Wednesday, March 31, 2010

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්... අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්. ....

පොලොන්නරුවේ ගොවියො වැස්ස නැතිව වහ බොනකොට..ගොවි හාමිනේ සල්ලි නැති නිසා වෙන මොකක්ද වැඩක් කරන කොට (අර සා ප්‍රසංගේ කියන්නේ) වහින්න එපා කියලා මන් කියන්නෙ මොකෝ කියලා බලයි කට්ටිය.
කොහොමත් මං ඉන්න හරියේ ගොවියොත් නෑ. මෙහෙට වැස්සෙ නෑ කියල පොලොන්නරුවේ ගොවියට කෙල වෙන්නෙත් නෑ. ඉතින් ලොකු අවුලක් වෙන එකක් නෑ මගේ හිතේ.
වැඩේ මේකයි. මේ සතියේ සිකුරාදයි, ඊලගෙ සතියේ සදුදායි දෙකම නිවාඩු මෙහේ. (Good Friday, Easter Monday)
ඉතින් ග්‍රේයි තව යාලුවො සෙට් එකකුයි පැරීසියට යන්න ට්‍රිප් එකක් දාගත්තා. වැඩේ දැන් කාලගුනේ කියනවා අම්බානට වහිනවා කියලා සදුදා වෙනකන්. (http://news.bbc.co.uk/weather/forecast/40)
වැස්සොත් ඉතින් කියලා වැඩක් නෑ ඔක්කොම දෙල්ම තමා. ඉතින් කවුරු හරි වැස්ස නවත්වන්න දන්න කෙනක් ඉන්නව නම් ශේප් එකේ ඔය දවස් කීපය වහින්න නම් දෙන්න එපා පැරීසියට.

එහෙනම් au revoir කිවුවා..

9 comments:

  1. ඔන්න මම වැස්ස වළාහකට email එකක් දැම්මා.. බලමු mansගේ ප්‍රතිචාර කොහොමද කියලා.. :D
    ආ.. සුබ ගමන් කිව්වා එහෙනම්.. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි...
    මාත් එකක් දැම්මා..හැබැයි පොර out of office auto reply daala, එකක් දාල නිවාඩු ගිහින්ද කොහෙද.
    ලියුමේ තිබ්බේ මෙහෙමනේ.
    එම්බා නර පණුව,
    වැස්ස වලාහක හොට්ලයින් ඇමතුවාට ස්තුතියි. දෙයියෝ නිවාඩු ගොස් ඇති නිසා කරුනාකර පසුව අමතන්න.


    බලාගෙන ගියාම උන්ට අපි ඇරුනම වෙන වැඩත් තියෙනවද කොහෙද

    ReplyDelete
  3. පොරත් Easter vacation එකට පැරිස් පැත්තට යනවද දන්නෑ... අද ඉඳන්ම නිවාඩු දාලා ගමන plan කරනවා ඇති.. :D

    ReplyDelete
  4. දන්නවද? අත්දැකීමෙන් කියන්නේ, ඔය හිත මිතුරු සුළඟ සින්දුව කිව්වොත් එදාට වහින්නේ නැහැ.
    :D

    සුබ ගමන්..!!

    ReplyDelete
  5. වැහි වස්සවන්න නම් පිරිතක් තියනවලු වැහි පිරිත කියල. වැස්ස පායවන්න නම් මොනවා කරන්නද මන්ද.

    සුබ ගමන් මිත්‍රයා.

    ReplyDelete
  6. මෙහෙමයි වෙන්න ඕන
    පැරීසියට යන එකේ , මේ සිරි ලංකාවෙ හද්ද පිටිසර ගම්මාන වල ඉදල අන්තර්ජාලයට පිං සිද්ධ වෙන්න යන්තම් ලෝකය දකින අපිට බලන්න ලස්සන පින්තූර ටිකක් නෙමෙයි ගොඩක් ගේනව කියල පොරොන්සු වෙලා පඩුරක් එහෙම මේ පැත්තට විසිකරල ​යන්න ලේස්ති වුනා නම් නෙව හොද....
    වැස්ස නම් මොනාද.සිරි ලංකාවෙ කොල්ලෝ ඔය කිසිදේකට සැලෙන උදවිය නෙමෙයි නේද...

    ReplyDelete
  7. අයියෝ අමතක වුනා

    සුබ ගමන් මිත්‍රයා.

    ReplyDelete
  8. කට්ටියටම බොහොම ස්තුතියි

    @wath:
    වැඩේ මේකනේ..තෙමුනටනම් ගනන් ගන්නේ නෑ ලංකාවෙදිත්.. නමුත් 7-8C වගේ උශ්නත්වයක තෙමෙන එකයි අවුල..
    මොලේ පෙගිලා ඊට පස්සෙ හීතල ඇල්ලුවොත් ඉතින් අගහරුවාදා වැඩට එන්නත් බෑ...පින්තූර දාන්නත් බෑ.

    @Ansh:
    වහින්නේ නැත්නම් දවස් 4ම ඔය සින්දුව කියන්නම්

    ReplyDelete