Showing posts with label travel. Show all posts
Showing posts with label travel. Show all posts

Friday, April 1, 2011

ඩිස්නිලන්තයේ දවසක්.

ලුවර්වලින් පස්සේ අපි යන්න හදන්නේ ඩිස්නිලන්තේ දිහාවට. ඇමරිකාවේ තියෙන එක නෙවෙයි, ප්‍රන්ශේ තියෙන එක. ඕකට යන්න තමා අපිට තට්ටු දෙකේ කෝච්චිය ගන්න වුනේ. ඩිස්නි පාර්ක් එක ප්‍රදනවා කොටස් දෙකකට බෙදල තියෙනවා. එකක් ඩිස්නිලන්තේ අනික ඩිස්නි චිත්‍රපටවල දේවල් පෙන්වන්න. එක ගැන වෙන දවසක කියන්නම්.
ඩිස්නිලන්තේ ඇතුල් වෙනකොටම තියෙන්නේ ලොකු මාලිගාවක් වගේ ගොඩනැගිල්ලක්. ඔතනින් තමා ප්‍රදාන ඇතුල්වෙන දොරටුව තියෙන්නේ. ඉතින් ටිකට් එකක් අරන් ඔතනින් පොඩි සිතියමකුත් අරන් ඇතුලට යන්න තියෙන්නේ.



ඇතුලේ ඉතින් මුලින්ම වගේ හම්බුවෙන්නේ අර කව්බෝයි යුගයේ වගේ ප්‍රදේශයක්. ඕක ඇතුලේ ඉතින් ඉන්දියානා ජෝන්ස්, ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටියේ පසුතල නිර්මාණය කරලා තියෙනවා. කොහොමත් ඔය කව්බෝයි වැඩ වලට ග්‍රේගේ ලොකු මනාපයක් නෑ. ඉතින් එක ටිකක් ඉක්මනින් බලලා රෝලර් කොස්ටරේක රවුමක් ගිහින් එතනින් පැනගත්තා.


කට්ටියට මතකද මන්ද ටෝයි ස්ටෝරි චිත්‍රපටිය. ඕකේ පදනම් කරගෙන තමා ඊලග කොටස හදල තියෙන්නේ. ඒ හරියට කියන්නේ ඩිස්කවරිලැන්ඩ් කියලා. ඔය චිත්‍රපටියේ කොටස වගේම අනන් මනං තව කැලි ගොඩක් ඔය හරියේ තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තමා බලන්න තියෙන්නේ.

ඊට පස්සේ තමා තියෙන්නේ ෆැන්ටසිලැන්ඩ් එක. හැමදේම අර සුරඟන කතාවල වගේ හදල තියෙන්නේ..ගහකොළ ඉදන් එහෙමයි. කොහොමත් ඔය ෆැන්ටසි දේවල් වලට පොඩි කැමැත්තක් තියෙන නිසා ඔතන සැහෙන්න වෙලාවක් හිටියා.

අහ්හ්.. තව දෙයක්..ඔය තැනින් තැනට යන්න පුංචි කෝච්චියක් තියෙනවා. නිකන් අර සතුටු උයනේ තියෙන එක වගේ. එකෙන් පාර්ක් එක වටේට යන්න පුළුවන්. සමහර තැන්වලදී මාර ලස්සන විව් එකක් තියෙනවා.

