Friday, March 26, 2010

ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවට

තද නිල් පාට බිත්ති වල ගාලා... දොඩං ගෙඩියෙ පොත්තෙ තියෙන තැබිලි පාට බඩු තියෙන කාර්යාලයක් ගැන මොකො හිතන්නේ....
අපේ සිංගප්පුරුවේ තියෙන ඔෆ්ස් එක අලුත් තැනකට ගෙනියලා..අලුත් තැන තමා ඔහොම තියෙන්නේ. අද උදේම (අපිට උදේ කියන්නෙ උන්ට ඉතින හවසනේ) ඔන්න අපි සෙට් එකකට වෙබ් කැමරා එකක් හරහා අලුත් ඔෆිස් එකේ හැටි පෙන්නුවා. කියලා වැඩක්නෑ.. ඇස් කඩාගෙන යන්නේ.
අපේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර්කාරයට කල්පනාවක් තිබ්බේ නෑ අපි මයික් දාල තියෙන්නෙ කියන දේ එහා පැත්තේ ඉන්න චව්වට ඇහෙනව කියලා.
මු කියපි
"F**k me, that looks like a 1970s porn movie!!!!"
හප්පා කියලා වැඩක් නෑ...ඔෆිස් පෙන්නන එක එතනින්ම ඉවරයි.

කට්ටිය හිනා වෙලා ඉවර වුනාම මම අපේ එකෙක්ට කිවුවා මම ඉගෙන ගත්තු කැම්පස් එකත් ඔය වගේ කියලා..
ගූගල් දෙයියන්ගෙන් හොයලා පින්තුරෙකුත් අරන් පෙන්නුවා.. මේක අහපි උබලා මේක පේන්ට් කරේ ඩියුලක්ස් වල කලර් කැටලොග් එක වෙනුවටද කියලා...
පාට පාට ලෝකයක්නේ ඒක...ඔය මාලබේ හරියේ තියෙන්නේ... :)

7 comments:

  1. හික් හික් ස්ලිට් එකේ කොල්ලෙක් වගේ. ඔය පාට පාට ලොකයක් එක ලන්කාවෙ සෑහෙන ජනප්‍රිය උනානේ. හැබයි මම නම් කැමතියි.

    ReplyDelete
  2. ම් ම් ....... සුදු පාට වගේ වෙන මොනාද .......

    ReplyDelete
  3. හික් හික්... එක එක අයගේ කැමැත්ත තමා.. මගේ නම් කැමැත්ත Grey :P

    ReplyDelete
  4. නමක් නැතුව කොමෙන්ට් කරන්න තරම් නම් Gay නෑ. :P

    ReplyDelete