Showing posts with label combined maths. Show all posts
Showing posts with label combined maths. Show all posts

Tuesday, May 11, 2010

තවත් සර් කෙනෙක්

ඩයස් සර්ගේ කතා කිව්වම තමයි මතක්වුනේ, අපේ තව සර් කෙනෙක් හිටියා X සර් කියලා. උසස් පෙළ අපේ පංතියට එහා පංතියට සංයුක්ත ගනිතය තමා පොර ඉගැන්නුවේ. මෙයාට ලොකු ඕනේ කමක් තිබ්බා තමන් ඉංග්‍රිසි හොදට දන්නවා කියලා පෙන්නන්න. ඉතින් ඕක හින්දම පොරට මඩ ගහන්න කොල්ලෝ  කතා හදලා තිබ්බා. එකක්වත් ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ. (එක කතාවක් ඇරෙන්න, මොකද ඒක වුන තැන මමත් හිටියා.)

දවසක් අපේ විදුහල්පතිතුමායි X සරුයි අතර පොඩි දෙබසක් ගිහින් තියෙනවා මෙන්න මෙහෙම.
විදුහල්පතිතුමා :X, Do you have children?
X සර්: Yes Sir, I have two daughters, both are girls


තව දවසක් පොර ස්ටාෆ් රූම් එකේදි ගුරුවරියක් ගැන මෙහෙම කියල තියෙනවාලු.
"She is very deposit"
කට්ටිය ෆුල් හොල්මන්. පොර අදහස් කරල තියෙන්නේ අර  ගුරුවරිය හරිම තැන්පත් කියලා කියන්න.


ඔහොම ඉන්නකොට සර්ට බයිපාස් සැත්කමක් කරන්න වුනා. ඕක කරල දවසක් අපේ පන්තියට එහා පැත්තේ පන්තියේ උගන්නනවා. අපේ උන්ට වැඩක් නැතිව කෑගගහා හිටියේ. ඉතින් සර්ට උගන්නන්න අමාරුයිනේ. ආව අපේ පන්තියට.
ඇවිල්ලා ලොකු දේශනාවක් පටන් ගත්තා. කොච්චර දුර ගියාද කියනවනම්, අන්තිමට සර් සැත්කමෙන් පස්සෙ නුවර එලියේ නිවාඩුවට ගිය හැටිත් කිව්වා. නුවර එලියේ ගිහින් නිකන් ඉන්න බෑනේ. කරපු ඒවත් කිව්වා. මෙන්න මෙහෙම.
"බලන්න පුතාල, ඉස්සර වගේ මට එහේ මෙහේ ඇවිදින්න බෑනේ. ඉතින් මේ පාර ගිය වෙලේ කරන්න පුලුවන් වුනේ අස්සයා පිට පොඩි walk එකක් යන එක විතරමයි."

තව දවසක් කොල්ලෙක් කෑගහල පන්තියේ. සර්ට හොදටම තද වෙලා.
පන්තියෙන් එලිය පෙන්නලා සර් කියල "Get out" කියලා.
දැන් ඉතින් පොර එලියට බැහැල ඉන්නවා. විනාඩි 10-15 පස්සෙ දැන් සර්ට කියන්න ඔනේ මූට පන්තියට එන්න කියලා. සර්ට මතක් වෙන්නේම නැතිලු කඩ්ඩෙන් පන්තිය ඇතුලට එන්න කියන්න. එහෙමයි කියලා සිංහලෙන් කියන එක හරි නෑනේ. සරුත් බැස්සලු එලියට. පන්තිට අත දික් කරලා  කොලුවට කිව්වලු. "Get out" කියලා.