Showing posts with label new year. Show all posts
Showing posts with label new year. Show all posts

Wednesday, December 7, 2011

සුබ නව වසරක් වේවා

හප්පා..හොදටම වැඩ සෙට් වුනා. වෙනද ආතල් එකේ දවසම නිකන් ඉදල හවස පහට ගෙදර පනින ග්‍රේට එක දිගට රෑ 8-9 වෙනකන් ඉන්න වුණා. ඒ අස්සේ කොරේ පිටට මරේ කිව්වා වගේ පස්තච්චියේ විබාගත් වෙට් වුනා. ඉතින් රෑ 9 ට ගෙදර ගිහින් පාන්දර 1 විතර වෙනකන් පාඩම් කරලා ආයේ පහුවද උදේ ඔෆිස් යන්න වුනා. තනිකරම සති දෙකක් විතර රන් වුනේ එනර්ජි ඩ්‍රින්ක් වලින්. උදේට වැඩට යන්න ටියුබ් එකට ඇවිදන් යන පාරේ තියෙනවා බේකරියක්. බේකරියක් කියන්නේ අර මහා පරිමානෙන් හදන ජොයින්ට් එකක් නෙවෙයි. පොඩි ෆැමිලි රන් බිස්නස් එකක්. උන්ගේ කෑමත් හොදයි, ෆ්‍රෙෂ් අනික ලාබයි. ඔතනින් තමා ගොඩක් වෙලාවට ග්‍රේ උදේට මොනවා හරි ගන්නේ. නියම ඉංගිරිසි බේකරිය. බොහොම හොදට හිනාවෙලා කතා කරලා අර කස්ටමර් රෙලෂන්ශිප් කියන එක බොහොම හොදට තියන් ඉන්නවා. ඒවා වැඩක් නෑ. ඔයා කඩේ තියෙනවා නියුරෝ කියලා එනර්ජි ඩ්‍රින්ක් එකක්. ගැහුවම නිකන් අර බකමුනා වගේ ඇහැරලා ඉන්න පුළුවන් රෑට. ඔන්න ඕක තමා ගහන්න ගත්තේ. නියුරෝලගේ තව තව වැඩ වලටත් බීම තියෙනවා. සයිට් එකෙන් බලාගත්තහැකි. (http://drinkneuro.com/) රෙඩ් බුල් එහෙම ග්‍රේට වැඩකරන්නේ නෑ. ඒ වුනාට මේකනම් අදිනවා ගිසිම ගින්නක් නැතිව.
කොහොමින් කොහොමින් හරි අද තමා යන්තන් පොඩි වෙලාවක් ආවේ. විබාග ඉවරයි, ලොකු වඩාත් සැහෙන්න ඉවරයි. ඉතින් දෙයියනේ කියලා නිදහසේ වෙනද වගේ ඉන්නවා. 
ඒ අස්සේ ලංකාවට කඩාපාත් වෙන්නත් හිතන් ඉන්නවා මේ සතියේ අග බාගයේ. පුළුවන් වුනොත් වෙලාව තියෙන විදිහට බ්ලොග් අවකාශයේ ඉන්න ය කීපදෙනෙක් හම්බුවෙන්නත් ආසයි. :)
ඉතින් මේ දවස් වල හොදට නිදාගන්නවා. පොඩි කුමරිහමිත් දවසක් අහල තිබ්බ නිදාගන්නේ කොහොමද කියල ඕනේ වෙලාවක...සරලයි.. එක්කෝ හොදට මහන්සි වෙලා ඉන්න ඕනේ. හවස පැයක් විතර වියායාම කරට පස්සේ හොදට නිදගනා පුළුවන්. එහෙම නැත්නම් හොද වයින් එකක් බොන්න ඕනේ..එකත් සැහෙන්න උදවු වෙනවා නිදාගන්න. එහෙ නැත්නම් ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි.
එහෙනම් ජනවාරි වල වගේ තමා ආයේ හමුවෙන්න වෙන්නේ..
එතකන් සුබ නත්තලක් (නත්තල් සමරන අයට) සහ සුබ නව වසරක් වේවා!!!! 

