Wednesday, March 17, 2010

ඉතින් කාටද මේව කියන්නේ

මේක සිරාවටම අද වෙච්චි වැඩක්. අපේ යුසර්ලත් ඉදලා හිටලා ආතල් වැඩ කරනවා. අද උනේ මේකයි. උදේ පාන්දර එක අම්මන්ඩි (කියමුකෝ මේරි කියලා) කෙනෙක් අපේ 'ඊ ආර් පී' එකේ එයාගේ අකවුන්ට් එක බ්ලොක් කරගෙන. ඔන්න ඉතින් කෝල් එකක් දෙනවා.
Mary: Hi Grey, I can't login to the system.
Grey: Hi, Ok. Can you comeover so I can reset your account.

ඔන්න ඉතින් මේරි ආව කියමුකො විනාඩි පහකින් විතර.

Grey: Hi Mary, I'm going to reset your account and you need to give a new password.
Mary: Ok. Use my sisters name.

යකෝ මන් දන්නේ කොහොමද මේකිගේ නංගිගේ නම.

Grey: ok Whats her name?
Mary: Angela

ඔන්න ඉතින් අකවුන්ට් එක රිසෙට් කරලා දුන්නා. ග්‍රේ ආයෙ බ්ලොග් කියවන්න ගත්තා කියමුකො. මෙන්න ආයෙත් කෝල් එකක්.

Mary: Hey, I stil I can't login to the bloody system.
Grey: Let me check from here.
....strange I can login with your user name and password from here. Are you sure you type Angela correctly?

Mary: Who the hell is Angela??
Grey: Your password and your sister :S :S
Mary: My sisters name is Rebecca.

අම්මපා ඉතින් කාටද මේව කියන්නේ. :S

Tuesday, March 16, 2010

ALBERT EINSTEIN'S RIDDLE

වෙලාවක් තියෙනව නම් උත්සාහයක් කරන්න. මම නම් මේකෙ උත්තරේ හොයාගත්තා. :) ගූගල් දෙයියන්ගේ පිහිටන් කරන්න නම් එපා වැඩක් නෑ.
ALBERT EINSTEIN'S RIDDLE

ARE YOU IN THE TOP 2% OF INTELLIGENT PEOPLE IN THE WORLD? SOLVE THE RIDDLE AND FIND OUT.

There are no tricks, just pure logic, so good luck and don't give up.

1. In a street there are five houses, painted five different colours.

2. In each house lives a person of different nationality

3. These five homeowners each drink a different kind of beverage, smoke different brand of cigar and keep a different pet.

THE QUESTION: WHO OWNS THE FISH?

HINTS

1. The Brit lives in a red house.
2. The Swede keeps dogs as pets.
3. The Dane drinks tea.
4. The Green house is next to, and on the left of the White house.
5. The owner of the Green house drinks coffee.
6. The person who smokes Pall Mall rears birds.
7. The owner of the Yellow house smokes Dunhill.
8. The man living in the centre house drinks milk.
9. The Norwegian lives in the first house.
10. The man who smokes Blends lives next to the one who keeps cats.
11. The man who keeps horses lives next to the man who smokes Dunhill.
12. The man who smokes Blue Master drinks beer.
13. The German smokes Prince.
14. The Norwegian lives next to the blue house.
15. The man who smokes Blends has a neighbour who drinks water.

ALBERT EINSTEIN WROTE THIS RIDDLE EARLY DURING THE 19th CENTURY. HE SAID THAT 98% OF THE WORLD POPULATION WOULD NOT BE ABLE TO SOLVE IT.

Wednesday, March 3, 2010

වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට පොඩි අවස්තාවක්

මට පොඩි අවස්තාවක් දෙන්න පුලුවන් වෙබ් අඩවි හදන්න දන්න කෙනෙක්ට.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්න මේ අඩවියට වඩා හොද අඩවියක් නිර්මානය කරන එක. මේකට තරගයක් දෙන්න පුලුවන් විදිහට. (http://www.john-crane.co.uk/)
ඔයාලට තියෙන්නෙ මට prototype එකක් විදිහට මුල් පිටුවයි, තව පිටුවකුයි හදලා කොහේ හරි තැනකට upload කරන එක. ඔය http://box.net වගේ තැනක් හොද්යි.
zip ෆ්යිල් එකක් වගේ දාන්න. ඒක අතුලේ ඔයාලගේ ඊ-මේල් එකත් නොට්පෑඩ් එකක ලියන්න.
හොදම කෙනාට වැඩේ ඩෙනවා පොඩි ගෙවීමකුත් එක්ක.
හැබැයි සිකුරාදා වෙනකොට upload කරලා, upload link එකත් එක්ක comment එකක් දාන්න.

