මමයි
මුදුකොල්ලකාරයයි තව යාළුවෙකුයි පහුගිය දවසක ගියා
ටේට් මොඩර්න් ආර්ට් ගැලරි එකට. ග්‍රේට කොහොමත් මොඩර්න් ආර්ට් කියනදේ එච්චර තේරෙන්නේ නෑ. සිරාවට බලිකුරුටු ටිකක් වගේම තම පෙන්නේ. මේ සැරේ ලංකාවට ගියා වෙලාවෙත් ඇබ්ස්ට්‍රක්ට් ආර්ට් තියෙන ප්‍රදර්ශනයක් බලන්න දන්නා අදුරන ගැණු ළමයෙක් එක්ක ගිහින් අන්තිමට යන්තන් ගුටි නොකා ගෙදර ආවා. කොහොමහරි එක වෙනම කතාවක්...ඉතින් ඔන්න අපි තුන්දෙනා ගියා බලන්න නුතන කලාකෘති.... ඔය සෝලිස් මාස්ටර්ගේ කැළණි විහාරයේ පින්තුර, ජෝර්ජ් කීට්ගේ ගෝතමී විහාරයේ පින්තුර, මයිකල් අන්ජිලෝගේ සිස්ටයින් චැපල් එකේ පින්තුර..ඔන්න ඕව තම ග්‍රේ කැමති ශයිලිය. ලස්සනට පාට කරලා තියෙන්න ඕනේ.
දැන් ඉතින් ඇතුලට ගිහිල්ල අපි අපි බලනවා එක එක ඒවා...සමහර දේවල් නම් තේරුම් ගන්න වෙනම කොර්ස් එකක් කරලා එන්න වෙනවා වගේ. අනික තමා ලස්සන කෙල්ලෝ වැහි වැහැල. නිකන් ලංකාවේ කැම්පස් එකක ආර්ට් ෆැකල්ටියට ගියා වගේ.
ඔය තියෙන්නේ ඉතින් එකේ ප්‍රදර්ශනයට දාල තිබුණු පින්තුර කිහිපයක්...
සිරාවට පොඩ්ඩක් දගලුවොත් මටත් බැරි නෑ ඕව අදින්න..වැඩේ තමා මේ චිත්‍රවලින් ලොකු අදහසක් කියවෙනවා කියන එක... වරදක් කියනවා නෙවෙයි..ඇත්තටම මට තේරුම් ගන්න බෑ.
කොහොම හරි ඉතින් ඔන්න බලල බලල අන්තිමට
පිකාසෝගේ පින්තුර ටිකකුත් තිබ්බ..ඒවත් බැලුව...ඔන්න ඔය අතරේ තමා දවසේ කතාව ඇදිල අවේ. දැන් අපි ගොඩක් දෙනෙක් පිළිගන්නවනේ පිකාසෝ පට්ට සිරා චිත්‍ර ශිල්පියෙක් කියලා..මම
වැන් ගෝට ගොඩක් කැමතියි...නමුත් පිකාසෝ ගැන එච්චර පැහැදීමක් නම් නෑ. අර මුලින්ම කියපු සිද්දිය වෙන්න පුළුවන් හේතුව.
කතාව වුනේ පිකාසෝ ඔය පදික වේදිකාවක වගේ චිත්‍ර අදාල විකුනන්න තිබ්බනම්, මයිකල් ඇන්ජිලෝ තාප්ප වල චිත්‍ර ඇද ඇද හිටියනම් ඔයවගේ මහා ලොකු නමක් අද ඇතිවෙයිද කියන එක.
ඩැනියෙල්-හෙන්රි කන්වෙයිලර් (නම කිව්වා හරිද මන්ද) පිකසොට එදා අනුග්‍රහය නොදක්වන්න අද පිකාසෝ කෙනෙක් නැතිවෙන්න තිබ්බා. මම දකින්නේ ඔතන සරල හේතු කිහිපයක්...අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට තව පුද්ගලයෙකුව ඔසවාතබන්න හැකියාවක් නෑ..ඒ වගේම ඒ තරම් ඉහල රසක්‍යතාවකුත් නෑ...ඒ වගේම වෙලාවකුත් නෑ. ඕකට හොද
උදාහරණයක් අවුරුදු කීපෙ
කට කලින් ඇමරිකාවේ උනා.
ජෝෂුවා බෙල් ඔහුගේ ඩොලර් මිලියන් 3.5 වටිනා වයලින් එකෙන් වොෂින්ටන් වල උමං දුම්රිය ස්ථානයක වයලින් ගහපු අවස්ථාවේ... විනාඩි 45 වයලින් ගහල හොයාගන්න පුළුවන් වෙලා තිබ්බේ $32 විතරයි....නමුත් එට දවස් දෙකකට කලින් ජෝශුවගේ ප්‍රසංගයකට එක ටිකට් එකක් ගියිහින් තියෙන්නේ $100 කට වගේ. මම උනත් ඒ අවස්ථාවේ එතන දුම්රිය ස්ථානයේ හිටියනම් අරු සිරාවට වයලින් ගහනවා කියාගෙන යාවි...නැතුව නතර වෙලා අහන එකක් නම් නෑ. ටැබූ හිටියනම් අපුරු විග්‍රහයක් අහගන්න තිබුණා.
පිකාසෝගේ පින්තුර ටික පස්සේ දවසක දාන්නම්... වෙන කතාවක් එක්ක...
P.S
ක්‍රව්-මගා සටන් ශිල්පයේ ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් ගැනීමේ අකමැත්ත නිසා ලියන ලදී.
ජෝෂුවා බෙල්ගේ කතාව කියන ලද්දේ මුදුකොල්ලකාරයා වන අතර...එම කතාවේ සියලු හිමිකම් ඔහු සතුය.