Wednesday, March 9, 2011

නොලියා ඉන්න බැරි නිසාම....


පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මම දැඩිව විශ්වාස කරන දෙයක්. හරියට මනුස්සයෙක්ට ඕනෙම දෙයක් ඇදගෙන පාරේ යන්න පුළුවන් කම තියෙන්න ඕනේ වගේ. (සමහරු එකටත් විරුද්දයිනේ)
අපි මතවාදීව අන් අයෙක්ගේ මතයකට එකගවීම හෝ නොවීම වෙනම කාරණයක්. මතවාදී එකග නොවීමක් තියෙනවනම් තර්ක කරන්න පුළුවන්. එහෙම නැතුව හරි ඒ පුද්ගලයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන එක කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
පසුගිය දවස් වල බ්ලොග් අවකාශයේ සිදුවුන දේවල් සමහරක් පිළිගන්න අපහසුයි. අතිශයින් දක්ෂ සහ කලානුරුප මාතෘකා ගැන ලියවුනු විශිෂ්ට බ්ලොග් කිහිපයක් ඉතාම කෙටි කාලයක් තුල නැවතිලා තියෙනවා. ඒ වගේම බ්ලොග් කිහිපයක් හැක් වෙලා තියෙනවා. මේවා වෙන්න ඕනේ දේවල් නෙවෙයි. විශේෂයෙන්ම ටැබූගේ බ්ලොග් එක හැක් වීම සහ කොලුගෙ සමුගැනීම ඉතාම විශාල පාඩුවක්. බ්ලොග් අවකාශයතුල කතා බහට ලක්නොවෙන මාතෘකා ගැන ඉතාම විශිෂ්ට රචනා ශයිලියකින් ලියන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයෙන් කිහිප දෙනෙක් තමයි ඒ දෙදෙනා.
අන්මත විදදරා ගන්න බැරිකම මානසික රෝගී ලක්ෂණයක්. ඒ වගේම ඊට විරුද්දව මෙවැනි පහත ආකාරවලින් ප්‍රතිචාර දැක්වීම තුල තියෙන්න පුද්ගල පවුරුෂය පිළිබද ගැටළුවක්.
මේ වගේ දේවලට විරුද්දව පොදුවේ හඩක් නගන්න ඕනේ වෙනවා. ගොඩක් වැරදි දේවල් වෙන්නේ නරක මිනිස්සු වැඩි නිසා නෙවෙයි....යහපත් පුද්ගලයෝ කටවහගෙන හිටපු නිසා.

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for me
and there was no one left to speak out for me.

                   Pastor Martin Niemöller (1892–1984)


සමහර විට මේ පොස්ට් එකට වන්දි ගෙවන්න වේවි මගේ බ්ලොග් එකෙන්..

2 comments:

  1. //මේ වගේ දේවලට විරුද්දව පොදුවේ හඩක් නගන්න ඕනේ වෙනවා. ගොඩක් වැරදි දේවල් වෙන්නේ නරක මිනිස්සු වැඩි නිසා නෙවෙයි....යහපත් පුද්ගලයෝ කටවහගෙන හිටපු නිසා.//

    සහතිකයෙන්ම. කළු පටි දාන්න වැඩක්!

    නිර්මාණය අසීරුයි. විනාශය පහසුයි.

    ReplyDelete
  2. ඇත්තටම මාටින් නීමොලර්ගේ කවිය හැමෝටම හොඳ පණිවුඩයක් ගේනවා

    ReplyDelete