Showing posts with label taboo subjects. Show all posts
Showing posts with label taboo subjects. Show all posts

Wednesday, March 9, 2011

නොලියා ඉන්න බැරි නිසාම....


පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මම දැඩිව විශ්වාස කරන දෙයක්. හරියට මනුස්සයෙක්ට ඕනෙම දෙයක් ඇදගෙන පාරේ යන්න පුළුවන් කම තියෙන්න ඕනේ වගේ. (සමහරු එකටත් විරුද්දයිනේ)
අපි මතවාදීව අන් අයෙක්ගේ මතයකට එකගවීම හෝ නොවීම වෙනම කාරණයක්. මතවාදී එකග නොවීමක් තියෙනවනම් තර්ක කරන්න පුළුවන්. එහෙම නැතුව හරි ඒ පුද්ගලයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන එක කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
පසුගිය දවස් වල බ්ලොග් අවකාශයේ සිදුවුන දේවල් සමහරක් පිළිගන්න අපහසුයි. අතිශයින් දක්ෂ සහ කලානුරුප මාතෘකා ගැන ලියවුනු විශිෂ්ට බ්ලොග් කිහිපයක් ඉතාම කෙටි කාලයක් තුල නැවතිලා තියෙනවා. ඒ වගේම බ්ලොග් කිහිපයක් හැක් වෙලා තියෙනවා. මේවා වෙන්න ඕනේ දේවල් නෙවෙයි. විශේෂයෙන්ම ටැබූගේ බ්ලොග් එක හැක් වීම සහ කොලුගෙ සමුගැනීම ඉතාම විශාල පාඩුවක්. බ්ලොග් අවකාශයතුල කතා බහට ලක්නොවෙන මාතෘකා ගැන ඉතාම විශිෂ්ට රචනා ශයිලියකින් ලියන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයෙන් කිහිප දෙනෙක් තමයි ඒ දෙදෙනා.
අන්මත විදදරා ගන්න බැරිකම මානසික රෝගී ලක්ෂණයක්. ඒ වගේම ඊට විරුද්දව මෙවැනි පහත ආකාරවලින් ප්‍රතිචාර දැක්වීම තුල තියෙන්න පුද්ගල පවුරුෂය පිළිබද ගැටළුවක්.
මේ වගේ දේවලට විරුද්දව පොදුවේ හඩක් නගන්න ඕනේ වෙනවා. ගොඩක් වැරදි දේවල් වෙන්නේ නරක මිනිස්සු වැඩි නිසා නෙවෙයි....යහපත් පුද්ගලයෝ කටවහගෙන හිටපු නිසා.

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for me
and there was no one left to speak out for me.

                   Pastor Martin Niemöller (1892–1984)


සමහර විට මේ පොස්ට් එකට වන්දි ගෙවන්න වේවි මගේ බ්ලොග් එකෙන්..

Wednesday, December 2, 2009

Reply to මනුස්සා භය තජ්ජිතා | The men who fear

මේක ලියන්න හිතුනේ ටබූ දාල තිබුන ලිපියක් සහ එකට කීප දෙනෙක් දාල තිබුන කොමෙන්ට්ස් දැකලා.

ටබූ එයාගේ බ්ලොග් එකේ කරුනාවෙන් සවන් දෙන්න කියලා දාල තියෙනාවා මෙහෙම.
කිසිම ආගමකට, සංස්ථාවකට, ආයතනයකට, ජන කොටසකට හෝ පුද්ගලයකුට පහරදීමට විශේෂ උවමනාවක් මේ බ්ලොග්කරුට නැත්තේය.

ලිපිය ගැන කතා කරොත් ඒකෙ තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ශ්‍රී මහා බෝධියට වන්දනා කරන පින්තුරයක්. ඊට යටින් ධම්මපදයෙන් ගත්තු ගාථාවක් තියෙනවා "බහුවෙ සරණං යන්ති".

