Friday, March 11, 2011

මොඩර්න් ආර්ට්

මමයි මුදුකොල්ලකාරයයි තව යාළුවෙකුයි පහුගිය දවසක ගියා ටේට් මොඩර්න් ආර්ට් ගැලරි එකට. ග්‍රේට කොහොමත් මොඩර්න් ආර්ට් කියනදේ එච්චර තේරෙන්නේ නෑ. සිරාවට බලිකුරුටු ටිකක් වගේම තම පෙන්නේ. මේ සැරේ ලංකාවට ගියා වෙලාවෙත් ඇබ්ස්ට්‍රක්ට් ආර්ට් තියෙන ප්‍රදර්ශනයක් බලන්න දන්නා අදුරන ගැණු ළමයෙක් එක්ක ගිහින් අන්තිමට යන්තන් ගුටි නොකා ගෙදර ආවා. කොහොමහරි එක වෙනම කතාවක්...ඉතින් ඔන්න අපි තුන්දෙනා ගියා බලන්න නුතන කලාකෘති.... ඔය සෝලිස් මාස්ටර්ගේ කැළණි විහාරයේ පින්තුර, ජෝර්ජ් කීට්ගේ ගෝතමී විහාරයේ පින්තුර, මයිකල් අන්ජිලෝගේ සිස්ටයින් චැපල් එකේ පින්තුර..ඔන්න ඕව තම ග්‍රේ කැමති ශයිලිය. ලස්සනට පාට කරලා තියෙන්න ඕනේ.
දැන් ඉතින් ඇතුලට ගිහිල්ල අපි අපි බලනවා එක එක ඒවා...සමහර දේවල් නම් තේරුම් ගන්න වෙනම කොර්ස් එකක් කරලා එන්න වෙනවා වගේ. අනික තමා ලස්සන කෙල්ලෝ වැහි වැහැල. නිකන් ලංකාවේ කැම්පස් එකක ආර්ට් ෆැකල්ටියට ගියා වගේ.
ඔය තියෙන්නේ ඉතින් එකේ ප්‍රදර්ශනයට දාල තිබුණු පින්තුර කිහිපයක්...






සිරාවට පොඩ්ඩක් දගලුවොත් මටත් බැරි නෑ ඕව අදින්න..වැඩේ තමා මේ චිත්‍රවලින් ලොකු අදහසක් කියවෙනවා කියන එක... වරදක් කියනවා නෙවෙයි..ඇත්තටම මට තේරුම් ගන්න බෑ.
කොහොම හරි ඉතින් ඔන්න බලල බලල අන්තිමට පිකාසෝගේ පින්තුර ටිකකුත් තිබ්බ..ඒවත් බැලුව...ඔන්න ඔය අතරේ තමා දවසේ කතාව ඇදිල අවේ. දැන් අපි ගොඩක් දෙනෙක් පිළිගන්නවනේ පිකාසෝ පට්ට සිරා චිත්‍ර ශිල්පියෙක් කියලා..මම වැන් ගෝට ගොඩක් කැමතියි...නමුත් පිකාසෝ ගැන එච්චර පැහැදීමක් නම් නෑ. අර මුලින්ම කියපු සිද්දිය වෙන්න පුළුවන් හේතුව.
කතාව වුනේ පිකාසෝ ඔය පදික වේදිකාවක වගේ චිත්‍ර අදාල විකුනන්න තිබ්බනම්, මයිකල් ඇන්ජිලෝ තාප්ප වල චිත්‍ර ඇද ඇද හිටියනම් ඔයවගේ මහා ලොකු නමක් අද ඇතිවෙයිද  කියන එක. ඩැනියෙල්-හෙන්රි කන්වෙයිලර් (නම කිව්වා හරිද මන්ද) පිකසොට එදා අනුග්‍රහය නොදක්වන්න අද පිකාසෝ කෙනෙක් නැතිවෙන්න තිබ්බා. මම දකින්නේ ඔතන සරල හේතු කිහිපයක්...අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට තව පුද්ගලයෙකුව ඔසවාතබන්න හැකියාවක් නෑ..ඒ වගේම ඒ තරම් ඉහල රසක්‍යතාවකුත් නෑ...ඒ වගේම වෙලාවකුත් නෑ. ඕකට හොද උදාහරණයක් අවුරුදු කීපෙකට කලින් ඇමරිකාවේ උනා. ජෝෂුවා බෙල් ඔහුගේ ඩොලර් මිලියන් 3.5 වටිනා වයලින් එකෙන් වොෂින්ටන් වල උමං දුම්රිය ස්ථානයක වයලින් ගහපු අවස්ථාවේ... විනාඩි 45 වයලින් ගහල හොයාගන්න පුළුවන් වෙලා තිබ්බේ $32 විතරයි....නමුත් එට දවස් දෙකකට කලින් ජෝශුවගේ ප්‍රසංගයකට එක ටිකට් එකක් ගියිහින් තියෙන්නේ $100 කට වගේ. මම උනත් ඒ අවස්ථාවේ එතන දුම්රිය ස්ථානයේ හිටියනම් අරු සිරාවට වයලින් ගහනවා කියාගෙන යාවි...නැතුව නතර වෙලා අහන එකක් නම් නෑ. ටැබූ හිටියනම් අපුරු විග්‍රහයක් අහගන්න තිබුණා.
පිකාසෝගේ පින්තුර ටික පස්සේ දවසක දාන්නම්... වෙන කතාවක් එක්ක...

