Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Thursday, November 18, 2010

ආයුබෝවේවා මහරජාණෙනි!!



ඉන්වික්ටස් චිත්‍රපටිය බලපු අය අහල ඇති මෙන්න මෙහෙම දෙබසක්.
Brenda Mazibuko: You're risking your political capital, you're risking your future as our leader.
Nelson Mandela: The day I am afraid to do that is the day I am no longer fit to lead.

අද උපන්දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි මට ඔබතුමා ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. එදා කොටියට විරුද්දව බය නැතුව සම ගිවිසුමෙන් එලියට ගිහින් ඔබතුමා ලොකු අවදානමක් ගත්ත. ඒ අවදානම නොවෙන්න ලංකාවේ අදටත් ත්‍රස්තවාදය තියෙනවා. අද ලංකාවේ තියෙන සාමයට ආර්ථික පුනර්ජීවනයට ප්‍රධානම හේතුව ඔබතුමා කිව්වොත් මම නිවැරදි වෙන්න ඕනේ.
නමුත් ඔබතුමා හිටපු ගමන් ලොකු බුල් කෙලිනවා කියලත් කියන්න ඕනේ. උදාහරණයක් විදිහට හෙට ඔබතුමාගේ පදවි ප්‍රාප්තිය නිසා කොළබ වැඩි හරියක් නිවාඩු. ඒකෙන් රටට වෙන ආර්ථික පාඩුව ගැන ඔබතුමාට දුක නැතිව ඇති..නමුත් මට දුකයි.. අපි තාම නිකන් ඉදල සල්ලි හම්බකරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි. තව ඔය යාලු මිත්‍රයින්ට සලකන්න කියල මිහින් එයා වගේ මෝඩ වඩාත් ඉතින් ඉදල හිටලා කරනවා. නමුත් මට තාම ලංකාවේ ජනාධිපති විදිහට ඔබතුමාට වඩා සුදුස්සෙක් නම් කරන්න බෑ.

ඔබතුමා පළමුවෙනි පර ජනාධිපති වුනේ යුද්දේ ඉවර කරන පොරොන්දුවෙන්. ඔබතුමා එක හරියට කරා. දෙවෙනි පාර ජනාධිපති වුනේ චන්ද පොරොන්දු වලට වඩා ලංකාවේ මිනිස්සු කාලගුණ නොසලකන ජාතියක් කියල අහගන්න තිබ්බ බය නිසා වෙන්න ඇති කියල තාම මට හිතෙන්නේ. කොහොම හරි ඔබතුමා දැන් මගේ ජනාධිපති. මම කැසිනෝ වලට විරුද්ද නෑ, හම්බන්තොට වරයා හදනවටත් විරුද්ද නෑ. හැබැයි අර කෙල්ලෝ ටිකකගේ පින්තුර පත්තරෙයි, ටෙලියෙයි දාපු එකනම් අම්බ සවුත්තුයි. ඕව රටක නතර කරන්න ඕනේ දේවල් නෙවෙයි. හරියට නීතිගත කරලා පාලනයක් ඇතුව කරන්න ඕනේ. ඒ වගේම කෙල්ලට හොරෙන් වීඩියෝ කරලා ඕව තැන තැන දාපු උන් ටික අල්ලලා ගල් ගහල මරල දාන්න තමා වටින්නේ.

මට රටේ වෙන ඔක්කොම දැනගන්න ඕනේ නෑ. නමුත් ලංකාවට එකොනොමිස්ට් සගරාව එන එක පොඩ්ඩක් පරක්කු වෙනවා කියල ආරංචියක් ආවා. සාමාන්‍යයෙන් ඉකොනොමිස්ට් කියවන්නේ ලංකාවේ උගත් පන්තිය. ඒ අයට තොරතුරු දැනගන්න වෙන මාර්ග ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔය වගේ ඉදල හිටලා පරක්කු උනාට මගේ හිතේ උන්ට නම් පාඩුවක් නෑ. අර BBC කාරයට උතුරට යන්න දුන්නේ නෑ කියලත් ආරංචියක් ආවා. ඔය යක්කුන්ට යන්න දෙන්න වටින්නේ නෑ තමා. මුන් හදන්නෙම මොකක් හරි කරලා රට අවුලවන්නනේ. එතකොටනේ ඩොලර්, පවුම් එහෙම හම්බුවෙන්නේ. ජනමාද්‍යවේදියා කියන එකා අමුතු සතෙක් කියලනේ උන් හිතන් ඉන්නේ. එකට ඕනේ තෙනකට යන්න පුළුවන්, ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා සහ උන්ගේ පරම යුතුකම දන්නා හැම ඉටිගෙඩියම රට්ටුන්ට කියන එකයි කියලා. දෙවෙනි ලෝක යුද්දේ කාලේ අර චර්චිල් ලොක්ක කරා වගේ දෙන්න තියෙන්නේ එහෙම හිතන් ඉන්න උන්ට. ඒකෙන් කියන්නේ නෑ ඔබතුමා කරන ඔක්කොම හොර වඩා වලට කට වහන් ඉන්න ඕනේ කියලා. ඒවානම් කියන්න වටිනවනේ.