 ඔය මොනවා උනත් වැඩක් නැනේ. ප්‍රදානම දේ නැතුව. ඩිස්නිලන්තයේ ඉන්න ඕනෙනේ ඩිස්නි චිත්‍රපටිවල නළුවෝ ටික. උන් නැතුව මොන පාර්ක් එකක්ද. ඔය සෙට් එක ඉතින් පාර්ක් එකේ තැනින් තැන ඇවිද ඇවිද තමා ඉන්නේ. එක්කෙනා දෙන්න එක තැන තැන ඉන්නවා. එකත් පිළිවෙලට ඉන්නේ..මිකී මවුස් ගාව ගනු ළමය මිනි ඉන්නවා. වුඩි ලග ජෙසී, මුලාන් ගාව අර ගැරඩියා වගේ. (ගැරඩියාට ගැරඩියා කියන්නේ නැතුව මට එකට මකරෙක් කියන්න නම් බෑ)
අයේ හවසට ඔක්කොම එකතු වෙලා පොඩි සංදර්ශනයක් වගේ එකක් කරනවා. ඒ වෙලාවට ඔය ඔක්කොම කට්ටිය එකතු වෙනවා, සින්ඩරැල්ලා, ස්නෝ වයිට්, මුලාන්, සලී, බූ, මිකී, මිනි.. ඔක්කොම ඩිස්නි චරිත ටික එතන. ඔය කතාව වචන වලින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. උපරිම උත්සාහය දෙන්නම් පින්තුර වලින් පුළුවන් උපරිමය පෙන්වන්න. 





 

 
       








ඔන්න දැන් කට්ටියට වැඩක් තියෙනවා...මෙතන ඉන්න අයව පුලුවන්නම් අදුර ගන්න...ඉන්නේ කවුද කියල ලියන්න...



Monday, March 28, 2011

ලුවර් වල දවසක්...

 "ඩා වින්සි කෝඩ්" චිත්‍රපටිය බලල තියෙන අය දැකල ඇති එකේ තියෙනවා විදුරු වලින් හදපු පිරමිඩ් එකක්. අන්න ඒ පිරමිඩ් එක තමා ලුවර් කෞතුකාගාරයේ එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් "මුසි ඩි ලූ" වල ඇතුල්වීමේ දොරටුව. එතනින් ඇතුලට ගිහින් පහලට බහින්න ඕනේ බලන්න යන්න. 

ලන්ඩන්වල නම් ඔය කෞතුකාගාර, ගැලරි ඔක්කොම වගේ නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. කොහෙද ඒකට ප්‍රන්ශේ, කොහේ ගියත් ගෙවන්න ඕනේ. ඉංග්‍රීසිකාරයට ප්‍රන්ශුවා පෙන්නන බැරි නොමිලේ මුකුත් බලන්න බැරි නිසා වෙන්න ඕනේ. අර ඉස්සර කාලේ ප්‍රන්ශේට ගහල අල්ලගත්තනම් අපිට ඔය ඔක්කොම බලන්න තිබ්බ සතයක්වත් නොගෙවා. අනික ලංකාවේ කෞතුකගරේ වගේ මෙහෙ ඒවා වේලෙන්නේ නෑ. සැහෙන්න මිනිස්සු ඉන්නවා. ඉතින් අපිත් ටික වෙලාවක් පෝලිමේ ඉදලා ඇතුලට පැනගත්තා. හැබැයි ලෝකේ වැඩියෙන්ම මිනිස්සු එන කෞතුකාගාරය උනාට මහා ලොකු වෙලාවක් වේලෙන්න නම් උනේ නෑ. 
ඔය කෞතුකාගාරය ඇතුලේ තියෙනවා ලෝකේ වටෙන්ම උස්සලා ගෙනල්ල දාල තියෙන බඩු, ඒ වගේම ඉතින් උන්ගේ ඉතිහාසය ගැන කියන බඩුත් තියෙනවා. ලෝකේ එක එක කලාප, ශිෂ්ටාචාර අනුව කොටස් වලට බෙදල තියෙන්නේ. කෞතුකගරට ඇතුල් වෙලා ඔහොම කොටස් වලට බෙදෙන තැනම තියෙනවා බොහොම ප්‍රසිද්ද මුර්තියක්. සැමෝරේසිහි ජයග්‍රහණයේ දෙවගන කියන ප්‍රතිමාව. එකේ ඉන්නේ නයික් කියන ජයග්‍රහණයට  අධිපති ග්‍රීක දෙවගන. දැන් ඉතින් නයික් සපත්තු වලට ඒ නම ඇවිල්ල තියෙන්න කොහොමද කියල කට්ටියට ඩයල් වෙයි කියල හිතනවා.



