අපි හැමෝටම කාලෙන් කාලෙට එක එක උණවල් එනවා. ක්‍රිකට් උණ, එක එක දේවල් එකතු කරන උණ. ඔය වගෙ උණවල් ගොඩක් මැද තියෙන තව උණක් තමා රට යන උණ.
මේක ලියන්න ප්‍රධානම හේතුව පහුගිය මාස 4-5 මම දැකපු එකතරා ට්‍රෙන්ඩ් එකක්. Grey ඉන්නෙ ලන්ඩන් වල. පහුගිය මාස කීපය ඇතුලත ඉගෙන ගන්න කියලා මෙහාට පුදුමාකාර ප්‍රමාණයක් ලංකාවෙන් ආව. ඉගෙන ගන්න එක ඉතාම හොදයි. නමුත් අපේ අය එන්නේ හරි පින්තුරේ දකින්නේ නැතුව.
ඉගෙන ගන්න එනවානම් මුලින්ම කරන්න ඕනේ තමන් ඉගෙන ගන්නේ මොන විශයෙන්ද කියලා තීරනය කරන එක. අපි හිතමු තොරතුරු තාක්ශනය කියලා. ඊට පස්සේ ඉගෙන ගන්න හොද තැනක් හොයාගන්න ඕනේ. ඒකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන් හොයාගෙන තනියෙන් වැඩේ කරගන්න එක. මහ ලොකු අමාරු දෙයක් නෙවේයි. අනිත් විදිහ තමා ඒජන්සි එකක් හරහා.
ඒ වගේම තමා තීරනය කරන්න ඕනේ තමන් ඉගෙන් ගන්න තැන. මෙහේ විශ්වවිද්යාල සහ පාසල් (colleges) කියලා තමා යන්නේ. ඔය දෙකේම ඕනෙම දෙයක් ඉගෙන ගන්න පුලුවන්. වෙනස නිකන් අපේ රටේ විශ්ව විද්යාල සහ ඔය ටියුශන් කඩ අතර තියෙන වෙනස වගේ.
එකම උපාධිය ගන්න පුලුවන්, හැබැයි විශ්ව විද්යාලයේ තියෙනවා වගේ හොද පුස්තකාල, උපාධියෙන් පසු රැකියා හොයන්න උදවු කිරීම් එහෙම පාසල් වලනෑ. හැබැයි ගාන අඩුයි හොදටම. ඉතින් හිතලා බලල මොකක්ද තමන්ට සුදුසු දේ කියලා තීරනය කරගන්න.
මම දන්න විදිහට ගොඩක් කට්ටිය එන්නේ කවුරු හරි ඒජන්සි එකක් හරහා. මුලින්ම හොද විශ්වාසවන්ත තැනක් හොයාගන්න.
ඒජන්සිත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමා ඔයාලගෙන් සල්ලි ගන්නේ නැති තැන්. එයාලට කාව හරි ඔය ඉගෙන ගන්න යැවුවම එතනින් කොමිස් මුදලක් එනවා.මේ අයට කියන්නේ ඒ විශ්වවිද්යාලයේ නියොජිතයො (Country representatives) කියලා. දෙවෙනි කාන්ඩේ ඔයාලගේන් යම්කිසි ගානක් ගන්නවා. ඔය දෙකටම අදාල නැති අනිත් ක්‍රමේ තමා ලන්කාවේ තියෙන සමහර ආයතන වල උපාධියේ මුල් වසර කීපය හදාරල අවසන් වසර මෙහේ විශ්වවිද්යාලයට එන එක.
කොහොම හරි ඔය ඔක්කොටම සල්ලි එන්නේ ඔයාල රට ගියොත්. ඉතින් කට්ටිය ලෝකෙ නැති කතා කියනවා. කොටින්ම සුර ලෝකයක් මවනවා.
ඉතින් වෙන්නේ අපේ අය ඕවට අහුවෙලා, හතර අතේ ණය වෙලා, කොර්ස් එකේ මුලු ගානෙන් බාගයක් විතර ගෙවලා රෙජිස්ටර් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සෙ එයාල ලියුමක් එවනවා අපි ඔයාව බදවගත්තා, දැන් ඉතින් එන්න කියලා. අපිට තියෙන්නේ ඒ ලියුම මත වීසා ඉල්ලන්න. වීසා ගන්න එකත් වෙනම කතාවක්. ඔයාල මෙහෙට ඇවිල්ල කන්න අදින්න සල්ලි තියෙනවා කියලා පෙන්නත් ඔනේ. එන ප්‍රදේශය අනුව ගානත් වෙනස් වෙනවා. කොහොම හරි ඉතින් ආයේ ණය වෙලා ඒකත් පෙන්නුවා කියමු. වීසා එකත් ඉතින් ගන්න පුලුවන්.