 P.S
ක්‍රව්-මගා සටන් ශිල්පයේ ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් ගැනීමේ අකමැත්ත නිසා ලියන ලදී.
ජෝෂුවා බෙල්ගේ කතාව කියන ලද්දේ මුදුකොල්ලකාරයා වන අතර...එම කතාවේ සියලු හිමිකම් ඔහු සතුය. 

Wednesday, March 9, 2011

නොලියා ඉන්න බැරි නිසාම....


පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මම දැඩිව විශ්වාස කරන දෙයක්. හරියට මනුස්සයෙක්ට ඕනෙම දෙයක් ඇදගෙන පාරේ යන්න පුළුවන් කම තියෙන්න ඕනේ වගේ. (සමහරු එකටත් විරුද්දයිනේ)
අපි මතවාදීව අන් අයෙක්ගේ මතයකට එකගවීම හෝ නොවීම වෙනම කාරණයක්. මතවාදී එකග නොවීමක් තියෙනවනම් තර්ක කරන්න පුළුවන්. එහෙම නැතුව හරි ඒ පුද්ගලයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන එක කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
පසුගිය දවස් වල බ්ලොග් අවකාශයේ සිදුවුන දේවල් සමහරක් පිළිගන්න අපහසුයි. අතිශයින් දක්ෂ සහ කලානුරුප මාතෘකා ගැන ලියවුනු විශිෂ්ට බ්ලොග් කිහිපයක් ඉතාම කෙටි කාලයක් තුල නැවතිලා තියෙනවා. ඒ වගේම බ්ලොග් කිහිපයක් හැක් වෙලා තියෙනවා. මේවා වෙන්න ඕනේ දේවල් නෙවෙයි. විශේෂයෙන්ම ටැබූගේ බ්ලොග් එක හැක් වීම සහ කොලුගෙ සමුගැනීම ඉතාම විශාල පාඩුවක්. බ්ලොග් අවකාශයතුල කතා බහට ලක්නොවෙන මාතෘකා ගැන ඉතාම විශිෂ්ට රචනා ශයිලියකින් ලියන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයෙන් කිහිප දෙනෙක් තමයි ඒ දෙදෙනා.
අන්මත විදදරා ගන්න බැරිකම මානසික රෝගී ලක්ෂණයක්. ඒ වගේම ඊට විරුද්දව මෙවැනි පහත ආකාරවලින් ප්‍රතිචාර දැක්වීම තුල තියෙන්න පුද්ගල පවුරුෂය පිළිබද ගැටළුවක්.
මේ වගේ දේවලට විරුද්දව පොදුවේ හඩක් නගන්න ඕනේ වෙනවා. ගොඩක් වැරදි දේවල් වෙන්නේ නරක මිනිස්සු වැඩි නිසා නෙවෙයි....යහපත් පුද්ගලයෝ කටවහගෙන හිටපු නිසා.

