ග්‍රේ මුලින්ම රස්සාවකට ගියේ බොහොම අඩු පඩියකට. ඇත්තම කියනවනම් අපි බොහොම අඩු පඩි ලබනවයි කියල කියන ඇගලුම් කම්හල් සේවිකාවක් ඒ කාලේ ග්‍රේට වඩා පඩියක් ලැබුනා. හැබැයි ග්‍රේට ඉතින් බෝඩිමටයි, කන්නයි වියදන් උනේ නෑ. මොකද ගෙදරින් ඒවා හම්බු වෙච්චි නිසා. නමුත් ග්‍රේ අනිත් අය වගේ මාසෙ අන්තිමට රිම් එකට වැටුනේ නෑ. කවදාවත් සාක්කුවේ ලොකු ගානක් තිබ්බේත් නෑ, තියාගත්තෙත් නෑ. සතිඅන්තයේ පන්ති යනකොට අනිත් අය වගේ කඩේන් කන්න ගියේ නෑ. ගියත් කන්න ගියේ ලාබෙට කන්න පුලුවන් සයිවර් කඩේකට. ලැබෙන විදිහට ජීවත් වුනා.යාලුවො එක්ක ට්‍රිප් එකක් එහෙම යන්න වුනාම ගියේ පාරේ බස් එකේ. පුලුවන් තරම් ලාබෙට. පුලුවන් විදිහට ඉතුරු කරා, ඉතුරු කරගත්තු සල්ලි වලින් තව විභාග කිහිපයක් කරගත්තා.
ඇදුමක් ගන්න උනත් ග්‍රේට දරන්න පුලුවන් ලොකුම තැන වුනේ ෆ්‍රෙන්ච් කොර්නර් (දැන් නෝ ලිමිට්) එක තමා. නමුත් අවුරුදු කීපයකට පස්සෙ පටන් ගත්තු ගාන වගෙ 25-30 ගුනයක පඩියක් ලබනකොට ග්‍රේගේ අදහස් ටිකක් වෙනස් වුනා. සයිවර් කඩේ වෙනුවට මැක් එකක් ආදේශ වුනා. නෝ ලිමිට් වෙනුවට, ඔඩෙල්, රොමාෆොර්, හමීඩියාස් ආව. සරලවම කියනවනම් ආදායමත් එක්ක අවශ්යතා වැඩි වෙන්න පටන් ගත්තා. එක අතකින් බැලුවොත් අවශ්යතාම නෙවෙයි. එකම අවශ්යතාවන් ටික තමයි.නමුත් පොඩි හැගීමක් ආව සයිවර් කඩේට වඩා මැක් එක, ඩයින් මොර් එක සිරා කියලා. අතේ සල්ලි තිබ්බේ නෑ, නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා. ට්‍රිප් යන්න කාර් එකක් ඔනේ වුනා.
අද ග්‍රේ එදා මුල් පඩියට වගේ 200 ගුනයකට ආසන්න ගානක් හම්බ කරනවා. ඔඩෙල් වෙනුවට යන්නේ මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර් නැත්නම් ජෝන් ලුවිස්. මැක් එකක් දිහා බලන්නේවත් නෑ. එලියෙන් කනවනම් සිරා ෆයින් ඩයිනින් තැනකට යනවා. ට්‍රිප් යන්නේ වටේ පිටේ තියෙන රටවලට.
මන් මේත්න කියන්න හද්න්නේ අපේ ආදායමත් එක්ක අපේ අවශ්යතා වල ස්වරූපය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. තමන්ගේ අවශ්යතාවන් වලට ගැලපෙන විදිහට වියදම් කරන්න පුලුවන්නම්, ඒකට අවශ්ය කරන විදිහට අපේ ගාව මුදල් තියෙනව්නම් කිසි ප්‍රශ්නයක් නෑ වියදම් කරන එකේ.
නමුත් හිතන්න මම මේ කතාවේ පලමුවෙනි ලෙවෙල් එකේ ආදායම ලබද්දි දෙවෙනි නැත්නම් තුන්වෙනි ලෙවල් වියදම් කිරිල්ලක් කරා කියලා. මට කවදාවත් මෙච්චර ඉක්මනට ආදායම් මට්ටම ඉහල යවාගනත් බෑ. ක්ලීන් සූට්, එම්ප්ටි පොකට් විදිහට තමා සදාකාලිකව ඉන්න වෙන්නේ. මම දකින විදිහට අපේ ගොඩක් අයට වෙලා තියෙන දෙයක් තමා එයාල හිතන්නේ ඉගෙන ගෙන ඉවර වෙච්චි ගමන්ම මහා ලොකු පඩියක් එක්ක රස්සාවක් තියෙන්න ඕනේ කියලා. මාත් කැමතියි ඉතින් එහෙම වෙනවා නම්, වැඩේ ඉතින් එහෙම වෙන්න නම් ඉතින් මරේ මරු කේන්දරයක් ඔනේමයි. ඊලගට වෙන්නේ සාමන්ය ගානක් ලැබෙන රස්සාවක් කරනකොට අර කලින් කියපු වියදම් කිරීම කරන එක. ඒකත් වැරදී.
මුලින්ම අපිට පුලුවන් වෙන්න ඔනේ ලැබෙන ආකාරයට ජීවත් වෙන්න. ගෙදරටවත්, යාලුවන්ටත්, රටටත් බරක් නොවී. බුදු හාමුදුරුවෝ උනත් කියලා තියෙනවනේ වියදම් කරන්න ඕනේ හැටි. අන්න ඒ විදිහට කරොත් කිසිම ගැටලුවක් නෑ.
මගේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා මම කියන්නේ නෑ. ඒක ජපානේ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ දියුනු උනා වගේ වගේ වැඩක්. සමහර දේවල් නැතිවුනා ඒක නිසා.
ඔය මොනවා කරත් අන්තිමට වැදගත් වෙන්නේ හිතේ සතුටනේ. ඉතින් මට නම් සතුටින් ඉන්නවා කියන්නේ කාටවත් ණය නොවී නිදහසේ ඉන්න එක.
ඉතින් මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ පිස්සෝ වගේ වියදම් කරලා ඊට පස්සේ ආන්ඩුවටයි ඇමරිකාවටයි බනින්නේ නැතුව, තමන්ට ගැලපෙන විදිහට වියදම් කරන්න හිතාගන්න. (පිස්සො වගේ වියදම් කරන අය ) එහෙම කරල හරියන්නේ නැත්නම් විතරක් ආන්ඩුවට බනින්න.
කට්ටිය ඔක්කෝටම ජය සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!