෙත් කොහොමත් මේ දවස් වල පොපි මල් එහෙම ගන්න පුළුවන්නේ.
ලංකාවට වඩා මෙහේ මම දැකපු විදිහට පොපි දිනය සහ පොපි සතිය සමරනවා. මිනිස්සු ගොඩක් තමන්ගේ ඇදුමේ පොපි මලක්  ගහගෙන ඉන්නේ. මම ටියුබ් ස්ටේෂන් එකෙන් බැහෙලා එලියට එනකොට හැමදාම කෙඩෙට්ලා පොපි මල් විකුනනවා එළියේ ඉදන්. ගොඩක් මිනිස්සු ගන්නවා. අපේ ඔෆිස් එකේ ආපන ශාලාවෙත් විකුනන්න දාල තියෙනවා.
කොහොමින් කොහොම හරි ඉතින් ඊයේ පොපි දිනය සැමරුවා. විනාඩි දෙකක නිශ්ශබ්තාවක් එක්ක. රටක් විදිහට තමන්ගේ රට වෙනුවෙන් යුද වැදුණු සොල්දාදුවන් මෙහෙම සමරන එක මම දකින විදිහටනම් ගොඩක් යහපත් දෙයක්. ලංකාවෙත් අපි සමරනවනේ නිදහස් දිනේට එහෙම..
නමුත් මෙහේ ඔය විදිහේ සැමරීම් තියෙනකොට ලන්ඩන් වලම තවත් පැත්තක මුස්ලිම් කණ්ඩායමක් පොපි මල් පුච්චලා..සටන් පාඨ කියමින් උද්ගෝෂණය කරනවා. පුද්ගලයෙකුගේ අදහස් දක්වන්න තියෙන නිදහස මම අගය කරනවා. නමුත් රටක හමුදාවක් කියන්නේ ඒ රට ආරක්ෂා කරන අය. ලංකාවෙත් එහෙමයි..මෙහෙත් එහෙමයි..රට ආරක්ෂා කරනවා කියන්නේ ඒ රටේ ජීවත්වෙන අයව ආරක්ෂා කරනවා කියන එක. ඔය විරුද්දව කෑගහන අයත් ඒ ගොඩටම අයිතියි.  ඉරාකෙදි ඇෆ්ගනිස්ථාන් වලදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හැසිරුණ විදිහ සමහර අවස්ථාවලදී අනුමත කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔය මොන විදිහෙන් හරි එයාගේ මුලික වගකීම වෙන රටවැසියා ආරක්ෂා කරන එක කරනවා. රටක පුරවැසියෙක් විදිහට මුලින්ම අගය කරන්න ඕනේ එක. එහෙම නැතුව අල්ලපු රටේ මැරිච්ච ගැන හොයන එක නෙවෙයි. මම අදහස් කරන්නේ නැහැ අර ලෝර්ඩ් ෆකිර් වගේ අනිත් එකට හෙන ගහල ගියත් මට කමක් නේ මගේ වැඩේ වෙනවනම් කියන මට්ටමට යන්න ඕනේ කියල...නමුත් එක්තරා දුරකට ආත්මාර්ථය තියෙන්න ඕනේ.
අනික ඔහොම රට ඇතුලේ..රටේ අගනුවර..රටේ මිනිස්සු ආදරයෙන් යමක් සමරන වෙලාවක.. ඊට විරුද්දව වැඩ කරන එක අනුමත කරන්න මට නම් බැහැ. මුස්ලිම් අන්තවාදය කියල ඊට පස්සේ කොහෙන් හරි ගුටි කනවා. ඊට පස්සේ වෙන්නේ එකට විරුද්දව ජිහාඩ් එකක් පටන් ගන්න එක. මුන්ට අන්තිමට අමතකයි කෙළවරක තියෙනවා කියල මුලින් එයාල කරපු වරදකුත්.
ඔය අස්සේ අල් ජසිරා වල අපේ හමුදාව කරා කියලා පින්තුර ටිකක් ගියා දැක්ක. මගේ දමිල හිතවතෙක් මුනුපොතේ එක ශෙයා කරලත් තිබ්බ, අල් ජසිරා කියන්නේ මැදහත් සේවාවක් කියල. ලෝකේ කොහෙවත් මැදහත් මාද්‍ය තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නේ. හැම දෙකම පැත්තක් තියෙනවා. ලංකාවේ ලංකාදීපේ ඉදන් මර්ඩොක්ගේ මාද්‍ය ජාලය දක්වාම එහෙමයි. කොහොම හරි අර දාල තිබ්බ එකට මුණු පොතේම තවත් දමිල යාලුවෙක් දාල තිබ්බ දැන් ඕක වෙලා ඉවරයි..ඉවර වෙච්චි දෙයක් ගැන යලි යලිත් කතා කරලා තේරුමක් නැහැ කියල. එක නම් ඇත්ත..ලංකාව තව දුරටත් යුද්දයක් තියෙන රටක් නෙවෙයි. ආපසු ඒවගේ දෙයක් ඇතිවෙන්න දෙන්නත් හොද නෑ. කවුරු හරි ඇතිකරන්න හදනවනම් ඇගිල්ලෙන් කඩන්න පුළුවන් කාලේ පොරවෙන් ගහලම කඩන්න ඕනේ. ආයේ ඇති නොවෙන්න.
එංගලන්තයට ප්‍රංශයෙන් ගන්න තියෙනවා ආදර්ශ ටිකක්. ඒ ටික හරියට ගන්න පුලුවන්නම් මේ රටේ තියෙන ඔය වගේ මෝඩ අන්තවාදී ප්‍රශ්න ගොඩක් හදාගන්න පුළුවන්.

Thursday, September 30, 2010

The Rajapaksa Dynasty?

Usually blogger doesn't post articles written by others. But this would be his first exception. The following article was written by a friend of the blogger for his post-graduate studies.



The Sri Lankan president, Mahinda Rajapaksa, got his parliament to approve an 18th amendment to the constitution giving him sweeping powers. A recent economist article is very critical of the new amendment. The executive presidency in Sri Lanka is very powerful as it is and the new amendment gives the president final authority over all appointments in judiciary, the civil service and the police plus the opportunity to contest any number of times for the presidency. The day these amendments were passed, a friend commented on Facebook the old quote “Power corrupts and absolute power corrupts absolutely”. That got me thinking, why is Mahinda Rajapaksa doing this and how was he able to get a 2/3 majority in the parliament to pass this amendment which was considered an impossibility?

Difference of 5 years

President Mahinda Rajapaksa came in to power in 2005 winning the presidential election by a narrow margin. At the time the country was engaged in a bloody 30 year old war with the LTTE, a terrorist organization which is proscribed in many countries including the EU, there was a strong opposition which gave Rajapaksa a good run for his money and the country’s economy was in shambles. Fast forward to 2010 and there is no trace of LTTE, the opposition is in disarray and many of the former adversaries are now Rajapaksa allies including ex-LTTE commanders and the tourist trade is booming while there are ambitious mega construction projects such as new highways, an international airport, and a new harbour which has shifted the economic growth in to high gear.

Symbolic Importance

Rajapaksa stood for the symbols valued in the Sri Lankan society such as strong family values, culture and patriotism. While the sons of other minister were in the news for brawls at night clubs, Rajapaksa’s 3 sons were in the new for all the correct reasons. The eldest was involved in a lot of community projects and voluntary work while the second son excelled as a rugby player at school and later joined the Navy. Also Rajapaksa took a hard stand against the terrorists. After they rejected his efforts to negotiate, he put the country on a war footing and went all guns blazing to finish them off. A bloody 30 year old war was ended within 4 years. This was done while keeping the economy stable and fighting the pressure from the international community.

All hail ‘the king’

The ending of the war elevated Rajapaksa’s status to a level never achieved by any Sri Lankan president before. Sri Lankans have a longing for a monarchy which ended with the British invasion. With the end of the war, people started elevating Rajapaksa to the level of king. As soon as the war ended, the country was awash with posters hailing ‘the king’. Songs were written and documentaries were made. When the news of the end of war was being spread, the president was out of the country. When he arrived, soon after he got down from the plane, he went on his knees and worshipped the ground. This symbolic gesture was captured on camera and it has adorned many newspaper pages ever since.

Chinks in the armour

However, Rajapaksa’s tenure so far is not without its’ black marks. There have been assassinations of journalists who were critical of the government. No culprits have been presented to courts yet. A couple of media stations who criticised the government were attacked by unidentified men. Sarath Fonseka, who was the general of Sri Lankan army during the war has been accused of treason and taken in to custody. He has been stripped of his rank and charged by a military court. All this after he decided to contest against the president in the last presidential election. The ‘Rajapaksas’ control much of Sri Lanka. Defence Secretary, Finance Minister and Speaker are all president’s brothers. Opponents of the president see this as a threat to democracy.

Symbolic Leadership

Rakapaksa’s leadership has been called charismatic and dictatorial among other things. I believe Smircich and Morgan provide the best answer to decipher his leadership style. In their leadership studies, they present leadership as the creation of meaning. This creation of meaning occurs through symbolism which creates the leaders desired context for the followers. In spite of his criticisms, Rajapaksa has been able to create greater meaning through symbolism. His portrayal of family values, respect for culture and unconditional patriotism shown through hard stance against international pressure and spontaneous gestures like ‘worshipping the mother land’ has created the desired meaning in his followers’ minds. Rajapaksa has shown the power of symbolic leadership which is relevant in most global leadership contexts today. However, it remains to be seen whether ‘absolute power’ will corrupt Rajapaksa in to a dictatorial leader.