Monday, February 22, 2010

Oracle වලින් ඊ-මේල් යවමු

දන්නවනේ Oracle ගැන. තද database එකක්නේ. ඕකෙ code කරන්න තියෙනවා pl-sql කියල languageඑකක්. නිකන් Pascal වගේ. සරල scene එකක්.
ඉතින් මන් අද කියන්න යන්නේ pl-sql use කරලා ඊ-මේල් එකක් යවන හැටි.
Oracle දෙයියො ඔකට පැකේජ් එකක් (UTL_SMTP) ලියලම දීල තියනවා. මන් කියන්න යන්නේ අන්න ඒක ගැන. හැබැයි SMTP සර්වර් එකක් හරහා තමා යවන්නේ.

PROCEDURE Send_Email_(email_addr_ IN VARCHAR2, header_text_ IN VARCHAR2, body_text_ IN VARCHAR2) IS
rep_email_addr_ VARCHAR2(200);
c UTL_SMTP.CONNECTION;
email_ VARCHAR2(200);
PROCEDURE send_header(name IN VARCHAR2, header IN VARCHAR2) AS
BEGIN
UTL_SMTP.WRITE_DATA(c, name || ': ' || header || UTL_TCP.CRLF);
END;
BEGIN
email_ := email_addr_;
c := UTL_SMTP.OPEN_CONNECTION('AA.BB.CC.DD');
UTL_SMTP.HELO(c, 'AA.BB.CC.DD');
UTL_SMTP.MAIL(c, 'myemail@mydomain.com');
UTL_SMTP.RCPT(c, email_);
UTL_SMTP.OPEN_DATA(c);
send_header('From', '"Sender" myemail@mydomain.com');
send_header('To', email_);
send_header('Subject', header_text_);
UTL_SMTP.WRITE_DATA(c, UTL_TCP.CRLF || body_text_);
UTL_SMTP.CLOSE_DATA(c);
UTL_SMTP.QUIT(c);
COMMIT;


EXCEPTION
WHEN utl_smtp.transient_error OR utl_smtp.permanent_error THEN
BEGIN
UTL_SMTP.QUIT(c);
EXCEPTION
WHEN UTL_SMTP.TRANSIENT_ERROR OR UTL_SMTP.PERMANENT_ERROR THEN
NULL;
END;
raise_application_error(-20000,
'Failed to send mail due to the following error: ' || sqlerrm);

END Send_Email_;


