Wednesday, December 7, 2011

සුබ නව වසරක් වේවා

හප්පා..හොදටම වැඩ සෙට් වුනා. වෙනද ආතල් එකේ දවසම නිකන් ඉදල හවස පහට ගෙදර පනින ග්‍රේට එක දිගට රෑ 8-9 වෙනකන් ඉන්න වුණා. ඒ අස්සේ කොරේ පිටට මරේ කිව්වා වගේ පස්තච්චියේ විබාගත් වෙට් වුනා. ඉතින් රෑ 9 ට ගෙදර ගිහින් පාන්දර 1 විතර වෙනකන් පාඩම් කරලා ආයේ පහුවද උදේ ඔෆිස් යන්න වුනා. තනිකරම සති දෙකක් විතර රන් වුනේ එනර්ජි ඩ්‍රින්ක් වලින්. උදේට වැඩට යන්න ටියුබ් එකට ඇවිදන් යන පාරේ තියෙනවා බේකරියක්. බේකරියක් කියන්නේ අර මහා පරිමානෙන් හදන ජොයින්ට් එකක් නෙවෙයි. පොඩි ෆැමිලි රන් බිස්නස් එකක්. උන්ගේ කෑමත් හොදයි, ෆ්‍රෙෂ් අනික ලාබයි. ඔතනින් තමා ගොඩක් වෙලාවට ග්‍රේ උදේට මොනවා හරි ගන්නේ. නියම ඉංගිරිසි බේකරිය. බොහොම හොදට හිනාවෙලා කතා කරලා අර කස්ටමර් රෙලෂන්ශිප් කියන එක බොහොම හොදට තියන් ඉන්නවා. ඒවා වැඩක් නෑ. ඔයා කඩේ තියෙනවා නියුරෝ කියලා එනර්ජි ඩ්‍රින්ක් එකක්. ගැහුවම නිකන් අර බකමුනා වගේ ඇහැරලා ඉන්න පුළුවන් රෑට. ඔන්න ඕක තමා ගහන්න ගත්තේ. නියුරෝලගේ තව තව වැඩ වලටත් බීම තියෙනවා. සයිට් එකෙන් බලාගත්තහැකි. (http://drinkneuro.com/) රෙඩ් බුල් එහෙම ග්‍රේට වැඩකරන්නේ නෑ. ඒ වුනාට මේකනම් අදිනවා ගිසිම ගින්නක් නැතිව.
කොහොමින් කොහොමින් හරි අද තමා යන්තන් පොඩි වෙලාවක් ආවේ. විබාග ඉවරයි, ලොකු වඩාත් සැහෙන්න ඉවරයි. ඉතින් දෙයියනේ කියලා නිදහසේ වෙනද වගේ ඉන්නවා. 
ඒ අස්සේ ලංකාවට කඩාපාත් වෙන්නත් හිතන් ඉන්නවා මේ සතියේ අග බාගයේ. පුළුවන් වුනොත් වෙලාව තියෙන විදිහට බ්ලොග් අවකාශයේ ඉන්න ය කීපදෙනෙක් හම්බුවෙන්නත් ආසයි. :)
ඉතින් මේ දවස් වල හොදට නිදාගන්නවා. පොඩි කුමරිහමිත් දවසක් අහල තිබ්බ නිදාගන්නේ කොහොමද කියල ඕනේ වෙලාවක...සරලයි.. එක්කෝ හොදට මහන්සි වෙලා ඉන්න ඕනේ. හවස පැයක් විතර වියායාම කරට පස්සේ හොදට නිදගනා පුළුවන්. එහෙම නැත්නම් හොද වයින් එකක් බොන්න ඕනේ..එකත් සැහෙන්න උදවු වෙනවා නිදාගන්න. එහෙ නැත්නම් ඔයා ඉගෙන ගන්න අයනම් තමන් අකමැතිම විෂය තියෙන පොත අරන් අදට ගිහින් කියවන්න පටන් ගන්න. ඔයා මුකුත් ඕනේ නෑ...මහ දවල් උනත් නින්ද ගරන්ටිඩ්. අත්දුටුයි, සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි.
එහෙනම් ජනවාරි වල වගේ තමා ආයේ හමුවෙන්න වෙන්නේ..
එතකන් සුබ නත්තලක් (නත්තල් සමරන අයට) සහ සුබ නව වසරක් වේවා!!!! 

Tuesday, October 18, 2011

මට කම්මැලියි!!!

මහා වස කම්මැලි දවසක්. කවදාවත් නැතුව උදේ හයට ඇහැරුනා.. වෙනදා යස අගේට හතහමාර වෙනකන් නිදාගන්න එකෙනුත් පැය එක හමාරකට බඩු. ඒ මදිවට දැන් වින්ටර් එක එන නිසා උදේට කළුවරත් වැඩියි. සෙන්ට්‍රල් හීටින් දාල තිබ්බට රැට ජනේලේ අරන් නිදාගන්න නිසා නැගිටිනකොට පට්ට හීතලයි. අර කවුද කියල තිබ්බේ මිහිතලය උණුසුම් වෙනවා කියල..සිරාවට ඔන්න ඔයවගේ වැඩ කරන නිසා තමා  ෂුවර් එකටම. ඉරිදා 23 ට තිබ්බ උෂ්ණත්වේ අද අගහරුවද 13 වෙලා. ලංකාවේ ඉතින් කොලබ ඉදන් නුවරඑලියට යනකොට පැය 5 කින් අංශක දහයකට වඩා වෙනස් වෙන එකේ ඕකත් කජ්ජක්ද කියල ඇහුවට අද උදේ ඉදන් ඔලුව රිදෙනවා පුපුරන්නවගේ. ඔය උෂ්ණත්ව වෙනස නිසාද මන්ද.. ඒ අස්සේ වෙනදට ඔෆිස් දාන් එන තොප්පිය අද අමතක වෙලා. මගක් එනකොට ඔලුව හීතල වෙලා වයර් ෂෝර්ට් වෙන්න ගත්තම තමා මතක් වුනේ තොප්පිය නැ කියලා. ඔලුව රිදිල්ල ඒක නිසාද මන්දා.  ඔෆිස් එකේ කරන්න දෙයක් නැති නිසාම හොදයි. පැය 2-3 ක් බ්‍රවුස් කරලා ඇතිවෙලා මවුස් එකෙන් මොනිටර් එකේ කොටු අදින්න පටන් අරන් තියෙන්නේ. ඕකෙන් රවුම් අදින්න පුළුවන් උනානම් කොටු අදිනවට වඩා පොඩි ෆන් එකක් තියේවි. කවුරු හරි රවුම් අදින්න දන්නවනම් කියන්න.. කොටු ඇදල ඇති වෙලා තියෙන්නේ.

අනිද්දට පඩි එනවා. මේ සතියේ වැඩ කරේ නැතුවට ඊට කලින් සතියේ ඕනෙවටත් වඩා වැඩ කරා.ඒක නිසා දුකක් නැතිව පඩිය ගන්න පුළුවන්. ගිය සතියේ වැඩිපුර හිටපු නිසා අපේ රිපෝර්ට් ලියන අක්ක මට කියනවා අතිකාල දීමනා ඉල්ලන්න කියල. මට දුකයි ඒක ඉල්ලන්න. ඇයි දෙයියනේ උදේ 8.30 ට පටන් ගන්න තැනට මම එන්නේ 8.45 ට. සිකුරාදාට වැඩ ඇරෙන්න පැයක් කලින් කොල්ල මාරු. ඇයි ඒ අස්සේ නිකන් ඉදන් බ්‍රවුස් කරන ඒවා. ඕව ගණන් හැදුවොත් පඩියෙන් බාගයක් මට කොම්පැනියට ගෙවන්න තමා වෙන්නේ. ඒක නිසා මගේ හිතට එකගව මම අතිකාල ගන්නෙත් නැ. ඔය මගේ අතින් යන පොඩි පොඩි වියදම් කොම්පැනියෙන් ක්ලෛම් කරන්නෙත් නැ. ඔය අපේ රිපෝර්ට් ලියන අක්ක හොස්ස ලගින් මැස්ස යන්න බැරි කෙනෙක්. වලියට බරයි කියන්නේ කෙලින්ම වලිසිංහ හරිස්චන්ද්‍ර පරම්පරාවේ වෙන්න ඕනේ. අද අපේ ටීම් එකේ ඉන්න උන් කියනවා මම ලග ඉන්නකොට මගෙන් පොඩි කාමීන් ඉෆෙක්ට් එකක් තියෙනවලු අක්කට. අපොයි ඔව්..මොකෝ නැත්තේ එයටත් එක්ක හරියන්න මට මල පනිනවනේ එයාගෙන් මොනවහරි අහන්න හරි එයාට මොනවා හරි කියල දෙන්න ගියාම හරි.