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for me
and there was no one left to speak out for me.

                   Pastor Martin Niemöller (1892–1984)


සමහර විට මේ පොස්ට් එකට වන්දි ගෙවන්න වේවි මගේ බ්ලොග් එකෙන්..

Sunday, March 6, 2011

පැය 24 සේවාව

අද හවස ගෙදරට බඩු ටිකක් ගන්න කියලා ටෙස්කෝ එකකාට ගියා. උඩ ලොකුවට පැය 24 පුරාම වැඩ කියලා ගහල තිබ්බ නිසා මම ගියේ 3.ත විතර. මෙන්න මුන් හවස 4ට ඒක වහනවා. පස්සේ තම දැක්කේ යටින් පොඩියට ලියල තියෙන ඒක.


මේ තියෙන්නේ ඒක. යටින් පොඩියට ලියල තියෙන ඒක බලන්නකෝ.



කොහොමද වැඩේ??
ප.ලි: ටෙස්කෝ ගැන දන්නේ නැති අයට. ටෙස්කෝ තමා මෙහෙ තියෙන ලොකුම සුපර් මාර්කට් චේන් ඒක. ලාභ අනුව බැලුවම ලෝකෙන් දෙවෙනියට තියෙන එක. එකෙත් එක්ස්ට්‍රා කියන්නේ තියෙන ලොකුම සුපර් මාර්කට් එකට. ඕනනේ එකෙත් හැටි.
http://en.wikipedia.org/wiki/Tesco

Friday, December 17, 2010

ප්‍රීතිමත් නත්තලක් සහ සුබ නව වසරක්





අවුරුද්දක්ම මහන්සි නොබලා වැඩ කරපු සියල්ලටම පොඩි විවේකයක්. දෙසැම්බර් මාසේ අන්තිම හරිය පටන් ගන්නවා. ගොඩක් අය නිවාඩු ගිහින්..තවත් අය නිවාඩු යන්න ඔන්න මෙන්න. ග්‍රේත් අයිති වෙනවා ඔය දෙවෙනි කණ්ඩායමට. උඩ පින්තුරේ තියෙන්නේ ග්‍රේගේ ඔපීසියේ මේසේ.  ඉතින් ඔන්න ඔක්කොම රාජකාරි පරිගණක ඕෆ් කරා.  දුරකථනය රිසෙප්ෂන් එකට ෆෝවඩ් කරා. ෆයිල් වලට දාන්න ඕනේ ඒවා ෆයිල් වලට දැම්ම. ශේරෙඩ් කරන්න ඕනේ ඒවා ශ්රෙඩ් කරා. හොද නිවාඩුවකට පස්සේ අලුත් පිට ලබන අවුරුද්ද පටන් ගන්න පුළුවන්.
මේසේ විතරක් නෙවෙයි.. මේ අවුරුද්දේ කාපු කටු, වෙච්චි චාටර් වීම් ඔක්කොම මේ අවුරුද්දෙන් ඉවර වෙලා ලබන අවුරුද්ද අලුතින්ම පටන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. කිසි කරදරයක් නැතිව වාත නොවී නිදහසේ ඉන්න පුළුවන් නම් එච්චරයි මට ඕනේ.

ඔබ සැමටත් ප්‍රීතිමත් නත්තලක් සහ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ලබන අවුරුද්දේ හමුවෙමු... බොහොම වෙලාවට මේක මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එක වෙයි.

Thursday, November 18, 2010

ආයුබෝවේවා මහරජාණෙනි!!



ඉන්වික්ටස් චිත්‍රපටිය බලපු අය අහල ඇති මෙන්න මෙහෙම දෙබසක්.
Brenda Mazibuko: You're risking your political capital, you're risking your future as our leader.
Nelson Mandela: The day I am afraid to do that is the day I am no longer fit to lead.

