Monday, September 19, 2011

ග්‍රේ උසාවි ගිය හැටි

මාස තුනකින් වගේ මුකුත් ලියන්න උනේ නෑ. අර මොකක්ද ගිනි ගත්තු මොකද එකා වගේ බිසී වෙලා නම් නෙවෙයි. දවසම අයිස් ගගහ ඔෆිස් එකේ ඉන්න මට මොනව බිසී වෙන්නද?
අනික මොකක් හරි කරන්න සිස්ටම් එකට දැම්මම අවුරුද්දක් විතර යනවා එකා ඉවර වෙන්න, ඉතින් එතකන් ඔහේ නිකන් ඉන්න එකා තමා කරන්නේ. නිකන් ඉන්නවා කියල එහෙමත් හරි නැනේ. කාලය අපතේ යවන්න හොද නැති නිසා ඔයා කාත් එක්ක හරි ලාවට වගේ චැටක් දාගෙන මගේ පාඩුවේ මලක් කඩාගෙන ඉන්නවා.
ඔය අස්සේ ඉතින් පරණ කතාවක් ලියන්න කියල තමා හිතුවේ.
මේක වුනේ අවුරුදු 1.5-2 වගේ කලින්. ග්‍රේගේ යාළුවො තුන්දෙනෙක් ආවා ලංකාවේ ඉදන් මොකක්ද මන්ද ලංකාව ප්‍රමෝට් කරන වැඩසටහනකට. ඉතින් ලන්ඩන් වලින් ග්‍රේයි තව යාළුවො දෙන්නෙකුයි මුන්ව හම්බුවෙන්න ගියා. ගිහින් ඉතින් අර ලොකු ආච්චි ඉන්න ගෙදරයි, එයාගේ අස්ප ඉස්තාලෙයි, බෙන් අයියගේ ඔරලෝසු කණුවයි පෙන්නලා එතනින් බෝට්ටුවකට නැගල ගියා ආච්චිගේ ඔටුනු තියෙන ලන්ඩන් ටවර් එකට. ඔය දවස් වල මුරලිදරන් මොකක් හරි රෙකොර්ඩ් එකක් කපු අලුතමයි. ඒ අස්සේ අර ආපු තුන් දෙනාගෙන් එකෙක් මුරලි වගේ. කියල වැඩක් නෑ. මිනිස්සු අම්බානට රැවටෙනවා. මුත් එක්ක පින්තුර ගන්න දගලනවා කට්ටියක්, තව උන් හැරි හැරී බලනවා, වැඩ කෝටියයි. අන්තිමට මුගේ මුනෙන් බාගයක් වැහෙන්න කැප් එකක් දාල තමා යන්තන් බේරා ගත්තේ.
ඔය ආපු තුන් දෙනාගෙන් එකෙක් ඊලග සතියේ බදින්න හිටියේ. ඉතින් ඔය වෙලාවට අපි වගේ යහපත් යාලුවන්ට කරන්න පුළුවන් එකම එක දෙයයිනේ, ඉතින් අපි උටත් නොකියම උගේ බැචලර් පාර්ටි එක තියන්න තීරණය කරගත්ත. බැචලර් පාර්ටි එකකට ඕනේ කරන්නේ ජාති දෙකයිනේ. ස්ට්‍රිපර්ලයි බොන්නයිනේ. අපේ සෙට් එකේ ඕව සම්බන්ද හොදට දන්නා පොරක් හිටියා.
ඉතින් පොර දන්නා ක්ලබ් එකකට අපි සෙට් එකම ගියා. ගිහින් ඔය සුද්දියෝ ටිකක් පොල්ලක් බදාගෙන හෙළුවෙන් නටන හැටි අරුන් ටිකට පෙන්නලා අපිත් බලල ගෙදර එන්න පිටත් වුන.
එලියට බැහැල ටියුබ් ස්ටේෂන් එක දිහාට ඇවිදන් එනකොට ඉස්සරහට සුද්දෝ දෙන්නක් එනවා බෝතලයක් අතේ තියාගෙන, කාර්පට් වෙන්න ගහල. උන් කන බොන ඒවා ඉතින් අපිට අදාළ නැති නිසා අපිත් අපේ පාඩුවේ ගියා. යනකොට මෙන්න එකෙක් ඇවිල්ල වලියට වගේ හැප්පිලා කියපි "බ්රෝව්න් ෆ**ස්, ගෝ බැක් ටු යුවර් කන්ට්‍රි" කියලා. අරුන් තුන් දෙනා ඊට පහුවද යන්න තමා කොහොමත් හිටියේ. නමුත් මල පනිනවනේ.. අනික අපි හයක්..මුන් දෙකයි.. අපිත් ඇරියේ නෑ, අනිත් පැත්තට උන් කිව්වා වචන ටිකටම දාල ලුණු අබුල් ඇතිව දුන්න කන් දෙකේ ඇගිලි ගහ ගන්න. මෙන්න එපාර මුන් දෙන්න එනවා හැරිලා.. කවුද අඩෝ අපිට කුණුහරුපෙන් බන්නේ කියල අහගෙන. කඩ්ඩෙන් ඇහුවේ..සිංහලෙන් එහෙම නෙවෙයි.

