ඊයේ පොපි දිනය. එහෙම නැත්නම් මෙහේ යුධ වීරයන්ව සමරන දවස. මෙහේ කිව්වට ඉතින් මුළු පොදු රාජ්‍ය මඩුල්ලේම ඕක සමරනවනේ. එකොළොස්වෙනි මාසේ එකොලොස්වෙනිද එකොළොස්වෙනි පැයේදී පළමුවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා ගිවිසුම අත්සන් කිරීම තම මේක පටන් ගන්න හේතුව. නමුත් සමස්තයක් විදිහට යුද්ධයෙන් මියගිය සියලුම සොල්දාදුවන්ව මේ වෙනකොට සමරනවා. ලංකාවෙත් කොහොමත් මේ දවස් වල පොපි මල් එහෙම ගන්න පුළුවන්නේ.
ලංකාවට වඩා මෙහේ මම දැකපු විදිහට පොපි දිනය සහ පොපි සතිය සමරනවා. මිනිස්සු ගොඩක් තමන්ගේ ඇදුමේ පොපි මලක් ගහගෙන ඉන්නේ. මම ටියුබ් ස්ටේෂන් එකෙන් බැහෙලා එලියට එනකොට හැමදාම කෙඩෙට්ලා පොපි මල් විකුනනවා එළියේ ඉදන්. ගොඩක් මිනිස්සු ගන්නවා. අපේ ඔෆිස් එකේ ආපන ශාලාවෙත් විකුනන්න දාල තියෙනවා.
කොහොමින් කොහොම හරි ඉතින් ඊයේ පොපි දිනය සැමරුවා. විනාඩි දෙකක නිශ්ශබ්තාවක් එක්ක. රටක් විදිහට තමන්ගේ රට වෙනුවෙන් යුද වැදුණු සොල්දාදුවන් මෙහෙම සමරන එක මම දකින විදිහටනම් ගොඩක් යහපත් දෙයක්. ලංකාවෙත් අපි සමරනවනේ නිදහස් දිනේට එහෙම..
නමුත් මෙහේ ඔය විදිහේ සැමරීම් තියෙනකොට ලන්ඩන් වලම තවත් පැත්තක මුස්ලිම් කණ්ඩායමක් පොපි මල් පුච්චලා..සටන් පාඨ කියමින් උද්ගෝෂණය කරනවා. පුද්ගලයෙකුගේ අදහස් දක්වන්න තියෙන නිදහස මම අගය කරනවා. නමුත් රටක හමුදාවක් කියන්නේ ඒ රට ආරක්ෂා කරන අය. ලංකාවෙත් එහෙමයි..මෙහෙත් එහෙමයි..රට ආරක්ෂා කරනවා කියන්නේ ඒ රටේ ජීවත්වෙන අයව ආරක්ෂා කරනවා කියන එක. ඔය විරුද්දව කෑගහන අයත් ඒ ගොඩටම අයිතියි. ඉරාකෙදි ඇෆ්ගනිස්ථාන් වලදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හැසිරුණ විදිහ සමහර අවස්ථාවලදී අනුමත කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔය මොන විදිහෙන් හරි එයාගේ මුලික වගකීම වෙන රටවැසියා ආරක්ෂා කරන එක කරනවා. රටක පුරවැසියෙක් විදිහට මුලින්ම අගය කරන්න ඕනේ එක. එහෙම නැතුව අල්ලපු රටේ මැරිච්ච ගැන හොයන එක නෙවෙයි. මම අදහස් කරන්නේ නැහැ අර ලෝර්ඩ් ෆකිර් වගේ අනිත් එකට හෙන ගහල ගියත් මට කමක් නේ මගේ වැඩේ වෙනවනම් කියන මට්ටමට යන්න ඕනේ කියල...නමුත් එක්තරා දුරකට ආත්මාර්ථය තියෙන්න ඕනේ.
අනික ඔහොම රට ඇතුලේ..රටේ අගනුවර..රටේ මිනිස්සු ආදරයෙන් යමක් සමරන වෙලාවක.. ඊට විරුද්දව වැඩ කරන එක අනුමත කරන්න මට නම් බැහැ. මුස්ලිම් අන්තවාදය කියල ඊට පස්සේ කොහෙන් හරි ගුටි කනවා. ඊට පස්සේ වෙන්නේ එකට විරුද්දව ජිහාඩ් එකක් පටන් ගන්න එක. මුන්ට අන්තිමට අමතකයි කෙළවරක තියෙනවා කියල මුලින් එයාල කරපු වරදකුත්.
ඔය අස්සේ අල් ජසිරා වල අපේ හමුදාව කරා කියලා පින්තුර ටිකක් ගියා දැක්ක. මගේ දමිල හිතවතෙක් මුනුපොතේ එක ශෙයා කරලත් තිබ්බ, අල් ජසිරා කියන්නේ මැදහත් සේවාවක් කියල. ලෝකේ කොහෙවත් මැදහත් මාද්‍ය තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නේ. හැම දෙකම පැත්තක් තියෙනවා. ලංකාවේ ලංකාදීපේ ඉදන් මර්ඩොක්ගේ මාද්‍ය ජාලය දක්වාම එහෙමයි. කොහොම හරි අර දාල තිබ්බ එකට මුණු පොතේම තවත් දමිල යාලුවෙක් දාල තිබ්බ දැන් ඕක වෙලා ඉවරයි..ඉවර වෙච්චි දෙයක් ගැන යලි යලිත් කතා කරලා තේරුමක් නැහැ කියල. එක නම් ඇත්ත..ලංකාව තව දුරටත් යුද්දයක් තියෙන රටක් නෙවෙයි. ආපසු ඒවගේ දෙයක් ඇතිවෙන්න දෙන්නත් හොද නෑ. කවුරු හරි ඇතිකරන්න හදනවනම් ඇගිල්ලෙන් කඩන්න පුළුවන් කාලේ පොරවෙන් ගහලම කඩන්න ඕනේ. ආයේ ඇති නොවෙන්න.
එංගලන්තයට ප්‍රංශයෙන් ගන්න තියෙනවා ආදර්ශ ටිකක්. ඒ ටික හරියට ගන්න පුලුවන්නම් මේ රටේ තියෙන ඔය වගේ මෝඩ අන්තවාදී ප්‍රශ්න ගොඩක් හදාගන්න පුළුවන්.
Showing posts with label remembrance day. Show all posts
Showing posts with label remembrance day. Show all posts
Friday, November 12, 2010
Subscribe to:
Posts (Atom)