ඔන්න අද තම ග්‍රේට තේරුනේ ශීත කාලේ ඇවිල්ල කියල.
මේකයි උනේ. ඊයේ උදේ ඇදුම් ටික හෝදලා වීරයා වගේ බැක්යාර්ඩ් එකේ වනල ග්‍රේ වැඩට ගියා. මොකට බය වෙන්නද.. කාලගුණ වාර්තාවේ වහිනවා කියල තිබ්බේ නැනේ. අනික ග්‍රේ කැමතියි පොඩ්ඩක් හුලන් වදින්න පුළුවන් විදිහට ඇදුම් වේලාගන්න. ගේ ඇතුලේ තියන් වෙලුවම ටිකක් අමුතු ගතියක් තියෙන්නේ. අර අපේ කතන්දර සුරින් වගේ ඇදුම් හැන්ගර් එකේ දාල එල්ලානේ නම් නෑ පොඩි වෙයි කියල. තියෙන හුළගේ හැටියට ගෙවල් දෙකක් තුනක් එහායින් හවසට එකතු කරගන්න පුළුවන් ක්ලිප්ස් නොදා එල්ලුවොත්. අනික ඔය කතන්දර සුරින්ගේ ඇදුම් පොඩි වෙන වැඩේට ග්‍රේත් පොඩි සුත්තරයක් කරනවා. ගන්න පුළුවන් හැම වෙලාවේම ගන්නේ අයන් කරන්න ඕනේ නැති කමිසම තමා ගන්නේ. කිසි ගින්නක් නෑ එල කිරි වගේ වැඩේ ගොඩ. හරි දැන් ඉතින් කතාවෙන් පිට යනවනේ. ඉතින් මම ඇදුම් වනල වැඩට ගියා. හවස ගෙදර එන්න පොඩ්ඩක් රෑ වුණා. ඉතින් ඇදුම් ගන්න යන්න කම්මැලිකමට ඔන්න ඔහේ තියල ගියා හෙට උදේ ගන්නවා කියල.
හෙට උදේ කිවේ ඉතින් අද උදේනේ. උදේ ඉතින් ඇදුම් ගන්න ගියාම තමා දැක්කේ වෙලා තියෙනදේ. කමිස නිකන් කාඩ්බෝඩ් වගේ වෙලා. මුළු කමිසේම වැහෙන්න අයිස් මිදිලා.
ඔය පහල තියෙන්නේ පින්තුරයක්. ෆෝන් එකෙන් ගත්තේ ඉතින් කොලිටි නම් අඩුයි. නමුත් තැනින් තැන හොදට අයිස් පේනවා.
ඊයේ රෑ පොඩ්ඩක් හීතල වැඩිවෙලා. දැන් එකක් දෙකක් අතට අරගත්තු නිසා ආයේ එල්ලන්නත් කම්මැලි. ඉතින් වීරයා වගේ ඔක්කොම ඇදුම් ටික ගෙනල්ල අත්හැරිය ගෙදරට. අද හවස ගෙදර යනකොට අනිවා ලොකු ජලාශයක් බලාගන්න පුළුවන් වෙයි.
ඉදල හිටලා හරි ඔය වගේ අයිඩියා එන්නේ ග්‍රේට විතරමයි. :)