අපිත් ඉතින් සිංහ වන්සේන්ම කිව්වා අපි තමා මොකෝ කියලා. කියල කට ගත්තේ නෑ ලගම හිටපු අපේ එකාගේ මුණ හරහා පාරක් වැදුනා. ඔන්න දැන් ඉතින් වලියක් පටන් ගත්තට.. අපි මුන් දෙන්නට ගහනවා මුන් දෙන්න අපිට ගහනවා. කරුමෙට ගහගන්න පටන් ගත්තෙම පබ් එකක් ඉස්සරහ. ඉතින් මුන්ටත් බීල ඉන්න වෙලාවට වලියක් කිඋවොත් ඊට වැඩ දෙයක් නැනේ. පබ් එකම බැහැල එලියට අපේ උන්ට නෙලන්න ගත්ත. දැන් ඉස්සෙල්ල හය දෙනෙක් දෙන්නෙක්ට නෙලපු එක දැන් පනහක් විතර හයකට නෙලනවා. හොදවෙලවට ලගම තමා පොලිසිය තිබ්බේ. උන් දහයක් විතර දුවගෙන ආව. ඇවිල්ල ඉතින් පොඩ්ඩක් එහා මෙහා කරලා සුල මුල හොයන්න ගත්ත. අපි හය දෙනා ඉතින් බබාලා වගේ කියනවා "බලන්න අයියා, අරුන් අපිට ගැහුවා..අපි අහිංසකයි... උණු වතුරත් නිවල බොන්නේ" කියල. ඒ අස්සේ වලිය පටන් ගත්තු උන් දෙන්නේ හිමිට මාරු වෙනවා පොලිස් කාරයෝ ආපු ගමන්. අපේ එකෙක් ඕක දැකල කෑගල කිව්වා අරුන් පනිනවා කියලා. පොලිස් කාරයෝ ටික ඒ පාර උන් දෙන්නව අල්ලලා විස්තර බලන්න පටන් ගත්ත. බැලින්නම් උන් දෙන්න මෙහෙ අන්තවාදී පක්ෂෙක සාමාජිකයෝ, කලිනුත් ඔහොම වැඩ කරලා තියෙනවලු.
දැන් ඉතින් අපේ ලංකාවෙන් ආපු තුන්දෙනාට ඕනේ මුන්ට කෙලවන්නමයි. මුන් පොලිසියට කියනවා අරකයි මේකයි...නඩු දාන්නලු ඇවිල්ල සාක්කි දෙන්නම්ලු. කතා කෝටියයි. අන්තිමට කට්ටියගෙම නම් සාක්කි වලට ලියාගෙන අපිට යන්න කිඋව.. අරුන් ඩබල එදා රැ කුඩුවේ.
ඔන්න සතියකින් විතර පොලිසියෙන් කෝල් එකක් එනවා. මහා රැජිනගේ නිතිය කඩ කරලා, හේට් ක්‍රයිම් එකක් කරලා තියෙන නිසා එකට සාක්කියට එන්න පුලුවන්ද කියල. ඉතින් මන් කියපි, එක වෙලා ඉවරයි මට ඕක පුෂ් කරන්න ඕනේ නෑ. මට ඕවට වෙලා නෑ කියල. මෙන්න ඒ පාර කතා කරපු එකා කියනවා එහෙම බෑ, සාක්කි වලට කතා කරාම නොයා ඉන්න බැරිය, එහෙම කරොත් වරෙන්තු නිකුත් කරනවා කියලා. අම්මප අපි ගුටිත් කාල පස්සේ හිරෙත් යන්න. ඔය වෙලාවට තමා ඉතින් කුණු හරුප මතක් වෙන්නේ. අරුන් තුන් දෙනා ලංකාවට ගිහින් අපිව ෆෝම් කරනවා. ඇත අරින්න එපා. නෙලපන් මුන්ට..යවපන් දහ අට මාසෙකට මහා උළු ගෙදරට කියල.
දැන් ඉතින් නොයා බැනේ, ඉතින් නිවාඩුත් දාල ගියා උසාවි දවස් දෙකක් සාක්කි දෙන්න. පලවෙනි දවසේ බලන් ඉදලා ඉදාලා ආවා. නඩුව විභාගයට ගත්තේ නෑ, දෙවෙනි දවසේ තමා ඉතින් ගත්තේ. අපි ඉතින් සාක්කි දීල ආවා. ලංකාවේදී වැස්සකටවත් පොලිසියකට උසාවියකට ගිහින් නැති ග්‍රේ ඒ දෙකටම ගියා. ලස්සන පොලිස් කෙල්ලෙක් තමා නඩුව කරේ. ඉතින් ඒ ගෙනිගේ නම්බරෙත් ඉල්ලන් ගෙදර ආවා. ඇවිල්ල සති දෙකකින් විතර කතා කරලා ඇහුව මොකෝ උනේ කියල.
දවස් ගානක් කට්ට කාපු එකේ මුන් දෙන්නව අඩු ගානේ හිරේ හරි දාන්න ඕනෙනේ. මොන පිස්සුද, ජුරිය කියලා සාක්කි මදි කියලා. වැඩේ හබක්.
ඔන්න ඔහොමයි ග්‍රේ උසාවි ගියේ.