ඔබතුමා දැන් අහමදජින් ලොක්ක එක්කයි, හු ජින්ටවෝ අයිය එක්කයි බොහොම කිට්ටුයි කියලත් ආරන්චියි. බොහොම සතුටුයි. අනිත් උන් කොන් කරාට අපි කොන් කරන ඒක වැරදියිනේ. අනික දෙගොල්ලොම හොදට සලකනවනේ අපිට. පුලුවනම් ඔය අස්සේ අර ඔබාමා කොලුවටයි, එලිසබෙත් ඇන්ටිටයිත් ලාවට එකක් දාගන්න, මොකෝ පාඩුවක් වෙනවා කියලය. එක දාගත්තොත් ලබන අවුරුද්දේ විලියම් කුමාරය බදිනකොට ඔබතුමාටත් වෙඩින්එකට ආරාධනාවක් ලැබෙයි මහවාසලෙන්. කාටද ආඩම්බර.

ඔය හම්බතොට වරයා හදන අතරේ හෙමිට පුලුවනම් කොලබයි, තිරිකුනාමලෙයි, මන්නාරම හරහා ඉන්දියාවයි යාකරලා කොච්චි පාරකුයි හොද අධිවේදී මර්ගකුත් හදන්න. ඊට පස්සේ අහමදජින් ලොක්කට කියලා න්‍යෂ්ටික බලාගාරයක් ගහන්න යාපනේ පැත්තේ. පොර ඉල්ලන පරක්කුවට දෙයි. තෙලුයි වතුරයි පුච්චලා විදිලිය හදන්න බැනේ හැමදාම. රටට යන කලක් තියෙන්න ඕනෙනේ.

අනික මේ දවස්වල සංචාරකයෝ මහා ගොඩක් එන එකේ, දැන් කසිනොත් තියෙන එකේ, මොකෝ කියන්නේ රතු එලි තියෙන ඒරිය එකකුත් දාමුද ඔය කොහේ හරි. මොකෝ අපේ රටේ දැනට නිකන් වෙන්නේ නෑ වගේනේ අපේ අයියල කට කරන්නේ. ඕව සිම්පල් වැඩනේ.

අනික ඔය කැම්පස් වල තියෙන්න අන්තරේ කියලා එකක්..අන්න උන්ට හොදට නෙලන්න.. එකට අර ඔබතුමාලගේ පක්ෂ කණ්ඩායම් ටිකකුයි, අර ගස් බදින පිස්සු බල්ලවයි ගත්තනම් හරි. එකත් බලන් ඉන්නේ කාව හරි හපන්නනේ. හැබැයි කුක්කු ටිකක් දුන්නොත් ඕකට මෙලෝ සිහියක් නැතිවෙයි කියලත් බයක් නැත්තෙත් නෑ.
ඔය රට වටේ දාන්න යන පවුද්ගලික විශ්වවිද්‍යාල නම් මරුම අදහස...ඕක කරන්න තිබ්බේ ගොඩක් කාලෙකට කලින්. මොකෝ නිදහස් අද්යපනේ කියලා හෙමොටම නිකන් ඉගෙන ගන්න දෙන්න බැනේ. සල්ලි තියෙන එක ගෙවල ඉගෙන ගත්තම අනිත් උන්ට මොකෝ..උනාට අමාරු නම් කියන්න තියෙන එකම දේ ඉරිසියාව කියලා..එක අර රුසියාවටත් වඩා ලොකුයිලුනේ.
අර ලෙඩ්ඩුන්ව අපෙට තියාගන්න දොස්තරලට ඔලුවටයි බඩටයි දාගන්න කියලා ටයර් දෙකකුයි, නාගන්න කියලා පැට්‍රොල් බෝතලෙකුය් දුන්නටත් කමක් නෑ.