ග්‍රේගේ පොඩි කැමැත්තක් තියෙනවා ඔය ඉතිහාස කතාවලට. ඉතින් ඔය වගේ තැනකට ගියාම ටිකක් එහා මෙහා කරන්න අමාරුයි. අනික ලුවර් වල කොහෙත්ම අමාරුයි තියෙන එකතුවේ හැටියට. ඉතින් රෆයල්ගේ, මයිකල් අන්ජිලෝගේ, ඩා වින්සිගේ පින්තුර බල බල ඉන්නකොට ඇවිදින එක කෙසේ වෙතත් ඉන්න හිටින තැනත් අමතක වෙනවා. උඩ බලන් ඇවිදලා කොහොමහරි බෙල්ල කඩාගන්නේ නැතුව බේරුනා. ඔය පල්ලෙහා තියෙන පින්තුර ටික දැක්කම තේරෙයි මොකෝ හේතුව කියලා. මොඩර්න් ආර්ට් වගේ නෙවෙයි ඔන්න ඕව තමා ග්‍රේට තේරෙන පින්තුර. 








කොහොමහරි බොහොම අමාරුවෙන් ඔය ටික පහුකරලා යනකොට ඔන්න මොනාලිසා ඉන්නවා බිත්තියක එල්ලිලා විදුරු කුඩුවක් ඇතුලේ. ඔය මොනාලිසා බලන එක යුරෝපයේ තියෙන එපාම කරපු සංචාරය කියනවනේ. කතාව සම්පුර්න ඇත්ත. ඩා වින්සි අවුරුදු 500 කට විතර කලින් ඕක ඇන්ද තමා. නමුත් ඕනෙම වෙලාවක මිනිස්සු  100 ක් විතර එක වටේ වටවෙලා පින්තුර ගන්නවා. ග්‍රේත් ඉතින් සෙකන්ඩ් නොවී රිංගල ඉස්සරහටම ගිහින් පින්තුර ගත්ත. මේ ලංකාවේ ප්‍රයිවෙට් බස් වල ගියපු අපිට රිංගල ඉස්සරහ යන එක වැඩක්ද නේද? ඔය පල්ලෙහා තියෙන්න ඇත්ත මොනාලිසා තමා. පින්තුරේ ගන්න දගලපු හැටියට නම් දුක හිතෙනවා. 

 



ඕක බලල එලියට එනකොට මෙන්න ඉන්නවා හර්කියුලිස් ලොක්කා. දන්නවනේ පොරව? අර සුර පප්පට කලින් දෙයියන්ට විතරක් කරන්න පුළුවන් වැඩ 12 ක් කරේ.අන්න ඒ ඩයල් එක. නිකන් නෙවෙයි ඉන්නේ. කරපු වැඩ 12 න් කීපෙක අබපු රූපත් එක්ක. හැබැයි ඒවගේ මිනිහා ඉන්නේ නම් නිකන්. :) මගේ හිතේ ඒ කාලේ අපේ කුවේණි වගේ ඇදුම් මහගන්න හර්කියුලිස් ලොක්කා දනන් ඉන්න නැතුව ඇති. දැන් මට ආපු ප්‍රශ්නේ තමා අපේ රටේ අර තියෙන හර්කියුලිස් ටේලර්ස්ලට ඒ නම දාන්න හිතුනේ මොකෝ කියල.. ඒව ඇන්දම අපි ඇදල නෑ වගේ පේනවද දන්නේ නෑ.  අර ඔලු නවයේ හයිඩ්‍රව මරණ එකයි, නිමියන් සිංහයාට ගේම දෙන එකයි තමා ගන්න පුළුවන් වුනේ. 
                       