Friday, August 20, 2010

SI පට්ටමට සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නයක්

මේක සිරාවටම වෙච්චි දෙයක්. වෙලා තියෙන්නේ මගේ යාලුවෙක්ගේ න්‍යාති සහෝදරයෙකුට.  පොරට SI පට්ටමකට සම්මුඛ පරීක්ෂණයකට කැදවලා මේ ගිය සතියේ නැත්නම් ඊට කලින් සතියේ.  ඉතින් පොරත් ගිහින් ලෑස්තිවෙලා දතකට මැදගෙන ගිහින් සම්මුඛ පරීක්ෂණයට.
පොරගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල තියෙනවා.

"තමා රාජකාරියේ ඉන්න වෙලාවක ඇමතිකෙනෙක් රජයේ නිලධාරියෙක්ව ගස් බැන්දොත් මොකද කරන්නේ?"

අපේ පොරත් උත්තරයක් දීල තියෙනවා. ඔයාලගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මොකද කරන්නේ? නිර්මාණාත්මක චින්තනයට හොද ප්‍රශ්නයක්.

Saturday, August 14, 2010

සිකුරාදා හවස...

මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට :)
අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...

"අහ්හ්...ඔව්නේ...."    ඔන්න උත්තරේ....
හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.

Friday, August 13, 2010

Told you so.

කාලෙකට පස්සේ පොඩි විවේකයක් ලැබුනා ඔෆිස්එකේ. අද සිකුරාදා උදේ පාන්දරම ෆුල් ඉන්ග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකක් ගන්න අපේ ටීම් එක සෙට් උනා. ඕකෙන් වෙච්චි එකම හොදේ වෙනදා උදේට ඇපල් ගෙඩියක්, කෙහෙල් ගෙඩියක් විතරක් කන ග්‍රේට බඩ පිරෙන්න කන්න සෙට්උනා. මේකනේ සිද්දිය, උදේ 7.30 ට නැගිටලා 8.30 ට ඔෆිස් එකේ ඉන්න ඕනේ උනාම ඉතින් උදේ කෑම වගේ නොවැදගත්දේට වෙලාව නැතිවෙනවනේ. ඉතින් දැන් බඩ පිරෙන්න කාල ඉන්නේ උදේට කාලෙකට පස්සේ. වැඩක් කරන්නත් කම්මැලි. ඉතින් මේක ලියන්න ගත්ත. එකම අවාසිය වෙනදා උදේ 7.30 වෙනුවට අද 7 ට නැගිට්ට. ඉතින් සැහෙන්න නිදිමතයි. නැතුව මේ කාල වැඩිවෙලා තියෙන නිදිමතක් එහෙම නෙවෙයි.
කොහෙද මේක ලියන්න පටන් ගත්තු ගමන් ආයේ වැඩක් සෙට් උනානේ. ඉතින් පැයක් විතර කෙලවුණා.
කොහොම හරි කියන්න හැදුවේ මම කොහොමද අපේ ඔෆිස් එකේ වැඩ දවසකට නතරකරේ කියල. මේකයි සිද්දිය. ග්‍රේ වැඩ කරන්නේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න කොම්පැනියකනේ. ඉතින් අපේ බඩු ගොඩක් රටවල හමුදාවල පාවිච්චි වෙනවා. ඉතින් හැරෙන තැපැලෙන් වෙන්නේ ඔය නරක බුවාලත් අපේ බඩු ඕනේ කියන එක. අනික ඕව විකුනනවා කියල බල්ලටයි පුසටයි දෙන්නටම විකුනන්න බෑනේ. රටවල් උනත් නෝටි රටවල් තියෙනවනේ. ඔය අපේ ලගම හිතවත්තු වෙන ඉරානේ, මියන්මාරේ, චිනේ එහෙම සුද්දන්ට නෝටි රටවල්. ඉතින් ඕවට  බඩු විකුනන්න අපිට ආණ්ඩුවෙන් විශේෂ අවසර ගන්න ඕනේ. එහෙම අවසර ගත්තත් සමහර කොම්පැනිවලට විකුනන්න තහනම්. ලගදී දවසක අපේ බඩුවක් ඉරානේ මිසයිල් සයිලෝ එකක හයි කරලා තිබිල මෙහෙ ආණ්ඩුවට මාට්ටු වෙලා එක විකාරයක් උනා. තව ටිකක් දරුණු උනානම් අපේ ලොක්කව හම්බුවෙන්න සුදු වැන් එකක් එනවා ෂුවර් එකට. ඉතින් කොහොමහරි ඔය වැඩ නවත්වන්න ඕනේ කියල ග්‍රේට කිව්වා සිස්ටම් එක එකට හරියන්න වෙනස් කරන්න කියල. ඕව ඉතින් කරන්න ගියාම කියන තරම් ලේසි නැනේ. විශේෂයෙන් අපේ ඉන්න යුසර්ල එක්ක. අනික එක ඩිරෙක්ටර් කෙනෙක් එකක් කියනකොට තව එකෙක් තව එකක් කියන්නේ. කොහොමින් කොහොමින් හරි කොල්ල වැඩේ ගොඩ දැම්ම. දැන් ඉතින් මොනවා හරි මිලිටරි බඩු විකුනනවානම් රිපෝර්ට් රන් කරන්න ඕනේ, විශේයෙන් කියන්න ඕනේ මෙයා නෝටි පොරක් නෙවෙයි කියලා. වැඩ කෝටියයි. ඉතින් දැන් අපේ යුසර්ලත් ඇවිල්ල ටෙස්ට් එහෙම කරලා හොදයි කියලා ගියා. දැන් තියෙන්නේ මේක අපේ ලයිව් ඩේටබේස් එකට දාන එක. ඕකට දාන්න කලින් ඉතින් පොඩි පොඩි කොන්ෆිගරේෂන් වැඩ තියෙනවා කරන්න ඕනේ. ඉතින් ග්‍රේ කට කැඩෙනකන් ලොක්කොන්ට කිව්වා යුසර්ලට මේක කියපල්ලා කියල. මුන් එකෙක්වත් කියල නැ. හැබැයි හැමදාම කියනවා මොකෝ මේක ලයිව් එකට දන්නේ නැත්තේ කියල. ඉතින් මල පනිනවනේ. හිටපියව් කරන්න කියල ග්‍රේ පහුගිය අගහරුවදා  ඔක්කොම එබුවා ලයිව් එකට. ඔබලා ගැහුවා ලියුමක් ඔන්න දැම්ම උබල නහයෙන්  අඩන නිසා. එන ප්‍රශ්නවලත් දීපන් උත්තර කියල.
බදාදා පොර උදේ ඔෆිස්ගියා. ගියා විතරයි එහෙන් එකක් තියනකොට එකක් කෝල් එනවා. ඊ-මේල් එනවා.  මේක වෙඩකරන්නේ නැ. අරක කරන්න බැ. ඉරානෙට බඩු විකුනනන් බෑ, ප්‍රශ්න කෝටියයි. ග්‍රේට තිබ්බේ එක උත්තරයයි. 'TOLD YOU SO'
කොහොමහරි ඉතින් අන්තිමට එදා දවසෙම එක ඔර්ඩර් එකක්වත් ඔෆිස් එකෙන් එලියට ගියෙත් නැ. අන්තිමට අපේ යුසේර්ට ටිකට වැරදි ඔක්කොම හදන්න උනා. හදන්න උනා කිව්වට ඇත්තට උනේ උන් මට වැරදි ඒවා මොනවද කියල ලිස්ට් එකක් එවපු එක. එකත් අන්තිමට මම තමා හැදුවේ. දුක තමා ඉතින්.
තවත් දවසක් අපේ ඔෆිස් එකේ ඔන්න ඔහොම ගෙවුනා.

P.S:
මේ දවස්වල වැඩ ගොඩයි.  රස්සාවයි, ඉගෙනීමයි, ගෙවල් හෙවිල්ලයි, ඔය අස්සේ යාලු මිත්රයොත් ආශ්‍රය කරන්න ඕනෙනේ. ඉතින් වෙලා තියෙන විදිහට තමා ලියන්නේ.
අනික කලබලෙන්. එකට සමා වෙන්න ඕනේ.

Tuesday, July 6, 2010

හිපි කතා සහ අපේ කතා

මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවවුනේ පහුගිය දවසක 'තරුණ ගුරුවරයකුගේ සටහන්' බ්ලොග් අඩවිය ලියන අරුණ සර් ලියල තිබුණු ලිපි දෙකක් සහ ඊට ප්‍රතිචාර ලෙස ගොඩ නැගුනු කතාබහ. පලවෙනි ලිපිය තමා අර නෑදකම් පලහිලවුව ගැන අපි කවුරුත් දන්නා විහිලු කතාව, අනික ඊට ප්‍රතිචාර දක්වපු කොමෙන්ටුවක් නැවත පල කිරීම.
ඉතින් ඕක මත ලොකු සංවාදයක් ගොඩ නැගුනා, අපේ ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය ගැනයි, සුද්දගේ හිපි සංස්කෘතිය ගැනයි. එතන හරිහමන් සංවාදයක් ගොඩනගන්න මම සැහෙන්න උත්සහකරා. නමුත් 'යන්නේ කොහෙද මල්ලේ පොල්' තත්වෙන් මිදෙන්න හැකියාවක් තිබුනේ නේ.
පළමු ප්‍රශ්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක. ශබ්දකෝෂයට අනුව සංස්කෘතිය කියන්නේ 'යම්කිසි තැනක පිහිටි සමාජයක් යම්කිසි කාල සීමාවක්තුල අනුගතවන හර පද්ධති, කලාකෘති ' වගේ සියලුමදේ. මෙතන වැදගත් වෙන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුලත කියන කොටස. ඔන්න ඔතනයි අපි ගොඩක් අයට එකග වෙන්න අමාරුවුනේ. නමුත් මම දකින විදිහට සංස්කෘතිය වෙනස් වෙනවා. වෙනස් වීම වෙන්න ගොඩක් කරුණු කාරණා බලපාන්න පුළුවන්. සමහර සංස්කෘතිකමය දේවල් පසුකාලීනව පහසුව තකා වෙනස් වෙනවා. තවත් සමහරදේ වෙනස් සංස්කෘතීන් එක්ක මිශ්‍රවීමෙන් ලැබෙනවා. තවත් සමහරදේ සංස්කෘතිය තුලට බලහත්කාරයෙන් ඔබනවා.