අපේ කොම්පැනියේ අලුත් ප්‍රොජෙක්ට් එකක් යනවා කොහෙන්ද මන්ද වැපන් ග්‍රේඩ් කැමරාවක් අරන් ඒක අපේ රේඩාර් එකකට හයි කරලා හයිබ්‍රිඩ් පින්තුර දෙන්න. ඔය ප්‍රොජෙක්ට් එකේ ගැවෙන්නවත් මම නැති උනාට එකට ආපු උන්ගෙන් මවුස් පෑඩ් එකක් හම්බුනා ස්පෙෂල් ෆොර්සස් වල ඩයල් එකක් ස්නියිපර් එකක් අටවන් ඉන්න රුපයක් තියෙන. ඔය මොන අටමගේලේ හැදුවත් තියෙන ප්‍රශ්නේ අපේ අයියලට ඕව විකුනන්න ඕනේ කාටද කියල තොර බේරගන්න බැරි වෙන ඒක. ඒක පාරක් අපේ උපකරණයක් ත්‍රස්තවාදයට ප්‍රසිද්ද රටක මිසයිල් සිලෝ එකකට හයි කරලා තියෙද්දී මාට්ටු වෙලා තව පොඩ්ඩෙන් අපේ ලොක්කෝ ටික හිරේ.  දැන් මේ දවස්වල ඔන්න ඕක නවත්වන ඒක තමා දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.. ලොක්ක නැති නිසා මම වීරයා වගේ යනවා මීටින් වලට. ගිහින් ත්‍රස්තවාදියෝ ගැනයි, උන්ගේ හොර වැඩයි ගැන කතා අහන ඉදල එනවා. ඕව කියල දෙන්න ලස්සන ගැණු ළමයෙකුත් එනවා වෙන කොම්පනියෙකින්. වැඩේ කියන්නේ අපේ මේ අද හෙට පැන්ෂන් යන්න ඉන්න ඩිරෙක්ටරකාරය එකට පැණි පාර දානවා මට එහා පැත්තේ ඉදන්. නාකි විසේ ගෙටත් උසේ කිව්වලු. මොනවා උනත් කොම්පැනියේ ලොකු උන්ව බයිට් එකට ගන්න හොද නැති නිසා මම මුකුත් කියන්න ගියේ නෑ කට කහනවා කහනවාවගේ උනත්. තවම ලංකාවේ හොද පුරුදු ඇත අරගන්න ටිකක් අමාරුයි.

ඒ අස්සේ අපේ වියාපාර පද්දතිය දුවන්න අලුතින් ගන්නයන කොම්පුටරේ හදන එකා කියල එවල අපේ "ටර්ම්ස් අන් කොන්දිෂන්" එක්ක ඌට බඩු දෙන්න බැරිලු. මොකද එකේ තියෙනවා ඒවා වැඩකරන්නේ නැති උනොත් අපි උට නඩු දානවා කියල. පොරට උගේ බඩු ගැන එච්චරම ෂුවර් නිසා උ එකට කැමති නැ. අපේ ලොක්ක කියනවා අපි ඔෆිස් එකට පන්සල් ගන්න එකටත් දෙන්නේ ඔය "ටර්ම්ස් අන් කොන්දිෂන්" තියෙන අග්රිමන්ට් එකමලු. දෙයියෝ දනී. ලොක්කට බේරා ගන්න කියල මම සද්දේ වහල ඉන්නවා. ඒ මදිවට ඊයේ ආපු DVD එකක් තැපලේදී දෙකට මැදින් පැලිලා. මන් අහන්නේ මුන්ට ඕක අර ප්ලස්තික් කවරෙක දාල එවන්න බැරිද නිකන් කාඩ්බෝඩ් එකක දාල තැපැල් කරනවට වඩා.

පස් තාච්චියේ විබගේත් එනවා හෙට අනිද්දා. මේ යන විදිහට ගියොත් නම් අනිවා ඒ විබාගේ තව පාරක් කරන්න හිතෙනවා. කොහෙද පොත අතට ගන්නකොට කියාගන්න බැරි තරම් නිදිමතයි. ඉතින් ඒක නිසා ඔෆිස් එකේ ඉදන් පාඩම් කරන්න ගත්තට වෙලවටකට මේ ඉන්ටර්නෙට් එකත් එක්ක බෑ නිදහසේ වැඩක් කරන්න.

මෙහෙ ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්ට ගෙදර යන්න වෙලානේ තියෙන්නේ.. මහින්දත් එක්ක රැස්වීමකට පොරගේ යාළුවෙක්ව අරන් ගිහින් මෙහෙ ආණ්ඩුවේ නියෝජිතයෙක් විදිහට. පොර කලිනුත් ඔය වගේ අරන් ගිහින් හැබැයි වැඩේ මට්ටු වෙලා තියෙන්නේ මහින්ද අයියව හම්බුවෙන්න ගිය වෙලාවේ, රුපවාහිනියේ නිවුස් වල වීඩියෝ එකක පොර ඉන්නවා. සිරාවට අනේ මන්ද මුන් දෙන්න කලින් ඒක ගෙදර ඉදලා තියෙන්නෙත්, ඒ මදිවට ෆොක්ස් කාරය කොහේ හරි යනකොට පොරවත් අරන් යනවා. පොරත් අපේ රනිල් ලොක්ක වගේද දන්නේ නෑ.

මට කම්මැලියි!!! තව මොනවා මොනවා මෙතන ලියාවිද දන්නේ නෑ කම්මැලිකම වැඩි නිසාම. ඔෆිස් අරින්නත් තව පැය දෙකක්ම තියෙනවා. ප්‍රන්ශේ කතා ගැන තව පොඩි කැලි දෙක තුනක් ලියන්න තියෙනවා. හිමිට ලියන්න ඕනේ එකත්. 

Friday, September 30, 2011

මට තාම මතකයි

සාහිත්‍ය මාසයේ අවසානය වෙනුවෙනි.
කියවීම හුරුකිරීම සම්බන්දව සිහිකළයුතු පුද්ගලයන් දෙපොළකි. ආර්ථික විද්‍යා උපාදිධාරියෙකුවන මපියාණන්ය. අනෙක් පුද්ගලයා සිංහල උපාදිධාරියෙකුවන පියාණන්ගේ වැඩිමහලු සහෝදරයාය.
සවස වැඩ අවසන්ව ගෙදර එන තාත්තා ඔඩොක්කුවේ  මා තබාගෙන කන්තෝරුවේ පුස්තකාලයෙන් ගෙනෙන පොත් ලන්තෑරුම් එළියෙන් කියාදුන්නා මතකය. (මට වයස 10 වනතෙක් අපේ ගෙදරට විදුලි බලය තිබුනේ නැත). මහපොළවේ කැනීම් කර සොයාගත් ඩයිනසොරස් ඇටකටුවලින් වසර මිලියන ගණනකට පෙර ජීවත්වූ සතෙකුගැන කියන ආකාරය, චීනයේ මහා ප්‍රාකාරය සෑදු අයුරු, නිල් අම්ස්ට්‍රොන්ග් සද මත ගොඩබැසීම, ලයිකා බැල්ල අභ්යාවකාෂගතවිම ගැන මා මුලින්ම දැනගත්තේ එසේය. පුංචි සියා සිටි රාදුගා (දේදුන්න) ප්‍රකාශකයන්ගේ පොත්වලින් සුර්යග්‍රහණ, වල්ගාතරු ගැන මුල්පොත තැබුණේ තාත්තගේ ඔඩොක්කුවෙදිය.
අවම වශයෙන් එවකට මසකට වරක්වත් යන්නට යෙදුනු ලොකු තාත්තගේ නිවසින් ආපසු එනවිට ලැබුණු පොත් හතර පහ ගමන්මල්ලේ දමා එන්නේ ඉවසිලි රහිතවය. එවකට නොතේරුණත් ළමාකල මා අත්පත් කරන ලද ඒ පොත් ලොකු තාත්තා ඉතා සැලකිල්ලෙන් තෝරා සැලැස්මක් ඇතිව දුන් ඒවා බව ඒ ගැන පසුව බලන මට අද හැගේ. කුමරතුගුවන්, වික්‍රමසිංහයන්, ඉලංගරත්නයන් මා හදුනාගන්නේ එලෙසිනි. වයසින් මුහුකරයාත්ම විජයබා කොල්ලය, කැලැහද මා  අතවිය.
කුමන හෝ හේතුවක් මත නිවසේ තිබුනාවූ  රුසියානු පොත් කන්දරාව තුලවූ වැඩබැරි දාසගේ කතාවක් (කතුවරයා නිකොලයි නොසවූ ලෙස පුංචි මතකයක් ඇත)  බොහෝ දුරට මා තනිවම කියවූ ලාංකීය නොවන ප්‍රකාශනය වීමට ඉඩ ඇත. දක්ස පාල බැලුමක් සාදා ගුවන් ගතවන ගමනක මුල, ගමනට සුදානම් වීම මෙන්ම ඉස්කුරුප්පු සහෝදරයින් සෑදු සෝඩා වතුරෙන් දුවන රථය අදත් මාගේ මතකයේ ඇත. "කඩිනම් රාළට හදුනා බඩගින්නක් - ගිල්ලා හීතල ඉස්තිරික්කයක් "  ලෙස වැඩබැරියා කවි ගොතත්දී එදා මෙන්ම අදත් මුවගට සිනාවක් නැගේ.  