ඔන්න ඔච්චරයි කරන්න ඔනේ. ඔන්න ඔහොම procedure එකක් ලියාගත්ත්ම ඔනේ වෙලාවක එකට කතා කරන එක තමා කරන්න තියෙන්නේ.
මෙන්න මෙහෙම
Send_Email_(‘recepient@yourdomain.com’, ‘budu amma..mail ekak’, ‘onna man liuwamak ewwaaaaa…’);
වැඩේ පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙහෙමයි.
මන් ලියලා තියෙන්නේ ඔරකල් ප්රොසිජර් එකක්. එකට වේරියබල් විදිහට යවන්න ඔනේ කෙනාගේ ඊ-මේල් ලිපිනයයි, ලියුමේ සබ්ජෙට් එකයි, ලියුමේ අතුලේ තියෙන ඒවයි ගන්නවා.එක තමා උඩම පේලි දෙකෙන් වෙන්නේ. ඊට පස්සෙ මම වෙරියබල් ටික ලියාගන්නවා. c කියුවේ අපේ SMTP server එකට තියෙන connection එක.
Pl-sql වල procedure අතුලේ තව procedure ලියන්න පුලුවන්. ඉතින් එහෙම එකකුත් මම ලිව්වා වැඩේ ලේසි වෙන්න.
ඔක්කොමට කලින් කනෙක්ශන් එක හදාගන්න ඔනෙනේ. ඔන්න අපි එක කරනවා. සර්වර් එකේ (පොර) IP ඇඩ්රස් එක දීලා කනෙක්ශන් එක ඇරගන්න හදනවා.
ඇරගත්තා කියමුකො..ඊට පස්සේ අපි නිකන් හෙලෝ කියනවා පොර අපිත් එක්ක කතා කරන්න ලැස්තිද බලන්න. එහෙම කරන්නේ බැරිවෙලා හරි පොර අපිව ගනන් ගත්තේ නැත්නම් අපි කියවන්න පටන් ගත්තම අපිටමනේ නෝන්ඩිය.
හෙලෝ එකත් නොන්ඩි නැතුව ගියා කියන්නෙ පොර කතාවට ලැස්තී කියලා. ඉතින් හිටු කියලා කියවන්න තියෙන්නෙ. කියවන එක උනත් පිලිවෙලට කරන්න ඕනෙනේ. මුලින්ම මම කවුද කියනවා. මේල් කියලා යවන කෙනාගේ ඊ-මේල් එක දාල කරන්නේ ඒක. ඊට පස්සෙ කියනවා කාටද යවන්න ඔනේ කියලා.
දැන් තමා වල්පල් කතා කරලා ඉවර වෙලා වැඩට බහින්නේ. අපි OPEN_DATA කියලා ඇරගෙන SMTP හේඩර් ඉන්ෆොමේශන් ටික යවනවා.
ඊට පස්සේ යවන්න ඕනේ එකත් ලියනවා WRITE_DATA වලින්. අපේ වැඩේ දැන් ඉවරයි. ඉතින් තව කියවන්න දෙයක් නැනේ. කොනෙක්ශන් එක වහලා දානවා.
යට ලියලා තියෙන්නේ බැරි වෙලා හරි අපිට කොහෙන් හරි සද්දයක් දැම්මොත් මේක කරන්න බෑ කියලා අපි කරන දේවල්. හැමොටම එක හැන්දෙන් බෙදන්න බෑනේ. ඉතින් අපි එක එක එවට එක එක දේවල් තමා කරන්නේ. ;)
ඔන්න ඔච්චරයි වැඩේ.
කාට හරි කවදා හරි ප්රයොජනවත් වෙයි කියලා හිතනවා. මොනවා හරි බුල් සීන් එකක් උනොත් අහන්න.

Friday, February 19, 2010

FileSystemWatcher වල වැඩ

අහල තියෙනවද .net වල තියෙනවා FileSystemWatcher කියලා ක්ලාස් එකක්. මේක් තියෙන්නේ System.IO ඇතුලේ.
මේකෙන් සිරා වැඩ ටිකක් දාන්න පුලුවන් හරියට පාවිච්ච් කරොත්. මේක නිකන් හරියට ඔය අපේ සමහර ගෙවල් වල ඉන්න බල්ලා වගේ. කවුරු හරි ආවොත් බුරනවා.
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
දෙයියො බුදුන් වැදලා පඩුරක් එහෙම ගැටගහලා Visual Studio open කරගෙන අලුත් project ඒක්ක ගන්න.

using System.IO;
කියලා උඩින්ම දාගන්න

FileSystemWatcher watcher;
class level එකේම හදාගන්න.

දැන් ඉතින් main එකේ හරි ඔයාලට ඔනේ තැනම කතා කරන එක තමා තියෙන්නේ.
private void CreateWatcher()
{

//Create a new FileSystemWatcher. ගෙදර ඉන්න බල්ලා

watcher = new FileSystemWatcher();


// නැට්ට වන්නන්න filter
watcher.Filter = "*.pdf";

//Subscribe to the Created event. (නැට්ට)
watcher.Created += new FileSystemEventHandler(watcher_FileCreated);

//Set the path whatever the directory you want (ගෙදර)
watcher.Path = @listnerDir;

//ගෙදර අතුලේ කාමරත් ඔට්ටුයි
watcher.IncludeSubdirectories = true;

//Enable the FileSystemWatcher events.
watcher.EnableRaisingEvents = true;
}



දැන් මෙහෙමයි.. මං කලින් කිවුනේ මෙයා කවුරු ආවත් බුරනවා කියලා... අපි හිතමුකො අපි දන්න කෙනෙක් ආවම නැට්ට වන්නන්න ඔනේ කියලා..සරලයි..
ඔය මම දාල තියෙන්නේ filter එකක් එතෙන්ට එන කෙනාව අදුරගන්න පුලුවන් නම් එයා ආවම තමා නැට්ට වනන්නේ. දැන් මගේ එකේ නම් pdf එකක් ආවොත් තමා නැට්ට වනන්නේ.