මීට වසර දහස් ගණනකට පෙර අපේ රටේ තිබුන සංස්කෘතිය නෙවෙයි අද තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් එහෙමයි. අනුරාධපුර යුගයේ වගේ උඩුකය නිරුවත්ව කාන්තාවකට අද ඉන්න බෑ. අඩුතරමින් රොබට් නොක්ස් කිව්වා නුවර යුගයේත් එහෙම හිටිය කියල. අපේ රටේ සංස්කෘතියට ඔය කාලේ මුලික වශයෙන්ම බලපාන්න ඇත්තේ බුද්ධාගම. බුදුදහමේ මුලිකම හරයක්වන පුද්ගල නිදහස ඉතාම හොදට තිබුන වෙන්න පුළුවන්. පසුකාලීනව ඉන්දියානු ආක්‍රමණ නිසා අපේ සංස්කෘතියට ඉන්දීය අභාෂය ලැබුන. පොළොන්නරු යුගයේ ශිව දේවාල වගේම, සඳකඩ පහනින් ගවය ඉවත්වීමත් අපි සාමාන්‍ය පෙළ පන්ති වලදී ඉගෙනගන්න හින්දු බලපෑම්. ඕවට අමතරව අද මේ දක්වාම අපේ පන්සල් වල දකින්න ලැබෙන දේවාලත් ඉන්දීය හින්දු අභාෂ තමයි මට තිතෙන විදිහට. ඔතන තියෙන්නේ සංස්කෘති දෙකක මිශ්‍රවිමක්. ඔය මිශ්‍ර වීම බලහත්කාරයෙන් වගේම ප්‍රයෝගිකත්වය නිසාත් වෙන්න ඇති. හරක් තියෙන සදකඩ පහන් කඩන්න ඇති බලහත්කාරයෙන් ඒ වගේම හින්දු අයට වදින්න පුදන්න දේවාල හැදෙන්න ඇති. සුද්දගැනත් ඉතින් ඔය ටිකමනේ. යස අගේට සරම අදාල සනීපෙට හිටපු අපේ අයියල සුද්දගෙන් එක දාගන්න කියල ටයි කෝට් අදින්න පටන් ගන්න ඇති ඔය මහා ගිනි අව්වේ. ඒ වගේම සුද්ද කියන්න ඇති උබල අපි වගේ ඇන්දේ නැත්නම් එකෙක්වත් ලියන මහත්තයක්වත් කරන්නේ නෑ කියල. උඩුකය නිරුවත්ව හිටපු අපේ කාන්තාවෝ දැකපු සුද්දෝ කියන්න ඇති, අපේ වික්ටෝරියා මහේෂිකා උන්නාන්සේ කියල තියෙන්න කාන්තාවෝ උනාම සංවරව මුළු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියල, ඉතින් උබලත් ඒ විදිහට හිටපල්ලා කියල. ඉතින් ඔන්න ඔහොම සංස්කෘති මිස්රවෙලා අද අපිට තියෙන සංස්කෘතියට ඇවිල්ල තියෙනවා.
නමුත් අපේ අරුණ සර් හිතන්නේ වෙනස් විදිහකට. කාන්තාවක් උනාම පිළිවෙලට නියමාකාරයෙන් ආරිය සිංහල බෞද්ධ ඇදුමක් වෙන සාරිය ඇදල ගියාම බස් වල ජැක්වදින්නේ නැතිලු. සාරිය ආරිය සිංහල ඇදුමක්ද නැත්ද කියන එක පැත්තකින් තියමුකෝ.(http://en.wikipedia.org/wiki/Sari) මම මේවගේ තර්ක ඉදිරිපත් කලේ ඉස්කෝලේ 8 - 9 වසර වලදී විවාද තරගවලට. කිසිම පදනමක් නෑ, නමුත් සැකයේ වාසිය ලබාගන්න. නමුත් හරිහමන් කතිකවකදී ඔයිට‍ වඩා තාර්කික වෙන්න ඕනේ.  මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියන එක අපේ සංස්කෘතියට ආවේ වික්ටෝරියන් සුද්දගේ සංස්කෘතියෙන්. ඉතින් ඔය කියවෙන්නේ මීට ආවුරුදු 500 විතර කලින් අපේ සමාජයට යහපත් කියල කාවද්දන ලද අදහසක් කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව මේක ඔරිජිනල් ශ්‍රී ලංකන් කොන්සේප්ට් එකක් නම් නෙවෙයි. අනික මම දකින විදිහට කාන්තාවට සම්පුර්ණ අයිතියක් තියෙනවා තමන්ට ඕනේ ඇදුමක් අදින්න. තමන්ට ලස්සන කකුල් දෙකක් තියෙනවනම් එක පෙන්න අදින එක පවක් නෙවෙයි. හැබැයි ඔය බස් එකට නගපු ගමන් ජැක් ගහනඑක නම් දකුණු ආසියාවේම පොදු දෙයක්. (දකුණු ආසියාවේ ඇරෙන්න වෙන රටවල මම දැකල නම් නෑ. කවුරු හරි දන්නවනම් කියන්න) එතන තියෙන්නේ මම දකින විදිහට සේක්ෂුවල් ඩිප්රේෂන් එක. එකටත් එක්තරා දුරකට අපි ඔලුව උඩ තියාගෙන උදේ හවස මල් පූජා කරන, අපේමයි කියල හිතන් ඉන්න, සුද්ද අපිට හදුන්වල දුන්න වික්ටෝරියන් චින්තනේ වගකියන්න ඕනේ. අද ඔය තත්වේ බටහිර රටවල නෑ. නමුත් කිහිපදෙනෙක් යල්පැන ගියපු අදහස් හිස උඩතියන් ජීවත්වෙනවා. ඒ අය හදන්නේ අපේ සංස්කෘතිය කාලනුරුපව වෙනස්වීම වලක්වන්න. මට මතකයි මිට වසර ගණනකට පෙර ගැහැණු ළමයෙක් ජීන්ස් අදිනවට අපේ ඔය කට්ටිය විරුද්ද උනා. නමුත් අද ගොඩක් ගැහැණු ළමයින්ගේ අඩුම එක. අදින්න පහසුයි. වැඩි වියදමක් නෑ. ලස්සනයි. ඉතින් එහෙම එකක් අදිනවට විරුද්ද වෙන එක මම දකින තරමින්නම් මෝඩ කමක්. සරලවම මම කියන්නේ මෙච්චරයි මට ඕනේදේ අදින්න මට නිදහස තියෙන්න ඕනේ.
කට්ටිය මාත් එක්ක එකග වෙන එකක් නෑ ගොඩක් දේවල් සම්බන්දයෙන්, නමුත් පොඩ්ඩක් හිතන්න අපි කොච්චර විසිල් ගහල ඇතිද, සූව දාල ඇතිද පාරවල්වල. කොච්චර පිළිගන්න අකමැති උනත් ඕව දැන් අපේ සංස්කෘතියේ කොටසක්. සංස්කෘතියෙන් එලියට විසිකරනවද නැත්ද කියන එක කාලය සහ ඉදිරි පරම්පරාව තීරණය කරයි. නමුත් එකක් මට හොදටම විස්වාසයි, යහමග පෙන්විය යුත්තේ තලිබාන් මානසිකත්වයකින් නෙවෙයි. බොහොම විවෘතව කතාබහ කරලා සංවාදයක් ලෙස.
අපේ ගොඩක් අය තවම සුද්දට ගරහන එක අතැරලා නෑ. නමුත් ඇත්තටම ගරහන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් මට තියෙනවා. සංස්කෘති දෙකක්, හර පද්ධතීන් දෙකක් එකිනෙකට සංසන්දනය කරන්න නිර්ණායක මම දැනුවත්ව නම් නෑ. ඔයවගේ දෙයක් එළිපිට කට කරනවා කියන එකෙන් වෙන එකමදේ සුද්දට කත අදිනවා, කඩේ යනවා කියල කාර්ඩ් කෝටියක් සෙට් වෙන එක විතරමයි. නමුත් ඕනෙම සමාජයක යහපත් කියල පිළිගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සමාජයතුල දරුවෝ දෙමවුපියන්ට ආදරයෙන් සලකන විදිහ අනිත් සමාජයන්ට හොද ආදර්ශයක්. එවගේ සුද්දගේත් තියෙනවා හොද ගති කිහිපයක්. උදාහරණයකට ගත්තොත් ඊයේ මම දවල්ට කන්න ලග තිබිච්ච කඩේකට ගියා. කඩෙන් එලියට එනකොට මට පොඩ්ඩක් කලින් තව මනුස්සයෙක් එලියට බැස්සා. එලියට බැහැල පොර මට කියනවා 'Sorry, I didn't see you' හේතුව මම එලියට බහිනකන් දොර ඇරන් ඉන්න බැරි උනාට. ඔහොම විතරක් නෙවෙයි සමහර වෙලාවට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ළමයට එයාගේ පන්තියට යන්න දොර ඇරලා අල්ලන් ඉන්නවා. මමනම් ලංකාවේ කිසිම ආයතනයක ඔයවගේ නිහතමානී කමක් දැකල න.  සිසුවෙක්ට දොරක් ඇරලා දෙන එක කරන්න අපේ ගුරුවරු පසුබටවෙනවා. තමන්ගේ ගරුත්වයට හොද නෑ කියල. නමුත් ඔය නිහතමානිත්වය අපේ රටටත් ගන්න පුලුවන්නම් කොච්චර හොදද. අනිත්දේ තමයි වාහන පදවන විදිහ. ඇති බහුතරය බොහොම ආරක්ෂිතව වහනය පදවනවා. සීබ්‍රා ක්‍රොසින් එකක් ගාවට අපි ගියත් පාරේ වාහන නතර වෙලා ඉවරයි. පාරක වාහනයක නලා හඩක් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින්. පොලිසිය අකුරත් නීතිය ක්‍රියාවේ යොදවනවා. ඉතින් ඔයවගේ යහපත්දේ දකින්න අමාරු මොකද අපිට. අපේ සමාජයට, සංස්කෘතියට ඕව එකතු කරගන්න එක එච්චර නරක දෙයක් නෙවෙයි.