පාසල් නිවාඩු කාලයේ පියාණන් සමග දවසක් ඇර දවසක්වත් කාර්යාලයට යන මා දවසම පුස්තකාලයේ ගතකෙරු ආකාරය අදමෙන් සිහියට නැගේ. කියවිය යුත්තේ මෙයයි කියාදීමට කිසිවෙකුත් නොමැති මේ කාලය තුල පුස්තකාලය බොහෝ දේ කියවා බැලීමට හැකිවිය. ආතර් සි ක්ලාර්ක් මහතාගේ 2001, 2010 මෙන්ම 2061 කියවන්නේ මේ කාලසිමවෙදිය. වරක් කුමන හෝ අක්ෂි ආබාදයක් නිසා වෛද්‍යවරයෙකු හමුවීමට මෑණියෝ මා කැදවාගෙන යන්නේ මේ කියවීම නිසා මගේ ඇස දුබල වියයි සැක කරමිනි. පාසලේ තුන්වෙනි වසරේ ඉගෙනුම ලබන්නෙකු ආතර් සි ක්ලාර්ක් මහතාගේ 2001 පොත කියවමින් සිටිනවා කියා අසන්නට ලැබුණු වෛද්‍යවරයාගේ නළල රැලි වැටෙන්නේ මගේ අක්ෂි අබාධය නිසා නොවේ.

කරුණාතිලකයන් විසින් පරිවර්තනය කරන ලද ඩුමාගේ මොන්ත ක්‍රිස්තෝ පොත් හයෙන් එද්මොන් දාන්තේ මොන්ත ක්‍රිස්ටෝ සිටුවරයා වන ආකාරයත්, පැරිසියේ විස්තරත්, තමන් විපතට හෙලු අයගෙන් දරුණු ලෙස පලිගන්න අයුරුත් අතරින් කියවෙන ගැබුරු ජිවන යථාර්තය වටහාගැනීමට එකල ළමා මනසට නොහැකි වුවද අද එදා මතුපිටින් දුටුදෙයට වඩා යමක් පෙනේ. කොර්සිකානු සහෝදරයෝද එසේමය.
මෙන්ම ටෝල්ස්ටෝයිගේ යුද්දය හා සාමය පොත් සමුහය මා කියවන්නේ මේ අවදියේදීය. රෝස්තොව්, අන්ද්රු කුමරු, නටාෂා පිළිබද කුතුහලයෙන් කියවූ මා ඇනා කැරනිනා කියවන්නේද මේ සමයේදීය. රුසියානු සාහිත්‍යයේ එක පසක් ටෝල්ස්ටෝයි තුලින් දකින මා තවත් පසක් නිකොලයි නොසවූ සහ ලස්සන වසිලිස්සා තුලින් අදුනාගනී. එතෙක් නොදුටු රුසියානු පැතිකඩක් මා දකින්නේ ගෙදරදී අහම්බෙන් නෙත ගැටුණු ලෙනින්ගේ ජිවිත කතාව රැගත් 'ආලෝකය' තුලිනි. තරුණ උල්යානොවූ වොල්ගාවේ බෝට්ටු හිමියාට විරුද්දව නඩු කියූ සැටි, ඉස්ක්රා නොහොත් ගිනිපුපුරු පුවත්පත මුද්‍රණය කර අයුරු, ඔක්තෝබර් අරගලය ඇරබීමට අවුරෝරා නැවෙන් පළමු වෙඩිමුරය තැබූ සැටි දැනගත්තේ ආලෝකයෙනි. අදටත් දෙසැම්බරයේ ලක්දිවට ගියවිට එක පරිච්චේදයක්වත් කියවන පොත් දෙකෙන් එකක් වන්නේ ආලෝකයයි. ඉන් අනතුරුව ගෝර්කිගේ අම්මා කියවන මා, වානේ පන්නරය ලැබූ සැටි, කමකට නැති එකෙකුගේ ජීවිතය පොත්වලින් රුසියානු විප්ලවය, සරල ගැමි ජීවිතය එතුල ගැබ්වුණු එකල නොතේරුනද රචකයා විසින් රොමැන්ටික් කරනලද ජිවිත රසවිදියි. දුබ්රෝවුස්කියි, මිනිසුන් 26 හා ගැහැනියක්, ඉවාන් ඉල්විත්ගේ මරණය, ගැමියෙක් ජෙනරාල්වරු දෙදෙනෙක් පෝෂණය කරහැටි ආදී විවිද කෙටි කතා මෙන්ම දොන් නදිය ගලාබසි, සැබෑ මිනිසෙකුගේ කතාවක් වැනි නවකතාද හමුවන්නේ මේ කාලයේදීය. වර්තමානයේ මිතුරන් බොහෝදෙනෙකු විශිෂ්ටයි පවසන ගුරු ගීතය මාහට හමුවූ අදද රසවිදිය නොහැකි පොතක් වන්නේ කවර හේතුවක් නිසයි මට නොතේරේ.

එකල ජනප්‍රිය සාහිත්‍යවූ කල්ලන්දුවේ මුතු කොල්ලය, වනගත ළමෝ පාසල් පුස්තකාලයෙන් කියවන මාහට ෂර්ලොක් හෝම්ස් හමුවෙයි. එතෙක් අතරින් පතර කතා කිහිපයක් පමණක් කියවා තිබු මාහට කරුනාතිලකයන් (??) විහින් පරිවර්තනය කරනලද කතා රාශියක් ඇති ඒ පොත මහනාර්ග පොතක්වූ බව නොකියමනාය.
එවකට පාසලේ හත අට පන්තිවල පසුවූ මා පදික වේදිකාවකින් මිලදීගත් උම්මග්ග ජාතකයත්, පියාණන් කොහෙන්දෝ ගෙනා මහාවංසයේ (හා චුලවන්සයේ) තරමක් සරල සිංහලෙන් ලියවුනු පොත්දෙකත් කියවයි. ඔය අතරින් මගේ සිත් ඇදගන්නේ සුරංගනා කතාවක්මෙන් ලියවුනු 'වානරයා' නමින් සිංහලට පරිවර්තනය කර සුරිය ප්‍රකාශකයින් විෂින් පලකරන ලද චීන පොතක් වූ 'the   monkey'. ලොකු තාත්තගේ නිවසින් ගෙනා මේ පොත කොතරම් සිත් බදගත්තද යතොත් ඊට බොහෝ කලකට පසුව උසස් පෙළ අවසන්ව ලොකු තාත්තාගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා ගන්න ලද පොත වුයේද එයයි. ඒ මවිසින් ඉල්ලගන්න ලද අවසන් පොතදවුයේ හදිසියේ රෝගාතුරවූ ලොකු තාත්තා මෙලොවින් නික්මයාමෙනි. ක්‍යතියෙකුගේ මරණයකට ප්‍රථම හා අවසන් වරට මගේ දෑසින් කදුලක් හැලුනේ ඔහු වෙනුවෙනි. අදටත් ලංකාවට ගියවිට මුල් පිටුවේ  ලොකු තාත්තගේ අත්සන ඇති, ඔහු විසින් ගනකම් නුලකින් බදිනලද ඒ පොත මා නොවරදි කියවන දෙවෙනි පොතයි. සැතපුම් දහස් ගණනක් ඇත සිටියද අදටද ආලෝකය පොත මෙන්ම, වානරයා පොත් මාගේ පොත්ගුලේ තිබෙන තැන මතකයෙන් කියන්නටද පොතේ හැඩරුව මෙන්ම කොලයේ ගනකමද මගේ මතකයේ හොදින් රැදී ඇත.
ඉංගිරිසි දැනුම මැදින් මද ඉහාල යත්ම ඔලිවර් ට්විස්ට්, හකල්බෙරි ෆින් ගැන දනහදුනා ගන්නා මා ඊට සමගාමිව හාර්ඩි සහෝදරවරුන් ගැන කියවන්නේ ඉතාම අසාවෙනි. ටින් ටින් මෙන්ම අස්ටරික්ස් කාර්ටුන් පොත් කියවන්නේ පාසල් පුස්තකලයෙනි.
 ජුලියස් සීසර්, අටවෙනි හෙන්රි මෙන්ම ඉලියඩ් හා ඔඩිසි කියවන්නේ තවත් සුවිසල් සාහිත්‍යමය දොරටුවක් විවර කරමින් බව නොකිය මනාය. මාර්ක් ඇන්තනි සීසර්ගේ මරණයේදී කරන කතාව ශේක්ස්පියර් ඉදිරිපත් කරන ආකාරය කොතරම් රසවත්ද, ඒ හා සමානව අකිලිස් සහ හෙක්ටර්ගේ ද්වන්දව සටන ගැන හෝමර් ඉලියඩ් තුල පනපොවා ඇති ආකාරය අදටත් හොදින් මතකයේ ඇත. රෝමානුවන්, අටිලා ගැන, පළමු හා දෙවෙනි ලෝක යුද්ද ගැන සිංහලෙන් කියවීමට යමක් මාහට හමුවී නොමැති තරම් වුවද ඉංගිරිසිය තුල ඇති විශාල පොත් කන්දරාවක් හමුවී තිබේ.