අනික දැනට ඔබතුමාට තරෙග්කුත් නෑනේ චන්ද ගැන. මොකෝ අර ගේ ලෝර්ඩ් මේ ආත්මේ දිනන්නේ නෑනේ. අනික ජෝප්පෝ උනත් දැන් ඉන්නේ ඇටිකෙහෙල් කපු වදුරෝ වගේ. ෆොන්සේකා මහත්තත් ඉතින් දැන් අවලංගු වෙච්චි රුපියලේ කාසියක් ගානට වටිලානේ. තව කාට බය වෙන්නද... ඔන්න ඔහේ බය නැතුව ඔය වැඩ ටික කරලා දන්නා.
කරන අතරේ ඉතින් ඔය කීයක් හරි ගහගත්තා කියලා අපිට ලොකු අමාරුවක් නෑ. කොහොමත් එක අපේ රටේ දේශපාලනේ හැටිනේ. හෙබෙයි එහෙම පිටින්ම ගහන්නේ නැතුව පොඩි ගානකින් හරි වැඩේ කරන්න හරියට.

ඔන්න ඔය ටික ඔබතුමා ඉන්න ටිකේ කරන්න පුලුවනම් අනිවා ඩෙෆා මම ලංකාවට ඇවිල්ල හරි තුන්වෙනි පාර චන්දෙ ඉල්ලන්කකොට මගේ මනාපේ දෙනවා දෙනවමයි.
ඉතින් එතකන් සුබ උපන්දිනයක්!!


කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..







Tuesday, July 6, 2010

හිපි කතා සහ අපේ කතා

මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවවුනේ පහුගිය දවසක 'තරුණ ගුරුවරයකුගේ සටහන්' බ්ලොග් අඩවිය ලියන අරුණ සර් ලියල තිබුණු ලිපි දෙකක් සහ ඊට ප්‍රතිචාර ලෙස ගොඩ නැගුනු කතාබහ. පලවෙනි ලිපිය තමා අර නෑදකම් පලහිලවුව ගැන අපි කවුරුත් දන්නා විහිලු කතාව, අනික ඊට ප්‍රතිචාර දක්වපු කොමෙන්ටුවක් නැවත පල කිරීම.
ඉතින් ඕක මත ලොකු සංවාදයක් ගොඩ නැගුනා, අපේ ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය ගැනයි, සුද්දගේ හිපි සංස්කෘතිය ගැනයි. එතන හරිහමන් සංවාදයක් ගොඩනගන්න මම සැහෙන්න උත්සහකරා. නමුත් 'යන්නේ කොහෙද මල්ලේ පොල්' තත්වෙන් මිදෙන්න හැකියාවක් තිබුනේ නේ.
පළමු ප්‍රශ්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක. ශබ්දකෝෂයට අනුව සංස්කෘතිය කියන්නේ 'යම්කිසි තැනක පිහිටි සමාජයක් යම්කිසි කාල සීමාවක්තුල අනුගතවන හර පද්ධති, කලාකෘති ' වගේ සියලුමදේ. මෙතන වැදගත් වෙන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුලත කියන කොටස. ඔන්න ඔතනයි අපි ගොඩක් අයට එකග වෙන්න අමාරුවුනේ. නමුත් මම දකින විදිහට සංස්කෘතිය වෙනස් වෙනවා. වෙනස් වීම වෙන්න ගොඩක් කරුණු කාරණා බලපාන්න පුළුවන්. සමහර සංස්කෘතිකමය දේවල් පසුකාලීනව පහසුව තකා වෙනස් වෙනවා. තවත් සමහරදේ වෙනස් සංස්කෘතීන් එක්ක මිශ්‍රවීමෙන් ලැබෙනවා. තවත් සමහරදේ සංස්කෘතිය තුලට බලහත්කාරයෙන් ඔබනවා.