තව අපේ ගොඩක් අය හිතන දෙයක් තමයි, අපේ සංස්කෘතියේ හැටියට බටහිර තියෙන සංගීතය ගැලපෙන්නේ නෑ කියන එක. එකත් ඔක්කොම නෙවෙයි, ඔය අකොන් වගේ ගායකයන්ගේ සින්දු. මටනම් ඔය කතාව තේරෙන්නෙම නෑ. සංගීත රසවින්දනය කියන එක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහරුන්ට අමරදේවයන් රසවිදින්න පුළුවන්, තව අයට අකොන් රසවිදින්න පුළුවන්. තව අය ලයනල් රන්වලයන්. තව අයට පුළුවන් ඔය කිහිප දෙනෙක්ම රසවිදින්න. ඒවගේමතමා අමරදේවයන්ගේ සමහර සින්දුවලට අමරදේවයන්ට කැමති අය අකමැතියි. අනිත් අයටත් එහෙමමයි.  අනික සින්දුවක රුපරචනය කියන එක අල්ලාගෙන සින්දුව පතුරුගහන එක වැරදියි. අනික සිංදුවල කුණුහරුප කියනවා කියනවනම් අපේ බන්දුල නානායක්කාර මහත්මය රචනා කරපු 'බිසරු ලියන මැද ' සින්දුව තහනම් කරන්න ඕනෙනේ. මම දන්නා තරමින් ඔය සින්දුවලින් උලුප්පා පෙන්වන්නේ සෘන්ගාර රසය. ඒකරසවිදින්න බැරිනම් එතන තියෙන්නේ පුද්ගලික නොහැකියාව මිසක් යහපත් සංස්කෘතියක් නෙවෙයි.


සමස්තයක් විදිහට ගත්තම මට කියන්න ඕනේ මෙච්චරයි. ඕනෙම සංස්කෘතියක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒකට අනුගත වෙන්න බැරි වුනොත් අර මාර්ටින් වික්‍රමසිංහ මහත්මය කිව්වා වගේ, වදවෙලා යන්න තමයි වෙන්නේ. අනික මේ ලෝකේ සන්පුර්ණ යහපත් කියලවත් අයහපත් කියලවත් දෙයක් නෑ. හැමදේකම හොද වගේම නරකත් තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අර හංසයා වතුරෙන් කිරි වෙන්කර ගන්නවවගේ යහපත්දේ එකතු කරගත්තේ නැත්නම් අපිටමයි පාඩු වෙන්නේ.


යහපත් සංවාදයක් මෙම ලිපිය මතින් ගොඩ නැගේවි කියල මම හිතෙනවා.




කොමෙන්ට්ස් එකක්වත් නෑ කියල පෙන්නුවට ගනන්ගන්න එපා. '0 Comments' කියලා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. දාලතියෙන කොමෙන්ට්ස් පෙනෙවි.

Tuesday, May 11, 2010

තවත් සර් කෙනෙක්

ඩයස් සර්ගේ කතා කිව්වම තමයි මතක්වුනේ, අපේ තව සර් කෙනෙක් හිටියා X සර් කියලා. උසස් පෙළ අපේ පංතියට එහා පංතියට සංයුක්ත ගනිතය තමා පොර ඉගැන්නුවේ. මෙයාට ලොකු ඕනේ කමක් තිබ්බා තමන් ඉංග්‍රිසි හොදට දන්නවා කියලා පෙන්නන්න. ඉතින් ඕක හින්දම පොරට මඩ ගහන්න කොල්ලෝ  කතා හදලා තිබ්බා. එකක්වත් ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ. (එක කතාවක් ඇරෙන්න, මොකද ඒක වුන තැන මමත් හිටියා.)

දවසක් අපේ විදුහල්පතිතුමායි X සරුයි අතර පොඩි දෙබසක් ගිහින් තියෙනවා මෙන්න මෙහෙම.
විදුහල්පතිතුමා :X, Do you have children?
X සර්: Yes Sir, I have two daughters, both are girls


තව දවසක් පොර ස්ටාෆ් රූම් එකේදි ගුරුවරියක් ගැන මෙහෙම කියල තියෙනවාලු.
"She is very deposit"
කට්ටිය ෆුල් හොල්මන්. පොර අදහස් කරල තියෙන්නේ අර  ගුරුවරිය හරිම තැන්පත් කියලා කියන්න.


ඔහොම ඉන්නකොට සර්ට බයිපාස් සැත්කමක් කරන්න වුනා. ඕක කරල දවසක් අපේ පන්තියට එහා පැත්තේ පන්තියේ උගන්නනවා. අපේ උන්ට වැඩක් නැතිව කෑගගහා හිටියේ. ඉතින් සර්ට උගන්නන්න අමාරුයිනේ. ආව අපේ පන්තියට.
ඇවිල්ලා ලොකු දේශනාවක් පටන් ගත්තා. කොච්චර දුර ගියාද කියනවනම්, අන්තිමට සර් සැත්කමෙන් පස්සෙ නුවර එලියේ නිවාඩුවට ගිය හැටිත් කිව්වා. නුවර එලියේ ගිහින් නිකන් ඉන්න බෑනේ. කරපු ඒවත් කිව්වා. මෙන්න මෙහෙම.
"බලන්න පුතාල, ඉස්සර වගේ මට එහේ මෙහේ ඇවිදින්න බෑනේ. ඉතින් මේ පාර ගිය වෙලේ කරන්න පුලුවන් වුනේ අස්සයා පිට පොඩි walk එකක් යන එක විතරමයි."

තව දවසක් කොල්ලෙක් කෑගහල පන්තියේ. සර්ට හොදටම තද වෙලා.
පන්තියෙන් එලිය පෙන්නලා සර් කියල "Get out" කියලා.
දැන් ඉතින් පොර එලියට බැහැල ඉන්නවා. විනාඩි 10-15 පස්සෙ දැන් සර්ට කියන්න ඔනේ මූට පන්තියට එන්න කියලා. සර්ට මතක් වෙන්නේම නැතිලු කඩ්ඩෙන් පන්තිය ඇතුලට එන්න කියන්න. එහෙමයි කියලා සිංහලෙන් කියන එක හරි නෑනේ. සරුත් බැස්සලු එලියට. පන්තිට අත දික් කරලා  කොලුවට කිව්වලු. "Get out" කියලා.

Friday, May 7, 2010

KNOCK KNOCK!!!!!!!!!!!!!

KNOCK KNOCK!!!!!!!!!!!!! 
Who's there ? ......
David ......
David Who ? ......
OPEN THE DAMN DOOR GORDON AND GET OUT OF MY HOUSE!!!!!!!!!!!


 කතාව එක පාර මීටර් වෙච්චි නැති අයට:
එංගලන්තේ අගමැති ගෝඩන් බ්‍රවුන් මහත්තයා ඊයෙ තිබ්බ චන්දෙන් පැරදිල මේ වෙනකොට. ඉතින් ඩවුනින් වීදියෙ අංක 10 වෙන අගමැති නිල නිවස බාර දෙන්න වෙනවා දිනපු ඩේවිඩ් කැමරොන්ට.

ඩයස් සර්

අපි ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ අපේ පන්තිබාර ගුරුතුමා වුනේ රසායන විද්‍යාව උගන්නපු ඩයස් සර්. සර් පොඩ්ඩක් වෙන්න මහතයි. අපි හරියට ඉගෙන ගත්තේ නැතිඋනාට බොහොම දක්ෂ ගුරුවරයෙක්. සර්ට තිබ්බා බොහොම ගැබුරු කටහඩක්. කතාකරද්දී පන්තියේ තිබ්බා මේස අනුනාද වෙනවා. කටහඩ වගේමතමා සර්ට මොනවා හරි කියන්න ඕනේ උනාම වචනත් ගලාගෙන එනවා. අද කියන්න හදන්නේ අපි ඒ පන්තියේ හිටපු අවුරුදු 2 සර් කියපු ඔයවගේ කතා දෙක තුනක්.
එක දවසක් අපේ පන්තියේ හිටපු එකෙක් චුවින්ගම් එකක් කනවා. ඉතින් අපේ ඩයස් සර් පොර දිහා බොහොම ආදරෙන් බලල අර ගැබුරු කටහඩ අවදි කර මෙන්න මෙහෙම.
"පියසේන, අපි නම් වමාරාකන වංශයේ නෙවෙයි"

තව දවසක් අපේ අන්තිම පේලියේ හිටපු ඩයල් එකක් කමිසේ උඩ බොත්තම අරගෙන ඉන්නවා, රස්නේයිනේ ඉතින්. පාඩමක් උගන්න උගන්න හිටපු සර් ඕක දැක්ක. පොර දිහා බලල කට කොනකින් හිනා වෙලා කිවුව නියම කතාවක් ආයේ කවදාවත් පන්තියේ කමිසේ බොත්තම් නොදා නොඉන්න.
"මිලින්ද දරුවා, තමා ඔය කමිසයේ බොත්තම විවර කරගෙන සිටින්නේ ස්වකිය එකම මයිල් ගස අන්අයට ප්‍රදර්ශනය කරනු පිණිසද?"   මිලින්දය දියඋනේ නැති එක විතරයි.

