Wednesday, April 21, 2010

හ්ම්ම්.....

ගොඩ දවසකින් ලියුවේ නෑ. ඇත්තටම ලියන්න හිතුනේ නෑ. මේ දවස්වල මගේ මූඩ් එක ටිකක් අල. ටිකක් නෙවේ හොදටම. හේතු ගොඩක් තියෙනවා. එකම ගෑනු ලමයා දෙවෙනි පාරටත් ග්‍රේව රැවට්ටපු එක එකක්.  ග්‍රේගේ ජීවිතේට වැදුනු දරුනුම පාර ඒක තමා.   
පලමුවෙනි වතාවට සිංහල අවුරුද්දේ ගෙදර නැති එක. ඒක නම් හිතට ගොඩක්ම වැදුනා. ගෙදර අම්මලත් එහෙමම හිතනබව මතක් වෙනකොට තවත් හිත අවුල්.
ඒ මදිවට ඔෆිස් එකෙත් කරන්න දෙයක් නෑ. මොකෝ දවසම ජන්ජාලේ ඉන්නව කියන එකත් පිස්සු හැදෙනවනේ. ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා කරන්න දේකුත් නෑ. පුදුම පාලුවක් තියෙන්නේ.

අපි සල්ලි හොයන්න කියලා ආවට ඒ වෙනුවෙන් කරන්නවෙන කැපකිරීම් මුදල් වලින් මනින්න පුලුවන්ද කියලා වෙලාවකට හිතෙනවා.
කොහොමින් කොහොමින් හරි අවුරුද්ද ඉවරයි, මට නම් ඉතින් තවත් එක දවසක් විතරක් උනා. මෙහේ ඉතින් ඔය නිවාඩු නෑනේ. තියෙන නිවාඩු ටික එකක්වත් නොගෙන බොහොම අමාරුවෙන් ඉතිරි කරන් ඉන්නේ අවුරුද්දේ අග ලංකාවට යන්න. ඔය අතරේ මගේ සන්චාරක සටහන් වැඩේ හිමීට පටන් ගන්නවා කියලා හිත හිත ඉන්නවා. අදහස් පොඩ්ඩක් වෙනස් කරලා සින්හලෙන් මේකෙම ලියනවා කියලා හිතාගත්තා. වෙනම ඉන්ග්‍රිසි එකක් කරනවා.
අනික කියලා තියෙනවානේ  Idle mind is devils workshop කියලා. කොහොමත් මොකේක හරි යෙදිල ඉන්න එක හොදයිනේ.

දැන් ඉතින් අදිශ්ටානයෙන්, අභීතව ඉදිරිය ගැන හිතලා වැඩ කරනවා. ඔය මොනවත් හින්දා මම දුකින් ඉන්න ඕනේ නෑනේ. අඩු ගානේ එහම ඉන්න හරි උත්සාහ කරනවා.

12 comments:

  1. හාපෝයි, දෙයියනේ දෙපාරක්ම!. එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ, අපි කවුරුත් ඔය ලව් එක කොරන්න ගිහින් ඔහොම කරගන්නවා තමා. සාමානයයෙන් කෙලවෙන තුරුම දන්නෙ නෑ, ඈයි ඉතිං බොක්කෙන්ම ලව් නෙ.

    මම නං මානසිකව වැ‍ටුනාම කරන්නෙ,http://www.theplaceswelive.com/ බලන එකයි. ජීවිතේ කිසිම දෙයක් උරුම නැති ඒත් බලාපොරොත්තු සහ හීන අත්නොහැරපු මේ අපූරු මිනිසුන්ගේ දිරිමත් කථා මගේ හිත ආපහු හරිගස්සනවා.

    ReplyDelete
  2. උඹ රෑ වැටුනු වලේ දවලුත් වටුනද? ඔය කිවුවට මටත් ඕකම වෙලා තියෙනවා දෙපාරකට වඩා :D වෙනසකට තියෙන්නේ ඒක රැවටීමක් නෙමෙයි. නවත්තනවා කාලෙකට පස්සෙ ආයෙත් පටන් ගන්නවා... ටික කාලෙකින් ආයෙත් නෑ... :D
    අවුරුද්ද ගැනනම් මටත් ඔහොම්මම තමයි මචං.. මම මේ පහු කලේ ලංකාවෙන් පිට 3 වෙනි අවුරුද්ද...

    ReplyDelete
  3. ග්‍රේ සහෝට සුභ අලුත් අවුරුද්දක්.

    සිරිබිරිස්ට ස්තුතියි නොදන්නා යමක් කියා දුන්නාට

    ReplyDelete
  4. ගණන් ගන්න එපා, ජීවිතේ ‍ඔහොම තමයි. කරන්නම වැඩක් නැතිව නිකන් පිස්සු විකාරයි වගේ දැනෙනවනං හොඳ පොත් ටිකක් හොයාගෙන කියවන්න. හොඳ කිව්වෙ, හොඳ වෙන්නම ඕනෙ නෑ. හිතෙන හිතෙන පොත අරගෙන කියවන්න.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක්.
    ගණන් ගන්න එපා, මට නම් දැන් ඕක සාමාන්‍ය දෙයක් වෙලා නිසා, හිතට දුකක් දැනෙන්නේ නැහැ. හිත හදා ගන්න බලන්න.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ගනන් ගන්න එපා ඔහොම තමයි ජීවිතේ හැටි........ ඕවට හොඳින් මුහුණ දීල ජීවිතේට තවත් ශක්තියක් එකතු කරගන්න.... ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා කියලම ප්‍රර්ථනා කරන්නම්

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අම්මට සිරි, උඹට පොල්ලක් වැදුණද? ගණන් ගන්න එපා බං. ඕවයි හැටි ඔහොම තමා.
    forget it bro.
    (දැන් කියන්න එපා සිංහල මැද්දෙන් ඉංග්‍රීසියෙන් ලියනවා කියල.දන්න බව පෙන්නන්න නෙවේ ලියන්නේ; මේ මම ලියන විදිහ.හික්ස්..)

    ReplyDelete
  10. පිස්සුද බන් අපි සැලෙයි ඕවට...දැන් ඉතින් බැලුවම මෙහෙ ඉන්න සුද්දියෝ හොදයි ඒකට වඩා.
    අනිම මන් උබට කිව්වේ ඉන්ගිරිසියෙන් ලියන්න එපා කියල නෙවෙයි..ඉන්ග්‍රිසියෙන් ලියලා ඒකම සිංහලෙන් ලියන්න එපා කියලා...ඒක වස කැතයි බන්.

    ReplyDelete
  11. ම්..ම්.. උඹ කියන කතාවත් හිතල බලන්න ඕනේ. නෑ බං සමහර වෙලාවට එහෙම ලියවෙනවා, කැම්පස් එකේ යාලුවන්ට එහෙම කියල දැන් ඒ ක්‍රමය නිකන්ම එළියට එනවා.
    උත්සහ කරන්න ඕනේ.
    Thanx..

    ReplyDelete
  12. you are welcome!!!
    Just give it a thought :)

    ReplyDelete