අද උපන්දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි මට ඔබතුමා ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. එදා කොටියට විරුද්දව බය නැතුව සම ගිවිසුමෙන් එලියට ගිහින් ඔබතුමා ලොකු අවදානමක් ගත්ත. ඒ අවදානම නොවෙන්න ලංකාවේ අදටත් ත්‍රස්තවාදය තියෙනවා. අද ලංකාවේ තියෙන සාමයට ආර්ථික පුනර්ජීවනයට ප්‍රධානම හේතුව ඔබතුමා කිව්වොත් මම නිවැරදි වෙන්න ඕනේ.
නමුත් ඔබතුමා හිටපු ගමන් ලොකු බුල් කෙලිනවා කියලත් කියන්න ඕනේ. උදාහරණයක් විදිහට හෙට ඔබතුමාගේ පදවි ප්‍රාප්තිය නිසා කොළබ වැඩි හරියක් නිවාඩු. ඒකෙන් රටට වෙන ආර්ථික පාඩුව ගැන ඔබතුමාට දුක නැතිව ඇති..නමුත් මට දුකයි.. අපි තාම නිකන් ඉදල සල්ලි හම්බකරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි. තව ඔය යාලු මිත්‍රයින්ට සලකන්න කියල මිහින් එයා වගේ මෝඩ වඩාත් ඉතින් ඉදල හිටලා කරනවා. නමුත් මට තාම ලංකාවේ ජනාධිපති විදිහට ඔබතුමාට වඩා සුදුස්සෙක් නම් කරන්න බෑ.

ඔබතුමා පළමුවෙනි පර ජනාධිපති වුනේ යුද්දේ ඉවර කරන පොරොන්දුවෙන්. ඔබතුමා එක හරියට කරා. දෙවෙනි පාර ජනාධිපති වුනේ චන්ද පොරොන්දු වලට වඩා ලංකාවේ මිනිස්සු කාලගුණ නොසලකන ජාතියක් කියල අහගන්න තිබ්බ බය නිසා වෙන්න ඇති කියල තාම මට හිතෙන්නේ. කොහොම හරි ඔබතුමා දැන් මගේ ජනාධිපති. මම කැසිනෝ වලට විරුද්ද නෑ, හම්බන්තොට වරයා හදනවටත් විරුද්ද නෑ. හැබැයි අර කෙල්ලෝ ටිකකගේ පින්තුර පත්තරෙයි, ටෙලියෙයි දාපු එකනම් අම්බ සවුත්තුයි. ඕව රටක නතර කරන්න ඕනේ දේවල් නෙවෙයි. හරියට නීතිගත කරලා පාලනයක් ඇතුව කරන්න ඕනේ. ඒ වගේම කෙල්ලට හොරෙන් වීඩියෝ කරලා ඕව තැන තැන දාපු උන් ටික අල්ලලා ගල් ගහල මරල දාන්න තමා වටින්නේ.

මට රටේ වෙන ඔක්කොම දැනගන්න ඕනේ නෑ. නමුත් ලංකාවට එකොනොමිස්ට් සගරාව එන එක පොඩ්ඩක් පරක්කු වෙනවා කියල ආරංචියක් ආවා. සාමාන්‍යයෙන් ඉකොනොමිස්ට් කියවන්නේ ලංකාවේ උගත් පන්තිය. ඒ අයට තොරතුරු දැනගන්න වෙන මාර්ග ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔය වගේ ඉදල හිටලා පරක්කු උනාට මගේ හිතේ උන්ට නම් පාඩුවක් නෑ. අර BBC කාරයට උතුරට යන්න දුන්නේ නෑ කියලත් ආරංචියක් ආවා. ඔය යක්කුන්ට යන්න දෙන්න වටින්නේ නෑ තමා. මුන් හදන්නෙම මොකක් හරි කරලා රට අවුලවන්නනේ. එතකොටනේ ඩොලර්, පවුම් එහෙම හම්බුවෙන්නේ. ජනමාද්‍යවේදියා කියන එකා අමුතු සතෙක් කියලනේ උන් හිතන් ඉන්නේ. එකට ඕනේ තෙනකට යන්න පුළුවන්, ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා සහ උන්ගේ පරම යුතුකම දන්නා හැම ඉටිගෙඩියම රට්ටුන්ට කියන එකයි කියලා. දෙවෙනි ලෝක යුද්දේ කාලේ අර චර්චිල් ලොක්ක කරා වගේ දෙන්න තියෙන්නේ එහෙම හිතන් ඉන්න උන්ට. ඒකෙන් කියන්නේ නෑ ඔබතුමා කරන ඔක්කොම හොර වඩා වලට කට වහන් ඉන්න ඕනේ කියලා. ඒවානම් කියන්න වටිනවනේ.