 පොත් පත් ගැන කියන විටදී නොකියාම බැරි අනෙක් දෙය වන්නේ සගරා සහ පුවත්පතය. 1991 පටන් නොකඩවා ගත් එවකට බන්දුල පද්මකුමරයන් විශිෂ්ට ලෙස කරන ලද මුතුහර සගරාවද ඊට සමගාමිව තිබු මනහර සහ පසුව පැමිණි සිව්දෙසද එකල සැම මසකම කියවූ සගරාය. විජය සහ සිවුදෙස පුවත්පත් සතිපතා අප ගෙදර විය. සතිඅන්තයේ සිංහල සහ ඉංගිරිසි පුවත්පත් ගැනීම අදටත් පියාණන් කරත් දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවුත්ති කියවීම පියාණන්ගේ දවසේ කොටසකි.
උසස් පෙලද සමග මදක් අඩාලවූ පොත් කියවීම තවමත් ළමාකල මෙන් සරල සුන්දර නැත. උපාධියට ඉගෙනීමේදී කියවන ලද නීරස පරිගණක විද්‍යාව සම්බන්ද පොත් පෙලද දැන් පස්චාත් උපාධිය වෙනුවෙන් කියවන නීරස මුල්‍ය කලමනකරය පිළිබද පොත්ද හේතුවෙන් විවේකයට පොත් කියවීමට කණකොකා හඩා ඇත. රාජකාරිය, ඉගෙනීම් කටයුතු හා වෙනත් රාජකාරි නිසා අතිදාවනකාරිවී ඇති ජීවිතය තුල පොතක් කියවීමට වෙලාවක් වෙන්කර ගැනීම තබා හිත නිදහස් කරතමා ගැනීමටද වෙහෙසිය යුතුව ඇත.
ඒ හේතුවෙන් මීට දශක දෙකකට මත්තෙන් වයසට වඩා මුහුකුරා ගිය විද්‍යා ප්‍රබන්ද කියවූ මා දැන්  උදැසන රාජකාරියට යනවිට දුම්රියේ නොමිලේ ලැබෙන මෙට්‍රෝ පුවත්පතටද, දිවා අහාරය්දී විනාඩි කිහිපයක් ගතකරන BBC වෙබ් අඩවියටද හා තවත් අඩවි කිසිපයකට සීමාවී ඇත්තේ පුදුමාකාර අවාසනාවකට බව විටෙක සිතේ.

Thursday, September 22, 2011

ඔෆිස් රස කතා

අපේ ඔෆිස් එකේ දෘඩාංග පැත්ත බලාගන්න ඉන්නේ ඉයන් කියල පොරක්. උගේ කට ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒකට වඩා බෝක්කුවක් හොදයි මගේ හිතේ. පොරට ඉන්නවා අවුරුදු 3-4 පොඩි පුතෙක්. ඔය පුතාගේ හපන් කමක් ගැන පොර කියපු කතාවක් තමා අද ලියන්න යන්නේ.
පොරගේ අල්ලපු ගෙදර ඉන්නවලු කපල් එකක්. අවුරුදු 30 ගණන් වල වගේ ජෝඩුවක්ලු. සතිඅන්තේ දවසක පොර පුතා එක්ක කොහෙද යන්න හදනකොට අල්ලපු ගෙදර ඉන්න පොරව හම්බුවෙලා.
ඉතින් පුතා ඇහුවලු..
"that old lady lives with you. Is she your mum?"
("අර ඔයාගේ ගෙදර ඉන්න වයසක ගැණු කෙනා ඔයාගේ අම්මාද?")
අල්ලපු ගෙදර එකා නිකන් කරකවල අත ඇරිය වගේලු. පොර ඒ පාර කිව්වලු.
"No. She is my wife"
"නෑ, ඒ මගේ බිරිද" කියල.
පුතා ඒ ඔලුව එහෙම කහලා ටිකක් කල්පනා කරලා කියනවලු. 
"oh..She looks very old. So what happen to your mum?"
"හ්ම්ම්..එයා ගොඩක් වයස පාටයි. එතකොට ඔයාගේ අම්මට මොකෝ උනේ?"


අල්ලපු ගෙදර එකා 
"She died couple of years ago"
"එයා මැරිලා "


පුතා...
"Why she had enough? "
"ඒ මොකෝ, එයාට ඇති වෙලාද? (ඔයා එක්ක ඉදල)"


ඉයන්කාරයයි අල්ලපු ගෙදර එකයි මුනෙන් මුණ බලගත්තළු කට උත්තර නැතිව. 


Monday, September 19, 2011

ග්‍රේ උසාවි ගිය හැටි

මාස තුනකින් වගේ මුකුත් ලියන්න උනේ නෑ. අර මොකක්ද ගිනි ගත්තු මොකද එකා වගේ බිසී වෙලා නම් නෙවෙයි. දවසම අයිස් ගගහ ඔෆිස් එකේ ඉන්න මට මොනව බිසී වෙන්නද?
අනික මොකක් හරි කරන්න සිස්ටම් එකට දැම්මම අවුරුද්දක් විතර යනවා එකා ඉවර වෙන්න, ඉතින් එතකන් ඔහේ නිකන් ඉන්න එකා තමා කරන්නේ. නිකන් ඉන්නවා කියල එහෙමත් හරි නැනේ. කාලය අපතේ යවන්න හොද නැති නිසා ඔයා කාත් එක්ක හරි ලාවට වගේ චැටක් දාගෙන මගේ පාඩුවේ මලක් කඩාගෙන ඉන්නවා.
ඔය අස්සේ ඉතින් පරණ කතාවක් ලියන්න කියල තමා හිතුවේ.
මේක වුනේ අවුරුදු 1.5-2 වගේ කලින්. ග්‍රේගේ යාළුවො තුන්දෙනෙක් ආවා ලංකාවේ ඉදන් මොකක්ද මන්ද ලංකාව ප්‍රමෝට් කරන වැඩසටහනකට. ඉතින් ලන්ඩන් වලින් ග්‍රේයි තව යාළුවො දෙන්නෙකුයි මුන්ව හම්බුවෙන්න ගියා. ගිහින් ඉතින් අර ලොකු ආච්චි ඉන්න ගෙදරයි, එයාගේ අස්ප ඉස්තාලෙයි, බෙන් අයියගේ ඔරලෝසු කණුවයි පෙන්නලා එතනින් බෝට්ටුවකට නැගල ගියා ආච්චිගේ ඔටුනු තියෙන ලන්ඩන් ටවර් එකට. ඔය දවස් වල මුරලිදරන් මොකක් හරි රෙකොර්ඩ් එකක් කපු අලුතමයි. ඒ අස්සේ අර ආපු තුන් දෙනාගෙන් එකෙක් මුරලි වගේ. කියල වැඩක් නෑ. මිනිස්සු අම්බානට රැවටෙනවා. මුත් එක්ක පින්තුර ගන්න දගලනවා කට්ටියක්, තව උන් හැරි හැරී බලනවා, වැඩ කෝටියයි. අන්තිමට මුගේ මුනෙන් බාගයක් වැහෙන්න කැප් එකක් දාල තමා යන්තන් බේරා ගත්තේ.
ඔය ආපු තුන් දෙනාගෙන් එකෙක් ඊලග සතියේ බදින්න හිටියේ. ඉතින් ඔය වෙලාවට අපි වගේ යහපත් යාලුවන්ට කරන්න පුළුවන් එකම එක දෙයයිනේ, ඉතින් අපි උටත් නොකියම උගේ බැචලර් පාර්ටි එක තියන්න තීරණය කරගත්ත. බැචලර් පාර්ටි එකකට ඕනේ කරන්නේ ජාති දෙකයිනේ. ස්ට්‍රිපර්ලයි බොන්නයිනේ. අපේ සෙට් එකේ ඕව සම්බන්ද හොදට දන්නා පොරක් හිටියා.
ඉතින් පොර දන්නා ක්ලබ් එකකට අපි සෙට් එකම ගියා. ගිහින් ඔය සුද්දියෝ ටිකක් පොල්ලක් බදාගෙන හෙළුවෙන් නටන හැටි අරුන් ටිකට පෙන්නලා අපිත් බලල ගෙදර එන්න පිටත් වුන.
එලියට බැහැල ටියුබ් ස්ටේෂන් එක දිහාට ඇවිදන් එනකොට ඉස්සරහට සුද්දෝ දෙන්නක් එනවා බෝතලයක් අතේ තියාගෙන, කාර්පට් වෙන්න ගහල. උන් කන බොන ඒවා ඉතින් අපිට අදාළ නැති නිසා අපිත් අපේ පාඩුවේ ගියා. යනකොට මෙන්න එකෙක් ඇවිල්ල වලියට වගේ හැප්පිලා කියපි "බ්රෝව්න් ෆ**ස්, ගෝ බැක් ටු යුවර් කන්ට්‍රි" කියලා. අරුන් තුන් දෙනා ඊට පහුවද යන්න තමා කොහොමත් හිටියේ. නමුත් මල පනිනවනේ.. අනික අපි හයක්..මුන් දෙකයි.. අපිත් ඇරියේ නෑ, අනිත් පැත්තට උන් කිව්වා වචන ටිකටම දාල ලුණු අබුල් ඇතිව දුන්න කන් දෙකේ ඇගිලි ගහ ගන්න. මෙන්න එපාර මුන් දෙන්න එනවා හැරිලා.. කවුද අඩෝ අපිට කුණුහරුපෙන් බන්නේ කියල අහගෙන. කඩ්ඩෙන් ඇහුවේ..සිංහලෙන් එහෙම නෙවෙයි.