ඉතින් දැන් මේක් run වෙනකොට ඔය බලන් ඉන්න තැන මොකක් හරි pdf file එකක් හැදුන ගමන් පොර නැට්ට වනනවා. ඉතින් වනන්න නැට්ටකුත් ඔනේනේ.
නැට්ට මෙහෙමයි.

void watcher_FileCreated(object sender, FileSystemEventArgs e)
{
//ඇතුලේ ඕනෙ මගුලක් කරගන්න පුලුවන්.
}



මෙකේ තියෙන ලොකු වාසියක් තමා ඉතින් ඔය රට වටේ file තියගන්නේ නැතුව තමන්ගේ MP3 ටික එක තැනකයි, Movies ටික තම කොහෙවත් තැනකටයි දාගන්න වගේ.
කරන්න ඔනේ එකමදේ copy කරන තැනට අහන් ඉන්න කියලා දාලා extenstion (or whatever) එක අනුව filter කරලා watcher_FileCreated ඇතුලේ file එක copy කරන කියලා තියෙන එක විතරඉ.
තව කරන්න පුලුවන් දේවල් හිතලා කියන්න. :)
එහෙනම් අදට ඇති. ජයවේවා කිව්වා.

Tuesday, February 16, 2010

ලංකාවෙ ගන්න පුලුවන් ස්කයිප් තියෙන ජංගම දුරකතන මොනවාද?

මගේ ලංකාවෙ ඉන්න යාලුවෙක්ට ඔනේ වෙලා තියෙනනවා ස්කයිප් තියෙන ජංගම දුරකතනයක්. උපරිම මිල වෙන්න පුලුවන් රුපියල් 25,000.
ඉතින් කවුරු හරි පිංවතෙක් එහෙම එකක් දන්නවනම් ලියල එවන්න. කොළඹ අවටින් වෙන්න ඔනේ ගන්න පුලුවන්.

Wednesday, February 3, 2010

ජාතික තොටිල්ල



1.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

2.
නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

3.
විජය තුමා තම්මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ

4.
දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය සුවෙන්

5.
තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

6.
දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

7.
ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ

8.
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

9.
සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ

10.
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

11.
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදුටු විසකටු නො රැකේ


12.
දනන් කෙරෙන් මෙලක් දිවේ
පළමුව බොදු බැති වුවේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ පුතේ

13.
ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා

14.
ගොස් මාගම් පුර පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා

15.
කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

16.
අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්


17.
තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

18.
තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ


19.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ


20.
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී


21.
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

22.
එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්


23.
ලියන 'තුරින් මෙ ලක් දිවේ
පළමුව මහ පළ ලැබුවේ
අප අනුලා දේවි වේ
එහෙම වෙයන් උඹත් දුවේ

24.
සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණියේ දේවී
මගේ පුතා නළවාවී

25.
වැද යුධ බිම නොම බිය වී
විහාර මහ රජ දේවී
පෑ විමන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේවී


26.
තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා


27.
වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්


28.
අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.
සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා


30.
මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු සොඳා

31.
සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා


32.
බුදු ගොස් මහ තෙරිඳු ලවා
දහමට අටුවා ලියවා
ඒ අප සිංහල දරුවා
සිරි ලක් දිව හෙළි කෙරුවා

33.
අත්නගලු වනයේ දී
මඟියෙකු හට හිස දන් දී
බුදු බව පැතු සඟබොධී
සිහි කරපන් සිත පෑදී


34.
අහසේ නිල් වළාකුලේ
ගැටෙන රුවන් කොතිනුදුලේ
දෙව්රම් මහ සෑය කෙළේ
මහසෙන් මහ රජු ඒ කළේ

35.
හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආ දා
සාදු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