තව ගන්න තිබ්බ පොරගේ පින්තුර..වැඩේ මේකයි..අපිව පොඩ්ඩක් ඩිස්ට්‍රැකට් වුණා ඊට ටිකක් එහායින් තිබ්බ ඒවා ටිකට... නාකි පොරකගේ ඇදුම් නැති පින්තුර ගන්නවට වැඩ ඉතින් හොද ලස්සන ගැනු ළමයි ටිකක්ගේ ඇදුම් නැති පින්තුර ගන්න එක හොදයිනේ..ඉතින් අපි ඒ වැඩේ පටන් ගත්ත...


 අන්තිමට දන්නෙම නැතිව හවස් වෙලා. ඉතින් අනිත්ව උඩින් උඩින් බලල අපි එලියට අවා..අපිව ඩිස්ට්‍රැක්ට් කරේ නැත්නම් ඔක්කොම බලල හෙමිට එලියට එනවනේ..කෙල්ලෝ ඔහොමමයි. මොනවා හරි කරලා වැඩේ අල කරනවා..උන්ගේ ප්‍රතිමාත් එච්චරම තමා. 

අහ්..කියන්න අමතක වුනා.. ඇතිනත් හිටිය..වීනස් එක්ක.. ඔය දෙකත් ලෝක ප්‍රසිද්ද ප්‍රතිමා දෙකක්නේ...එක නොදැම්මොත් ඉතින් හරි මදි වගේ.
                            

ප.ලි:
කවද හරි යනවනම් සම්පුර්න දවසක් මේකට තියාගන්න...නැත්නම් අපිවගේ වරුවෙන් බලන්න හිතන් ගියොත් වෙන්නේ බාගෙට බලල එන්න. 

Friday, March 25, 2011

අයිෆල් නැගීම

පැරිසියේ මැද අර තියෙන පරණ යකඩ කණුවට නගින්න තමා දැන් ප්ලැන් එක. සිරාවට වෙලාවකට හිතෙනවා අහවල් දේකට තේරුමක් නැති යකඩ කණුවක් හිටෙව්වද කියල..උන්ට හිතුනද දන්නේ නෑ පැරිසියටම එක ලොකු අකුණු සන්නායකයක් හදන්න හිතුවද දන්නේ නෑ. විකිපීඩියා එකේ නම් තියෙන්නේ ඕක හදල තියෙන්නේ බැස්ටිලේ අල්ල ගත්තු එකේ 100 වෙනි සංවත්සරේ වෙනුවෙන් තිබ්බා වෙළදපොලේ ඇතුල්වෙන තැන කියලා. ඔය කට්ටිය එකතු වෙලා ලියන සයිට් එක ගැන මගේ කිසි විස්වාසයක් නෑ. ඉතින් එක නිසා මම හිතාගත්තා ලොකු අකුණු සන්නායකයක් වෙන්න ඕනේ කියලා. 

ඕක තියෙන්නෙත් ඉතින් සේන් ගග අයිනේම තමා. කලින්ම ටිකට් අරන් අපි ගියේ..උන්ගේ වෙබ් සයිට් එකෙන් ටිකට් ගන්න පුළුවන්. යන වෙලාවයි...කොච්චර දුරට යන්න ඕනෙද කියලයි කියලා දැම්මම ටිකට් එක ගන්න පුළුවන්. කලින් ටිකට් ගත්තු එක සැහෙන්න මොලේ තියෙන වැඩක් කියලා තේරුනේ තියෙන පෝලිම දැක්කම. ලෝකේ වටෙන්ම මිනිස්සු ඇවිල්ල එතන පිරිලා. අපි ඉතින් අපේ කලින් ගත්තු ටිකට් පෙන්නලා වීරයෝ වගේ ඇතුලට ගියා. එතනත් අර කතරගම ගියාම සෙල්ලන් බඩු එහෙම විකුනන්න තියෙන්නේ ඒ වගේ තමා. වටේම ඉන්නාව එක එක ජාතියේ බඩු උස්සගෙන මිනිස්සු විකුනන්න. ඇල්ජිරියන් උනුයි අපිට අල්ලපු රටේ උනුයි තමා එතනත්. උන් හිතුවේ අපිත් උන්ගේ රටේ කියලා..ඔය යක්කුන්ගේ රටේ එකෙක් වෙනවට වඩා හොදයි සෝමාලියාවේ ඉපදෙන එක. 
අයිෆල් කුලුන මීටර් 324 උසයි..(මම පොඩි මීටර් කෝදුවක් අරන් ගියේ..ඕක හරිද කියලා බලන්න) තට්ටු තුනක් තියෙනවා..මුල් දෙකේම තියෙන්නේ පොඩි ආපනශාලා. අර පොලවට හයි වෙලා තියෙන කකුල් හතරේ තියෙනවා පඩි පෙළවල් සහ ලිෆ්ට්. ඔය කැමති එකකින් යන්න පුළුවන් උඩට. 