Friday, December 17, 2010

ප්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරක්





අවුරුද්දක්ම මහන්සි නොබලා වැඩ කරපු සියල්ලටම පොඩි විවේකයක්. දෙසැම්බර් මාසේ අන්තිම හරිය පටන් ගන්නවා. ගොඩක් අය නිවාඩු ගිහින්..තවත් අය නිවාඩු යන්න ඔන්න මෙන්න. ග්‍රේත් අයිති වෙනවා ඔය දෙවෙනි කණ්ඩායමට. උඩ පින්තුරේ තියෙන්නේ ග්‍රේගේ ඔපීසියේ මේසේ.  ඉතින් ඔන්න ඔක්කොම රාජකාරි පරිගණක ඕෆ් කරා.  දුරකථනය රිසෙප්ෂන් එකට ෆෝවඩ් කරා. ෆයිල් වලට දාන්න ඕනේ ඒවා ෆයිල් වලට දැම්ම. ශේරෙඩ් කරන්න ඕනේ ඒවා ශ්රෙඩ් කරා. හොද නිවාඩුවකට පස්සේ අලුත් පිට ලබන අවුරුද්ද පටන් ගන්න පුළුවන්.
මේසේ විතරක් නෙවෙයි.. මේ අවුරුද්දේ කාපු කටු, වෙච්චි චාටර් වීම් ඔක්කොම මේ අවුරුද්දෙන් ඉවර වෙලා ලබන අවුරුද්ද අලුතින්ම පටන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. කිසි කරදරයක් නැතිව වාත නොවී නිදහසේ ඉන්න පුළුවන් නම් එච්චරයි මට ඕනේ.

ඔබ සැමටත් ප්‍රීතිමත් නත්තලක් සහ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ලබන අවුරුද්දේ හමුවෙමු... බොහොම වෙලාවට මේක මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක වෙයි.

Tuesday, April 13, 2010

ජීවන වියදම සහ අපේ වියදම්

මේ දවස්වල ගොඩක් දෙනෙක් කියන දෙයක්නේ ජීවන වියදම වැඩියි කියන එක. වෙන්න පුලුවන්, බඩු හැමදේම ගනන් තමා. අපේ ලංකාවේ විතරයි ඔහොම වෙන්නේ කියල ගොඩක් අය කිව්වට ලෝකේ ගොඩක් රටවල කතාවත් ඕකමයි කියල තමයි ග්‍රේට හිතෙන්නේ. මුලින්ම කියන්න ඔනේ මේක දේශපාලන ලිපියක් නෙවේයි, අපේ ආකල්ප ගැන තියෙන විස්තරයක්. උදාහරනයට ගන්නේ ග්‍රේවම තමයි. නමුත් මම හිතන්නේ අපි ගොඩක් අයත් මේ ගොඩට අයිතියි.
ග්‍රේ මුලින්ම රස්සාවකට ගියේ බොහොම අඩු පඩියකට. ඇත්තම කියනවනම් අපි බොහොම අඩු පඩි ලබනවයි කියල කියන ඇගලුම් කම්හල් සේවිකාවක් ඒ කාලේ ග්‍රේට වඩා පඩියක් ලැබුනා. හැබැයි ග්‍රේට ඉතින් බෝඩිමටයි, කන්නයි වියදන් උනේ නෑ. මොකද ගෙදරින් ඒවා හම්බු වෙච්චි නිසා. නමුත් ග්‍රේ අනිත් අය වගේ මාසෙ අන්තිමට රිම් එකට වැටුනේ නෑ. කවදාවත් සාක්කුවේ ලොකු ගානක් තිබ්බේත් නෑ, තියාගත්තෙත් නෑ. සතිඅන්තයේ පන්ති යනකොට අනිත් අය වගේ කඩේන් කන්න ගියේ නෑ. ගියත් කන්න ගියේ ලාබෙට කන්න පුලුවන් සයිවර් කඩේකට. ලැබෙන විදිහට ජීවත් වුනා.යාලුවො එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න වුනාම ගියේ පාරේ බස් එකේ. පුලුවන් තරම් ලාබෙට. පුලුවන් විදිහට ඉතුරු කරා, ඉතුරු කරගත්තු සල්ලි වලින් තව විභාග කිහිපයක් කරගත්තා.