ඉතින් ඔන්න කට්ටිය දැන් ඔක්කොම හරි කියලා එංගලන්තේ එන්නේ. එන්න කලින් මතක තියාගන්න ඔයාලගේ ඉංග්‍රිසි දැනුම පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ වගේම එනකොට ඔයාලගේ පපුවේ x-කිරණ සටහනක් අරන් එන්න. ඔය දෙකෙන්ම ඔයාලට ගුවන් තොටුපොලේ රැදෙන්න වෙන කාලය ගොඩක් අඩු කරනවා. හේතුව රටට අතුලු වෙනකොට ආගමන නිලදාරින් ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. මොනවටද එන්නේ, මොනවද කරන්නේ වගේ..ඉතින් ඉංග්‍රිසි හොදනම් වැඩිය ප්‍රශ්න අහනවා අඩුයි. ඒ වගේමයි x-කිරන සටහන ඔනේ වෙන්නේ ඔයාලට ක්ශය රෝගය තියේනවඩ කියලා බලන්න.
ඕක අරන් ආවෙ නැත්නම් ගුවන්තොටුපලේදි ගන්නවා. හැබැයි ඉතින් බහුතරය ඕක අරන් එන්නේ නැති නිසා එතන තදබඩයක් අතිවෙනවා. කොහොම හරි ඔය ඔක්කොගෙනම් බේරිලා රට ඇතුලට එනව කියමුකො. ඊට පස්සෙ තමා හරියට වැඩ පටන් ගන්නේ.
කට්ටිය ඉගෙන් ගන්නවා. ඉතින් ඉගෙන ගන්න අතරේ ඔයාලට පුලුවන් සතියකට පැය 20 වැඩ කරන්න. පැයකට ගෙවන්න ඔනේ අවමය £5.60 වගේ තමා මට මතක.කොහොම හරි පැය 20 වැඩ කරලා £500 වගේ හම්බ කරන්න පුලුවන්. හැබැයි බැරි වෙලාවත් පැය 20ට වඩා වැඩ කරලා අහූනොත් හැරෙන තැපෑලෙන් ගෙදර එන්න පුලුවන්.
£500 කියන්නේ ලංකාවේ ලොකු ගානක් තමා. නමුත් මෙහේ ඔය ගානට කරන්න පුලුවන් එකමදේ තමා බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙන එක. සතයක්වත් ඉතිරි කරගන්න නම් බොහොම අමාරුයි.
ඉතින් හම්බ කරලා ඉගෙන ගන්න වැඩේ නම් ටිකක් අමාරුයි මට තේරිලා තියෙන විදිහට.
අනික තමා ලංකාවෙන් ආවට පස්සෙ මෙහේ තියෙන නිදහසත් එක්ක වියදම් වෙන එක තේරෙන්නේ නැති එක. බස් වල මුලු ගමනටම තියෙන්නේ එක ගානක්. ඒ කියන්නේ ඔය එක හෝල්ට් එකක් ගියත් මුලු දුරම ගියත් එකම ගාන (£1.20) කෝච්චියෙ නම් ඕක වෙනස් වෙනවා.
කොහොම හරි මට කියන්න ඔනේ වෙලා තිබුනේ, රට යන්න ඕනේ කියලා දගලගෙන කලබල වෙන්න එපා. හොදට හිතලා බලලා එන්න. හොදම ක්‍රමේ තමා ලංකාවෙ ඉගෙනගෙන, යම් කිසි කාලයක් වැඩත් කරලා, ඉහන නිපුනතා තියෙන කෙනෙක් වගේ එන එක. එතකොට අර මාසේ පඩිය දවසට හම්බු කරන්න පුලුවන්.
අනිත් ක්‍රමේ තමා ශිෂත්වයක් අරන් එන එක. ඔය ක්‍රම දෙක තමා හොදම.
Grey ඉගෙන ගන්න නෙවේයි මෙහෙ ඉන්නේ. නමුත් පහුගිය දවස් වල ලංකාවෙන් ලගදි ආපු අය ගොඩක් මුනගැහුනා. පුලු පුලුවන් විදිහට ඒ අයට උදව් එහෙමත් කරා. නමුත් පාර්ට්-ටයිම් රස්සාවල් හොයන එක අමාරුයි. එන කට්ටිය ගොඩක් වැඩි නිසා එක රස්සාවටත් බර ගානක් ඉන්නවා.
ඉතින් පොඩ්ඩක් හිතන්න එන්න කලින්. කට්ටක් කෑමක් තියෙන්නේ ස්ටුඩන්ට් විසා එක එකේ.
එහෙනම් ජයවේවා කිව්වා!!!!
Showing posts with label skilled migration. Show all posts
Showing posts with label skilled migration. Show all posts
Thursday, January 28, 2010
Subscribe to:
Posts (Atom)