මීට වසර දහස් ගණනකට පෙර අපේ රටේ තිබුන සංස්කෘතිය නෙවෙයි අද තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් එහෙමයි. අනුරාධපුර යුගයේ වගේ උඩුකය නිරුවත්ව කාන්තාවකට අද ඉන්න බෑ. අඩුතරමින් රොබට් නොක්ස් කිව්වා නුවර යුගයේත් එහෙම හිටිය කියල. අපේ රටේ සංස්කෘතියට ඔය කාලේ මුලික වශයෙන්ම බලපාන්න ඇත්තේ බුද්ධාගම. බුදුදහමේ මුලිකම හරයක්වන පුද්ගල නිදහස ඉතාම හොදට තිබුන වෙන්න පුළුවන්. පසුකාලීනව ඉන්දියානු ආක්‍රමණ නිසා අපේ සංස්කෘතියට ඉන්දීය අභාෂය ලැබුන. පොළොන්නරු යුගයේ ශිව දේවාල වගේම, සඳකඩ පහනින් ගවය ඉවත්වීමත් අපි සාමාන්‍ය පෙළ පන්ති වලදී ඉගෙනගන්න හින්දු බලපෑම්. ඕවට අමතරව අද මේ දක්වාම අපේ පන්සල් වල දකින්න ලැබෙන දේවාලත් ඉන්දීය හින්දු අභාෂ තමයි මට තිතෙන විදිහට. ඔතන තියෙන්නේ සංස්කෘති දෙකක මිශ්‍රවිමක්. ඔය මිශ්‍ර වීම බලහත්කාරයෙන් වගේම ප්‍රයෝගිකත්වය නිසාත් වෙන්න ඇති. හරක් තියෙන සදකඩ පහන් කඩන්න ඇති බලහත්කාරයෙන් ඒ වගේම හින්දු අයට වදින්න පුදන්න දේවාල හැදෙන්න ඇති. සුද්දගැනත් ඉතින් ඔය ටිකමනේ. යස අගේට සරම අදාල සනීපෙට හිටපු අපේ අයියල සුද්දගෙන් එක දාගන්න කියල ටයි කෝට් අදින්න පටන් ගන්න ඇති ඔය මහා ගිනි අව්වේ. ඒ වගේම සුද්ද කියන්න ඇති උබල අපි වගේ ඇන්දේ නැත්නම් එකෙක්වත් ලියන මහත්තයක්වත් කරන්නේ නෑ කියල. උඩුකය නිරුවත්ව හිටපු අපේ කාන්තාවෝ දැකපු සුද්දෝ කියන්න ඇති, අපේ වික්ටෝරියා මහේෂිකා උන්නාන්සේ කියල තියෙන්න කාන්තාවෝ උනාම සංවරව මුළු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියල, ඉතින් උබලත් ඒ විදිහට හිටපල්ලා කියල. ඉතින් ඔන්න ඔහොම සංස්කෘති මිස්රවෙලා අද අපිට තියෙන සංස්කෘතියට ඇවිල්ල තියෙනවා.
නමුත් අපේ අරුණ සර් හිතන්නේ වෙනස් විදිහකට. කාන්තාවක් උනාම පිළිවෙලට නියමාකාරයෙන් ආරිය සිංහල බෞද්ධ ඇදුමක් වෙන සාරිය ඇදල ගියාම බස් වල ජැක්වදින්නේ නැතිලු. සාරිය ආරිය සිංහල ඇදුමක්ද නැත්ද කියන එක පැත්තකින් තියමුකෝ.(http://en.wikipedia.org/wiki/Sari) මම මේවගේ තර්ක ඉදිරිපත් කලේ ඉස්කෝලේ 8 - 9 වසර වලදී විවාද තරගවලට. කිසිම පදනමක් නෑ, නමුත් සැකයේ වාසිය ලබාගන්න. නමුත් හරිහමන් කතිකවකදී ඔයිට‍ වඩා තාර්කික වෙන්න ඕනේ.  මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියන එක අපේ සංස්කෘතියට ආවේ වික්ටෝරියන් සුද්දගේ සංස්කෘතියෙන්. ඉතින් ඔය කියවෙන්නේ මීට ආවුරුදු 500 විතර කලින් අපේ සමාජයට යහපත් කියල කාවද්දන ලද අදහසක් කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව මේක ඔරිජිනල් ශ්‍රී ලංකන් කොන්සේප්ට් එකක් නම් නෙවෙයි. අනික මම දකින විදිහට කාන්තාවට සම්පුර්ණ අයිතියක් තියෙනවා තමන්ට ඕනේ ඇදුමක් අදින්න. තමන්ට ලස්සන කකුල් දෙකක් තියෙනවනම් එක පෙන්න අදින එක පවක් නෙවෙයි. හැබැයි ඔය බස් එකට නගපු ගමන් ජැක් ගහනඑක නම් දකුණු ආසියාවේම පොදු දෙයක්. (දකුණු ආසියාවේ ඇරෙන්න වෙන රටවල මම දැකල නම් නෑ. කවුරු හරි දන්නවනම් කියන්න) එතන තියෙන්නේ මම දකින විදිහට සේක්ෂුවල් ඩිප්රේෂන් එක. එකටත් එක්තරා දුරකට අපි ඔලුව උඩ තියාගෙන උදේ හවස මල් පූජා කරන, අපේමයි කියල හිතන් ඉන්න, සුද්ද අපිට හදුන්වල දුන්න වික්ටෝරියන් චින්තනේ වගකියන්න ඕනේ. අද ඔය තත්වේ බටහිර රටවල නෑ. නමුත් කිහිපදෙනෙක් යල්පැන ගියපු අදහස් හිස උඩතියන් ජීවත්වෙනවා. ඒ අය හදන්නේ අපේ සංස්කෘතිය කාලනුරුපව වෙනස්වීම වලක්වන්න. මට මතකයි මිට වසර ගණනකට පෙර ගැහැණු ළමයෙක් ජීන්ස් අදිනවට අපේ ඔය කට්ටිය විරුද්ද උනා. නමුත් අද ගොඩක් ගැහැණු ළමයින්ගේ අඩුම එක. අදින්න පහසුයි. වැඩි වියදමක් නෑ. ලස්සනයි. ඉතින් එහෙම එකක් අදිනවට විරුද්ද වෙන එක මම දකින තරමින්නම් මෝඩ කමක්. සරලවම මම කියන්නේ මෙච්චරයි මට ඕනේදේ අදින්න මට නිදහස තියෙන්න ඕනේ.
කට්ටිය මාත් එක්ක එකග වෙන එකක් නෑ ගොඩක් දේවල් සම්බන්දයෙන්, නමුත් පොඩ්ඩක් හිතන්න අපි කොච්චර විසිල් ගහල ඇතිද, සූව දාල ඇතිද පාරවල්වල. කොච්චර පිළිගන්න අකමැති උනත් ඕව දැන් අපේ සංස්කෘතියේ කොටසක්. සංස්කෘතියෙන් එලියට විසිකරනවද නැත්ද කියන එක කාලය සහ ඉදිරි පරම්පරාව තීරණය කරයි. නමුත් එකක් මට හොදටම විස්වාසයි, යහමග පෙන්විය යුත්තේ තලිබාන් මානසිකත්වයකින් නෙවෙයි. බොහොම විවෘතව කතාබහ කරලා සංවාදයක් ලෙස.
අපේ ගොඩක් අය තවම සුද්දට ගරහන එක අතැරලා නෑ. නමුත් ඇත්තටම ගරහන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් මට තියෙනවා. සංස්කෘති දෙකක්, හර පද්ධතීන් දෙකක් එකිනෙකට සංසන්දනය කරන්න නිර්ණායක මම දැනුවත්ව නම් නෑ. ඔයවගේ දෙයක් එළිපිට කට කරනවා කියන එකෙන් වෙන එකමදේ සුද්දට කත අදිනවා, කඩේ යනවා කියල කාර්ඩ් කෝටියක් සෙට් වෙන එක විතරමයි. නමුත් ඕනෙම සමාජයක යහපත් කියල පිළිගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සමාජයතුල දරුවෝ දෙමවුපියන්ට ආදරයෙන් සලකන විදිහ අනිත් සමාජයන්ට හොද ආදර්ශයක්. එවගේ සුද්දගේත් තියෙනවා හොද ගති කිහිපයක්. උදාහරණයකට ගත්තොත් ඊයේ මම දවල්ට කන්න ලග තිබිච්ච කඩේකට ගියා. කඩෙන් එලියට එනකොට මට පොඩ්ඩක් කලින් තව මනුස්සයෙක් එලියට බැස්සා. එලියට බැහැල පොර මට කියනවා 'Sorry, I didn't see you' හේතුව මම එලියට බහිනකන් දොර ඇරන් ඉන්න බැරි උනාට. ඔහොම විතරක් නෙවෙයි සමහර වෙලාවට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ළමයට එයාගේ පන්තියට යන්න දොර ඇරලා අල්ලන් ඉන්නවා. මමනම් ලංකාවේ කිසිම ආයතනයක ඔයවගේ නිහතමානී කමක් දැකල න.  සිසුවෙක්ට දොරක් ඇරලා දෙන එක කරන්න අපේ ගුරුවරු පසුබටවෙනවා. තමන්ගේ ගරුත්වයට හොද නෑ කියල. නමුත් ඔය නිහතමානිත්වය අපේ රටටත් ගන්න පුලුවන්නම් කොච්චර හොදද. අනිත්දේ තමයි වාහන පදවන විදිහ. ඇති බහුතරය බොහොම ආරක්ෂිතව වහනය පදවනවා. සීබ්‍රා ක්‍රොසින් එකක් ගාවට අපි ගියත් පාරේ වාහන නතර වෙලා ඉවරයි. පාරක වාහනයක නලා හඩක් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින්. පොලිසිය අකුරත් නීතිය ක්‍රියාවේ යොදවනවා. ඉතින් ඔයවගේ යහපත්දේ දකින්න අමාරු මොකද අපිට. අපේ සමාජයට, සංස්කෘතියට ඕව එකතු කරගන්න එක එච්චර නරක දෙයක් නෙවෙයි.


