Showing posts with label france. Show all posts
Showing posts with label france. Show all posts

Thursday, March 24, 2011

සේන් ගග දිගේ..

පැරිසිය එලියට කොච්චර ලස්සනට පෙනුනත් සමහර තැන්නම් ගන්න දෙයක් නෑ. විශේෂයෙන්ම දුම්රිය ස්ථාන. ලන්ඩන්වල කවදාවත් උමං දුම්රිය ස්ථානයක් පොදු වසිකිලියක්වගේ ගද ගහන්නේ නෑ. ලන්ඩන් ඕනේ නෑ..කොළබ කොටුව දුම්රිය ස්ථානය සමහර වෙලාවට ඊට වඩා නහයට සනීපයි. ඉතින් අපි අර හෝටලේ බඩු ටික දාල ආපහු ටියුබ් එකක් ගත්තා නගරය මැදට යන්න. ඔන්න එතැනදී තම ග්‍රේ පලවෙනි පාරට තට්ටු දෙකේ කෝච්චියක් දැක්කේ. කෝච්චියට නැග්ගට පස්සේ පඩිපෙළක් තියෙනවා උඩට නගින්න. නිකන් තට්ටු දෙකේ බස් එකක යනවා වගේ තම ඉතින් දැනෙන්නේ. දැක්කට වැඩක් උනේ නෑ. අපිට නගින්න තිබ්බේ වෙන කෝච්චියකට. එකට නම් ඉතින් එක තට්ටුවයි..තට්ටු දෙකේ කෝච්චියේ යන්න හම්බු උනේ ඊට දවස් දෙකකට වගේ පස්සේ වෙන ගමනක් යනකොට..
ඔය පල්ලෙහා තියෙන්නේ ඒ වගේ තට්ටු දෙකේ කෝච්චියක්.


 අර මම කලින් පොස්ට් එකේ කිව්වේ ලන්ඩන් වල දුම්රිය ස්ථානවල කට්ටිය සංගීත භාණ්ඩ වාදනය කරනවා කියලා. එහෙම වාදනය කරන පොරක් තමා ඔය ඉන්නේ. පොර කොච්චර සිරාවට සෙල්ලම් කරද කියනවනම් වටේ හිටපු ඩයල් නටන්න පටන් ගත්තා..ගහපු සින්දුවනම් මතක නෑ. නමුත් සැහෙන්න ප්‍රසිද්ද ඉංග්‍රීසි සින්දුවක් කියලනම් මතකයි.. 


කෝච්චියෙන් ගිහින් බැහැල එලියට ආපු ගමන් දුරට පෙන්න තියෙන්නේ අයිෆල් කුලුන. සාමාන්‍යයෙන් අපි එලියට බැස්සොත් ඉතින් මොකක් හරි කෙලවීමක් වෙන එක බොහොම සුපුරුදු දෙයක්නේ. ගමන පිටත් වෙන්න දවස් දෙකකට වගේ කලින් කාලගුණ වාර්තාව දාල තිබ්බේ පැරිසියට අම්බානට වහින්න සෙට් වෙනවා කියලා. සතියකට වගේ කලින් ගියපු මගේ යාලුවෙක්ටත් ලොකු පරිප්පුවක් කන්න සෙට් වෙලා තියෙනවා වැස්ස සෙට් වෙලා. ඉතින් අපි වැදගෙන ගියේ වහින්න එපා කියලා. අපේ වාසනාවට එදා බොහොම හොදට අව්ව තිබ්බා. අහස අපුරු නිල් පාටයි...පින්තුර ගන්න කියාපු දවසක්. හැබැයි ඉතින් සමහර වෙලාවට නම් ඉතින් පොඩ්ඩක් වගේ අව්ව සැර වැඩි වෙලා පින්තුර ඕවරඑක්ස්පොස් වෙලා තිබ්බා. එදා තිබ්බා අව්වේ හැටියට එක බොහොම සරල දෙයක්. 

අපි බෝට්ටුවට නැගල අන්තිමම පේලියේ වැඩි වුනා. අන්තිමට වාඩිවෙන එකේ තියෙන චාන්ස් එක තම ඉතින් පින්තුර ගන්න ලේසියි.. බෝට්ටුවේ පිටිපස්සෙන් ලස්සනට වටපිටාව පේනවා. පැරිසියේ නගරේ මද ඔක්කොම වගේ තියෙන්න පරණ ගොඩනැගිලි. ලන්ඩන් වල වගේ පරණ ඒවා අස්සේ අලුත් ගොඩනැගිලි හදල නෑ. ඉතින් අන්තිම සිට් එකේ වාඩිවෙලා පාලම් වල පින්තුර අරගත්තු එක තමා කරේ. ( පාලම් කොක්කු නම් දැක්කේ නෑ, ඔන්න අහන්න කලින් කිව්වා) 
බෝට්ටුවේ යනගමන් අයිෆල් කුලුනෙත් පින්තුර දෙකතුනක් ගත්තා.. වටේ පිටේ තිබ්බා ගොඩක් ගොඩනැගිලි වල නම් මතක තියාගන්න තරම් සිහියක් තිබුනේ නෑ, මොකද බෝට්ටුවේ යනකන් ෆෝන් එකෙන් ලොකු මලක් කඩ කඩ ගියේ. ඉතින් ඔය වෙලාවට ඔය කියන නම් ගම් මතක හිටින්නේ නැනේ. 

අයිෆල් කුලුන ගාව නංගිලා දෙන්නෙක් බොක්සින් ගහනවා..අපේ ගෙදර ගාව පාර්ක් එකෙත් හවසට හවසට හිටිගමන් කට්ටිය ඕක කරනවා. ඉතින් එක මතක් වෙන්නත් එක්ක කියලා මමත් ගත්තා පින්තුරයක්. 

 අයිෆල් කුලුන නැගපු හැටි ඊලග ලිපියට දාන්නම්.