තව දවසක් පන්තියේ කතාවක් ගියා නිදහස් අධ්‍යාපනයේ පියා ගැන. ඔන්න ඉතින් අපේ සර් කියනවා.
"පියවරු වර්ග ගොඩක් ඉන්නවා. බත් දුන් පියා,  කොස් දුන් පියා, ජාතියේ පියා........ පිම්පියා "

Wednesday, April 21, 2010

හ්ම්ම්.....

ගොඩ දවසකින් ලියුවේ නෑ. ඇත්තටම ලියන්න හිතුනේ නෑ. මේ දවස්වල මගේ මූඩ් එක ටිකක් අල. ටිකක් නෙවේ හොදටම. හේතු ගොඩක් තියෙනවා. එකම ගෑනු ලමයා දෙවෙනි පාරටත් ග්‍රේව රැවට්ටපු එක එකක්.  ග්‍රේගේ ජීවිතේට වැදුනු දරුනුම පාර ඒක තමා.   
පලමුවෙනි වතාවට සිංහල අවුරුද්දේ ගෙදර නැති එක. ඒක නම් හිතට ගොඩක්ම වැදුනා. ගෙදර අම්මලත් එහෙමම හිතනබව මතක් වෙනකොට තවත් හිත අවුල්.
ඒ මදිවට ඔෆිස් එකෙත් කරන්න දෙයක් නෑ. මොකෝ දවසම ජන්ජාලේ ඉන්නව කියන එකත් පිස්සු හැදෙනවනේ. ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා කරන්න දේකුත් නෑ. පුදුම පාලුවක් තියෙන්නේ.

අපි සල්ලි හොයන්න කියලා ආවට ඒ වෙනුවෙන් කරන්නවෙන කැපකිරීම් මුදල් වලින් මනින්න පුලුවන්ද කියලා වෙලාවකට හිතෙනවා.
කොහොමින් කොහොමින් හරි අවුරුද්ද ඉවරයි, මට නම් ඉතින් තවත් එක දවසක් විතරක් උනා. මෙහේ ඉතින් ඔය නිවාඩු නෑනේ. තියෙන නිවාඩු ටික එකක්වත් නොගෙන බොහොම අමාරුවෙන් ඉතිරි කරන් ඉන්නේ අවුරුද්දේ අග ලංකාවට යන්න. ඔය අතරේ මගේ සන්චාරක සටහන් වැඩේ හිමීට පටන් ගන්නවා කියලා හිත හිත ඉන්නවා. අදහස් පොඩ්ඩක් වෙනස් කරලා සින්හලෙන් මේකෙම ලියනවා කියලා හිතාගත්තා. වෙනම ඉන්ග්‍රිසි එකක් කරනවා.
අනික කියලා තියෙනවානේ  Idle mind is devils workshop කියලා. කොහොමත් මොකේක හරි යෙදිල ඉන්න එක හොදයිනේ.

දැන් ඉතින් අදිශ්ටානයෙන්, අභීතව ඉදිරිය ගැන හිතලා වැඩ කරනවා. ඔය මොනවත් හින්දා මම දුකින් ඉන්න ඕනේ නෑනේ. අඩු ගානේ එහම ඉන්න හරි උත්සාහ කරනවා.

Tuesday, April 13, 2010

ජීවන වියදම සහ අපේ වියදම්

මේ දවස්වල ගොඩක් දෙනෙක් කියන දෙයක්නේ ජීවන වියදම වැඩියි කියන එක. වෙන්න පුලුවන්, බඩු හැමදේම ගනන් තමා. අපේ ලංකාවේ විතරයි ඔහොම වෙන්නේ කියල ගොඩක් අය කිව්වට ලෝකේ ගොඩක් රටවල කතාවත් ඕකමයි කියල තමයි ග්‍රේට හිතෙන්නේ. මුලින්ම කියන්න ඔනේ මේක දේශපාලන ලිපියක් නෙවේයි, අපේ ආකල්ප ගැන තියෙන විස්තරයක්. උදාහරනයට ගන්නේ ග්‍රේවම තමයි. නමුත් මම හිතන්නේ අපි ගොඩක් අයත් මේ ගොඩට අයිතියි.
ග්‍රේ මුලින්ම රස්සාවකට ගියේ බොහොම අඩු පඩියකට. ඇත්තම කියනවනම් අපි බොහොම අඩු පඩි ලබනවයි කියල කියන ඇගලුම් කම්හල් සේවිකාවක් ඒ කාලේ ග්‍රේට වඩා පඩියක් ලැබුනා. හැබැයි ග්‍රේට ඉතින් බෝඩිමටයි, කන්නයි වියදන් උනේ නෑ. මොකද ගෙදරින් ඒවා හම්බු වෙච්චි නිසා. නමුත් ග්‍රේ අනිත් අය වගේ මාසෙ අන්තිමට රිම් එකට වැටුනේ නෑ. කවදාවත් සාක්කුවේ ලොකු ගානක් තිබ්බේත් නෑ, තියාගත්තෙත් නෑ. සතිඅන්තයේ පන්ති යනකොට අනිත් අය වගේ කඩේන් කන්න ගියේ නෑ. ගියත් කන්න ගියේ ලාබෙට කන්න පුලුවන් සයිවර් කඩේකට. ලැබෙන විදිහට ජීවත් වුනා.යාලුවො එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න වුනාම ගියේ පාරේ බස් එකේ. පුලුවන් තරම් ලාබෙට. පුලුවන් විදිහට ඉතුරු කරා, ඉතුරු කරගත්තු සල්ලි වලින් තව විභාග කිහිපයක් කරගත්තා.

ඇදුමක් ගන්න උනත් ග්‍රේට දරන්න පුලුවන් ලොකුම තැන වුනේ ෆ්‍රෙන්ච් කොර්නර් (දැන් නෝ ලිමිට්) එක තමා. නමුත් අවුරුදු කීපයකට පස්සෙ පටන් ගත්තු ගාන වගෙ 25-30 ගුනයක පඩියක් ලබනකොට ග්‍රේගේ අදහස් ටිකක් වෙනස් වුනා. සයිවර් කඩේ වෙනුවට මැක් එකක් ආදේශ වුනා. නෝ ලිමිට් වෙනුවට, ඔඩෙල්, රොමාෆොර්, හමීඩියාස් ආව. සරලවම කියනවනම් ආදායමත් එක්ක අවශ්යතා වැඩි වෙන්න පටන් ගත්තා. එක අතකින් බැලුවොත් අවශ්යතාම නෙවෙයි. එකම අවශ්යතාවන් ටික තමයි.නමුත් පොඩි හැගීමක් ආව සයිවර් කඩේට වඩා මැක් එක, ඩයින් මොර් එක සිරා කියලා. අතේ සල්ලි තිබ්බේ නෑ, නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා. ට්‍රිප් යන්න කාර් එකක් ඔනේ වුනා.
අද ග්‍රේ එදා මුල් පඩියට වගේ 200 ගුනයකට ආසන්න ගානක් හම්බ කරනවා. ඔඩෙල් වෙනුවට යන්නේ මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර් නැත්නම් ජෝන් ලුවිස්. මැක් එකක් දිහා බලන්නේවත් නෑ. එලියෙන් කනවනම් සිරා ෆයින් ඩයිනින් තැනකට යනවා. ට්‍රිප් යන්නේ වටේ පිටේ තියෙන රටවලට.

මන් මේත්න කියන්න හද්න්නේ අපේ ආදායමත් එක්ක අපේ අවශ්යතා වල ස්වරූපය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. තමන්ගේ අවශ්යතාවන් වලට ගැලපෙන විදිහට වියදම් කරන්න පුලුවන්නම්, ඒකට අවශ්ය කරන විදිහට අපේ ගාව මුදල් තියෙනව්නම් කිසි ප්‍රශ්නයක් නෑ වියදම් කරන එකේ.
නමුත් හිතන්න මම මේ කතාවේ පලමුවෙනි ලෙවෙල් එකේ ආදායම ලබද්දි දෙවෙනි නැත්නම් තුන්වෙනි ලෙවල් වියදම් කිරිල්ලක් කරා කියලා. මට කවදාවත් මෙච්චර ඉක්මනට ආදායම් මට්ටම ඉහල යවාගනත් බෑ. ක්ලීන් සූට්, එම්ප්ටි පොකට් විදිහට තමා සදාකාලිකව ඉන්න වෙන්නේ. මම දකින විදිහට අපේ ගොඩක් අයට වෙලා තියෙන දෙයක් තමා එයාල හිතන්නේ ඉගෙන ගෙන ඉවර වෙච්චි ගමන්ම මහා ලොකු පඩියක් එක්ක රස්සාවක් තියෙන්න ඕනේ කියලා. මාත් කැමතියි ඉතින් එහෙම වෙනවා නම්, වැඩේ ඉතින් එහෙම වෙන්න නම් ඉතින් මරේ මරු කේන්දරයක් ඔනේමයි. ඊලගට වෙන්නේ සාමන්ය ගානක් ලැබෙන රස්සාවක් කරනකොට අර කලින් කියපු වියදම් කිරීම කරන එක. ඒකත් වැරදී.
මුලින්ම අපිට පුලුවන් වෙන්න ඔනේ ලැබෙන ආකාරයට ජීවත් වෙන්න. ගෙදරටවත්, යාලුවන්ටත්, රටටත් බරක් නොවී. බුදු හාමුදුරුවෝ උනත් කියලා තියෙනවනේ වියදම් කරන්න ඕනේ හැටි. අන්න ඒ විදිහට කරොත් කිසිම ගැටලුවක් නෑ.
මගේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා මම කියන්නේ නෑ. ඒක ජපානේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ දියුනු උනා වගේ වගේ වැඩක්. සමහර දේවල් නැතිවුනා ඒක නිසා.
ඔය මොනවා කරත් අන්තිමට වැදගත් වෙන්නේ හිතේ සතුටනේ. ඉතින් මට නම් සතුටින් ඉන්නවා කියන්නේ කාටවත් ණය නොවී නිදහසේ ඉන්න එක.
ඉතින් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ පිස්සෝ වගේ වියදම් කරලා ඊට පස්සේ ආන්ඩුවටයි ඇමරිකාවටයි බනින්නේ නැතුව, තමන්ට ගැලපෙන විදිහට වියදම් කරන්න හිතාගන්න. (පිස්සො වගේ වියදම් කරන අය ) එහෙම කරල හරියන්නේ නැත්නම් විතරක් ආන්ඩුවට බනින්න. 

