Showing posts with label eiffel tower. Show all posts
Showing posts with label eiffel tower. Show all posts

Friday, March 25, 2011

අයිෆල් නැගීම

පැරිසියේ මැද අර තියෙන පරණ යකඩ කණුවට නගින්න තමා දැන් ප්ලැන් එක. සිරාවට වෙලාවකට හිතෙනවා අහවල් දේකට තේරුමක් නැති යකඩ කණුවක් හිටෙව්වද කියල..උන්ට හිතුනද දන්නේ නෑ පැරිසියටම එක ලොකු අකුණු සන්නායකයක් හදන්න හිතුවද දන්නේ නෑ. විකිපීඩියා එකේ නම් තියෙන්නේ ඕක හදල තියෙන්නේ බැස්ටිලේ අල්ල ගත්තු එකේ 100 වෙනි සංවත්සරේ වෙනුවෙන් තිබ්බා වෙළදපොලේ ඇතුල්වෙන තැන කියලා. ඔය කට්ටිය එකතු වෙලා ලියන සයිට් එක ගැන මගේ කිසි විස්වාසයක් නෑ. ඉතින් එක නිසා මම හිතාගත්තා ලොකු අකුණු සන්නායකයක් වෙන්න ඕනේ කියලා. 

ඕක තියෙන්නෙත් ඉතින් සේන් ගග අයිනේම තමා. කලින්ම ටිකට් අරන් අපි ගියේ..උන්ගේ වෙබ් සයිට් එකෙන් ටිකට් ගන්න පුළුවන්. යන වෙලාවයි...කොච්චර දුරට යන්න ඕනෙද කියලයි කියලා දැම්මම ටිකට් එක ගන්න පුළුවන්. කලින් ටිකට් ගත්තු එක සැහෙන්න මොලේ තියෙන වැඩක් කියලා තේරුනේ තියෙන පෝලිම දැක්කම. ලෝකේ වටෙන්ම මිනිස්සු ඇවිල්ල එතන පිරිලා. අපි ඉතින් අපේ කලින් ගත්තු ටිකට් පෙන්නලා වීරයෝ වගේ ඇතුලට ගියා. එතනත් අර කතරගම ගියාම සෙල්ලන් බඩු එහෙම විකුනන්න තියෙන්නේ ඒ වගේ තමා. වටේම ඉන්නාව එක එක ජාතියේ බඩු උස්සගෙන මිනිස්සු විකුනන්න. ඇල්ජිරියන් උනුයි අපිට අල්ලපු රටේ උනුයි තමා එතනත්. උන් හිතුවේ අපිත් උන්ගේ රටේ කියලා..ඔය යක්කුන්ගේ රටේ එකෙක් වෙනවට වඩා හොදයි සෝමාලියාවේ ඉපදෙන එක. 
අයිෆල් කුලුන මීටර් 324 උසයි..(මම පොඩි මීටර් කෝදුවක් අරන් ගියේ..ඕක හරිද කියලා බලන්න) තට්ටු තුනක් තියෙනවා..මුල් දෙකේම තියෙන්නේ පොඩි ආපනශාලා. අර පොලවට හයි වෙලා තියෙන කකුල් හතරේ තියෙනවා පඩි පෙළවල් සහ ලිෆ්ට්. ඔය කැමති එකකින් යන්න පුළුවන් උඩට. 

අපි කෙලින්ම ලිෆ්ට් එකක් අරන් ගියා දෙවෙනි තට්ටුවට. දැන් ඔය කකුල් ටික තියෙන්නේ ඇදෙටනේ, ඉතින් කෙලින් කිව්වට ලිෆ්ට් එක යන්නෙත් කකුළුවා වගේ හරහට. එකෙත් පොඩි ගතියක් තියෙනවා. මොකෝ ඇදේට යන ලිෆ්ට් එකක හැමදාම යන්න වෙන්නේ නැනේ.  අනික ලිෆ්ට් එකේ යනගමන් ෆොටෝ ටිකක් ගත්ත. කණුවේ කෙලවරෙන්ම උඩට විනිවිද පේන ලිෆ්ට් එකක යනඑක චුට්ටක් විතර බය හිතෙන වැඩක්. නමුත් මාර ලස්සනට ඇතට පේනවා.
දෙවෙනි තට්ටුවට ආවම තමා පැරිසියේ ලස්සන හරියට පෙන්නේ. එක පැත්තකින් සේන් ගග. අනිත් පැත්තෙන් පැරිසියේ ගොඩනැගිලි. කෙලින්ම උඩ බැලුවොත් අයිෆල් කුලුනේ ඉතුරු ටික උසට උසේ පේනවා. 

 දෙවෙනි තට්ටුවේ ඉදන් තුන්වෙනි එකට යන්නනම් පඩිපෙලක් නෑ. තියෙන්නේ ලිෆ්ට් එක විතරයි. සැහෙන්න උඩනේ තියෙන්නේ. අර මුදුනේම පොඩි කොටුවක් වගේ පෙන්නේ. එක තමා තුන්වෙනි තට්ටුව. එතනට ඇවිල්ල එලියට ආවම තියෙන හුලගනම් කියලා වැඩක් නෑ. ඔව් ඉතින් තට්ටු 80 ක විතර ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඉන්නවා වගේනේ ඉතින් ඔය උස. තුන්වෙනි තට්ටුවේ තියෙනවා එතන ඉදන් ලෝකේ එක එක තැන්වලට තියෙන දුර ගහල. කොලබට තියෙන දුරත් ගහල තිබ්බනේ.











වටපිටාව බලල පහලට එන ගමන් ආයෙම දෙවෙනි තට්ටුවේ නතර වෙලා පොඩ්ඩක් කාල බිලා විවේකයක් අරන් එන්නත් අමතක කරේ නෑ. 
ආයේ රෑ වෙලා සේන් ගග ලගටයි අයිෆල් කුලුන ගවටයි ආවා. අයිෆල් කුලුනේ නිල පාටයි, කහ පාටයි ලයිට් දාල..හරිම ලස්සනයි... 


මොනලිසාව බලන්න ලුවර් කෞතුකාගරේට ගියපු හැටි එලාග ලිපියෙන්.