තව අපේ ගොඩක් අය හිතන දෙයක් තමයි, අපේ සංස්කෘතියේ හැටියට බටහිර තියෙන සංගීතය ගැලපෙන්නේ නෑ කියන එක. එකත් ඔක්කොම නෙවෙයි, ඔය අකොන් වගේ ගායකයන්ගේ සින්දු. මටනම් ඔය කතාව තේරෙන්නෙම නෑ. සංගීත රසවින්දනය කියන එක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහරුන්ට අමරදේවයන් රසවිදින්න පුළුවන්, තව අයට අකොන් රසවිදින්න පුළුවන්. තව අය ලයනල් රන්වලයන්. තව අයට පුළුවන් ඔය කිහිප දෙනෙක්ම රසවිදින්න. ඒවගේමතමා අමරදේවයන්ගේ සමහර සින්දුවලට අමරදේවයන්ට කැමති අය අකමැතියි. අනිත් අයටත් එහෙමමයි.  අනික සින්දුවක රුපරචනය කියන එක අල්ලාගෙන සින්දුව පතුරුගහන එක වැරදියි. අනික සිංදුවල කුණුහරුප කියනවා කියනවනම් අපේ බන්දුල නානායක්කාර මහත්මය රචනා කරපු 'බිසරු ලියන මැද ' සින්දුව තහනම් කරන්න ඕනෙනේ. මම දන්නා තරමින් ඔය සින්දුවලින් උලුප්පා පෙන්වන්නේ සෘන්ගාර රසය. ඒකරසවිදින්න බැරිනම් එතන තියෙන්නේ පුද්ගලික නොහැකියාව මිසක් යහපත් සංස්කෘතියක් නෙවෙයි.