ඔබතුමා දැන් අහමදජින් ලොක්ක එක්කයි, හු ජින්ටවෝ අයිය එක්කයි බොහොම කිට්ටුයි කියලත් ආරන්චියි. බොහොම සතුටුයි. අනිත් උන් කොන් කරාට අපි කොන් කරන ඒක වැරදියිනේ. අනික දෙගොල්ලොම හොදට සලකනවනේ අපිට. පුලුවනම් ඔය අස්සේ අර ඔබාමා කොලුවටයි, එලිසබෙත් ඇන්ටිටයිත් ලාවට එකක් දාගන්න, මොකෝ පාඩුවක් වෙනවා කියලය. එක දාගත්තොත් ලබන අවුරුද්දේ විලියම් කුමාරය බදිනකොට ඔබතුමාටත් වෙඩින්එකට ආරාධනාවක් ලැබෙයි මහවාසලෙන්. කාටද ආඩම්බර.

ඔය හම්බතොට වරයා හදන අතරේ හෙමිට පුලුවනම් කොලබයි, තිරිකුනාමලෙයි, මන්නාරම හරහා ඉන්දියාවයි යාකරලා කොච්චි පාරකුයි හොද අධිවේදී මර්ගකුත් හදන්න. ඊට පස්සේ අහමදජින් ලොක්කට කියලා න්‍යෂ්ටික බලාගාරයක් ගහන්න යාපනේ පැත්තේ. පොර ඉල්ලන පරක්කුවට දෙයි. තෙලුයි වතුරයි පුච්චලා විදිලිය හදන්න බැනේ හැමදාම. රටට යන කලක් තියෙන්න ඕනෙනේ.

අනික මේ දවස්වල සංචාරකයෝ මහා ගොඩක් එන එකේ, දැන් කසිනොත් තියෙන එකේ, මොකෝ කියන්නේ රතු එලි තියෙන ඒරිය එකකුත් දාමුද ඔය කොහේ හරි. මොකෝ අපේ රටේ දැනට නිකන් වෙන්නේ නෑ වගේනේ අපේ අයියල කට කරන්නේ. ඕව සිම්පල් වැඩනේ.

අනික ඔය කැම්පස් වල තියෙන්න අන්තරේ කියලා එකක්..අන්න උන්ට හොදට නෙලන්න.. එකට අර ඔබතුමාලගේ පක්ෂ කණ්ඩායම් ටිකකුයි, අර ගස් බදින පිස්සු බල්ලවයි ගත්තනම් හරි. එකත් බලන් ඉන්නේ කාව හරි හපන්නනේ. හැබැයි කුක්කු ටිකක් දුන්නොත් ඕකට මෙලෝ සිහියක් නැතිවෙයි කියලත් බයක් නැත්තෙත් නෑ.
ඔය රට වටේ දාන්න යන පවුද්ගලික විශ්වවිද්‍යාල නම් මරුම අදහස...ඕක කරන්න තිබ්බේ ගොඩක් කාලෙකට කලින්. මොකෝ නිදහස් අද්යපනේ කියලා හෙමොටම නිකන් ඉගෙන ගන්න දෙන්න බැනේ. සල්ලි තියෙන එක ගෙවල ඉගෙන ගත්තම අනිත් උන්ට මොකෝ..උනාට අමාරු නම් කියන්න තියෙන එකම දේ ඉරිසියාව කියලා..එක අර රුසියාවටත් වඩා ලොකුයිලුනේ.
අර ලෙඩ්ඩුන්ව අපෙට තියාගන්න දොස්තරලට ඔලුවටයි බඩටයි දාගන්න කියලා ටයර් දෙකකුයි, නාගන්න කියලා පැට්‍රොල් බෝතලෙකුය් දුන්නටත් කමක් නෑ.

