Showing posts with label office. Show all posts
Showing posts with label office. Show all posts

Thursday, September 22, 2011

ඔෆිස් රස කතා

අපේ ඔෆිස් එකේ දෘඩාංග පැත්ත බලාගන්න ඉන්නේ ඉයන් කියල පොරක්. උගේ කට ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒකට වඩා බෝක්කුවක් හොදයි මගේ හිතේ. පොරට ඉන්නවා අවුරුදු 3-4 පොඩි පුතෙක්. ඔය පුතාගේ හපන් කමක් ගැන පොර කියපු කතාවක් තමා අද ලියන්න යන්නේ.
පොරගේ අල්ලපු ගෙදර ඉන්නවලු කපල් එකක්. අවුරුදු 30 ගණන් වල වගේ ජෝඩුවක්ලු. සතිඅන්තේ දවසක පොර පුතා එක්ක කොහෙද යන්න හදනකොට අල්ලපු ගෙදර ඉන්න පොරව හම්බුවෙලා.
ඉතින් පුතා ඇහුවලු..
"that old lady lives with you. Is she your mum?"
("අර ඔයාගේ ගෙදර ඉන්න වයසක ගැණු කෙනා ඔයාගේ අම්මාද?")
අල්ලපු ගෙදර එකා නිකන් කරකවල අත ඇරිය වගේලු. පොර ඒ පාර කිව්වලු.
"No. She is my wife"
"නෑ, ඒ මගේ බිරිද" කියල.
පුතා ඒ ඔලුව එහෙම කහලා ටිකක් කල්පනා කරලා කියනවලු. 
"oh..She looks very old. So what happen to your mum?"
"හ්ම්ම්..එයා ගොඩක් වයස පාටයි. එතකොට ඔයාගේ අම්මට මොකෝ උනේ?"


අල්ලපු ගෙදර එකා 
"She died couple of years ago"
"එයා මැරිලා "


පුතා...
"Why she had enough? "
"ඒ මොකෝ, එයාට ඇති වෙලාද? (ඔයා එක්ක ඉදල)"


ඉයන්කාරයයි අල්ලපු ගෙදර එකයි මුනෙන් මුණ බලගත්තළු කට උත්තර නැතිව. 


Saturday, August 14, 2010

සිකුරාදා හවස...

මේක උනේ ඊයේ හවස ගෙදර යන්න හදනකොට මට එහා පැත්තේ ඉන්න එකාට :)
අපිට ඔෆිස් එකෙන් දීල තියෙනවනේ ලැප්ටොප්. ඉතින් ඕක හවස වැඩ ඇරිලා ගෙදර අරන් යනවා බැග්එකේ දාගෙන. එයේ මට එහා පැත්තේ එකාට කරුමෙට තව එකෙක්ගේ ලැපක් ගෙදර අරන් යන්න ඕන ඒ මනුස්සය වෙන කොහෙද යනවා කියල. හැබැයි බැග්එක දුන්නේ නෑ එකේ වෙන බඩු තියෙනවා කියල.
ඔන්න ඉතින් හවස අපේ පොර උගේ ලැප දාගත්ත බැග් එකට. ඊට පස්සේ අනිත් ලැප ගත්ත අතට. අරන් දැන් බනිනවා. මට දැන් මේ මගුලත් උස්සන් ගෙදර යන්න වෙන්නේ කියලා. උගේ ලැප තියෙන බැග් එක කරට දාගත්තා. අනිත් ලැප ගත්ත අතට. දැන් පොර යන්න හදනවා.
මං ඉතින් බල ඉදල ඇහුවා උබට ඕක ඔය කරේ එල්ලන් ඉන්න බැග් එකේ දාගන්න බැරිද කියල...

"අහ්හ්...ඔව්නේ...."    ඔන්න උත්තරේ....
හවස ගෙදර යන්න ඕනේ උනාම ඉතින් අපිට ලෝකේ තියෙන ඔක්කොම අමතක වෙනවනේ.