Showing posts with label christmas. Show all posts
Showing posts with label christmas. Show all posts
Friday, December 17, 2010
ප්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරක්
අවුරුද්දක්ම මහන්සි නොබලා වැඩ කරපු සියල්ලටම පොඩි විවේකයක්. දෙසැම්බර් මාසේ අන්තිම හරිය පටන් ගන්නවා. ගොඩක් අය නිවාඩු ගිහින්..තවත් අය නිවාඩු යන්න ඔන්න මෙන්න. ග්‍රේත් අයිති වෙනවා ඔය දෙවෙනි කණ්ඩායමට. උඩ පින්තුරේ තියෙන්නේ ග්‍රේගේ ඔපීසියේ මේසේ. ඉතින් ඔන්න ඔක්කොම රාජකාරි පරිගණක ඕෆ් කරා. දුරකථනය රිසෙප්ෂන් එකට ෆෝවඩ් කරා. ෆයිල් වලට දාන්න ඕනේ ඒවා ෆයිල් වලට දැම්ම. ශේරෙඩ් කරන්න ඕනේ ඒවා ශ්රෙඩ් කරා. හොද නිවාඩුවකට පස්සේ අලුත් පිට ලබන අවුරුද්ද පටන් ගන්න පුළුවන්.
මේසේ විතරක් නෙවෙයි.. මේ අවුරුද්දේ කාපු කටු, වෙච්චි චාටර් වීම් ඔක්කොම මේ අවුරුද්දෙන් ඉවර වෙලා ලබන අවුරුද්ද අලුතින්ම පටන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. කිසි කරදරයක් නැතිව වාත නොවී නිදහසේ ඉන්න පුළුවන් නම් එච්චරයි මට ඕනේ.
ඔබ සැමටත් ප්‍රීතිමත් නත්තලක් සහ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ලබන අවුරුද්දේ හමුවෙමු... බොහොම වෙලාවට මේක මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක වෙයි.
Subscribe to:
Posts (Atom)