සමස්තයක් විදිහට ගත්තම මට කියන්න ඕනේ මෙච්චරයි. ඕනෙම සංස්කෘතියක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒකට අනුගත වෙන්න බැරි වුනොත් අර මාර්ටින් වික්‍රමසිංහ මහත්මය කිව්වා වගේ, වදවෙලා යන්න තමයි වෙන්නේ. අනික මේ ලෝකේ සන්පුර්ණ යහපත් කියලවත් අයහපත් කියලවත් දෙයක් නෑ. හැමදේකම හොද වගේම නරකත් තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අර හංසයා වතුරෙන් කිරි වෙන්කර ගන්නවවගේ යහපත්දේ එකතු කරගත්තේ නැත්නම් අපිටමයි පාඩු වෙන්නේ.


යහපත් සංවාදයක් මෙම ලිපිය මතින් ගොඩ නැගේවි කියල මම හිතෙනවා.




කොමෙන්ට්ස් එකක්වත් නෑ කියල පෙන්නුවට ගනන්ගන්න එපා. '0 Comments' කියලා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. දාලතියෙන කොමෙන්ට්ස් පෙනෙවි.

Thursday, March 25, 2010

ලංකාවෙදි ගත්තු පින්තුර...

මේ පින්තුර ටික ගත්තේ මේ පාර ලංකාවට ගියාම. ත්‍රිකුණාමළෙයි, අනුරාධපුරයි, දඹුල්ලයි, පොළොන්නරුවෙදියි. (ලොකුවට බලන්න ඔනේ නම් පින්තුර උඩ  ක්ලික් කරන්න)

මේ ත්‍රිකුණාමළෙයි කොටුවේ ඉදන් උදේ පාන්දර ගත්තු එකක්

 ත්‍රිකුණාමළෙයි කොටුවේ ඇතුලේ ඉන්න මුවෙක්..

 කොටුවේ ගේට්ටුව
 පාසිකුඩා මුහුදු වෙරල...
 ගරාවැටුනු වාලච්චේන කඩදාසි සමාගම..දැනටත් මේකේ පොඩි කෑල්ලක් වැඩ
 තොප්පිගල...
 when the going get tough...the tough get going....
 හබරනදි දැකපු සීයා කෙනෙක්...