කට්ටිය ඔක්කෝටම ජය සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

Tuesday, April 6, 2010

I'm Back

දවස් හතරක චාරිකාවක් නිමා කරලා ඔන්න මම ආයේ ආව. අම්බානට වහිනව කියල තිබ්බට පොඩි පොදයක් ඇරෙන්න වෙන කිසිම වැස්සක් තිබ්බේ නෑ. අර Ansh Lucky Sri Jay කිව්වා වගේ මම සින්දුව කියපු නිසාද, Nishacharaya ගේ ඊ-මේල් එක දෙයියන්ට ලැබිලද, නැත්නම් මේ අසරන නර පනුව ගැන දුක හිතිලද මන්දා, වැස්සේ නැති එක නම් සෑහෙන්න ලොකු දෙයක්.
මගේ 8GB කාඩ් එක ඉවර වෙනකන් පින්තුර ගත්තා (1500 විතරා දැන් ඉතින දාන්නම්.
මගේ පොඩි අදහසකුත් තියෙනවා වෙනම සන්චාරක සටහන් තියෙන බ්ලොග් එකක්  ලියන්නත්, කම්මැලි කමට මේකෙම ලියයිද කියලා ශුවර් නෑ ඉතින්. මේක හිතුනේ මගේ පින්තුර එකතුව හරහා යනකොට, යුරෝපයේ වගේම ලංකාවෙත් හොද පින්තුර එකතුවක් තියෙනවා විස්තරත් එක්ක.
ඔයාල මොකෝ හිතන්නේ?
මේකම සන්චාරක තොරතුරු එකක් කරන්නද? අලුතින්ම එකක් ලියන්නද?

Wednesday, March 31, 2010

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්... අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්. ....

පොලොන්නරුවේ ගොවියො වැස්ස නැතිව වහ බොනකොට..ගොවි හාමිනේ සල්ලි නැති නිසා වෙන මොකක්ද වැඩක් කරන කොට (අර සා ප්‍රසංගේ කියන්නේ) වහින්න එපා කියලා මන් කියන්නෙ මොකෝ කියලා බලයි කට්ටිය.
කොහොමත් මං ඉන්න හරියේ ගොවියොත් නෑ. මෙහෙට වැස්සෙ නෑ කියල පොලොන්නරුවේ ගොවියට කෙල වෙන්නෙත් නෑ. ඉතින් ලොකු අවුලක් වෙන එකක් නෑ මගේ හිතේ.
වැඩේ මේකයි. මේ සතියේ සිකුරාදයි, ඊලගෙ සතියේ සදුදායි දෙකම නිවාඩු මෙහේ. (Good Friday, Easter Monday)
ඉතින් ග්‍රේයි තව යාලුවො සෙට් එකකුයි පැරීසියට යන්න ට්‍රිප් එකක් දාගත්තා. වැඩේ දැන් කාලගුනේ කියනවා අම්බානට වහිනවා කියලා සදුදා වෙනකන්. (http://news.bbc.co.uk/weather/forecast/40)
වැස්සොත් ඉතින් කියලා වැඩක් නෑ ඔක්කොම දෙල්ම තමා. ඉතින් කවුරු හරි වැස්ස නවත්වන්න දන්න කෙනක් ඉන්නව නම් ශේප් එකේ ඔය දවස් කීපය වහින්න නම් දෙන්න එපා පැරීසියට.

එහෙනම් au revoir කිවුවා..

Friday, March 26, 2010

ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවට

තද නිල් පාට බිත්ති වල ගාලා... දොඩං ගෙඩියෙ පොත්තෙ තියෙන තැබිලි පාට බඩු තියෙන කාර්යාලයක් ගැන මොකො හිතන්නේ....
අපේ සිංගප්පුරුවේ තියෙන ඔෆ්ස් එක අලුත් තැනකට ගෙනියලා..අලුත් තැන තමා ඔහොම තියෙන්නේ. අද උදේම (අපිට උදේ කියන්නෙ උන්ට ඉතින හවසනේ) ඔන්න අපි සෙට් එකකට වෙබ් කැමරා එකක් හරහා අලුත් ඔෆිස් එකේ හැටි පෙන්නුවා. කියලා වැඩක්නෑ.. ඇස් කඩාගෙන යන්නේ.
අපේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර්කාරයට කල්පනාවක් තිබ්බේ නෑ අපි මයික් දාල තියෙන්නෙ කියන දේ එහා පැත්තේ ඉන්න චව්වට ඇහෙනව කියලා.
මු කියපි
"F**k me, that looks like a 1970s porn movie!!!!"
හප්පා කියලා වැඩක් නෑ...ඔෆිස් පෙන්නන එක එතනින්ම ඉවරයි.

කට්ටිය හිනා වෙලා ඉවර වුනාම මම අපේ එකෙක්ට කිවුවා මම ඉගෙන ගත්තු කැම්පස් එකත් ඔය වගේ කියලා..
ගූගල් දෙයියන්ගෙන් හොයලා පින්තුරෙකුත් අරන් පෙන්නුවා.. මේක අහපි උබලා මේක පේන්ට් කරේ ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවටද කියලා...
පාට පාට ලෝකයක්නේ ඒක...ඔය මාලබේ හරියේ තියෙන්නේ... :)

Thursday, March 25, 2010

ලංකාවෙදි ගත්තු පින්තුර...

මේ පින්තුර ටික ගත්තේ මේ පාර ලංකාවට ගියාම. ත්‍රිකුණාමළෙයි, අනුරාධපුරයි, දඹුල්ලයි, පොළොන්නරුවෙදියි. (ලොකුවට බලන්න ඔනේ නම් පින්තුර උඩ  ක්ලික් කරන්න)

මේ ත්‍රිකුණාමළෙයි කොටුවේ ඉදන් උදේ පාන්දර ගත්තු එකක්

 ත්‍රිකුණාමළෙයි කොටුවේ ඇතුලේ ඉන්න මුවෙක්..

 කොටුවේ ගේට්ටුව
 පාසිකුඩා මුහුදු වෙරල...
 ගරාවැටුනු වාලච්චේන කඩදාසි සමාගම..දැනටත් මේකේ පොඩි කෑල්ලක් වැඩ
 තොප්පිගල...
 when the going get tough...the tough get going....
 හබරනදි දැකපු සීයා කෙනෙක්...

 රන්ගිරි දඹුලු විහාරය...
 සිගිරිය.
 රුවන්වැලි සෑය
 අභයගිරිය
 පොලොන්නරුව වටදාගේ

 සිව කොවිලක්
 ලංකාතිලකය
 ගල් විහාර පිළිම
 නෙලුම් පොකුන

මල්ටි ප්ලග්

මං මෙහෙට ආපු ගමන් ගත්තු පළවෙනි බඩුව තම මල්ටිප්ලග් එකක්. (එක්ස්ටෙන්ශන් කෝඩ් එකත් එක්ක ) මුලින් ඕකට ගැහුවේ මගෙ මොබයිල් එකේ චාජර් එක විතරයි. පස්සෙ මගේ ලැප්ටොප් එක ගහන්න ගත්තා. ඇදුම් මදින්න අයන් එකකුත් ගහන්න ගත්තා. රස්සාවට යනකොට ඒකේ ලැප්ටොප් එකයි, බ්ලැක්බෙරියයි ගහන්න ගත්තා.
හීතල කාලෙට ඉන්න පොඩි හීටරෙකුයි, රැවුල කපන්න ට්‍රිමර් එකකුයිත් පස්සෙ එකතු උනා.
දැන් බලන් යනකොට එකේ ඉඩ මදි. ඒ විතරක් නෙවේ දවසක් පොඩ්ඩක් ලොඩ් එක වැඩි වෙලත් තිබ්බා.
වෙලාවකට හිතෙනවා අපේ ජීවිතත් ඔය වගේ නේද කියලා. අපි එක එක දේවල් එකතු කරගන්නවා. වයර් පටලව ගන්නවා. හැම දේම බදාගන්නවා. අන්තිමට ඔය ඔක්කොම දේවල් නිසා අපි හිතනව වැඩිවෙලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යනවා.
මල්ටි ප්ලග් එක නම් පරිස්සමෙන් පාවිච්චි කරන්න මන් දන්නවා. එහෙම නැත්නම් අලුත් එකක් ගන්න පුලුවන් £10-15 දීලා. නමුත් අපේ ජීවිත....

Wednesday, March 17, 2010

ඉතින් කාටද මේව කියන්නේ

මේක සිරාවටම අද වෙච්චි වැඩක්. අපේ යුසර්ලත් ඉදලා හිටලා ආතල් වැඩ කරනවා. අද උනේ මේකයි. උදේ පාන්දර එක අම්මන්ඩි (කියමුකෝ මේරි කියලා) කෙනෙක් අපේ 'ඊ ආර් පී' එකේ එයාගේ අකවුන්ට් එක බ්ලොක් කරගෙන. ඔන්න ඉතින් කෝල් එකක් දෙනවා.
Mary: Hi Grey, I can't login to the system.
Grey: Hi, Ok. Can you comeover so I can reset your account.

ඔන්න ඉතින් මේරි ආව කියමුකො විනාඩි පහකින් විතර.

Grey: Hi Mary, I'm going to reset your account and you need to give a new password.
Mary: Ok. Use my sisters name.

යකෝ මන් දන්නේ කොහොමද මේකිගේ නංගිගේ නම.