අපි කෙලින්ම ලිෆ්ට් එකක් අරන් ගියා දෙවෙනි තට්ටුවට. දැන් ඔය කකුල් ටික තියෙන්නේ ඇදෙටනේ, ඉතින් කෙලින් කිව්වට ලිෆ්ට් එක යන්නෙත් කකුළුවා වගේ හරහට. එකෙත් පොඩි ගතියක් තියෙනවා. මොකෝ ඇදේට යන ලිෆ්ට් එකක හැමදාම යන්න වෙන්නේ නැනේ.  අනික ලිෆ්ට් එකේ යනගමන් ෆොටෝ ටිකක් ගත්ත. කණුවේ කෙලවරෙන්ම උඩට විනිවිද පේන ලිෆ්ට් එකක යනඑක චුට්ටක් විතර බය හිතෙන වැඩක්. නමුත් මාර ලස්සනට ඇතට පේනවා.
දෙවෙනි තට්ටුවට ආවම තමා පැරිසියේ ලස්සන හරියට පෙන්නේ. එක පැත්තකින් සේන් ගග. අනිත් පැත්තෙන් පැරිසියේ ගොඩනැගිලි. කෙලින්ම උඩ බැලුවොත් අයිෆල් කුලුනේ ඉතුරු ටික උසට උසේ පේනවා. 

 දෙවෙනි තට්ටුවේ ඉදන් තුන්වෙනි එකට යන්නනම් පඩිපෙලක් නෑ. තියෙන්නේ ලිෆ්ට් එක විතරයි. සැහෙන්න උඩනේ තියෙන්නේ. අර මුදුනේම පොඩි කොටුවක් වගේ පෙන්නේ. එක තමා තුන්වෙනි තට්ටුව. එතනට ඇවිල්ල එලියට ආවම තියෙන හුලගනම් කියලා වැඩක් නෑ. ඔව් ඉතින් තට්ටු 80 ක විතර ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඉන්නවා වගේනේ ඉතින් ඔය උස. තුන්වෙනි තට්ටුවේ තියෙනවා එතන ඉදන් ලෝකේ එක එක තැන්වලට තියෙන දුර ගහල. කොලබට තියෙන දුරත් ගහල තිබ්බනේ.











වටපිටාව බලල පහලට එන ගමන් ආයෙම දෙවෙනි තට්ටුවේ නතර වෙලා පොඩ්ඩක් කාල බිලා විවේකයක් අරන් එන්නත් අමතක කරේ නෑ. 
ආයේ රෑ වෙලා සේන් ගග ලගටයි අයිෆල් කුලුන ගවටයි ආවා. අයිෆල් කුලුනේ නිල පාටයි, කහ පාටයි ලයිට් දාල..හරිම ලස්සනයි... 


මොනලිසාව බලන්න ලුවර් කෞතුකාගරේට ගියපු හැටි එලාග ලිපියෙන්.