ඇදුමක් ගන්න උනත් ග්‍රේට දරන්න පුලුවන් ලොකුම තැන වුනේ ෆ්‍රෙන්ච් කොර්නර් (දැන් නෝ ලිමිට්) එක තමා. නමුත් අවුරුදු කීපයකට පස්සෙ පටන් ගත්තු ගාන වගෙ 25-30 ගුනයක පඩියක් ලබනකොට ග්‍රේගේ අදහස් ටිකක් වෙනස් වුනා. සයිවර් කඩේ වෙනුවට මැක් එකක් ආදේශ වුනා. නෝ ලිමිට් වෙනුවට, ඔඩෙල්, රොමාෆොර්, හමීඩියාස් ආව. සරලවම කියනවනම් ආදායමත් එක්ක අවශ්යතා වැඩි වෙන්න පටන් ගත්තා. එක අතකින් බැලුවොත් අවශ්යතාම නෙවෙයි. එකම අවශ්යතාවන් ටික තමයි.නමුත් පොඩි හැගීමක් ආව සයිවර් කඩේට වඩා මැක් එක, ඩයින් මොර් එක සිරා කියලා. අතේ සල්ලි තිබ්බේ නෑ, නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා. ට්‍රිප් යන්න කාර් එකක් ඔනේ වුනා.
අද ග්‍රේ එදා මුල් පඩියට වගේ 200 ගුනයකට ආසන්න ගානක් හම්බ කරනවා. ඔඩෙල් වෙනුවට යන්නේ මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර් නැත්නම් ජෝන් ලුවිස්. මැක් එකක් දිහා බලන්නේවත් නෑ. එලියෙන් කනවනම් සිරා ෆයින් ඩයිනින් තැනකට යනවා. ට්‍රිප් යන්නේ වටේ පිටේ තියෙන රටවලට.

මන් මේත්න කියන්න හද්න්නේ අපේ ආදායමත් එක්ක අපේ අවශ්යතා වල ස්වරූපය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. තමන්ගේ අවශ්යතාවන් වලට ගැලපෙන විදිහට වියදම් කරන්න පුලුවන්නම්, ඒකට අවශ්ය කරන විදිහට අපේ ගාව මුදල් තියෙනව්නම් කිසි ප්‍රශ්නයක් නෑ වියදම් කරන එකේ.
නමුත් හිතන්න මම මේ කතාවේ පලමුවෙනි ලෙවෙල් එකේ ආදායම ලබද්දි දෙවෙනි නැත්නම් තුන්වෙනි ලෙවල් වියදම් කිරිල්ලක් කරා කියලා. මට කවදාවත් මෙච්චර ඉක්මනට ආදායම් මට්ටම ඉහල යවාගනත් බෑ. ක්ලීන් සූට්, එම්ප්ටි පොකට් විදිහට තමා සදාකාලිකව ඉන්න වෙන්නේ. මම දකින විදිහට අපේ ගොඩක් අයට වෙලා තියෙන දෙයක් තමා එයාල හිතන්නේ ඉගෙන ගෙන ඉවර වෙච්චි ගමන්ම මහා ලොකු පඩියක් එක්ක රස්සාවක් තියෙන්න ඕනේ කියලා. මාත් කැමතියි ඉතින් එහෙම වෙනවා නම්, වැඩේ ඉතින් එහෙම වෙන්න නම් ඉතින් මරේ මරු කේන්දරයක් ඔනේමයි. ඊලගට වෙන්නේ සාමන්ය ගානක් ලැබෙන රස්සාවක් කරනකොට අර කලින් කියපු වියදම් කිරීම කරන එක. ඒකත් වැරදී.
මුලින්ම අපිට පුලුවන් වෙන්න ඔනේ ලැබෙන ආකාරයට ජීවත් වෙන්න. ගෙදරටවත්, යාලුවන්ටත්, රටටත් බරක් නොවී. බුදු හාමුදුරුවෝ උනත් කියලා තියෙනවනේ වියදම් කරන්න ඕනේ හැටි. අන්න ඒ විදිහට කරොත් කිසිම ගැටලුවක් නෑ.
මගේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා මම කියන්නේ නෑ. ඒක ජපානේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ දියුනු උනා වගේ වගේ වැඩක්. සමහර දේවල් නැතිවුනා ඒක නිසා.
ඔය මොනවා කරත් අන්තිමට වැදගත් වෙන්නේ හිතේ සතුටනේ. ඉතින් මට නම් සතුටින් ඉන්නවා කියන්නේ කාටවත් ණය නොවී නිදහසේ ඉන්න එක.
ඉතින් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ පිස්සෝ වගේ වියදම් කරලා ඊට පස්සේ ආන්ඩුවටයි ඇමරිකාවටයි බනින්නේ නැතුව, තමන්ට ගැලපෙන විදිහට වියදම් කරන්න හිතාගන්න. (පිස්සො වගේ වියදම් කරන අය ) එහෙම කරල හරියන්නේ නැත්නම් විතරක් ආන්ඩුවට බනින්න. 

කට්ටිය ඔක්කෝටම ජය සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!