Wednesday, December 7, 2011

සුබ නව වසරක් වේවා

හප්පා..හොදටම වැඩ සෙට් වුනා. වෙනද ආතල් එකේ දවසම නිකන් ඉදල හවස පහට ගෙදර පනින ග්‍රේට එක දිගට රෑ 8-9 වෙනකන් ඉන්න වුණා. ඒ අස්සේ කොරේ පිටට මරේ කිව්වා වගේ පස්තච්චියේ විබාගත් වෙට් වුනා. ඉතින් රෑ 9 ට ගෙදර ගිහින් පාන්දර 1 විතර වෙනකන් පාඩම් කරලා ආයේ පහුවද උදේ ඔෆිස් යන්න වුනා. තනිකරම සති දෙකක් විතර රන් වුනේ එනර්ජි ඩ්‍රින්ක් වලින්. උදේට වැඩට යන්න ටියුබ් එකට ඇවිදන් යන පාරේ තියෙනවා බේකරියක්. බේකරියක් කියන්නේ අර මහා පරිමානෙන් හදන ජොයින්ට් එකක් නෙවෙයි. පොඩි ෆැමිලි රන් බිස්නස් එකක්. උන්ගේ කෑමත් හොදයි, ෆ්‍රෙෂ් අනික ලාබයි. ඔතනින් තමා ගොඩක් වෙලාවට ග්‍රේ උදේට මොනවා හරි ගන්නේ. නියම ඉංගිරිසි බේකරිය. බොහොම හොදට හිනාවෙලා කතා කරලා අර කස්ටමර් රෙලෂන්ශිප් කියන එක බොහොම හොදට තියන් ඉන්නවා. ඒවා වැඩක් නෑ. ඔයා කඩේ තියෙනවා නියුරෝ කියලා එනර්ජි ඩ්‍රින්ක් එකක්. ගැහුවම නිකන් අර බකමුනා වගේ ඇහැරලා ඉන්න පුළුවන් රෑට. ඔන්න ඕක තමා ගහන්න ගත්තේ. නියුරෝලගේ තව තව වැඩ වලටත් බීම තියෙනවා. සයිට් එකෙන් බලාගත්තහැකි. (http://drinkneuro.com/) රෙඩ් බුල් එහෙම ග්‍රේට වැඩකරන්නේ නෑ. ඒ වුනාට මේකනම් අදිනවා ගිසිම ගින්නක් නැතිව.
කොහොමින් කොහොමින් හරි අද තමා යන්තන් පොඩි වෙලාවක් ආවේ. විබාග ඉවරයි, ලොකු වඩාත් සැහෙන්න ඉවරයි. ඉතින් දෙයියනේ කියලා නිදහසේ වෙනද වගේ ඉන්නවා. 
ඒ අස්සේ ලංකාවට කඩාපාත් වෙන්නත් හිතන් ඉන්නවා මේ සතියේ අග බාගයේ. පුළුවන් වුනොත් වෙලාව තියෙන විදිහට බ්ලොග් අවකාශයේ ඉන්න ය කීපදෙනෙක් හම්බුවෙන්නත් ආසයි. :)
ඉතින් මේ දවස් වල හොදට නිදාගන්නවා. පොඩි කුමරිහමිත් දවසක් අහල තිබ්බ නිදාගන්නේ කොහොමද කියල ඕනේ වෙලාවක...සරලයි.. එක්කෝ හොදට මහන්සි වෙලා ඉන්න ඕනේ. හවස පැයක් විතර වියායාම කරට පස්සේ හොදට නිදගනා පුළුවන්. එහෙම නැත්නම් හොද වයින් එකක් බොන්න ඕනේ..එකත් සැහෙන්න උදවු වෙනවා නිදාගන්න. එහෙ නැත්නම් ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි.
එහෙනම් ජනවාරි වල වගේ තමා ආයේ හමුවෙන්න වෙන්නේ..
එතකන් සුබ නත්තලක් (නත්තල් සමරන අයට) සහ සුබ නව වසරක් වේවා!!!! 

8 comments:

  1. මාර කුම්භකරණයෙක් නේ!
    ජනවාරි වෙන කල්ම නිදා ගන්නවාද?

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා...ලංකාවට ගියාම එහෙනම් ඔය බ්ලොග් ලියන කීපදෙනෙකුත් හම්බවෙන්ට.

    නිදාගන්න හැටි කියලා දුන්නාට බොහොම ස්තූතියි...:D

    //ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න.//

    මේකට තමා ආසම.

    ReplyDelete
  3. හප්ප මේටික කියලා ආයිත් නිදි ද කොහෙද...

    ReplyDelete
  4. කුම්හකර්ණයත් නිදියන්නෙ එක දිගට සතියලු.මෙන්න මෙයා ඊටත් වඩා නිදියන හැඩක්.

    එහෙනම් ඔන්න ඔයාටත් සුභ නව වසරක් ඈ...!

    ReplyDelete
  5. චා ඔය මොකක්ද ඩ්‍රින්ක් එක ලංකාවෙ නෑ නේ...

    මටත් ඔය රෙඩ් බුල් වැඩ නෑනේ.......

    සුබ නව වසරක් ........

    ReplyDelete
  6. දෙසැම්බර් වල හොදට දෙයියනේ කියලා නිදාගන්න පුළුවන්..හීතලයි කළුවර ගතියයි නිසා. ඔෆිස් යන්නන නැගිටින්නෙත් උදේ 7.30 වගේ මේ දවස්වල. එක නිසා රැවුල කපන්නවත් වෙලාවක් නෑ. අර කවුද වගේ රවුලකුත් වවාගෙන ඉන්නේ. ඒ තරම් නිදාගන්නවා.
    අනික මගේ නිදාගැනීම එක්ක කුම්බකර්ණයට ලගින්වත් ඉන්න බෑ. ඉරිදට උදේ 11 ට නැගිටලා ආයේ 12 ට නිදාගන්න පොරක් මම.
    ඔව් බන්.. ඒ ඩ්‍රින්ක් එක මෙහෙත් හොයාගන්න ටිකක් අමාරුයි. ඇමරිකන් එකක් මගේ හිතේ. මගේ ලග පාත තියෙන්නේ අර බේකරියේ විතරමයි. රෙඩ් බුල් නිකන් වතුර වගේනේ එනර්ජි ඩ්‍රින්ක් කිව්වට. එකට මේක පට්ටයි.

    ReplyDelete
  7. එහෙමනම් කල් තියාම සුභ නව වසරක් කිව්වා ඕන් :))

    ReplyDelete
  8. "ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි."

    සහතික ඇත්ත මං දන්න කෙනෙකුත් ඉන්නවා...

    නිකං එන ගමන් ඔය කිව්වැයින් දෙකක් සාක්කු දෙකේ ඔබං වරෙංකෝ.කොහොමද බලන්නවත්..:D

    ReplyDelete