 රන්ගිරි දඹුලු විහාරය...
 සිගිරිය.
 රුවන්වැලි සෑය
 අභයගිරිය
 පොලොන්නරුව වටදාගේ

 සිව කොවිලක්
 ලංකාතිලකය
 ගල් විහාර පිළිම
 නෙලුම් පොකුන

Wednesday, February 3, 2010

ජාතික තොටිල්ල



1.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

2.
නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

3.
විජය තුමා තම්මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ

4.
දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය සුවෙන්

5.
තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

6.
දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

7.
ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ

8.
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

9.
සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ

10.
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

11.
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදුටු විසකටු නො රැකේ


12.
දනන් කෙරෙන් මෙලක් දිවේ
පළමුව බොදු බැති වුවේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ පුතේ

13.
ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා

14.
ගොස් මාගම් පුර පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා

15.
කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

16.
අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්


17.
තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

18.
තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ


19.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ


20.
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී


21.
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

22.
එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්


23.
ලියන 'තුරින් මෙ ලක් දිවේ
පළමුව මහ පළ ලැබුවේ
අප අනුලා දේවි වේ
එහෙම වෙයන් උඹත් දුවේ

24.
සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණියේ දේවී
මගේ පුතා නළවාවී

25.
වැද යුධ බිම නොම බිය වී
විහාර මහ රජ දේවී
පෑ විමන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේවී


26.
තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා


27.
වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්


28.
අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.
සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා


30.
මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු සොඳා

31.
සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා


32.
බුදු ගොස් මහ තෙරිඳු ලවා
දහමට අටුවා ලියවා
ඒ අප සිංහල දරුවා
සිරි ලක් දිව හෙළි කෙරුවා

33.
අත්නගලු වනයේ දී
මඟියෙකු හට හිස දන් දී
බුදු බව පැතු සඟබොධී
සිහි කරපන් සිත පෑදී


34.
අහසේ නිල් වළාකුලේ
ගැටෙන රුවන් කොතිනුදුලේ
දෙව්රම් මහ සෑය කෙළේ
මහසෙන් මහ රජු ඒ කළේ

35.
හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආ දා
සාදු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

36.
දැක කළු ලෙඩ නයෙක් එදා
අප බුදුදස් මහ නිරිඳා
කළ පිළියම් සිතන සඳා
උඹට පුතේ සැප ම සදා

37.
කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

38.
මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ

39.
ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ


40.
පද රස එක් කොට මෙ ලොවේ
කුස ජාතක කව් කෙරුවේ
දඹදෙනි පැරකුම් රජු වේ
ඉගෙන ගනින් මගේ දුවේ

41.
කළ වියකන විසුදු මගේ
වික්මැති ඒ රජුගේ රඟේ
සිහි වන මා පුතුගේ ඇඟේ
ලේ උණුසුම් වෙවී නැඟේ

42.
ඇති නම් මා අත කඩුවක්
මට සක් දෙව් කෙරෙයි කුමක්
මේ බස කියු සිහල පුතෙක්
උඹට පුතේ වෙයිද මතක්

43.
බලනේ කඳු මුඳුනේ දී
පරංගියා මැරුණ විදී
ඇසුවොත් පුත සිත පැහැදී
රාසිං දෙවියන්ට වඳි


44.
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ


45.
නිදහස් හිරු දෙව් එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරි ලක් මව් හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා

46.
නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ

47.
විජය අබා රජ්ජුරුවෝ
සැඬි දෙමළුන් වඳ කෙරුවෝ
පෙර අප සිංහල දරුවෝ
මෙ බඳු හපන්කම් කෙරුවෝ


48.
පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

49.
කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ


50.
ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා

51.
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

52.
මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ


53.
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි


54.
ගන්නෝරුවේ කඳු මුදුනේ
සිට රජසිහ එ දිනේ
නැංවු යුද හඬ මෙ දිනේ
රැව් දෙයි ම පුතුගේ සවනේ

55.
සිංහල ඊ පහර වැදී
පරංගි සෙන් වැටුණ විදී
සිහි කෙරුවොත් සිතින් ළැදී
නුඹට අදත් පෙනෙයි ඇඳි


56.
නිදහස් ලිය ලියලන්නේ
සම් මස් ඇට පොහොරින්නේ
මේ සිතිවිලි සමඟින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


57.
පිළගම දේවාලේ වැදී
සිටි නිරිඳෙක් බයෙන් බැඳි
රෑ සිහිනෙන් දුටු පරිදී
පින් පැණ යුත් පුතෙක් ලදී

58.
ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුරෙක නියා
වැටෙමින් සිටි සිංහලයා
ගේ නම ලොව පැතිර ගියා

59.
"නිවටුන්ගේ බිය සහදයි"
යනු කීවේ එ මහ රජයි
පුත නුඹගේ ගතයි හදයි
එ බසට යොමු කළොත් හොඳයි

60.
ලක එක සේසත් සෙවණේ
තැබු ඒ නිරිඳුගේ සරණේ
ලද ම පුතුට මුළු දෙරණේ
වෙන සැප කිම එම පමණේ