දැන් ඕකේන් මට තේරුන විදියට කරුනු දෙකක් කියන්න තමයි ටබූ උත්සාහ කරන්නේ.
1. මහින්ද බය වෙලා
2. බෝධි වන්දනාව වැරදියි.

පළවෙනි පොයින්ට් එක ගැනනම් කිසි ප්‍රශ්නයක් නෑ. ඕනෙම පුද්ගලයෙක් අඩු වැඩි වශයෙන් මොනවට හරි බයයි.
බෝධි වන්දනාව වැරදියි කියන එකට නම් එකග වෙන්න ටිකක් අමාරුයි. මම දන්න විදිහට අපි ආමිස පූජා කියන්නේ ඕවට තමා.එහෙම නෙවෙයි කියනවනම් ටබූ තමන්ගෙ ජීවිතේ මුල් අවුරුදු 16 හරියට බුද්ධාගම ඉගෙන ගෙනත් නෑ, පිලි පැදලත් නැති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

ඕකට කට්ටිය කොමෙන්ට් දාන කොට එක තැනක ටබූ කියනවා.
Do Buddhists kiss bo trees to show respect?
- Taboo

මට මෙතක කිස් කිරිල්ලක් පෙනෙන්නේ නෑ. මම නලලෙන් කිස් කරන්න පුලුවන් කියලා දන්නෙත් නෑ. ටබූ කිස් කරන්නේ නලලෙන් නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කවදා හරි. (කියන්නත් බෑ, ටබූ ඉතින් වෙනස්නේ)
මෙතන තියෙන්නේ සරලවම නලල බෝ ගහට තියලා වදින එකක්. එක් තරා දුරකට අපි නලල බිම තියලා වදින එකට සමාන කරන්න පුලුවන්. ඕනෙ තරම් හිංදු දේවාල වල අපිට දකින්න පුලුවන් පූජනීය දේවල් වලට ඔලුව තියනවා. ඒක එක එක පුද්ගලයට අනුව වෙනස් වෙන තමන්ගෙ භක්තිය ප්‍රකාශ කරන විදිහක්.
මේක බටහිර විදිහට කියනවා නම් එළිසබෙත් රැජින St. Peter cathedral එකට යනවා වගේ ceremonial වෙඩක් මහින්දගේ පැත්තෙන් බැලුවොත්.

ටබූට මඩ ගහන්න තියෙනවනම් ඉතින් මොනවා උනත් මොකද නේද? එක්කො හරියට කරුනු දැනගෙන ගහන්න ඕනේ.
කොහොමත් මට පේන්නෙ ටබූට කරුනු කාරනා හරියට වැටහෙන්නෙනෑ. නැත්නම් ඉතින් මෙහෙම කියනවද?
ගෞතම බුදුන් හා මාක්ස් ලොව පහළ වූ ඉහළම බුද්ධිමතුන් සේ සළකතත් අද ඔවුන්ගේ අනුගාමිකයන් කියාගන්නා උන් කරන බොරුව වටහා ගත් පසු බ්ලොග් කරු මේ සංස්ථා දෙකින්ම ඉවත් විය.
අපිට බුද්ධාගමට අනුව ජීවත් වෙන්න අනුගාමිකයො ඔනේ නෑ.

අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා ආගමක් අදහන්නේ නෑ කියලා ඒක කරන පුද්ගලයො අපහාසයට ලක්කරන එකෙන් පේන්නෙ ඔයාගෙ හිස් බව විතරයි.
දෙවෙනි දෙය තමා, බෝධි වන්දනාව බුද්ධාගමේ හරය නොවෙන්න පුලුවන්. නමුත් එකේන් කෙනෙක් හිත පහදවා ගන්නවනම් ඒකෙන් හොදක් මිසක් වැරැද්දක් වෙන්නෙ නෑ. ඒ නිසා ධම්මපදයේ ගාථා වලට වැරදි විදිහට අර්ථ නිරූපනය කරන්න එපා.