36.
දැක කළු ලෙඩ නයෙක් එදා
අප බුදුදස් මහ නිරිඳා
කළ පිළියම් සිතන සඳා
උඹට පුතේ සැප ම සදා

37.
කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

38.
මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ

39.
ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ


40.
පද රස එක් කොට මෙ ලොවේ
කුස ජාතක කව් කෙරුවේ
දඹදෙනි පැරකුම් රජු වේ
ඉගෙන ගනින් මගේ දුවේ

41.
කළ වියකන විසුදු මගේ
වික්මැති ඒ රජුගේ රඟේ
සිහි වන මා පුතුගේ ඇඟේ
ලේ උණුසුම් වෙවී නැඟේ

42.
ඇති නම් මා අත කඩුවක්
මට සක් දෙව් කෙරෙයි කුමක්
මේ බස කියු සිහල පුතෙක්
උඹට පුතේ වෙයිද මතක්

43.
බලනේ කඳු මුඳුනේ දී
පරංගියා මැරුණ විදී
ඇසුවොත් පුත සිත පැහැදී
රාසිං දෙවියන්ට වඳි


44.
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ


45.
නිදහස් හිරු දෙව් එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරි ලක් මව් හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා

46.
නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ

47.
විජය අබා රජ්ජුරුවෝ
සැඬි දෙමළුන් වඳ කෙරුවෝ
පෙර අප සිංහල දරුවෝ
මෙ බඳු හපන්කම් කෙරුවෝ


48.
පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

49.
කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ


50.
ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා

51.
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

52.
මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ


53.
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි


54.
ගන්නෝරුවේ කඳු මුදුනේ
සිට රජසිහ එ දිනේ
නැංවු යුද හඬ මෙ දිනේ
රැව් දෙයි ම පුතුගේ සවනේ

55.
සිංහල ඊ පහර වැදී
පරංගි සෙන් වැටුණ විදී
සිහි කෙරුවොත් සිතින් ළැදී
නුඹට අදත් පෙනෙයි ඇඳි


56.
නිදහස් ලිය ලියලන්නේ
සම් මස් ඇට පොහොරින්නේ
මේ සිතිවිලි සමඟින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


57.
පිළගම දේවාලේ වැදී
සිටි නිරිඳෙක් බයෙන් බැඳි
රෑ සිහිනෙන් දුටු පරිදී
පින් පැණ යුත් පුතෙක් ලදී

58.
ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුරෙක නියා
වැටෙමින් සිටි සිංහලයා
ගේ නම ලොව පැතිර ගියා

59.
"නිවටුන්ගේ බිය සහදයි"
යනු කීවේ එ මහ රජයි
පුත නුඹගේ ගතයි හදයි
එ බසට යොමු කළොත් හොඳයි

60.
ලක එක සේසත් සෙවණේ
තැබු ඒ නිරිඳුගේ සරණේ
ලද ම පුතුට මුළු දෙරණේ
වෙන සැප කිම එම පමණේ

61.
"අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා

62.
ලැග සිටිමින් වහල් බවේ
මෙත් කෙරුවත් පලක් නොවේ
පුත නුඹ හද මල් ගොමුවේ
මේ මල් පිබිදිය යුතුවේ


63.
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

64.
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්


65.
මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්


66.
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

67.
සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට මෙතින්
බියක් සැකක් නො ව යහතින්
නිඳා ගනින් පුතේ ඉතින්

68.
බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතියෙන් උඹ වැනි දහසක්
අනේ පුතේ විඳින දුකක්

69.
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ

70.
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්

71.
විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී


72.
කව්සේකර ගුත්තිල දා
සසදා සහ මුවදෙව් දා
මේ සිංහල ගත් සමුදා
දෙයි ම පුතුට නැණ පහදා

73.
මියුරු කොවුල් සැළ පරෙවී
තිසර ගිරා සරණ අවී
මේ ගත්වල තියෙන කවී
රසය උරා බොනු මැනවී

74.
විදු සක්විති ඇදුරිඳුගේ
බුත්සරණේ තිබෙන අගේ
දැන ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

75.
විසතුරු පද අරුත් සොමී
එක් කොට පඬි ගුරුළු ගැමී
කළ දේ පොතින් වැහෙන එ මී
මගේ පුතාටත් කවමී

76.
සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසුදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී

77.
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

78.
කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