Showing posts with label life. Show all posts
Showing posts with label life. Show all posts

Wednesday, April 21, 2010

හ්ම්ම්.....

ගොඩ දවසකින් ලියුවේ නෑ. ඇත්තටම ලියන්න හිතුනේ නෑ. මේ දවස්වල මගේ මූඩ් එක ටිකක් අල. ටිකක් නෙවේ හොදටම. හේතු ගොඩක් තියෙනවා. එකම ගෑනු ලමයා දෙවෙනි පාරටත් ග්‍රේව රැවට්ටපු එක එකක්.  ග්‍රේගේ ජීවිතේට වැදුනු දරුනුම පාර ඒක තමා.   
පලමුවෙනි වතාවට සිංහල අවුරුද්දේ ගෙදර නැති එක. ඒක නම් හිතට ගොඩක්ම වැදුනා. ගෙදර අම්මලත් එහෙමම හිතනබව මතක් වෙනකොට තවත් හිත අවුල්.
ඒ මදිවට ඔෆිස් එකෙත් කරන්න දෙයක් නෑ. මොකෝ දවසම ජන්ජාලේ ඉන්නව කියන එකත් පිස්සු හැදෙනවනේ. ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා කරන්න දේකුත් නෑ. පුදුම පාලුවක් තියෙන්නේ.

අපි සල්ලි හොයන්න කියලා ආවට ඒ වෙනුවෙන් කරන්නවෙන කැපකිරීම් මුදල් වලින් මනින්න පුලුවන්ද කියලා වෙලාවකට හිතෙනවා.
කොහොමින් කොහොමින් හරි අවුරුද්ද ඉවරයි, මට නම් ඉතින් තවත් එක දවසක් විතරක් උනා. මෙහේ ඉතින් ඔය නිවාඩු නෑනේ. තියෙන නිවාඩු ටික එකක්වත් නොගෙන බොහොම අමාරුවෙන් ඉතිරි කරන් ඉන්නේ අවුරුද්දේ අග ලංකාවට යන්න. ඔය අතරේ මගේ සන්චාරක සටහන් වැඩේ හිමීට පටන් ගන්නවා කියලා හිත හිත ඉන්නවා. අදහස් පොඩ්ඩක් වෙනස් කරලා සින්හලෙන් මේකෙම ලියනවා කියලා හිතාගත්තා. වෙනම ඉන්ග්‍රිසි එකක් කරනවා.
අනික කියලා තියෙනවානේ  Idle mind is devils workshop කියලා. කොහොමත් මොකේක හරි යෙදිල ඉන්න එක හොදයිනේ.

දැන් ඉතින් අදිශ්ටානයෙන්, අභීතව ඉදිරිය ගැන හිතලා වැඩ කරනවා. ඔය මොනවත් හින්දා මම දුකින් ඉන්න ඕනේ නෑනේ. අඩු ගානේ එහම ඉන්න හරි උත්සාහ කරනවා.

Friday, March 26, 2010

ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවට

තද නිල් පාට බිත්ති වල ගාලා... දොඩං ගෙඩියෙ පොත්තෙ තියෙන තැබිලි පාට බඩු තියෙන කාර්යාලයක් ගැන මොකො හිතන්නේ....
අපේ සිංගප්පුරුවේ තියෙන ඔෆ්ස් එක අලුත් තැනකට ගෙනියලා..අලුත් තැන තමා ඔහොම තියෙන්නේ. අද උදේම (අපිට උදේ කියන්නෙ උන්ට ඉතින හවසනේ) ඔන්න අපි සෙට් එකකට වෙබ් කැමරා එකක් හරහා අලුත් ඔෆිස් එකේ හැටි පෙන්නුවා. කියලා වැඩක්නෑ.. ඇස් කඩාගෙන යන්නේ.
අපේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර්කාරයට කල්පනාවක් තිබ්බේ නෑ අපි මයික් දාල තියෙන්නෙ කියන දේ එහා පැත්තේ ඉන්න චව්වට ඇහෙනව කියලා.
මු කියපි
"F**k me, that looks like a 1970s porn movie!!!!"
හප්පා කියලා වැඩක් නෑ...ඔෆිස් පෙන්නන එක එතනින්ම ඉවරයි.

කට්ටිය හිනා වෙලා ඉවර වුනාම මම අපේ එකෙක්ට කිවුවා මම ඉගෙන ගත්තු කැම්පස් එකත් ඔය වගේ කියලා..
ගූගල් දෙයියන්ගෙන් හොයලා පින්තුරෙකුත් අරන් පෙන්නුවා.. මේක අහපි උබලා මේක පේන්ට් කරේ ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවටද කියලා...
පාට පාට ලෝකයක්නේ ඒක...ඔය මාලබේ හරියේ තියෙන්නේ... :)

Thursday, March 25, 2010

මල්ටි ප්ලග්

මං මෙහෙට ආපු ගමන් ගත්තු පළවෙනි බඩුව තම මල්ටිප්ලග් එකක්. (එක්ස්ටෙන්ශන් කෝඩ් එකත් එක්ක ) මුලින් ඕකට ගැහුවේ මගෙ මොබයිල් එකේ චාජර් එක විතරයි. පස්සෙ මගේ ලැප්ටොප් එක ගහන්න ගත්තා. ඇදුම් මදින්න අයන් එකකුත් ගහන්න ගත්තා. රස්සාවට යනකොට ඒකේ ලැප්ටොප් එකයි, බ්ලැක්බෙරියයි ගහන්න ගත්තා.
හීතල කාලෙට ඉන්න පොඩි හීටරෙකුයි, රැවුල කපන්න ට්‍රිමර් එකකුයිත් පස්සෙ එකතු උනා.
දැන් බලන් යනකොට එකේ ඉඩ මදි. ඒ විතරක් නෙවේ දවසක් පොඩ්ඩක් ලොඩ් එක වැඩි වෙලත් තිබ්බා.
වෙලාවකට හිතෙනවා අපේ ජීවිතත් ඔය වගේ නේද කියලා. අපි එක එක දේවල් එකතු කරගන්නවා. වයර් පටලව ගන්නවා. හැම දේම බදාගන්නවා. අන්තිමට ඔය ඔක්කොම දේවල් නිසා අපි හිතනව වැඩිවෙලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යනවා.
මල්ටි ප්ලග් එක නම් පරිස්සමෙන් පාවිච්චි කරන්න මන් දන්නවා. එහෙම නැත්නම් අලුත් එකක් ගන්න පුලුවන් £10-15 දීලා. නමුත් අපේ ජීවිත....