අනික දැනට ඔබතුමාට තරෙග්කුත් නෑනේ චන්ද ගැන. මොකෝ අර ගේ ලෝර්ඩ් මේ ආත්මේ දිනන්නේ නෑනේ. අනික ජෝප්පෝ උනත් දැන් ඉන්නේ ඇටිකෙහෙල් කපු වදුරෝ වගේ. ෆොන්සේකා මහත්තත් ඉතින් දැන් අවලංගු වෙච්චි රුපියලේ කාසියක් ගානට වටිලානේ. තව කාට බය වෙන්නද... ඔන්න ඔහේ බය නැතුව ඔය වැඩ ටික කරලා දන්නා.
කරන අතරේ ඉතින් ඔය කීයක් හරි ගහගත්තා කියලා අපිට ලොකු අමාරුවක් නෑ. කොහොමත් එක අපේ රටේ දේශපාලනේ හැටිනේ. හෙබෙයි එහෙම පිටින්ම ගහන්නේ නැතුව පොඩි ගානකින් හරි වැඩේ කරන්න හරියට.

ඔන්න ඔය ටික ඔබතුමා ඉන්න ටිකේ කරන්න පුලුවනම් අනිවා ඩෙෆා මම ලංකාවට ඇවිල්ල හරි තුන්වෙනි පාර චන්දෙ ඉල්ලන්කකොට මගේ මනාපේ දෙනවා දෙනවමයි.
ඉතින් එතකන් සුබ උපන්දිනයක්!!


කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..







Tuesday, November 16, 2010

ශිශිරය පැමිණ ඇත

ඔන්න අද තම ග්‍රේට තේරුනේ ශීත කාලේ ඇවිල්ල කියල.
මේකයි උනේ. ඊයේ උදේ ඇදුම් ටික හෝදලා වීරයා වගේ බැක්යාර්ඩ් එකේ වනල ග්‍රේ වැඩට ගියා. මොකට බය වෙන්නද.. කාලගුණ වාර්තාවේ වහිනවා කියල තිබ්බේ නැනේ. අනික ග්‍රේ කැමතියි පොඩ්ඩක් හුලන් වදින්න පුළුවන් විදිහට ඇදුම් වේලාගන්න. ගේ ඇතුලේ තියන් වෙලුවම ටිකක් අමුතු ගතියක් තියෙන්නේ. අර අපේ කතන්දර සුරින් වගේ ඇදුම් හැන්ගර් එකේ දාල එල්ලානේ නම් නෑ පොඩි වෙයි කියල. තියෙන හුළගේ හැටියට ගෙවල් දෙකක් තුනක් එහායින් හවසට එකතු කරගන්න පුළුවන් ක්ලිප්ස් නොදා එල්ලුවොත්. අනික ඔය කතන්දර සුරින්ගේ ඇදුම් පොඩි වෙන වැඩේට ග්‍රේත් පොඩි සුත්තරයක් කරනවා. ගන්න පුළුවන් හැම වෙලාවේම ගන්නේ අයන් කරන්න ඕනේ නැති කමිසම තමා ගන්නේ. කිසි ගින්නක් නෑ එල කිරි වගේ වැඩේ ගොඩ. හරි දැන් ඉතින් කතාවෙන් පිට යනවනේ. ඉතින් මම ඇදුම් වනල වැඩට ගියා. හවස ගෙදර එන්න පොඩ්ඩක් රෑ වුණා. ඉතින් ඇදුම් ගන්න යන්න කම්මැලිකමට ඔන්න ඔහේ තියල ගියා හෙට උදේ ගන්නවා කියල.
හෙට උදේ කිවේ ඉතින් අද උදේනේ. උදේ ඉතින් ඇදුම් ගන්න ගියාම තමා දැක්කේ වෙලා තියෙනදේ. කමිස නිකන් කාඩ්බෝඩ් වගේ වෙලා. මුළු කමිසේම වැහෙන්න අයිස් මිදිලා.
ඔය පහල තියෙන්නේ පින්තුරයක්.  ෆෝන් එකෙන් ගත්තේ ඉතින් කොලිටි නම් අඩුයි. නමුත් තැනින් තැන හොදට අයිස් පේනවා.