අපිත් ඉතින් සිංහ වන්සේන්ම කිව්වා අපි තමා මොකෝ කියලා. කියල කට ගත්තේ නෑ ලගම හිටපු අපේ එකාගේ මුණ හරහා පාරක් වැදුනා. ඔන්න දැන් ඉතින් වලියක් පටන් ගත්තට.. අපි මුන් දෙන්නට ගහනවා මුන් දෙන්න අපිට ගහනවා. කරුමෙට ගහගන්න පටන් ගත්තෙම පබ් එකක් ඉස්සරහ. ඉතින් මුන්ටත් බීල ඉන්න වෙලාවට වලියක් කිඋවොත් ඊට වැඩ දෙයක් නැනේ. පබ් එකම බැහැල එලියට අපේ උන්ට නෙලන්න ගත්ත. දැන් ඉස්සෙල්ල හය දෙනෙක් දෙන්නෙක්ට නෙලපු එක දැන් පනහක් විතර හයකට නෙලනවා. හොදවෙලවට ලගම තමා පොලිසිය තිබ්බේ. උන් දහයක් විතර දුවගෙන ආව. ඇවිල්ල ඉතින් පොඩ්ඩක් එහා මෙහා කරලා සුල මුල හොයන්න ගත්ත. අපි හය දෙනා ඉතින් බබාලා වගේ කියනවා "බලන්න අයියා, අරුන් අපිට ගැහුවා..අපි අහිංසකයි... උණු වතුරත් නිවල බොන්නේ" කියල. ඒ අස්සේ වලිය පටන් ගත්තු උන් දෙන්නේ හිමිට මාරු වෙනවා පොලිස් කාරයෝ ආපු ගමන්. අපේ එකෙක් ඕක දැකල කෑගල කිව්වා අරුන් පනිනවා කියලා. පොලිස් කාරයෝ ටික ඒ පාර උන් දෙන්නව අල්ලලා විස්තර බලන්න පටන් ගත්ත. බැලින්නම් උන් දෙන්න මෙහෙ අන්තවාදී පක්ෂෙක සාමාජිකයෝ, කලිනුත් ඔහොම වැඩ කරලා තියෙනවලු.
දැන් ඉතින් අපේ ලංකාවෙන් ආපු තුන්දෙනාට ඕනේ මුන්ට කෙලවන්නමයි. මුන් පොලිසියට කියනවා අරකයි මේකයි...නඩු දාන්නලු ඇවිල්ල සාක්කි දෙන්නම්ලු. කතා කෝටියයි. අන්තිමට කට්ටියගෙම නම් සාක්කි වලට ලියාගෙන අපිට යන්න කිඋව.. අරුන් ඩබල එදා රැ කුඩුවේ.
ඔන්න සතියකින් විතර පොලිසියෙන් කෝල් එකක් එනවා. මහා රැජිනගේ නිතිය කඩ කරලා, හේට් ක්‍රයිම් එකක් කරලා තියෙන නිසා එකට සාක්කියට එන්න පුලුවන්ද කියල. ඉතින් මන් කියපි, එක වෙලා ඉවරයි මට ඕක පුෂ් කරන්න ඕනේ නෑ. මට ඕවට වෙලා නෑ කියල. මෙන්න ඒ පාර කතා කරපු එකා කියනවා එහෙම බෑ, සාක්කි වලට කතා කරාම නොයා ඉන්න බැරිය, එහෙම කරොත් වරෙන්තු නිකුත් කරනවා කියලා. අම්මප අපි ගුටිත් කාල පස්සේ හිරෙත් යන්න. ඔය වෙලාවට තමා ඉතින් කුණු හරුප මතක් වෙන්නේ. අරුන් තුන් දෙනා ලංකාවට ගිහින් අපිව ෆෝම් කරනවා. ඇත අරින්න එපා. නෙලපන් මුන්ට..යවපන් දහ අට මාසෙකට මහා උළු ගෙදරට කියල.
දැන් ඉතින් නොයා බැනේ, ඉතින් නිවාඩුත් දාල ගියා උසාවි දවස් දෙකක් සාක්කි දෙන්න. පලවෙනි දවසේ බලන් ඉදලා ඉදාලා ආවා. නඩුව විභාගයට ගත්තේ නෑ, දෙවෙනි දවසේ තමා ඉතින් ගත්තේ. අපි ඉතින් සාක්කි දීල ආවා. ලංකාවේදී වැස්සකටවත් පොලිසියකට උසාවියකට ගිහින් නැති ග්‍රේ ඒ දෙකටම ගියා. ලස්සන පොලිස් කෙල්ලෙක් තමා නඩුව කරේ. ඉතින් ඒ ගෙනිගේ නම්බරෙත් ඉල්ලන් ගෙදර ආවා. ඇවිල්ල සති දෙකකින් විතර කතා කරලා ඇහුව මොකෝ උනේ කියල.
දවස් ගානක් කට්ට කාපු එකේ මුන් දෙන්නව අඩු ගානේ හිරේ හරි දාන්න ඕනෙනේ. මොන පිස්සුද, ජුරිය කියලා සාක්කි මදි කියලා. වැඩේ හබක්.
ඔන්න ඔහොමයි ග්‍රේ උසාවි ගියේ.

Thursday, June 16, 2011

Sri Lanka Responds



Prof. Rajiva Wijesinha on Al-Jazeer about Channel 4 video and human rights allegations.
Read his blog on http://rajivawijesinha.wordpress.com/

රජිව විජේසිංහ නියෙමට මෙතන කියන්න තියෙන ඒවා ටික කියනවා.
මේකට මට තව කරුණක් එකතු කරන්න ඕනේ. අපි හැමදාම කෙලවගත්තේ අපේම එවුන් අපිව කාපු නිසා.
රාජසිංහ රජ්ජුරුවෝ මෙහෙම කියපු මේ කවියපද අදටත් වලංගුයි. 
"උදහස් කම නිසා සිය දනගෙ විමතිය
නිදහස් බව නසාගති සිහල ජාතිය"

අපේ එවුන් අපිට විරුද්දව ඉන්නකන් රටක් හදන්න බෑ


Tuesday, June 14, 2011

චැනල් 4 වීඩියෝව අද පත්තරේ

ගොඩ කාලෙකින් ලියන්න උනේ නෑ මුකුත් මාර විදිහට බිසී වෙලා හිටියා.
නමුත් අද උදේ දැකපු දෙයක් අනිවාර්යයෙන්ම මෙතන දාන්න ඕනේ කියල හිතාගෙන ආවේ. උදේ වැඩට යනකොට ඉතින් මම පත්තරේ කියවනවා. අද පත්තරේ එක පිටුවක් පුරාම දාල තිබ්බේ මෙන්න මේ දැන්වීම. 

ෆුල් පේජ් ඇඩ් එකක් අර ප්‍රසිද්ද චැනල් 4 වීඩියෝව ගැන. 
යුද්දෙකදී අහිංසක මිනිස්සු මරන්නේ නෑ කියල මම කියන්නේ නෑ. ලංකාවේ යුද්දෙන් අහිංසක මිනිස්සු මරුනේ නෑ කියල මම කියන්නෙත් නෑ. උදේ හවස වැඩට ගිහිල්ල එන මිනිස්සු බස් ඇතුලේ කැලි කැලි වලට කැඩිලා ගිහින් තියෙනවා මම දැකල තියෙනවා. මහ බැංකු බෝම්බෙන් මැරිච්ච මිනිස්සු මම දන්නවා. අනුරාධපුරේ සිල් අරන් හිටපු අයව මරනවා, අරන්තලාවේ හාමුදුරුවන්ව මරනවා මම පින්තුර දැකල තියෙනවා. ඒ වගේම අපේ කෆීර් වල බෝම්බ වැදිලා අහිංසක මිනිස්සු මරුන කියලත් මම අහල තියෙනවා. නමුත් ඒවා ඔක්කොම දැන් ඉවරයි, අතීතය ගැන කියව කියව ඉන්න ගියොත් කවදාවත් හැදෙන්න බෑ.
අනික තමා බ්‍රිතාන්‍යයට මෙහෙම දෙයක් ගැන කියන්න පුලුවන්ද සදාචාරව කියන එක. දෙවෙනි ලෝක යුද්ද කාලේ ඩ්රේසඩන් වලට බෝම්බ දාල අහිංසක මිනිස්සු දාස් ගානක් මරපු, ඉරකෙයි, ඇෆ්ගනිස්ථානෙයි, ලිබියවෙයි තව අහිංසක මිනිස්සු මරණ රටක මේ වගේ වැඩසටහනක් හදන්න කලින් තමන්ගේ ප්‍රශ්න හරි ගස්සා ගත්තනම් ගොඩක් හොද වෙන්න තිබ්බ.
අද රැට මේක බලල ඉවර වෙලා තමා හරියට මොනවද මුන් කියන්නේ කියල හොයාගන්න පුළුවන් වෙන්නේ...එතකන් තීරණයක් ගන්න මම කලබල වෙන්නේ නෑ. 
කොහොමහරි කට්ටියට අදහස් දක්වන්න ඕනේ නම් චැනල් 4 එකට ලියන්න පුළුවන්. http://www.channel4.com/4viewers/contact-us

Thursday, May 12, 2011

In the memory of George Carlin

In the memory of George Carlin (May 12 1937 - June 22 2008)
One of the very few people I have a great respect
Thank you George Carlin, your insight was of huge importance for the human race, you will be greatly missed by many.





