Showing posts with label holiday. Show all posts
Showing posts with label holiday. Show all posts

Wednesday, December 7, 2011

සුබ නව වසරක් වේවා

හප්පා..හොදටම වැඩ සෙට් වුනා. වෙනද ආතල් එකේ දවසම නිකන් ඉදල හවස පහට ගෙදර පනින ග්‍රේට එක දිගට රෑ 8-9 වෙනකන් ඉන්න වුණා. ඒ අස්සේ කොරේ පිටට මරේ කිව්වා වගේ පස්තච්චියේ විබාගත් වෙට් වුනා. ඉතින් රෑ 9 ට ගෙදර ගිහින් පාන්දර 1 විතර වෙනකන් පාඩම් කරලා ආයේ පහුවද උදේ ඔෆිස් යන්න වුනා. තනිකරම සති දෙකක් විතර රන් වුනේ එනර්ජි ඩ්‍රින්ක් වලින්. උදේට වැඩට යන්න ටියුබ් එකට ඇවිදන් යන පාරේ තියෙනවා බේකරියක්. බේකරියක් කියන්නේ අර මහා පරිමානෙන් හදන ජොයින්ට් එකක් නෙවෙයි. පොඩි ෆැමිලි රන් බිස්නස් එකක්. උන්ගේ කෑමත් හොදයි, ෆ්‍රෙෂ් අනික ලාබයි. ඔතනින් තමා ගොඩක් වෙලාවට ග්‍රේ උදේට මොනවා හරි ගන්නේ. නියම ඉංගිරිසි බේකරිය. බොහොම හොදට හිනාවෙලා කතා කරලා අර කස්ටමර් රෙලෂන්ශිප් කියන එක බොහොම හොදට තියන් ඉන්නවා. ඒවා වැඩක් නෑ. ඔයා කඩේ තියෙනවා නියුරෝ කියලා එනර්ජි ඩ්‍රින්ක් එකක්. ගැහුවම නිකන් අර බකමුනා වගේ ඇහැරලා ඉන්න පුළුවන් රෑට. ඔන්න ඕක තමා ගහන්න ගත්තේ. නියුරෝලගේ තව තව වැඩ වලටත් බීම තියෙනවා. සයිට් එකෙන් බලාගත්තහැකි. (http://drinkneuro.com/) රෙඩ් බුල් එහෙම ග්‍රේට වැඩකරන්නේ නෑ. ඒ වුනාට මේකනම් අදිනවා ගිසිම ගින්නක් නැතිව.
කොහොමින් කොහොමින් හරි අද තමා යන්තන් පොඩි වෙලාවක් ආවේ. විබාග ඉවරයි, ලොකු වඩාත් සැහෙන්න ඉවරයි. ඉතින් දෙයියනේ කියලා නිදහසේ වෙනද වගේ ඉන්නවා. 
ඒ අස්සේ ලංකාවට කඩාපාත් වෙන්නත් හිතන් ඉන්නවා මේ සතියේ අග බාගයේ. පුළුවන් වුනොත් වෙලාව තියෙන විදිහට බ්ලොග් අවකාශයේ ඉන්න ය කීපදෙනෙක් හම්බුවෙන්නත් ආසයි. :)
ඉතින් මේ දවස් වල හොදට නිදාගන්නවා. පොඩි කුමරිහමිත් දවසක් අහල තිබ්බ නිදාගන්නේ කොහොමද කියල ඕනේ වෙලාවක...සරලයි.. එක්කෝ හොදට මහන්සි වෙලා ඉන්න ඕනේ. හවස පැයක් විතර වියායාම කරට පස්සේ හොදට නිදගනා පුළුවන්. එහෙම නැත්නම් හොද වයින් එකක් බොන්න ඕනේ..එකත් සැහෙන්න උදවු වෙනවා නිදාගන්න. එහෙ නැත්නම් ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි.
එහෙනම් ජනවාරි වල වගේ තමා ආයේ හමුවෙන්න වෙන්නේ..
එතකන් සුබ නත්තලක් (නත්තල් සමරන අයට) සහ සුබ නව වසරක් වේවා!!!! 

Tuesday, April 6, 2010

I'm Back

දවස් හතරක චාරිකාවක් නිමා කරලා ඔන්න මම ආයේ ආව. අම්බානට වහිනව කියල තිබ්බට පොඩි පොදයක් ඇරෙන්න වෙන කිසිම වැස්සක් තිබ්බේ නෑ. අර Ansh Lucky Sri Jay කිව්වා වගේ මම සින්දුව කියපු නිසාද, Nishacharaya ගේ ඊ-මේල් එක දෙයියන්ට ලැබිලද, නැත්නම් මේ අසරන නර පනුව ගැන දුක හිතිලද මන්දා, වැස්සේ නැති එක නම් සෑහෙන්න ලොකු දෙයක්.
මගේ 8GB කාඩ් එක ඉවර වෙනකන් පින්තුර ගත්තා (1500 විතරා දැන් ඉතින දාන්නම්.
මගේ පොඩි අදහසකුත් තියෙනවා වෙනම සන්චාරක සටහන් තියෙන බ්ලොග් එකක්  ලියන්නත්, කම්මැලි කමට මේකෙම ලියයිද කියලා ශුවර් නෑ ඉතින්. මේක හිතුනේ මගේ පින්තුර එකතුව හරහා යනකොට, යුරෝපයේ වගේම ලංකාවෙත් හොද පින්තුර එකතුවක් තියෙනවා විස්තරත් එක්ක.
ඔයාල මොකෝ හිතන්නේ?
මේකම සන්චාරක තොරතුරු එකක් කරන්නද? අලුතින්ම එකක් ලියන්නද?