ඊයේ රෑ පොඩ්ඩක් හීතල වැඩිවෙලා. දැන් එකක් දෙකක් අතට අරගත්තු නිසා ආයේ එල්ලන්නත් කම්මැලි. ඉතින් වීරයා වගේ ඔක්කොම ඇදුම් ටික ගෙනල්ල අත්හැරිය ගෙදරට. අද හවස ගෙදර යනකොට අනිවා ලොකු ජලාශයක් බලාගන්න පුළුවන් වෙයි.
ඉදල හිටලා හරි ඔය වගේ අයිඩියා එන්නේ ග්‍රේට විතරමයි. :)

Friday, November 12, 2010

පොපි දිනය.... අල් ජසිරා සහ අන්තවාදය..

ඊයේ පොපි දිනය. එහෙම නැත්නම් මෙහේ යුධ වීරයන්ව සමරන දවස. මෙහේ කිව්වට ඉතින් මුළු පොදු රාජ්‍ය මඩුල්ලේම ඕක සමරනවනේ. එකොළොස්වෙනි මාසේ එකොලොස්වෙනිද එකොළොස්වෙනි පැයේදී පළමුවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා ගිවිසුම අත්සන් කිරීම තම මේක පටන් ගන්න හේතුව. නමුත් සමස්තයක් විදිහට යුද්ධයෙන් මියගිය සියලුම සොල්දාදුවන්ව මේ වෙනකොට සමරනවා. ලංකාවෙත් කොහොමත් මේ දවස් වල පොපි මල් එහෙම ගන්න පුළුවන්නේ.
ලංකාවට වඩා මෙහේ මම දැකපු විදිහට පොපි දිනය සහ පොපි සතිය සමරනවා. මිනිස්සු ගොඩක් තමන්ගේ ඇදුමේ පොපි මලක්  ගහගෙන ඉන්නේ. මම ටියුබ් ස්ටේෂන් එකෙන් බැහෙලා එලියට එනකොට හැමදාම කෙඩෙට්ලා පොපි මල් විකුනනවා එළියේ ඉදන්. ගොඩක් මිනිස්සු ගන්නවා. අපේ ඔෆිස් එකේ ආපන ශාලාවෙත් විකුනන්න දාල තියෙනවා.
කොහොමින් කොහොම හරි ඉතින් ඊයේ පොපි දිනය සැමරුවා. විනාඩි දෙකක නිශ්ශබ්තාවක් එක්ක. රටක් විදිහට තමන්ගේ රට වෙනුවෙන් යුද වැදුණු සොල්දාදුවන් මෙහෙම සමරන එක මම දකින විදිහටනම් ගොඩක් යහපත් දෙයක්. ලංකාවෙත් අපි සමරනවනේ නිදහස් දිනේට එහෙම..
නමුත් මෙහේ ඔය විදිහේ සැමරීම් තියෙනකොට ලන්ඩන් වලම තවත් පැත්තක මුස්ලිම් කණ්ඩායමක් පොපි මල් පුච්චලා..සටන් පාඨ කියමින් උද්ගෝෂණය කරනවා. පුද්ගලයෙකුගේ අදහස් දක්වන්න තියෙන නිදහස මම අගය කරනවා. නමුත් රටක හමුදාවක් කියන්නේ ඒ රට ආරක්ෂා කරන අය. ලංකාවෙත් එහෙමයි..මෙහෙත් එහෙමයි..රට ආරක්ෂා කරනවා කියන්නේ ඒ රටේ ජීවත්වෙන අයව ආරක්ෂා කරනවා කියන එක. ඔය විරුද්දව කෑගහන අයත් ඒ ගොඩටම අයිතියි.  