When it comes to bullshit, big-time, major league bullshit, you have to stand in awe of the all-time champion of false promises and exaggerated claims, religion. No contest. No contest. Religion. Religion easily has the greatest bullshit story ever told. Think about it. Religion has actually convinced people that there's an invisible man living in the sky who watches everything you do, every minute of every day. And the invisible man has a special list of ten things he does not want you to do. And if you do any of these ten things, he has a special place, full of fire and smoke and burning and torture and anguish, where he will send you to live and suffer and burn and choke and scream and cry forever and ever 'til the end of time!

 

But He loves you. He loves you, and He needs money! He always needs money! He's all-powerful, all-perfect, all-knowing, and all-wise, somehow just can't handle money! Religion takes in billions of dollars, they pay no taxes, and they always need a little more. Now, you talk about a good bullshit story. Holy Shit!

 

But I want you to know something, this is sincere, I want you to know, when it comes to believing in God, I really tried. I really, really tried. I tried to believe that there is a God, who created each of us in His own image and likeness, loves us very much, and keeps a close eye on things. I really tried to believe that, but I gotta tell you, the longer you live, the more you look around, the more you realize, something is fucked up.

 

Something is wrong here. War, disease, death, destruction, hunger, filth, poverty, torture, crime, corruption, and the Ice Capades. Something is definitely wrong. This is not good work. If this is the best God can do, I am not impressed. Results like these do not belong on the résumé of a Supreme Being. This is the kind of shit you'd expect from an office temp with a bad attitude. And just between you and me, in any decently-run universe, this guy would've been out on his all-powerful ass a long time ago. And by the way, I say "this guy", because I firmly believe, looking at these results, that if there is a God, it has to be a man.

 

No woman could or would ever fuck things up like this. So, if there is a God, I think most reasonable people might agree that he's at least incompetent, and maybe, just maybe, doesn't give a shit. Doesn't give a shit, which I admire in a person, and which would explain a lot of these bad results.

 

So rather than be just another mindless religious robot, mindlessly and aimlessly and blindly believing that all of this is in the hands of some spooky incompetent father figure who doesn't give a shit, I decided to look around for something else to worship. Something I could really count on.

 

And immediately, I thought of the sun. Happened like that. Overnight I became a sun-worshipper. Well, not overnight, you can't see the sun at night. But first thing the next morning, I became a sun-worshipper. Several reasons. First of all, I can see the sun, okay? Unlike some other gods I could mention, I can actually see the sun. I'm big on that. If I can see something, I don't know, it kind of helps the credibility along, you know? So everyday I can see the sun, as it gives me everything I need; heat, light, food, flowers in the park, reflections on the lake, an occasional skin cancer, but hey. At least there are no crucifixions, and we're not setting people on fire simply because they don't agree with us.

 

Sun worship is fairly simple. There's no mystery, no miracles, no pageantry, no one asks for money, there are no songs to learn, and we don't have a special building where we all gather once a week to compare clothing. And the best thing about the sun, it never tells me I'm unworthy. Doesn't tell me I'm a bad person who needs to be saved. Hasn't said an unkind word. Treats me fine. So, I worship the sun. But, I don't pray to the sun. Know why? I wouldn't presume on our friendship. It's not polite.

 

I've often thought people treat God rather rudely, don't you? Asking trillions and trillions of prayers every day. Asking and pleading and begging for favors. Do this, gimme that, I need a new car, I want a better job. And most of this praying takes place on Sunday His day off. It's not nice. And it's no way to treat a friend.

 

But people do pray, and they pray for a lot of different things, you know, your sister needs an operation on her crotch, your brother was arrested for defecating in a mall. But most of all, you'd really like to fuck that hot little redhead down at the convenience store. You know, the one with the eyepatch and the clubfoot? Can you pray for that? I think you'd have to. And I say, fine. Pray for anything you want. Pray for anything, but what about the Divine Plan?

 

Remember that? The Divine Plan. Long time ago, God made a Divine Plan. Gave it a lot of thought, decided it was a good plan, put it into practice. And for billions and billions of years, the Divine Plan has been doing just fine. Now, you come along, and pray for something. Well suppose the thing you want isn't in God's Divine Plan? What do you want Him to do? Change His plan? Just for you? Doesn't it seem a little arrogant? It's a Divine Plan. What's the use of being God if every run-down shmuck with a two-dollar prayerbook can come along and fuck up Your Plan?

 

And here's something else, another problem you might have: Suppose your prayers aren't answered. What do you say? "Well, it's God's will." "Thy Will Be Done." Fine, but if it's God's will, and He's going to do what He wants to anyway, why the fuck bother praying in the first place? Seems like a big waste of time to me! Couldn't you just skip the praying part and go right to His Will? It's all very confusing.

 

So to get around a lot of this, I decided to worship the sun. But, as I said, I don't pray to the sun. You know who I pray to? Joe Pesci. Two reasons: First of all, I think he's a good actor, okay? To me, that counts. Second, he looks like a guy who can get things done. Joe Pesci doesn't fuck around. In fact, Joe Pesci came through on a couple of things that God was having trouble with.

 

For years I asked God to do something about my noisy neighbor with the barking dog, Joe Pesci straightened that cocksucker out with one visit. It's amazing what you can accomplish with a simple baseball bat.

 

So I've been praying to Joe for about a year now. And I noticed something. I noticed that all the prayers I used to offer to God, and all the prayers I now offer to Joe Pesci, are being answered at about the same 50% rate. Half the time I get what I want, half the time I don't. Same as God, 50-50. Same as the four-leaf clover and the horseshoe, the wishing well and the rabbit's foot, same as the Mojo Man, same as the Voodoo Lady who tells you your fortune by squeezing the goat's testicles, it's all the same: 50-50. So just pick your superstition, sit back, make a wish, and enjoy yourself.

 

And for those of you who look to The Bible for moral lessons and literary qualities, I might suggest a couple of other stories for you. You might want to look at the Three Little Pigs, that's a good one. Has a nice happy ending, I'm sure you'll like that. Then there's Little Red Riding Hood, although it does have that X-rated part where the Big Bad Wolf actually eats the grandmother. Which I didn't care for, by the way. And finally, I've always drawn a great deal of moral comfort from Humpty Dumpty. The part I like the best? "All the king's horses and all the king's men couldn't put Humpty Dumpty back together again." That's because there is no Humpty Dumpty, and there is no God. None, not one, no God, never was.

 

In fact, I'm gonna put it this way. If there is a God, may he strike this audience dead! See? Nothing happened. Nothing happened? Everybody's okay? All right, tell you what, I'll raise the stakes a little bit. If there is a God, may he strike me dead. See? Nothing happened, oh, wait, I've got a little cramp in my leg. And my balls hurt. Plus, I'm blind. I'm blind, oh, now I'm okay again, must have been Joe Pesci, huh? God Bless Joe Pesci. Thank you all very much. Joe Bless You!

 

(Copyright 1999 by George Carlin. Printed without permission.)



For more videos:
http://www.youtube.com/watch?v=MeSSwKffj9o&playnext=1&list=PL3900DBB1AF5BC2F8

Friday, April 1, 2011

ඩිස්නිලන්තයේ දවසක්.

ලුවර්වලින් පස්සේ අපි යන්න හදන්නේ ඩිස්නිලන්තේ දිහාවට. ඇමරිකාවේ තියෙන එක නෙවෙයි, ප්‍රන්ශේ තියෙන එක. ඕකට යන්න තමා අපිට තට්ටු දෙකේ කෝච්චිය ගන්න වුනේ. ඩිස්නි පාර්ක් එක ප්‍රදනවා කොටස් දෙකකට බෙදල තියෙනවා. එකක් ඩිස්නිලන්තේ අනික ඩිස්නි චිත්‍රපටවල දේවල් පෙන්වන්න. එක ගැන වෙන දවසක කියන්නම්.
ඩිස්නිලන්තේ ඇතුල් වෙනකොටම තියෙන්නේ ලොකු මාලිගාවක් වගේ ගොඩනැගිල්ලක්. ඔතනින් තමා ප්‍රදාන ඇතුල්වෙන දොරටුව තියෙන්නේ. ඉතින් ටිකට් එකක් අරන් ඔතනින් පොඩි සිතියමකුත් අරන් ඇතුලට යන්න තියෙන්නේ.



