Showing posts with label tait gallary. Show all posts
Showing posts with label tait gallary. Show all posts

Friday, March 18, 2011

පිකාසෝ

කලින් කතාවේ පොඩ්ඩක් අපි කතාකරානේ පිකාසෝ ගැන. මොඩර්න් ආර්ට් (ඇවිදින ඒවා නෙවෙයි) බලන්න ටේට් ගැලරි එකට ගිය වෙලාවේ එතනත් පින්තුර සෙට් එකක්ම තිබුණා. හැබැයි එක පින්තුරයක් මට මග ඇරිලා තියෙනවා දවස් කිහිපයක වෙනසකින්. එක තම පිකාසෝගේ 'Nude, Green Leaves and Bust' කියන පින්තුරය. ලෝකේ මේ වෙනකන් වැඩිම ගානකට විකිණිලා තියෙන්නේ ඒ පින්තුරේ. ඒ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන් 333.5 කට. අරන් තියෙන්නේ කවුද කියල නම ප්‍රසිද්ද කරලා නෑ. කොහොම හරි ඕකත් ටේට් ගැලරි එකේ ප්‍රදර්ශනයට දාල තියෙනවා දවස් කිහිපයකට කලින්.



මම චිත්‍ර ගැන ලොකුවට දන්නේ නෑ. ටේට් ගැලරි එකේ පිකාසෝ තමන්ගේ ජිවිතේ අන්තිම කාලේ ඇදපු චිත්‍ර සෙට් එකක් තිබුණා. නාකිවෙලා මුකුත් කරගන්න බැරි උනාම පොරට තිබ්බ දෙස්පරේෂන් එක තමා හැම චිත්‍රෙකම තිබුනේ. සමහරු මේ චිත්‍රවලට කැමති වේවි..සමහරු අකමැති වේවි.. නමුත් වැදගත් වෙන්නේ අන්න ඒ කැමති හෝ අකමැති වෙලා එන හැගීම.

                                                                               



   




පින්තුර ගත්තේ ටේට් ගැලරි එකේ වෙබ් අඩවියෙන්