ඉරාකෙදි ඇෆ්ගනිස්ථාන් වලදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හැසිරුණ විදිහ සමහර අවස්ථාවලදී අනුමත කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔය මොන විදිහෙන් හරි එයාගේ මුලික වගකීම වෙන රටවැසියා ආරක්ෂා කරන එක කරනවා. රටක පුරවැසියෙක් විදිහට මුලින්ම අගය කරන්න ඕනේ එක. එහෙම නැතුව අල්ලපු රටේ මැරිච්ච ගැන හොයන එක නෙවෙයි. මම අදහස් කරන්නේ නැහැ අර ලෝර්ඩ් ෆකිර් වගේ අනිත් එකට හෙන ගහල ගියත් මට කමක් නේ මගේ වැඩේ වෙනවනම් කියන මට්ටමට යන්න ඕනේ කියල...නමුත් එක්තරා දුරකට ආත්මාර්ථය තියෙන්න ඕනේ.
අනික ඔහොම රට ඇතුලේ..රටේ අගනුවර..රටේ මිනිස්සු ආදරයෙන් යමක් සමරන වෙලාවක.. ඊට විරුද්දව වැඩ කරන එක අනුමත කරන්න මට නම් බැහැ. මුස්ලිම් අන්තවාදය කියල ඊට පස්සේ කොහෙන් හරි ගුටි කනවා. ඊට පස්සේ වෙන්නේ එකට විරුද්දව ජිහාඩ් එකක් පටන් ගන්න එක. මුන්ට අන්තිමට අමතකයි කෙළවරක තියෙනවා කියල මුලින් එයාල කරපු වරදකුත්.
ඔය අස්සේ අල් ජසිරා වල අපේ හමුදාව කරා කියලා පින්තුර ටිකක් ගියා දැක්ක. මගේ දමිල හිතවතෙක් මුනුපොතේ එක ශෙයා කරලත් තිබ්බ, අල් ජසිරා කියන්නේ මැදහත් සේවාවක් කියල. ලෝකේ කොහෙවත් මැදහත් මාද්‍ය තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නේ. හැම දෙකම පැත්තක් තියෙනවා. ලංකාවේ ලංකාදීපේ ඉදන් මර්ඩොක්ගේ මාද්‍ය ජාලය දක්වාම එහෙමයි. කොහොම හරි අර දාල තිබ්බ එකට මුණු පොතේම තවත් දමිල යාලුවෙක් දාල තිබ්බ දැන් ඕක වෙලා ඉවරයි..ඉවර වෙච්චි දෙයක් ගැන යලි යලිත් කතා කරලා තේරුමක් නැහැ කියල. එක නම් ඇත්ත..ලංකාව තව දුරටත් යුද්දයක් තියෙන රටක් නෙවෙයි. ආපසු ඒවගේ දෙයක් ඇතිවෙන්න දෙන්නත් හොද නෑ. කවුරු හරි ඇතිකරන්න හදනවනම් ඇගිල්ලෙන් කඩන්න පුළුවන් කාලේ පොරවෙන් ගහලම කඩන්න ඕනේ. ආයේ ඇති නොවෙන්න.
එංගලන්තයට ප්‍රංශයෙන් ගන්න තියෙනවා ආදර්ශ ටිකක්. ඒ ටික හරියට ගන්න පුලුවන්නම් මේ රටේ තියෙන ඔය වගේ මෝඩ අන්තවාදී ප්‍රශ්න ගොඩක් හදාගන්න පුළුවන්.