ඇතුලේ ඉතින් මුලින්ම වගේ හම්බුවෙන්නේ අර කව්බෝයි යුගයේ වගේ ප්‍රදේශයක්. ඕක ඇතුලේ ඉතින් ඉන්දියානා ජෝන්ස්, ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටියේ පසුතල නිර්මාණය කරලා තියෙනවා. කොහොමත් ඔය කව්බෝයි වැඩ වලට ග්‍රේගේ ලොකු මනාපයක් නෑ. ඉතින් එක ටිකක් ඉක්මනින් බලලා රෝලර් කොස්ටරේක රවුමක් ගිහින් එතනින් පැනගත්තා.


කට්ටියට මතකද මන්ද ටෝයි ස්ටෝරි චිත්‍රපටිය. ඕකේ පදනම් කරගෙන තමා ඊලග කොටස හදල තියෙන්නේ. ඒ හරියට කියන්නේ ඩිස්කවරිලැන්ඩ් කියලා. ඔය චිත්‍රපටියේ කොටස වගේම අනන් මනං තව කැලි ගොඩක් ඔය හරියේ තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තමා බලන්න තියෙන්නේ.

ඊට පස්සේ තමා තියෙන්නේ ෆැන්ටසිලැන්ඩ් එක. හැමදේම අර සුරඟන කතාවල වගේ හදල තියෙන්නේ..ගහකොළ ඉදන් එහෙමයි. කොහොමත් ඔය ෆැන්ටසි දේවල් වලට පොඩි කැමැත්තක් තියෙන නිසා ඔතන සැහෙන්න වෙලාවක් හිටියා.

අහ්හ්.. තව දෙයක්..ඔය තැනින් තැනට යන්න පුංචි කෝච්චියක් තියෙනවා. නිකන් අර සතුටු උයනේ තියෙන එක වගේ. එකෙන් පාර්ක් එක වටේට යන්න පුළුවන්. සමහර තැන්වලදී මාර ලස්සන විව් එකක් තියෙනවා.

 ඔය මොනවා උනත් වැඩක් නැනේ. ප්‍රදානම දේ නැතුව. ඩිස්නිලන්තයේ ඉන්න ඕනෙනේ ඩිස්නි චිත්‍රපටිවල නළුවෝ ටික. උන් නැතුව මොන පාර්ක් එකක්ද. ඔය සෙට් එක ඉතින් පාර්ක් එකේ තැනින් තැන ඇවිද ඇවිද තමා ඉන්නේ. එක්කෙනා දෙන්න එක තැන තැන ඉන්නවා. එකත් පිළිවෙලට ඉන්නේ..මිකී මවුස් ගාව ගනු ළමය මිනි ඉන්නවා. වුඩි ලග ජෙසී, මුලාන් ගාව අර ගැරඩියා වගේ. (ගැරඩියාට ගැරඩියා කියන්නේ නැතුව මට එකට මකරෙක් කියන්න නම් බෑ)
අයේ හවසට ඔක්කොම එකතු වෙලා පොඩි සංදර්ශනයක් වගේ එකක් කරනවා. ඒ වෙලාවට ඔය ඔක්කොම කට්ටිය එකතු වෙනවා, සින්ඩරැල්ලා, ස්නෝ වයිට්, මුලාන්, සලී, බූ, මිකී, මිනි.. ඔක්කොම ඩිස්නි චරිත ටික එතන. ඔය කතාව වචන වලින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. උපරිම උත්සාහය දෙන්නම් පින්තුර වලින් පුළුවන් උපරිමය පෙන්වන්න. 





 

 
       








ඔන්න දැන් කට්ටියට වැඩක් තියෙනවා...මෙතන ඉන්න අයව පුලුවන්නම් අදුර ගන්න...ඉන්නේ කවුද කියල ලියන්න...



Monday, March 28, 2011

ලුවර් වල දවසක්...

 "ඩා වින්සි කෝඩ්" චිත්‍රපටිය බලල තියෙන අය දැකල ඇති එකේ තියෙනවා විදුරු වලින් හදපු පිරමිඩ් එකක්. අන්න ඒ පිරමිඩ් එක තමා ලුවර් කෞතුකාගාරයේ එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් "මුසි ඩි ලූ" වල ඇතුල්වීමේ දොරටුව. එතනින් ඇතුලට ගිහින් පහලට බහින්න ඕනේ බලන්න යන්න. 

ලන්ඩන්වල නම් ඔය කෞතුකාගාර, ගැලරි ඔක්කොම වගේ නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. කොහෙද ඒකට ප්‍රන්ශේ, කොහේ ගියත් ගෙවන්න ඕනේ. ඉංග්‍රීසිකාරයට ප්‍රන්ශුවා පෙන්නන බැරි නොමිලේ මුකුත් බලන්න බැරි නිසා වෙන්න ඕනේ. අර ඉස්සර කාලේ ප්‍රන්ශේට ගහල අල්ලගත්තනම් අපිට ඔය ඔක්කොම බලන්න තිබ්බ සතයක්වත් නොගෙවා. අනික ලංකාවේ කෞතුකගරේ වගේ මෙහෙ ඒවා වේලෙන්නේ නෑ. සැහෙන්න මිනිස්සු ඉන්නවා. ඉතින් අපිත් ටික වෙලාවක් පෝලිමේ ඉදලා ඇතුලට පැනගත්තා. හැබැයි ලෝකේ වැඩියෙන්ම මිනිස්සු එන කෞතුකාගාරය උනාට මහා ලොකු වෙලාවක් වේලෙන්න නම් උනේ නෑ. 
ඔය කෞතුකාගාරය ඇතුලේ තියෙනවා ලෝකේ වටෙන්ම උස්සලා ගෙනල්ල දාල තියෙන බඩු, ඒ වගේම ඉතින් උන්ගේ ඉතිහාසය ගැන කියන බඩුත් තියෙනවා. ලෝකේ එක එක කලාප, ශිෂ්ටාචාර අනුව කොටස් වලට බෙදල තියෙන්නේ. කෞතුකගරට ඇතුල් වෙලා ඔහොම කොටස් වලට බෙදෙන තැනම තියෙනවා බොහොම ප්‍රසිද්ද මුර්තියක්. සැමෝරේසිහි ජයග්‍රහණයේ දෙවගන කියන ප්‍රතිමාව. එකේ ඉන්නේ නයික් කියන ජයග්‍රහණයට  අධිපති ග්‍රීක දෙවගන. දැන් ඉතින් නයික් සපත්තු වලට ඒ නම ඇවිල්ල තියෙන්න කොහොමද කියල කට්ටියට ඩයල් වෙයි කියල හිතනවා.



ග්‍රේගේ පොඩි කැමැත්තක් තියෙනවා ඔය ඉතිහාස කතාවලට. ඉතින් ඔය වගේ තැනකට ගියාම ටිකක් එහා මෙහා කරන්න අමාරුයි. අනික ලුවර් වල කොහෙත්ම අමාරුයි තියෙන එකතුවේ හැටියට. ඉතින් රෆයල්ගේ, මයිකල් අන්ජිලෝගේ, ඩා වින්සිගේ පින්තුර බල බල ඉන්නකොට ඇවිදින එක කෙසේ වෙතත් ඉන්න හිටින තැනත් අමතක වෙනවා. උඩ බලන් ඇවිදලා කොහොමහරි බෙල්ල කඩාගන්නේ නැතුව බේරුනා. ඔය පල්ලෙහා තියෙන පින්තුර ටික දැක්කම තේරෙයි මොකෝ හේතුව කියලා. මොඩර්න් ආර්ට් වගේ නෙවෙයි ඔන්න ඕව තමා ග්‍රේට තේරෙන පින්තුර. 








කොහොමහරි බොහොම අමාරුවෙන් ඔය ටික පහුකරලා යනකොට ඔන්න මොනාලිසා ඉන්නවා බිත්තියක එල්ලිලා විදුරු කුඩුවක් ඇතුලේ. ඔය මොනාලිසා බලන එක යුරෝපයේ තියෙන එපාම කරපු සංචාරය කියනවනේ. කතාව සම්පුර්න ඇත්ත. ඩා වින්සි අවුරුදු 500 කට විතර කලින් ඕක ඇන්ද තමා. නමුත් ඕනෙම වෙලාවක මිනිස්සු  100 ක් විතර එක වටේ වටවෙලා පින්තුර ගන්නවා. ග්‍රේත් ඉතින් සෙකන්ඩ් නොවී රිංගල ඉස්සරහටම ගිහින් පින්තුර ගත්ත. මේ ලංකාවේ ප්‍රයිවෙට් බස් වල ගියපු අපිට රිංගල ඉස්සරහ යන එක වැඩක්ද නේද? ඔය පල්ලෙහා තියෙන්න ඇත්ත මොනාලිසා තමා. පින්තුරේ ගන්න දගලපු හැටියට නම් දුක හිතෙනවා. 

