Thursday, March 25, 2010

මල්ටි ප්ලග්

මං මෙහෙට ආපු ගමන් ගත්තු පළවෙනි බඩුව තම මල්ටිප්ලග් එකක්. (එක්ස්ටෙන්ශන් කෝඩ් එකත් එක්ක ) මුලින් ඕකට ගැහුවේ මගෙ මොබයිල් එකේ චාජර් එක විතරයි. පස්සෙ මගේ ලැප්ටොප් එක ගහන්න ගත්තා. ඇදුම් මදින්න අයන් එකකුත් ගහන්න ගත්තා. රස්සාවට යනකොට ඒකේ ලැප්ටොප් එකයි, බ්ලැක්බෙරියයි ගහන්න ගත්තා.
හීතල කාලෙට ඉන්න පොඩි හීටරෙකුයි, රැවුල කපන්න ට්‍රිමර් එකකුයිත් පස්සෙ එකතු උනා.
දැන් බලන් යනකොට එකේ ඉඩ මදි. ඒ විතරක් නෙවේ දවසක් පොඩ්ඩක් ලොඩ් එක වැඩි වෙලත් තිබ්බා.
වෙලාවකට හිතෙනවා අපේ ජීවිතත් ඔය වගේ නේද කියලා. අපි එක එක දේවල් එකතු කරගන්නවා. වයර් පටලව ගන්නවා. හැම දේම බදාගන්නවා. අන්තිමට ඔය ඔක්කොම දේවල් නිසා අපි හිතනව වැඩිවෙලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යනවා.
මල්ටි ප්ලග් එක නම් පරිස්සමෙන් පාවිච්චි කරන්න මන් දන්නවා. එහෙම නැත්නම් අලුත් එකක් ගන්න පුලුවන් £10-15 දීලා. නමුත් අපේ ජීවිත....

6 comments:

  1. මමත් දෙයියනේ කියලා මෙහාට ආපු ගමන්ම ගත්තෙ මල්ටි ප්ලග් එකක් තමයි... $5 කට වගේ මතක :D ඒකනම් මම තාමත් පාවිච්චි කරනවා ඒත් ජීවිතේනම් වයර් පැටලිලා වගේ.

    ReplyDelete
  2. මල්ටි ප්ලග් ,මල්ටි මීඩියා ,මල්ටි ටාස්ක් ,මල්ටි කුකර්,........ මොනාද දැන් මල්ටි නැත්තේ ජීවිතේම මල්ටියක් තමයි .

    ReplyDelete
  3. @ Wath

    ඇයි මල්ටි බැරල්??

    ReplyDelete
  4. ටිකක් විතර අවුලෙන් ඉන්න වෙලාවක කියෙව්වේ.පෝස්ට් එක හිතන්න ලොකු දෙයක් ඉතුරු කලා.
    එහෙනං ජය වේවා කිව්වා

    ReplyDelete
  5. ඇත්තටම උබ කිව්වෙ ලොකු දෙයක්. අපේ ජීවිතත් නිකන් පැටලිල අවුල් වෙලා තියෙන්නේ. ඔනි නැති දෙවල් පිරිලා

    ReplyDelete