Grey: ok Whats her name?
Mary: Angela

ඔන්න ඉතින් අකවුන්ට් එක රිසෙට් කරලා දුන්නා. ග්‍රේ ආයෙ බ්ලොග් කියවන්න ගත්තා කියමුකො. මෙන්න ආයෙත් කෝල් එකක්.

Mary: Hey, I stil I can't login to the bloody system.
Grey: Let me check from here.
....strange I can login with your user name and password from here. Are you sure you type Angela correctly?

Mary: Who the hell is Angela??
Grey: Your password and your sister :S :S
Mary: My sisters name is Rebecca.

අම්මපා ඉතින් කාටද මේව කියන්නේ. :S

Tuesday, March 16, 2010

ALBERT EINSTEIN'S RIDDLE

වෙලාවක් තියෙනව නම් උත්සාහයක් කරන්න. මම නම් මේකෙ උත්තරේ හොයාගත්තා. :) ගූගල් දෙයියන්ගේ පිහිටන් කරන්න නම් එපා වැඩක් නෑ.
ALBERT EINSTEIN'S RIDDLE

ARE YOU IN THE TOP 2% OF INTELLIGENT PEOPLE IN THE WORLD? SOLVE THE RIDDLE AND FIND OUT.

There are no tricks, just pure logic, so good luck and don't give up.

1. In a street there are five houses, painted five different colours.

2. In each house lives a person of different nationality

3. These five homeowners each drink a different kind of beverage, smoke different brand of cigar and keep a different pet.

THE QUESTION: WHO OWNS THE FISH?

HINTS

1. The Brit lives in a red house.
2. The Swede keeps dogs as pets.
3. The Dane drinks tea.
4. The Green house is next to, and on the left of the White house.
5. The owner of the Green house drinks coffee.
6. The person who smokes Pall Mall rears birds.
7. The owner of the Yellow house smokes Dunhill.
8. The man living in the centre house drinks milk.
9. The Norwegian lives in the first house.
10. The man who smokes Blends lives next to the one who keeps cats.
11. The man who keeps horses lives next to the man who smokes Dunhill.
12. The man who smokes Blue Master drinks beer.
13. The German smokes Prince.
14. The Norwegian lives next to the blue house.
15. The man who smokes Blends has a neighbour who drinks water.

ALBERT EINSTEIN WROTE THIS RIDDLE EARLY DURING THE 19th CENTURY. HE SAID THAT 98% OF THE WORLD POPULATION WOULD NOT BE ABLE TO SOLVE IT.

Wednesday, March 3, 2010

වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට පොඩි අවස්තාවක්

මට පොඩි අවස්තාවක් දෙන්න පුලුවන් වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්න මේ අඩවියට වඩා හොද අඩවියක් නිර්මානය කරන එක. මේකට තරගයක් දෙන්න පුලුවන් විදිහට. (http://www.john-crane.co.uk/)
ඔයාලට තියෙන්නෙ මට prototype එකක් විදිහට මුල් පිටුවයි, තව පිටුවකුයි හදලා කොහේ හරි තැනකට upload කරන එක. ඔය http://box.net වගේ තැනක් හොද්යි.
zip ෆ්යිල් එකක් වගේ දාන්න. ඒක අතුලේ ඔයාලගේ ඊ-මේල් එකත් නොට්පෑඩ් එකක ලියන්න.
හොදම කෙනාට වැඩේ ඩෙනවා පොඩි ගෙවීමකුත් එක්ක.
හැබැයි සිකුරාදා වෙනකොට upload කරලා, upload link එකත් එක්ක comment එකක් දාන්න.

Monday, February 22, 2010

Oracle වලින් ඊ-මේල් යවමු

දන්නවනේ Oracle ගැන. තද database එකක්නේ. ඕකෙ code කරන්න තියෙනවා pl-sql කියල languageඑකක්. නිකන් Pascal වගේ. සරල scene එකක්.
ඉතින් මන් අද කියන්න යන්නේ pl-sql use කරලා ඊ-මේල් එකක් යවන හැටි.
Oracle දෙයියො ඔකට පැකේජ් එකක් (UTL_SMTP) ලියලම දීල තියනවා. මන් කියන්න යන්නේ අන්න ඒක ගැන. හැබැයි SMTP සර්වර් එකක් හරහා තමා යවන්නේ.

PROCEDURE Send_Email_(email_addr_ IN VARCHAR2, header_text_ IN VARCHAR2, body_text_ IN VARCHAR2) IS
rep_email_addr_ VARCHAR2(200);
c UTL_SMTP.CONNECTION;
email_ VARCHAR2(200);
PROCEDURE send_header(name IN VARCHAR2, header IN VARCHAR2) AS
BEGIN
UTL_SMTP.WRITE_DATA(c, name || ': ' || header || UTL_TCP.CRLF);
END;
BEGIN
email_ := email_addr_;
c := UTL_SMTP.OPEN_CONNECTION('AA.BB.CC.DD');
UTL_SMTP.HELO(c, 'AA.BB.CC.DD');
UTL_SMTP.MAIL(c, 'myemail@mydomain.com');
UTL_SMTP.RCPT(c, email_);
UTL_SMTP.OPEN_DATA(c);
send_header('From', '"Sender" myemail@mydomain.com');
send_header('To', email_);
send_header('Subject', header_text_);
UTL_SMTP.WRITE_DATA(c, UTL_TCP.CRLF || body_text_);
UTL_SMTP.CLOSE_DATA(c);
UTL_SMTP.QUIT(c);
COMMIT;


EXCEPTION
WHEN utl_smtp.transient_error OR utl_smtp.permanent_error THEN
BEGIN
UTL_SMTP.QUIT(c);
EXCEPTION
WHEN UTL_SMTP.TRANSIENT_ERROR OR UTL_SMTP.PERMANENT_ERROR THEN
NULL;
END;
raise_application_error(-20000,
'Failed to send mail due to the following error: ' || sqlerrm);

END Send_Email_;


ඔන්න ඔච්චරයි කරන්න ඔනේ. ඔන්න ඔහොම procedure එකක් ලියාගත්ත්ම ඔනේ වෙලාවක එකට කතා කරන එක තමා කරන්න තියෙන්නේ.
මෙන්න මෙහෙම
Send_Email_(‘recepient@yourdomain.com’, ‘budu amma..mail ekak’, ‘onna man liuwamak ewwaaaaa…’);
වැඩේ පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙහෙමයි.
මන් ලියලා තියෙන්නේ ඔරකල් ප්රොසිජර් එකක්. එකට වේරියබල් විදිහට යවන්න ඔනේ කෙනාගේ ඊ-මේල් ලිපිනයයි, ලියුමේ සබ්ජෙට් එකයි, ලියුමේ අතුලේ තියෙන ඒවයි ගන්නවා.එක තමා උඩම පේලි දෙකෙන් වෙන්නේ. ඊට පස්සෙ මම වෙරියබල් ටික ලියාගන්නවා. c කියුවේ අපේ SMTP server එකට තියෙන connection එක.
Pl-sql වල procedure අතුලේ තව procedure ලියන්න පුලුවන්. ඉතින් එහෙම එකකුත් මම ලිව්වා වැඩේ ලේසි වෙන්න.
ඔක්කොමට කලින් කනෙක්ශන් එක හදාගන්න ඔනෙනේ. ඔන්න අපි එක කරනවා. සර්වර් එකේ (පොර) IP ඇඩ්රස් එක දීලා කනෙක්ශන් එක ඇරගන්න හදනවා.
ඇරගත්තා කියමුකො..ඊට පස්සේ අපි නිකන් හෙලෝ කියනවා පොර අපිත් එක්ක කතා කරන්න ලැස්තිද බලන්න. එහෙම කරන්නේ බැරිවෙලා හරි පොර අපිව ගනන් ගත්තේ නැත්නම් අපි කියවන්න පටන් ගත්තම අපිටමනේ නෝන්ඩිය.
හෙලෝ එකත් නොන්ඩි නැතුව ගියා කියන්නෙ පොර කතාවට ලැස්තී කියලා. ඉතින් හිටු කියලා කියවන්න තියෙන්නෙ. කියවන එක උනත් පිලිවෙලට කරන්න ඕනෙනේ. මුලින්ම මම කවුද කියනවා. මේල් කියලා යවන කෙනාගේ ඊ-මේල් එක දාල කරන්නේ ඒක. ඊට පස්සෙ කියනවා කාටද යවන්න ඔනේ කියලා.
දැන් තමා වල්පල් කතා කරලා ඉවර වෙලා වැඩට බහින්නේ. අපි OPEN_DATA කියලා ඇරගෙන SMTP හේඩර් ඉන්ෆොමේශන් ටික යවනවා.
ඊට පස්සේ යවන්න ඕනේ එකත් ලියනවා WRITE_DATA වලින්. අපේ වැඩේ දැන් ඉවරයි. ඉතින් තව කියවන්න දෙයක් නැනේ. කොනෙක්ශන් එක වහලා දානවා.
යට ලියලා තියෙන්නේ බැරි වෙලා හරි අපිට කොහෙන් හරි සද්දයක් දැම්මොත් මේක කරන්න බෑ කියලා අපි කරන දේවල්. හැමොටම එක හැන්දෙන් බෙදන්න බෑනේ. ඉතින් අපි එක එක එවට එක එක දේවල් තමා කරන්නේ. ;)
ඔන්න ඔච්චරයි වැඩේ.
කාට හරි කවදා හරි ප්රයොජනවත් වෙයි කියලා හිතනවා. මොනවා හරි බුල් සීන් එකක් උනොත් අහන්න.