 



ඕක බලල එලියට එනකොට මෙන්න ඉන්නවා හර්කියුලිස් ලොක්කා. දන්නවනේ පොරව? අර සුර පප්පට කලින් දෙයියන්ට විතරක් කරන්න පුළුවන් වැඩ 12 ක් කරේ.අන්න ඒ ඩයල් එක. නිකන් නෙවෙයි ඉන්නේ. කරපු වැඩ 12 න් කීපෙක අබපු රූපත් එක්ක. හැබැයි ඒවගේ මිනිහා ඉන්නේ නම් නිකන්. :) මගේ හිතේ ඒ කාලේ අපේ කුවේණි වගේ ඇදුම් මහගන්න හර්කියුලිස් ලොක්කා දනන් ඉන්න නැතුව ඇති. දැන් මට ආපු ප්‍රශ්නේ තමා අපේ රටේ අර තියෙන හර්කියුලිස් ටේලර්ස්ලට ඒ නම දාන්න හිතුනේ මොකෝ කියල.. ඒව ඇන්දම අපි ඇදල නෑ වගේ පේනවද දන්නේ නෑ.  අර ඔලු නවයේ හයිඩ්‍රව මරණ එකයි, නිමියන් සිංහයාට ගේම දෙන එකයි තමා ගන්න පුළුවන් වුනේ. 
                       

තව ගන්න තිබ්බ පොරගේ පින්තුර..වැඩේ මේකයි..අපිව පොඩ්ඩක් ඩිස්ට්‍රැකට් වුණා ඊට ටිකක් එහායින් තිබ්බ ඒවා ටිකට... නාකි පොරකගේ ඇදුම් නැති පින්තුර ගන්නවට වැඩ ඉතින් හොද ලස්සන ගැනු ළමයි ටිකක්ගේ ඇදුම් නැති පින්තුර ගන්න එක හොදයිනේ..ඉතින් අපි ඒ වැඩේ පටන් ගත්ත...


 අන්තිමට දන්නෙම නැතිව හවස් වෙලා. ඉතින් අනිත්ව උඩින් උඩින් බලල අපි එලියට අවා..අපිව ඩිස්ට්‍රැක්ට් කරේ නැත්නම් ඔක්කොම බලල හෙමිට එලියට එනවනේ..කෙල්ලෝ ඔහොමමයි. මොනවා හරි කරලා වැඩේ අල කරනවා..උන්ගේ ප්‍රතිමාත් එච්චරම තමා. 

අහ්..කියන්න අමතක වුනා.. ඇතිනත් හිටිය..වීනස් එක්ක.. ඔය දෙකත් ලෝක ප්‍රසිද්ද ප්‍රතිමා දෙකක්නේ...එක නොදැම්මොත් ඉතින් හරි මදි වගේ.
                            

ප.ලි:
කවද හරි යනවනම් සම්පුර්න දවසක් මේකට තියාගන්න...නැත්නම් අපිවගේ වරුවෙන් බලන්න හිතන් ගියොත් වෙන්නේ බාගෙට බලල එන්න. 

Friday, March 25, 2011

අයිෆල් නැගීම

පැරිසියේ මැද අර තියෙන පරණ යකඩ කණුවට නගින්න තමා දැන් ප්ලැන් එක. සිරාවට වෙලාවකට හිතෙනවා අහවල් දේකට තේරුමක් නැති යකඩ කණුවක් හිටෙව්වද කියල..උන්ට හිතුනද දන්නේ නෑ පැරිසියටම එක ලොකු අකුණු සන්නායකයක් හදන්න හිතුවද දන්නේ නෑ. විකිපීඩියා එකේ නම් තියෙන්නේ ඕක හදල තියෙන්නේ බැස්ටිලේ අල්ල ගත්තු එකේ 100 වෙනි සංවත්සරේ වෙනුවෙන් තිබ්බා වෙළදපොලේ ඇතුල්වෙන තැන කියලා. ඔය කට්ටිය එකතු වෙලා ලියන සයිට් එක ගැන මගේ කිසි විස්වාසයක් නෑ. ඉතින් එක නිසා මම හිතාගත්තා ලොකු අකුණු සන්නායකයක් වෙන්න ඕනේ කියලා. 

ඕක තියෙන්නෙත් ඉතින් සේන් ගග අයිනේම තමා. කලින්ම ටිකට් අරන් අපි ගියේ..උන්ගේ වෙබ් සයිට් එකෙන් ටිකට් ගන්න පුළුවන්. යන වෙලාවයි...කොච්චර දුරට යන්න ඕනෙද කියලයි කියලා දැම්මම ටිකට් එක ගන්න පුළුවන්. කලින් ටිකට් ගත්තු එක සැහෙන්න මොලේ තියෙන වැඩක් කියලා තේරුනේ තියෙන පෝලිම දැක්කම. ලෝකේ වටෙන්ම මිනිස්සු ඇවිල්ල එතන පිරිලා. අපි ඉතින් අපේ කලින් ගත්තු ටිකට් පෙන්නලා වීරයෝ වගේ ඇතුලට ගියා. එතනත් අර කතරගම ගියාම සෙල්ලන් බඩු එහෙම විකුනන්න තියෙන්නේ ඒ වගේ තමා. වටේම ඉන්නාව එක එක ජාතියේ බඩු උස්සගෙන මිනිස්සු විකුනන්න. ඇල්ජිරියන් උනුයි අපිට අල්ලපු රටේ උනුයි තමා එතනත්. උන් හිතුවේ අපිත් උන්ගේ රටේ කියලා..ඔය යක්කුන්ගේ රටේ එකෙක් වෙනවට වඩා හොදයි සෝමාලියාවේ ඉපදෙන එක. 
අයිෆල් කුලුන මීටර් 324 උසයි..(මම පොඩි මීටර් කෝදුවක් අරන් ගියේ..ඕක හරිද කියලා බලන්න) තට්ටු තුනක් තියෙනවා..මුල් දෙකේම තියෙන්නේ පොඩි ආපනශාලා. අර පොලවට හයි වෙලා තියෙන කකුල් හතරේ තියෙනවා පඩි පෙළවල් සහ ලිෆ්ට්. ඔය කැමති එකකින් යන්න පුළුවන් උඩට. 

අපි කෙලින්ම ලිෆ්ට් එකක් අරන් ගියා දෙවෙනි තට්ටුවට. දැන් ඔය කකුල් ටික තියෙන්නේ ඇදෙටනේ, ඉතින් කෙලින් කිව්වට ලිෆ්ට් එක යන්නෙත් කකුළුවා වගේ හරහට. එකෙත් පොඩි ගතියක් තියෙනවා. මොකෝ ඇදේට යන ලිෆ්ට් එකක හැමදාම යන්න වෙන්නේ නැනේ.  අනික ලිෆ්ට් එකේ යනගමන් ෆොටෝ ටිකක් ගත්ත. කණුවේ කෙලවරෙන්ම උඩට විනිවිද පේන ලිෆ්ට් එකක යනඑක චුට්ටක් විතර බය හිතෙන වැඩක්. නමුත් මාර ලස්සනට ඇතට පේනවා.
දෙවෙනි තට්ටුවට ආවම තමා පැරිසියේ ලස්සන හරියට පෙන්නේ. එක පැත්තකින් සේන් ගග. අනිත් පැත්තෙන් පැරිසියේ ගොඩනැගිලි. කෙලින්ම උඩ බැලුවොත් අයිෆල් කුලුනේ ඉතුරු ටික උසට උසේ පේනවා. 

 දෙවෙනි තට්ටුවේ ඉදන් තුන්වෙනි එකට යන්නනම් පඩිපෙලක් නෑ. තියෙන්නේ ලිෆ්ට් එක විතරයි. සැහෙන්න උඩනේ තියෙන්නේ. අර මුදුනේම පොඩි කොටුවක් වගේ පෙන්නේ. එක තමා තුන්වෙනි තට්ටුව. එතනට ඇවිල්ල එලියට ආවම තියෙන හුලගනම් කියලා වැඩක් නෑ. ඔව් ඉතින් තට්ටු 80 ක විතර ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඉන්නවා වගේනේ ඉතින් ඔය උස. තුන්වෙනි තට්ටුවේ තියෙනවා එතන ඉදන් ලෝකේ එක එක තැන්වලට තියෙන දුර ගහල. කොලබට තියෙන දුරත් ගහල තිබ්බනේ.











වටපිටාව බලල පහලට එන ගමන් ආයෙම දෙවෙනි තට්ටුවේ නතර වෙලා පොඩ්ඩක් කාල බිලා විවේකයක් අරන් එන්නත් අමතක කරේ නෑ. 
ආයේ රෑ වෙලා සේන් ගග ලගටයි අයිෆල් කුලුන ගවටයි ආවා. අයිෆල් කුලුනේ නිල පාටයි, කහ පාටයි ලයිට් දාල..හරිම ලස්සනයි... 


මොනලිසාව බලන්න ලුවර් කෞතුකාගරේට ගියපු හැටි එලාග ලිපියෙන්.