5 comments:

  1. ඉතින් මහත්තයෝ අර සුදු නංගිගේ දුරකතන ඉලක්කම ගත්ත ඒකෙන මුකුත් වැඩක් කොරගත්තේ නැතෙයි

    ReplyDelete
  2. ඒ නඩුවනං ඉවරයි කියමුකෝ.. දැන් ඉතිං අර නොම්බරෙ ගත්ත නඩුව බලවන්නේ කවදද..?

    (අම්මපා මං හිතං හිටියේ මේකා මැරිලා කියලා..)

    ReplyDelete
  3. පලවෙනි වතාවට මෙහාට ගොඩ වුනේ, කතාව නං අල්ලල ගියා, හැබය් කියෙව්ව් 150% අකුරු ලොකු කරලා. නරකද නාකින්ටත් කියවන්න පුළුවන් සයිස් අකුරු වලින්ම, පොස්ට් කළා නං... හිකිස්...

    ReplyDelete
  4. @තරංග: නෑ බන්.. එයා මන් වගේ දෙකක් විතර ඇති. මට තැලිලා මැරෙන්න වෙන්නේ. අනික පස්සේ කතා කරලා ෆිට් උනාම දැනගත්තේ එයාට පොරක් ඉන්නවා කියල.
    @මාරයා: නෑ බන් ලියන්න කම්මැලි කමේ හිටියේ.. ලියන්න නෙවෙයි කියවන්නවත් බැරි තරම් කම්මැලි.
    @ඔබා මාමා: අනිත් අය මාමා කියන නිසා මමත් මාමා කිඋවට කමක් නෑ කියල හිතනවා. මම අකුරු ලොකු කරන්නම්. අනික නාකියි කියන්න එපා හිතෙන තරුනයිනේ. :D

    ReplyDelete
  5. එංගලන්තේ උසාවිත් එහෙම නම් මෙහේ වගේ තමා :))

    ReplyDelete