61.
"අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා

62.
ලැග සිටිමින් වහල් බවේ
මෙත් කෙරුවත් පලක් නොවේ
පුත නුඹ හද මල් ගොමුවේ
මේ මල් පිබිදිය යුතුවේ


63.
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

64.
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්


65.
මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්


66.
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

67.
සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට මෙතින්
බියක් සැකක් නො ව යහතින්
නිඳා ගනින් පුතේ ඉතින්

68.
බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතියෙන් උඹ වැනි දහසක්
අනේ පුතේ විඳින දුකක්

69.
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ

70.
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්

71.
විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී


72.
කව්සේකර ගුත්තිල දා
සසදා සහ මුවදෙව් දා
මේ සිංහල ගත් සමුදා
දෙයි ම පුතුට නැණ පහදා

73.
මියුරු කොවුල් සැළ පරෙවී
තිසර ගිරා සරණ අවී
මේ ගත්වල තියෙන කවී
රසය උරා බොනු මැනවී

74.
විදු සක්විති ඇදුරිඳුගේ
බුත්සරණේ තිබෙන අගේ
දැන ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

75.
විසතුරු පද අරුත් සොමී
එක් කොට පඬි ගුරුළු ගැමී
කළ දේ පොතින් වැහෙන එ මී
මගේ පුතාටත් කවමී

76.
සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසුදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී

77.
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

78.
කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ

Sunday, November 22, 2009

ඉතින් ආයුබෝවන් S5700 ගරූ....

ඡායාරූපකරනයට මගේ පොඩි ආසාවක් තියෙනවා. 2007 අවුරුද්දෙ අග තමා මගෙ පළමුවෙනි ඩිගිටල් කැමරාව ගත්තෙ. එක තමා Fujifilm S5700 කියන මොඩල් එක. අපරාදෙ කියන්න බෑ නියම කැමරාව. මම ගොඩක්ම ආදරෙන් පාවිච්චි කරපු කැමරාවක් තමා මේක.
මේක තමා කැමරාව.පාවිච්චියෙ තරම පේනවනේ දූවිලි වලින්ම. ;)




අවුරුදු දෙකකට පොඩඩක් වැඩි කාලයක් පාවිච්චි කරා. හරියට කිව්වොත් පට්ට ගැහුවා. බය නැතුව ඕනෙ කෙනෙක්ත රෙකමෙන්ඩ් කරන්න පුලුවන් කැමරා එකක්. මම 2007 කොළබ Black Market ගත්තෙ රුපියල් 31,000 කට. ඔයාලත් ඩිගිටල් කැමරා එකක් ගන්න ඕනෙනම් සහ හොයන්නෙ point-and-shoot කැමරාවකට වඩා හොද එකක්නම් කියාපු බාන්ඩෙ.
කොහොමින් කොහොමින් හරි ඊයෙ මගෙ අලුත් කැමරාව ආව. Panasonic Lumic FZ-38. ඉතින් Fඋජි එකේ කාලෙ හරි.
අද සටහන මම ගොඩක් ආදරේ කරපු කැමරාවෙන් ගත්තු පින්තූර ටිකක් පෙන්නන්න.
හිනාවෙන්න නම් එපා. මම ක්ලාස් ගිහින් ඡායාරුපකරනය ඉගෙන ගත්තු කෙනෙක් නෙවේයි. ඔහේ පින්තූර ගත්තු ඒවා තමාමේ.

මේ පින්තූර ටික ගත්තෙ නකල්ස් වලදි, අපි කීප දෙනෙක් මීමුරේ ගියා. එහෙම යනකොට




මේ පින්තූර ටික ගත්තෙ නුවරඑළියෙදි




මේ පින්තූර ටික ගත්තෙ කන්ඩලම හෝටලෙදි.




මේ පින්තූර ටික ගත්තෙ සිනමන්ලොජ් හෝටලෙදියි මින්නේරිය රක්ෂිතයෙදියි.








මේ දළදා මාළිගාවෙ ගත්තු පිංතුර ටිකක්.






අපි කාටත් පායන්නෙ එකම හද. හැබැයි එකම හදට පාට ගොඩක් තියෙන්න පුලුවන්. මේ ගත්තෙ එංගලන්තෙ, Greyගෙ කාමරේ ජනේලෙන්..පාලු රෑක.






තව පින්තුර නම් ගොඩක් තියෙනවා Grey ආස. එවා ඉතින් පස්සෙ වෙලාවක දාන්නම්.