Friday, February 19, 2010

FileSystemWatcher වල වැඩ

අහල තියෙනවද .net වල තියෙනවා FileSystemWatcher කියලා ක්ලාස් එකක්. මේක් තියෙන්නේ System.IO ඇතුලේ.
මේකෙන් සිරා වැඩ ටිකක් දාන්න පුලුවන් හරියට පාවිච්ච් කරොත්. මේක නිකන් හරියට ඔය අපේ සමහර ගෙවල් වල ඉන්න බල්ලා වගේ. කවුරු හරි ආවොත් බුරනවා.
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
දෙයියො බුදුන් වැදලා පඩුරක් එහෙම ගැටගහලා Visual Studio open කරගෙන අලුත් project ඒක්ක ගන්න.

using System.IO;
කියලා උඩින්ම දාගන්න

FileSystemWatcher watcher;
class level එකේම හදාගන්න.

දැන් ඉතින් main එකේ හරි ඔයාලට ඔනේ තැනම කතා කරන එක තමා තියෙන්නේ.
private void CreateWatcher()
{

//Create a new FileSystemWatcher. ගෙදර ඉන්න බල්ලා

watcher = new FileSystemWatcher();


// නැට්ට වන්නන්න filter
watcher.Filter = "*.pdf";

//Subscribe to the Created event. (නැට්ට)
watcher.Created += new FileSystemEventHandler(watcher_FileCreated);

//Set the path whatever the directory you want (ගෙදර)
watcher.Path = @listnerDir;

//ගෙදර අතුලේ කාමරත් ඔට්ටුයි
watcher.IncludeSubdirectories = true;

//Enable the FileSystemWatcher events.
watcher.EnableRaisingEvents = true;
}



දැන් මෙහෙමයි.. මං කලින් කිවුනේ මෙයා කවුරු ආවත් බුරනවා කියලා... අපි හිතමුකො අපි දන්න කෙනෙක් ආවම නැට්ට වන්නන්න ඔනේ කියලා..සරලයි..
ඔය මම දාල තියෙන්නේ filter එකක් එතෙන්ට එන කෙනාව අදුරගන්න පුලුවන් නම් එයා ආවම තමා නැට්ට වනන්නේ. දැන් මගේ එකේ නම් pdf එකක් ආවොත් තමා නැට්ට වනන්නේ.

ඉතින් දැන් මේක් run වෙනකොට ඔය බලන් ඉන්න තැන මොකක් හරි pdf file එකක් හැදුන ගමන් පොර නැට්ට වනනවා. ඉතින් වනන්න නැට්ටකුත් ඔනේනේ.
නැට්ට මෙහෙමයි.

void watcher_FileCreated(object sender, FileSystemEventArgs e)
{
//ඇතුලේ ඕනෙ මගුලක් කරගන්න පුලුවන්.
}



මෙකේ තියෙන ලොකු වාසියක් තමා ඉතින් ඔය රට වටේ file තියගන්නේ නැතුව තමන්ගේ MP3 ටික එක තැනකයි, Movies ටික තම කොහෙවත් තැනකටයි දාගන්න වගේ.
කරන්න ඔනේ එකමදේ copy කරන තැනට අහන් ඉන්න කියලා දාලා extenstion (or whatever) එක අනුව filter කරලා watcher_FileCreated ඇතුලේ file එක copy කරන කියලා තියෙන එක විතරඉ.
තව කරන්න පුලුවන් දේවල් හිතලා කියන්න. :)
එහෙනම් අදට ඇති. ජයවේවා කිව්වා.

Tuesday, February 16, 2010

ලංකාවෙ ගන්න පුලුවන් ස්කයිප් තියෙන ජංගම දුරකතන මොනවාද?

මගේ ලංකාවෙ ඉන්න යාලුවෙක්ට ඔනේ වෙලා තියෙනනවා ස්කයිප් තියෙන ජංගම දුරකතනයක්. උපරිම මිල වෙන්න පුලුවන් රුපියල් 25,000.
ඉතින් කවුරු හරි පිංවතෙක් එහෙම එකක් දන්නවනම් ලියල එවන්න. කොළඹ අවටින් වෙන්න ඔනේ ගන්න පුලුවන්.

Wednesday, February 3, 2010

ජාතික තොටිල්ල



1.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

2.
නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

3.
විජය තුමා තම්මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ

4.
දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය සුවෙන්

5.
තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

6.
දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

7.
ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ

8.
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

9.
සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ

10.
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

11.
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදුටු විසකටු නො රැකේ


12.
දනන් කෙරෙන් මෙලක් දිවේ
පළමුව බොදු බැති වුවේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ පුතේ

13.
ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා

14.
ගොස් මාගම් පුර පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා

15.
කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

16.
අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්


17.
තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

18.
තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ


19.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ


20.
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී


21.
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

22.
එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්


23.
ලියන 'තුරින් මෙ ලක් දිවේ
පළමුව මහ පළ ලැබුවේ
අප අනුලා දේවි වේ
එහෙම වෙයන් උඹත් දුවේ

24.
සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණියේ දේවී
මගේ පුතා නළවාවී

25.
වැද යුධ බිම නොම බිය වී
විහාර මහ රජ දේවී
පෑ විමන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේවී


26.
තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා


27.
වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්


28.
අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.
සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා


30.
මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු සොඳා

31.
සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා


32.
බුදු ගොස් මහ තෙරිඳු ලවා
දහමට අටුවා ලියවා
ඒ අප සිංහල දරුවා
සිරි ලක් දිව හෙළි කෙරුවා

33.
අත්නගලු වනයේ දී
මඟියෙකු හට හිස දන් දී
බුදු බව පැතු සඟබොධී
සිහි කරපන් සිත පෑදී


34.
අහසේ නිල් වළාකුලේ
ගැටෙන රුවන් කොතිනුදුලේ
දෙව්රම් මහ සෑය කෙළේ
මහසෙන් මහ රජු ඒ කළේ

35.
හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආ දා
සාදු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

36.
දැක කළු ලෙඩ නයෙක් එදා
අප බුදුදස් මහ නිරිඳා
කළ පිළියම් සිතන සඳා
උඹට පුතේ සැප ම සදා

37.
කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

38.
මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ

39.
ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ


40.
පද රස එක් කොට මෙ ලොවේ
කුස ජාතක කව් කෙරුවේ
දඹදෙනි පැරකුම් රජු වේ
ඉගෙන ගනින් මගේ දුවේ

41.
කළ වියකන විසුදු මගේ
වික්මැති ඒ රජුගේ රඟේ
සිහි වන මා පුතුගේ ඇඟේ
ලේ උණුසුම් වෙවී නැඟේ

42.
ඇති නම් මා අත කඩුවක්
මට සක් දෙව් කෙරෙයි කුමක්
මේ බස කියු සිහල පුතෙක්
උඹට පුතේ වෙයිද මතක්

43.
බලනේ කඳු මුඳුනේ දී
පරංගියා මැරුණ විදී
ඇසුවොත් පුත සිත පැහැදී
රාසිං දෙවියන්ට වඳි


44.
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ


45.
නිදහස් හිරු දෙව් එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරි ලක් මව් හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා

46.
නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ

47.
විජය අබා රජ්ජුරුවෝ
සැඬි දෙමළුන් වඳ කෙරුවෝ
පෙර අප සිංහල දරුවෝ
මෙ බඳු හපන්කම් කෙරුවෝ


48.
පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

49.
කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ


50.
ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා

51.
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

52.
මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ


53.
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි


54.
ගන්නෝරුවේ කඳු මුදුනේ
සිට රජසිහ එ දිනේ
නැංවු යුද හඬ මෙ දිනේ
රැව් දෙයි ම පුතුගේ සවනේ

55.
සිංහල ඊ පහර වැදී
පරංගි සෙන් වැටුණ විදී
සිහි කෙරුවොත් සිතින් ළැදී
නුඹට අදත් පෙනෙයි ඇඳි


56.
නිදහස් ලිය ලියලන්නේ
සම් මස් ඇට පොහොරින්නේ
මේ සිතිවිලි සමඟින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


57.
පිළගම දේවාලේ වැදී
සිටි නිරිඳෙක් බයෙන් බැඳි
රෑ සිහිනෙන් දුටු පරිදී
පින් පැණ යුත් පුතෙක් ලදී

58.
ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුරෙක නියා
වැටෙමින් සිටි සිංහලයා
ගේ නම ලොව පැතිර ගියා

59.
"නිවටුන්ගේ බිය සහදයි"
යනු කීවේ එ මහ රජයි
පුත නුඹගේ ගතයි හදයි
එ බසට යොමු කළොත් හොඳයි

60.
ලක එක සේසත් සෙවණේ
තැබු ඒ නිරිඳුගේ සරණේ
ලද ම පුතුට මුළු දෙරණේ
වෙන සැප කිම එම පමණේ

61.
"අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා

62.
ලැග සිටිමින් වහල් බවේ
මෙත් කෙරුවත් පලක් නොවේ
පුත නුඹ හද මල් ගොමුවේ
මේ මල් පිබිදිය යුතුවේ


63.
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

64.
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්


65.
මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්


66.
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

67.
සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට මෙතින්
බියක් සැකක් නො ව යහතින්
නිඳා ගනින් පුතේ ඉතින්

68.
බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතියෙන් උඹ වැනි දහසක්
අනේ පුතේ විඳින දුකක්

69.
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ

70.
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්

71.
විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී


72.
කව්සේකර ගුත්තිල දා
සසදා සහ මුවදෙව් දා
මේ සිංහල ගත් සමුදා
දෙයි ම පුතුට නැණ පහදා

73.
මියුරු කොවුල් සැළ පරෙවී
තිසර ගිරා සරණ අවී
මේ ගත්වල තියෙන කවී
රසය උරා බොනු මැනවී

74.
විදු සක්විති ඇදුරිඳුගේ
බුත්සරණේ තිබෙන අගේ
දැන ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

75.
විසතුරු පද අරුත් සොමී
එක් කොට පඬි ගුරුළු ගැමී
කළ දේ පොතින් වැහෙන එ මී
මගේ පුතාටත් කවමී

76.
සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසුදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී

77.
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

78.
කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